උඩ තට්ටුවෙ ස්ලැබ් එකට වෙලා පුටුවක නිදහසේ හාන්සි උන මම ගැඹුරු හුස්මක් ගන්නට වුනා.ඒකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි....ඒ් ආකාහෙ තරු වලින් පිරිලා.ගනං කරන්න බැරි තරමටම.මාස පහ හයකට පස්සෙ අතට ගත්ත දුම්වැටිය පෙනහලුවල පතුලටම වැදිලා ඔලුව කැරකෙන්න ගත්තම මට දැනුනෙ මාරම සතුටක්.මාස ගාණකට පස්සෙ ආයෙමත් දුමක් උරන්න හිතුනෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ.මං ඒක හිතන එක පැත්තක දාලා ආයෙමත් ආකාහෙ දිහා බැලුවා.අදුරු පැහැ ගත්තු අහස පුරාම එක එක හැඩයන් මට මැවිලා පේන්න ගත්තා.මේ විදියට නිදහසේ ඉන්න ලැබුනේ හුගක් කාලෙකට පස්සේ.ඩිජිටල් ලෝකෙට හිරවෙලා පෝන් එකයි ඩෙස්ක්ටොප් එකයි අස්සේ ගතවෙන මේ ජීවිතේ මට අප්පිරියා වෙලා තිබුනෙ.හැබැයි මං සතුටින් හිටියේ.ජීවිතේ කවරදාටත් වඩා සතුටින්.
මං ආයෙත් පාරක් දුම ඉහලට ඇද්දා.පිටවෙච්ච දුං ගුලි නහයෙන් කටින් එලියට ගියේ මගෙ ආත්මය ගැටගහල තිබ්බ ලණු ගැට කඩාගෙන, මගෙ හිත සැහැල්ලු කරමින්.මට ලොකු තනිකමක් දැනෙන්න ගත්තා.ඊටත් වඩා හිස් බවක්.මට ඕනෙ උනා තනිකම රහ කරන්න.ඒක විදින්න.හැමදාමත් ඒක නොවිදිනවා නෙමෙයි.ඒත් හදවතට දැනෙන විදියට, විරහව විදින්න.ඒක මාරම රහක්.වෙනදා වගේ නැතිව බුකිය අතඇරලා දාලා, මැසේන්ජරය බල්ලට දාලා, හෑන්ඩ් සෙට් එක විසිකරලා, චිත්‍රපටි මගඇරලා... ඈත පේන පිරිපහදුවෙන් එන දුම මිශ්‍ර හුලගෙ හැප්පෙන්න.කඩා වැටෙන වල්ගා තරුවක් දිහා බලාගෙන විෂ් එකක් කරන්න.නිදහස් ගැඔුරු හුස්මක් ගන්න.මනෝ රාජධානියක සැරිසරන්න...ඊටත් වඩා සතුටක් කොයින්ද?
මට හිතුනා කෑ ගහල අඩන්න.හේතුවක් ඇතිවටම නෙමෙයි.ඒත් හැමදාම සතුටින් ඉන්න එකෙත් අමුත්තක් තියෙනව වගේ දැනුන නිසා.ඉවර වෙච්ච ෆිල්ටර් කොටේ පාගලා දාපු මං සිගරට් ගන්දස්සාරෙ සුවද විදගෙනම කැඩිච්ච ප්ලාස්ටික් පුටුවෙ හරිබරි ගැහුනා.මටම නොදැනුවත්මට මගෙ ඇහැ පියවෙන්නට ගත්තා.ඒත් එක්කම වගේ පහල තට්ටුවෙ පරන වෑර්ලස් එකෙන් අහන්නට ලැබුනු සංගීතය මාව මගේම ලෝකයක ආයෙත් වතාවක් තනි කරන්නට පටන් ගත්තා.
තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ
ඔබෙ සුවඳ මා ළඟින්...
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ
ඔබෙ සුවඳ මා ළඟින්...
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියා දෝ..//
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ....
ගොළු වෙලා ගියා දෝ..//
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ....
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ..//
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ...
හදවත රිදවූයේ..//
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ...