අසරණයි මම..කැමතියි සමාජගතවීමට,හැබැයි ඊට
සමජයම ඉඩ දෙන්නෙ නැත්නම්?මම දන්නව මගේ තියෙන ලොකුම අඩුපාඩුවක් තමයි නිවැරදිව
සමාජානුයෝජනය නොවීම.එත් ඇයි මට ඒක හදාගන්න දෙන්නෙ නැත්තේ.මං කලින් හිතුවේ කලින්
යාලුවොත් එක්ක හිටියේ මගේ ඇත්ත චරිතය නෙමෙයි කියලා.කෑ ගහගෙන,හූ කියාගෙන,වාචාලයා
වගේ කියව කියව,රණ්ඩු වෙවී හිටිය කාලේ මං හැමදාම හිතුවේ ඇයි අදවත් මං සද්ද නොකර
හිටියේ නැත්තේ කියලා.එහෙම හිටියනම් මට ගොඩාක් අය ගරු කරයි කියලා හිතුවා.ඒත්
මොකක්දෝ කරුමෙකට වගේ හැමදාමත් මට මං හිතපු විදියට ඉන්න බැරිඋනා.ඒත් දැන් මට
හිතෙනවා ඒ තමයි ඇත්ත මම කියලා.
මේ විදියට තනියම ඉන්නේ කොහොමද මං.ඇයි එයාල
මාව තේරුම් ගන්නේ නැත්තේ.මං දන්නවා කාටවත්ම මාව තේරුම්ගන්න බෑ කියලා.ඉතිං මං තීරණය
කරනවා එයාලව මඟඅරින්න.මං වැරදිද? මට අවශ්‍යයි පිලිගැනීමක්,ගෞරවයක් අඩුමතරමේ
කොහොමද කියලවත් අහනවනම් මට කොච්චර සතුටුද?
අපේ සෙට්එක මගේ ජීවිතේට කොච්චර ලංවෙලා
හිටියද? බැනගෙන,ගහගෙන තිබුනත් කොච්චරවත් කරදරයකදි,තක්කඩි වැඩකදි උදව් කරන්න ලග
හිටියා.බයක් දැනුනෙ නෑ පොඩ්ඩක්වත්.ගොඩාක්අය හිතාගෙන හිටියේ අහිංසකයි කියලා මං.ඒත්
අපේ උන්තමයි ඇත්තටම දන්නේ මගේ හැටි.
ඉතින්,මගේ ප්‍රශ්නවලට කල්පනාකරලා කරලා...මමම
උත්තරයක් හොයාගත්තා.ඒක සාමාන්‍යය ක්‍රමයට වඩා වෙනස් උත්තරයක්.ප්‍රායෝගික දේවල්වලට
මුල්තැන දෙන ට්‍රේනින් එකක්.යන්තරසූත්තර එක්ක ඔට්ටුවෙන රැකියාවක්.අලුත්ම මිතුරන්
පිරිසක්.අලුත් ජීවිතයක්..නැවතත් සතුට මගේ ලගට ගන්න විදියක්.
සාමාන්‍ය ක්‍රමයට හිතන අය ඒකට විවිධ කතා
කියයි.උඹට පිස්සුද? අහයි.ජීවිතය එක්ස්පෙරිමන්ට එකක්..මං උත්තර දෙයි.අපි හැමොගෙම
අඩුපාඩු තියෙනවා.ඒවා හදාගත්තම අපිට ගොඩාක් සතුටු හිතෙයි...යාන්ත්‍රික මිනිස්සු
අහයි මේ මොකක්ද මේ කියලා..හදවත් ඇති මිනිස්සු උත්තරයක් දෙයි,තමතමන්ට හිතෙන,දැනෙන
විදියට..කොල්ලෝ..නවතින්න එපා..දිගටම දුවපන් කියලා...
සතුට හොයාගෙන අපි හැමෝම දුවනනවනෙ බං... දිගටම දුවපන්.. දවසක උඹ හොයන දේ උඹට හම්බෙයි..නැත්නම් අඩුමගානේ උඹට ඒ ළඟටවත් යන්න පුළුවන් වෙයි..
ReplyDeleteඔයාගෙ වචන දෙක තුන මට ලොකු ශක්තියක්..ස්තූතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමටනම් මුකුත් තේරුනේ නෑ බන්....
ReplyDeleteතේරුණේ නැත්නම් වැඩිය තේරුම් ගන්න උත්සාහ කරන්න එපා..මේක ටිකක් අමාරුයි
Deleteස්තූතියි අදහසක් පලකලාට..
Thanks for thiss
ReplyDelete