Thursday, April 19, 2018

රෝද දෙකෙන් මව්බිම වටා | Motorcycle Diaries Around The Ceylon


රෝද දෙකෙන් මව්බිම වටා
බයික් ටුවර් යන්න පටන් ගත්තට පස්සෙ, ලංකාවෙ ගොඩාක් තැන් කවර් කලාට පස්සෙ හිතේ ඇදුන ලොකුම හීනයක් උනේ ලංකාව වටේ බයික් ටුවර් එකක් යන එක. ඒ ගැන කතාබහ පොඩි පොඩියට ගියත් ඒ සදහා නිවාඩු ගන්න එකයි, සල්ලි හොයාගන්න එකයි, පාට්නර් කෙනෙක් හරි කීපදෙනෙක් හරි හොයාගන්න එකයි.... ඊටත් වඩා ඒ තුනම එකට මැච් කරගන්න එකයි තමයි ලොකුම පරහකට තිබ්බෙ. ගිය අවුරුද්දෙ අග භාගයේ දවසක තව ඒ ආසාවම තියෙන කොල්ලෙක් සෙට් කරගෙන ගමන පිටත් වෙන්න පලෑන් කරලා තිබුනත් අවාසනාවකට නිවාඩු ප්‍රශ්නයක් මත ඒක අවලංගු වෙනවා. කරුණු කාරනා ඒ විදියට වෙද්දි 2017 දෙසැම්බර් 31 රෝද දෙකේ රස්තියාදුව කණ්ඩායමේ නයිට් කෑම්පිං එකේදී ඒ පිස්සුවම තියෙන තවත් කීප දෙනෙක් මුන ගැහෙන්න අවස්ථාව ලැබෙනව. එහිදී කතිකා කරගත්ත විදියට අනුව 2018 අවුරුදු නිවාඩුව මේ සදහා සුදුසුම කාලය විදියට තීන්දු වෙනව. ඒත් පොඩි පරහකට තිබුනෙ අවුරුදු දවසෙ ගෙදර අතෑරලා දාලා එන්න පුලුවන් කොල්ලො ටිකක් වෙන්නත් ඕනෙ නිසා. කොහොමින් කොහොම හරි මේ වැඩේ බර කරට අරං වැඩ කලේ අපේ පැතුමා (කලින් පොලොන්නරුවේ ඉදං මාතලේ ආපු රයිඩ් එකේ නඩේගුරා) ඉතිං මීට මාසෙකට විතර කලින් මට උගෙන් කෝල් එකක් එනවා හදිසියෙම ටුවර් එකට ස්ටිකර් ටිකක් එක්ක ලෝගෝ එකක් ඩිසයින් කරගන්න කියලා. උගෙන් අයිඩියාව ගත්ත මං එදා රෑම පුලු පුලුවන විදියට රාජකාරි අස්සෙ වැඩට බහිනවා. දවස් ගානක මහන්සියකින් පස්සෙ ලස්සන ප්‍රොඩක්ට් එකක් දෙන්න මට පුලුවන් වෙනවා.

ඒ අතරවාරෙ ඌ යන්න ඔනෙ රෑට් එක චෙක් කරලා තැන් ටික මාක් කරලා ඕෆ්ලයින් මැප් බාලා ටෙන්ට් බුක් කරලා ස්ටිකර් ප්‍රින්ට් කරලා විකාරයක් කරලා තිබ්බෙ. අපිට තිබ්බෙ සෝක් එකට යන එක විතරයි. ඒත් ඒ වෙනකොටත් ගමන යන හරි දවස තීරණය කරලා තිබුනෙ නෑ. ගමන දවස් 5කට ප්ලෑන් කරලා තිබුනත්, 10ද 11ද පිටත් වෙන්නෙ කියලා දෝලනය වෙවී තිබුනෙ මටයි, රන්දික අයියටයි නිවාඩු ගන්න ලොකු ප්‍රශ්නයක් තිබුන නිසයි. කොහොමින් කොහොමහරි අවසාන මොහොතේ මං හින්දම දවසක් කලින් නිවාඩුවක් දාගන්න රන්දික අයියා කැමති උනා. ඇත්තටම කිව්වොත් ඌ ජොබ් එක බැලන්ස් කලා.

ඔන්න 10 වෙනිදා හවස අපි පිටත්වෙන්න තීරණය කලේ මේ විදියට. හවස 6.45 වෙද්දි මං බඩු ටිකත් පැක් කරගෙන 7 වෙද්දි පස්යාල හංදියට වෙලා පැට්‍රල් පිච්චුවා. 7 වෙද්දි සචින්තනයි, සචිත් මල්ලියි දෙන්නම නුවර ඉදන් ඇවිත් මට සෙට්උනා. අපේ අදහස උනේ හංවැල්ල, පාදුක්ක හරහා පානදුරට ගිහින් පැතුමගෙ බෝඩිමට යන එක උනත් ටික දුරක් යද්දි ඇදිරි වැටීගෙන එද්දි කාලය ඒකට හරස් වෙන පාටක් තිබුන නිසා හංවැල්ලෙන් දාලා බෙල්ලන්විල පන්සල ලගට ගියා.එතන ටික වෙලාවක් ඉද්දි පැතුමයි, දුමියයි, රන්දිකයයි කඩාපාත් උනා. පස්සෙ ඉතිම් එතැනින් ස්ටිකර් එහෙම ගහගෙන කාරිය දෙයියනේ කියලා බෙල්ලන්විල පන්සලත් වැද පුදාගෙනම ගමන පටන් ගත්තා. 

කොහොමද ස්ටිකර් පාර

බෙල්ලන්විල අසබඩ

ප්‍රී - ෂූට්

මේ විදියට බයික් 6 ගාලු මුවදොර ලගට ඇවිත් හරියටම මධ්‍යම රාත්‍රී 1200 පැයට ගමන ආරම්භකලා. කොටුව මැද්දෑවෙන් කොටුව ලයිට් හවුස් එක හරහා ගිය ගමන ඇලකන්ද පාර දිගේ මීගමුව වෙත ඉකමනටම ලගාවුනා. හලාවත, පුත්තලම පහු කරගෙන කල්පිටිය ජැටිය ලගටම එද්දි හොදටම අමාරුයි වගේම පාන්දර 4ත් පහුවෙලා තිබුනෙ මතක විදියට. නිදි මරාගෙනම ආපු නිසා කල්පිටියෙ පොඩ්ඩක් ඇලවෙන්න තීරණය කරපු අපි නාවික හමුදා කදවුර එහා පැත්තෙ තිබුන කල්පිටිය කොටුව ඉස්සරහා පොඩි කඩයක කඩපිලේ ඈදිගත්තා විතරයි මතක. ඇහැරෙද්දි එලිය වැටිලා කියාංකො. 6ට විතර ඇති, දඩබඩ ගාලා නැගිටලා කාරිය එතන තිබුන කඩේකින් තේකක් බීලා ආපහු පුත්තලටම ඇද්දා.

කල්පිටියට තවත් දවසක්
Colombo Face - පුත්තලම

 පුත්තලමේ කලම්බු ෆේස් වල ඉදං උදේට කෙටි ආහාරයකින් සප්පායං වෙලා මූණ ටිකක් හෝදගෙන කාරිය අපේ ඊලග නවාතැන උන මන්නාරම් තොට බලා පිටත් උනේ විල්පත්තුව ඕෆ්රෝඩ් රයිඩින් එකේ ආතල් එක කන්නම බලාගෙනයි. විල්පත්තුවට ඇතුල් වෙන තැන තියෙන එලුවන්කුලම කලා ඔයෙන් නාලා කාරිය දූවිලි, මඩ කාගෙනම විල්පත්තුව හරහා රයිඩ් එක පටන්ගත්තා. බයික් කීපයක් පෙරලීමකට ලක්වෙන්න සිදුවුනත් කාටවත් කරදරයක් උනේ නෑ .

විල්පත්තුවට පෙර - නාකියා ගැනීම

ඩස්ට් එක එහෙම නෑ

ඔිෆ් රෝඩ් කියන්නෙ නිකංද

වෙල්ලමුන්දලමට හැරෙන්න

සෆාරින්ට පමණක් උරුම කදිරමලෙයි

ඔින පාරකට ඔට්ටුයි

ගොඩට මඩට දෙකටම
කලබගෑනි ගොඩකට පස්සෙ හවස් වෙද්දි මන්නාරම ටවුන් එකට එන්න පුලුවන් උනා අපිට. එතනින් දවල්ටද මන්දා හවස කාලා, තලෙයිමන්නාරම බලා පිටත් උනා. අපි ඊටපස්සෙ නැවතුනේ තලෙයිමන්නාරම ජැටියෙන්. එතන ලයිට් හවුස් එකයි පරණ පියර් එකයි බලලා අපි නවතින්න තැනක් හොයන්න පටන්ගත්තා. අන්තිමට කාලගුණික තත්වය හා ආරක්ෂාව කියන කරුණු සලකා බලලා අන්තිම ඔප්ෂන් එක උනේ තලෙයිමන්නාරම පන්සලේ නවතින එක. මායි සචින්තන අයියයි පන්සලට ගිහින් හාමුදුරුවෝ හම්බෙලා වචන දෙකක් කතාකරන්න ලැබුනෙ නෑ. නවතින්නද ආවේ, හා අතන බඩු ටික දාගන්න කිව්වෙ නැතෑ. අපිටත් ඉතිං ඉහේ මලක් පිපුනා වගේ උනා. එතන බයිසිකල් ටිකයි බඩු ටිකයි දාලා බීච් එක පැත්තට යන්න කියලා පිටත් උනේ බයික් 3කින්. එතැනට එද්දි ඇදිරි වැටුන නිසා ඉක්මන්ටම ආපහු ආවා වැඩි වෙලාවක් රැදෙන්නෙ නැතිව.
එදා රෑ පන්සලේ්ම කාලා නිදාගන්න කියලා වැටුනා විතරයි ඒත් මතක. ඒ තරම් සැපට නින්ද ගියා පැදුරෙ. පහවෙනිදා උදැහැනැක්කේම පැතුමගෙ අඩෝවැඩියාවට අපි ඇහැරිලා මූන කට හෝදගෙන එහෙම පිටත් වුනේ 1st island යෑමේ බරපතළ කර්තව්‍යය හිතේ තියාගෙන.

මන්නාරම පිවිසුම

තලෙයිමැනා ලයිට් හවුස්
මන්නාරම් තොට අවසන් දුම්රිය ස්ථානය

1st Island කරා

වැලිතැන්නේ රාත්‍රියක්

1 st island යන්න ගිහින් තමයි සුපිරිම ආතල් එකක් ගන්න වගේම මඩක් කන්න උනේ අපිට. වායෝ හෝටලය අස්සෙන් අතුරු පාරක දාලා අපි සුදු පාට වැල්ලෙන් එරෙන මූදු තීරය දිගේ මුහුදට බයික් ටික දැම්මා. මූද කිව්වට දැන් ටිකක් හිදිලා. රොන්මඩ පාර විතරයි රොන්මඩ අස්සෙන් වැල්ල දිගේ යන එක පට්ට ආතල් එකක් උනත් දෙයියනේ කියලා පලවෙනි සැරේට සච්චගෙ අටමගල අපිට වද දෙන්න ගත්තේ ඒ වෙලාවෙ තමයි. කොහොමහරි ඒකත් හදාගෙන ආපහු මූද මැද්දෑවෙන් බයික්කෙ යද්දි දුමියා දෙයියනේ කියලා ආපහු සැරයක් බයික්කෙ පෙරලත්තෙ නැතැයි. ඒ මැද්දෙ සාමාන්‍යයෙන් යන්නෙ මහ ට්‍රැක්ටර් විතරයි. ඉන්දියන් ටුවරිස්ට්ලා වගයක් අරං ආපු ට්‍රැක්ටරේ ඩ්‍රයිවර් ඌ ට්‍රැක්ටරේ එලවගෙන සෑහෙන අමාරුවෙන් එන ගමන අපි බයික්කෙ එනව දැකලද කොහෙද අපි දිහා කන්න වගේ බලං ඉද්දි ටුවරිස්ට්ලා ටික ඇස් ලොකු කරං පුදුමෙන් බලාන හිටියා. කොහාමින් කෝම හරි අපි බයික් එක්ක පට්ටම අාතල් එකක් ගත්තේ එ් රයිඩ් එකෙන්.


අනන්තය සොයා

ලෙඩ දුන්න අටමගල

රැන්ඩම් ක්ලික්ස්

අපි එනකං ඉදෝ

රාම් සේතු කෙළවර (මුහුද මැද)
හොදම සීන් එ උනේ අපි රාම් සේතු වලට අාවට සේන්දු උනාට පස්සෙ. රන්දිකයගෙ කට කහනවට වගේ අාපු පැත්තෙන් නැතිව අනිත් පැත්තෙන් යමු කිව්වා. අපිත් මොකද ඉතිං ඉබ්බා දියේ දැම්මම අෑන්නෑවේ කිව්වාලු කියලා ගියා ගියාමයි මෙන්න ටික දුරක් යද්දි වැල්ල වැඩී එ් පැත්තේ... එරෙනව බරටම, මගෙ තමයි පළලම ටයර් තිබුනෙ එ්කටත් යාගන්න බැරි තත්වයක් අාවේ. අාපහු හැරෙන්න විදියකුත් නෑ දැං. ඔින චීත්තයක් කියලා දැම්මා බයික්කෙ වතුර වදින නොවදින ගානට, කෙළලා අැරිලා හැටට හැටේ වතුර දිගේ. එ් අස්සෙ වතුර වැඩි වෙනවා බලං ඉද්දිම, රැල්ල ගහනවා හෝ ගාලා මූණටම. මූදේ බයික්කෙ යනවා වගේ තමයි, දෙතුන් සැරයක්ම සැරට රැල්ල වැදිනා බයික් දෙකතුනම තැන් තැන්වල හිට්ටා නෙහ්.. පපුව හෝස් ගාලා ගියා. බයකුත් හිතුනෙ නැතිවම නෙමෙයි.  ඔහොමම ටික දුරක් ගිහින් දූපතේ එහා තීරුව පේන මානෙ අල්ලලා එහා පැත්තට දා ගාත්තෙ තල්ලු කරලා. දැන් නං ශේප්. පට්ටම සීන් එක කියන්නෙ අර ටුවින් රාජයා අායෙත් කැඩිලා එ් අස්සෙ. මුන් කෝල් කරනවා මක්කැයි කොරන්නෙ කියලා. තල්ලු කරන්න විදියකුත් නෑලු එරිලා නිසා. අපිට යන්න විදියකුත් නෑ අපේ බයිකුත් එරෙන නිසා. ටික වෙලාවක් බලං ඉදලා බයික්කෙ දාලා අාපහු පයින් ගාටන්න හැදුවා විතරයි අරහෙන් කෝල් එකක් එනවා හදාගත්තා එන ගමන් කියලා. එ් එද්දිත් බයික්කෙ පෙරලුන කතාවක් කනින් කොනින් අාවට හරියට කන්ෆර්ම් කරගන්න නං බැරිඋනා. මේ බලහංකො උගේ රිපෙයාර් වල තරම. ( ඔව් ඔව් අර ස්පොකට්ලස් ටුවින් එක තමා) මේවා ඉතිං ගරාජ් බාස්ලටත් කරන්න බැරි ට්‍රික් තමයි.

අැක්සල් කරද්දි ප්ලග් විසි වෙනෝ!

අමාරුවෙන් මූදෙ ගිලෙන් නැතුව ගොඩට අාපු අපේ පළවෙනි කර්තව්‍යය වුනේ බයික්ක ටික පිරිසිදු වතුරින් හෝදගන්න එක. ඉස්සෙල්ලම අපි තලෙයිමන්නාරම් පොලීසියට ගොඩවැදිලා ඔි.අයි.සී. මහත්තයා හමුවෙලා විස්තරේ කියලා වතුර ටිකක් ඉල්ලගන්න හැදුවත් එහෙ තියෙන්නෙ පානීය ජලය නිසා එ්ක අපතේ යවන එක සුදුසුම නැති දෙයක් නිසාත් අපි අාපහු මන්නාරමට එන්න පිටත් උනේ ඉක්කන්ට සර්විස් සෙන්ටර් එකක් හොයාගෙන. පොලීසියෙන් අපිට සුහද පිළිගැනීමක් හම්බුනා කියලත් මතක් කරන්නම ඔිනෙ. එන අතරමග වෙලාවට හොද පොට් එකක් හමුවුන නිසා බයික්ක ටික ඔක්කෝම පෝලිමට තියලා වතුර පාරක් අල්ලගෙන ඔයිල් පාරක් දාගන්නත් පුලුවන් උනා.

මඩ කනව කියන්නෙ මේකට තමයි

ඊටපස්සෙ මන්නාරම බයෝබැබ් ගහ එහෙම බලලා කරලා අායෙත් සච්චගෙ අටමගලට ප්ලග් එකක් එහෙම අරගෙන අටෝගෙන හැටට හැටේ අැද්දෙ යාපනය බලා. එතකොට තමයි ස්පීඩ් එක පොඩ්ඩක් හයි වුනේ ටුවර් එකටම. අපේ ගමනාන්නතය වුනේ කුරිකඩ්ඩුවාන් ජැටිය, එ් කියන්නේ නයිනතිව් එහෙමත් නැතිනම් නාගදීපයට යන බෝට්ටු ගමන් අාරම්භ කරන තැන. එතන ඉදන් තේකක් එහෙම ගහලා කාරිය අාපහු යාපනය ටවුන් එකට එන්න අාවේ හැටට හැටේ AB39 මාර්ගය දිගේ. දිගේ කිව්වා පාරට වඩා වෙලාවක් බයික්කෙ තිබ්බෙ අහසේ. එ් තරමට උඩින් අාවෙ කඩතොලු ගැටිලි තියෙන තාර පාර දිගේ. බයික්කෙ සොකට් සෝබර්, මොනෝ ෂොක් චෙක් කරන්න මරු පාර. පව් ඉතිං බයික්කෙ. කෙලින්ම යාපනේ කොටුවට දාලා ෆොටෝවක් අරගෙන එහෙම හිස්වුන ටැංකි පුරවගෙන කරෙයිනගර්, කේකේඑස් හරහා පේදුරු තුඩුව බලා පිටත් උනා.

අාසියාවේ විශාලතම ගසලු

පූනරීන් හරහා හැටට හැටේ යාපනයට

කුරිකඩ්ඩුවාන් ජැටිය

යාපනය කොටුව
අපේ ඊලග නැවතුම උනේ පේදුරුතුඩුව පොලීසිය. වැරැද්දකට නං නෙමේ. දුමියගෙ ලස්සන නංගි පොඩ්ඩ හිටියේ පොලීසියේ. අපිව සාදරයෙන් පිළිගත්ත පේදුරුතුඩුව පොලීසියෙ උදවිය අපිට සංග්‍රහයක් දෙන්නත් අතමක කලේ නෑ.( නෑ නෑ නෙලුවෙ නෑ... කෑම බීම) එතනත් ටිකක් වෙලා ගතකරපු අපි පේදුරු තුඩුව කෙළවර, එහෙමත් නැතිනම් Sakkotei Cape කියන ස්ථානයට ලගා උනා. පොඩි අවුලකට කියලා තියෙන්නෙ ලංකාවේ උතුරු කෙලවර මාක් එක තියෙන සිංහ කොඩියටත් එහා පැත්තට වෙන්න වොලිබෝල් ග්‍රවුන්ඩ් එක තියෙන එකනෙ. ඔයාලත් මේ වගේ දුර්ලභ විස්මිත දේවල් දැක්කොත් අපිටත් කියන්ට හොදේ!

සක්කෝටෙයි

උතුරු කොනේ නුඹ හිනැහේ

ලංකාවේ උතුරු කොනටත් එපිටින් පිහිටි ග්‍රවුන්ඩ් එක

ගමනේ භයානකම සීන් එක උනේ ඊට පස්සෙ. Point Pedro East Coast පාරට දාලා මීටර් 100ක් යන්න කලින් කවුදෝ දෙමළ්ලු ටිකක් අපේ බයික් ටික වටකරගත්තා. එත් මුලින් අාපු බයික් 3 උන්ට අහුවුනේ නෑ. අපි පස්සෙන් අාපු 3 දෙනා අල්ලගත්තා. උන් හොදටම බීලා හිටියේ. දෙමළෙන් මොන මොනවදෝ බයිලයක් අපෙන් අැහුවත් අපිට තේරුනේ නෑ. එ්ත් උන් එන්නෙ හොදකට නෙමෙයි කියලා නං තේරුණා. අපේ බයික් වල වල එන්ජින් බලෙන් ඔිෆ් කරලා අපේ ෆුල් ෆේස් හෙල්මට් ගලවන්න හැදුවත් පණ බය නිසාම එ්කට නං අපිට විරුද්ධ වෙන්න සිද්ධ උනා. පස්සෙ ඉක්මනටම එතනට අාපු සිංහල දන්න දෙමළ කොල්ලෙක් මැද්දට පැනලා අපිව බේරගෙන අපිට යන්න ඉඩදුන්නා. ඉක්මනටම එතනින් අාපු අපි ඉස්සරහට යද්දි, කලු පාට කාර් එකක් අපි පස්සෙන් දිගටම අැවිත් අපිට හෝන් ගහන්න පටන් ගත්තා. අපි පාරෙන් උපරිම අයිනට අරන් පාර හදලා දුන්නත් වාහනේ ගියේ නෑ. රේස් කර කර මොන මොනවදෝ හයියෙන් කියව කියව ඉදලා කඩාගෙන බිදගෙන ගියා. අපි බය උනේ නෑ කිව්වොත් එ්ක නං බොරුවක්. අපි ඉක්මනටම දුරකථනයෙන් පේදුරුතුඩුව පොලීසිය දැනුවත් කරලා අාරක්ෂාව වෙනුවෙන් එතනම තිබුන නාවික හමුදා මුරපොලත් දැනුවත් කරන්නට උනා. එතනින් අපිට උපදෙස් වගයකුත් දීලා හදිසියක් උනොත් කතාකරන්න විදිහකුත් හදලා දීලා, ප්‍රශ්නයක් උනොත් මිනිත්තු කීපයක් අැතුලත කඩාවදින්න පුලුවන් විදියට අාරක්ෂාව පිළිබදව සහතිකයකුත් දීලා අපිට යන්න පාරත් කිව්වට පස්සෙ තමයි අැගට ලේ ටිකක් ඉනුවේ.

පුදුකුඩියිරුප්පු පිවිසුම

පස්සෙ අපි ඉක්මනටම යාපනය අර්ධද්වීපය, අලිමංකඩ, පරන්තන් පහු කරලා පුදුකුඩුඉරිප්පු වෙත ලගා වෙද්දි 13 වෙනිදා පාන්දර 1.30ත් පහුවෙලා තිබුනා. සෑහෙන නිදිමතකුත් තිබුන නිසා පුදුකුඩුඉරිප්පු බෝඩ් එක ලගම පාර අයිනේ සුදු ඉරෙන් මෙහා කාපට් එකේ බයික් ටික දෙපැත්තෙන් නවත්තලා අපි කාපට් එකේම ටිකක් අැලඋනා. පැය බාගයක් විතර ටිකක් ඉදලා එතන ඉන්න එක අැගට ගුණ නැති නිසා එතනම තිබුන කඩපිලකට ගොඩවැදුනා විතරයි නින්ද ගියා. එක පාරටම මොකෙක්ද එකෙක් වහිනවා කියලා කියනව මතකයි මගේ බෑග් එක උඩ ඔලුව තියන් හිටපු නිසා මං එච්චර ගණන් ගත්තෙ නෑ. දෙපැත්තෙ හිටපු දෙන්නට වහිනව කියලා තට්ටුවක් දාලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. උදේ පාන්දර 5 ට විතර අැහැරිලා යන්න බලද්දි සච්චගෙ බයික්කෙට හෙම්බා හැදිලා තෙමිලා. අනේ ඉතිං උදේ 7 විතර වෙනකං පට්ට ගේමක් දාලා එ්ක අටෝගද්දිම මගෙ බයික්කෙ බැටරි බැස්සා ජීවිතේ පළවෙනි වතාවට... (ඔව්, බයික්කෙ ජීවිතේ) අැයි ඉතිං අාලෝක පූජාව වගේ අරක රිපෙයාර් කරේ මගේ හෙඩ් එලියෙන් නොවැ. පැතුමගෙ පිහිටෙන් තල්ලු ස්ටාර්ට් පාරක් දාගෙන කාරිය (කික් කොරන්ඩ කික් එකක් තියෙනවා කියලයැ) අායෙ චාජ් කරගෙන ගමන පටන් ගත්තා. යන්තං නන්දිකඩාල් කලපුව ලගට අාවා විතරයි අායෙත් ලෙඩ දෙන්න ගත්තා අර මංගල්‍යය... එතන ඉදං මුලතිව් වෙනකං අැදගෙන ගිහින් මුලතිව් වලදි වෙලාවට ගරාජ් එකකට දාලා ටයිම් එක කන්න ගත්තා. එ්ත් එ්කේ බාස් එන්න කලින් සච්චම එතන බිම තිබුන පරණ ප්ලග් එකක් සෙට් කරලා බයික්කෙ ස්ටාර්ට් කොරගත්තා. එ්කෙත් පාඩුව බාස්ට. එ් අටමගලට හරියන්නෙ විසි කරලා දාන ප්ලග් විතරයි. බලාංකො එ්කෙත් හැටි.

නන්දිකාල් කලපුවට හිරු උදාව

ලැගූන්
ඊට පස්සෙ කෝකිලායි ගැට්ටටම අාපු අපිට ජීවිතේ ගත්ත සුපිරිම අාතල් එකක් සෙට් උනා. එතනින් පාර ඉවර නිසා අපි හිතාන හිටියේ අාපහු හැරිලා අැවිත් වැලිඔය, පදවිය හරහා පුල්මුඩේ යන්න උනත් කෝකිලායි කලපුව තරණය කරන්න බෝට්ටු 3ක් කුලියට ගන්න අපිට පුලුවන් උනා සාධාරණ මුදලකට. වටෙන් යන්න ගියාම ගතවෙන කාලයයි, දුරයි, ලැබෙන අමුතුම අත්දැකීමයි සලකලා අපි එකග උනා බයික් ටික බෝට්ටුවට පටවගන්න. එ්ක අැවිල්ලා වෙනම අාතල් එකක්.

බැරි බර කරේ තියන්

ඩිංගියට වාරු අරං

පුල්මුඩේ ඉදං අපි කෙලින්ම අැද්දෙ නිලාවේලි වලට, එතනින් නාලා මූණ කට හෝදගෙන ත්‍රිකුණාමලයට එද්දි හොදටෝම බඩගිනියි. ටවුන් එකෙන් කාලා අැද්දා කෝනේෂ්වරම් වලට. ඊට පස්සෙ තඨාකාංගනය පැත්තෙන් රවුම දාලා චයිනා බේ, සෝබා අයිලන්ඩ් පැත්තෙන් මුතූර් වලට සේන්දු උනා. ඊටත් පස්සෙ එදා රූ වාකරේ හරහා මඩකලපුවට අැවිත් මහන්සියට නවතින්න හිතුවා මඩකලපුවේ පන්සලේ. එ් කියන්නේ ශ්‍රී මංගලාරාම විහාරයේ. නායක හාමුදුරුවන්ගෙ අවසරය මත බණ මඩුවෙ පැදුරක් එලලා නාලා කාලා නිදාගන්න හදද්දි පන්සලේ පොඩි හාමුදුරුවො ටිකයි කොල්ලො ටිකයි ගජරාමෙට අවුරුදු ක්‍රීඩාවල.

 පහුවෙනිදා උදැහැනැක්කෙම පන්සලේ ඉදං ගමන පටන් ගත්තේ කල්මුනේ පහුකරලා දාලා සාම්පූර් ලයිට් හවුස් එකයි, ලංකාවේ නැගෙනහිර කෙළවර වන සංගමන්කන්ද ලයිට් හවුස් එකත් බලාගෙන අාරුගම්බේ වලින් නාලා මූණ කට හෝදගෙන ඔකද දේවාලය කරා යන්න පටන් ගත්තා. අනේ අැස්වහක් කටවහක් නෑ පානම පහු කලා විතරයි ටුවින් රාජයා නැවතත් සුපුරුදු රංගනයේ. වෙලාව කියන්නෙ අන්න වෙලාව. හරියටම වැඩ අල්ලන වෙලාවට දෙයියනේ කියලා බයික්කෙ අතපාත ගාන්න පුලුවන් උනා උෟට නම්.

සාම්පූර් ලයිට් හවුස්

සංගමන්කන්ද පිවිසුම

සංගමන්කන්ද ලයිට් හවුස්

හවුස් දැට්?

වැඩ අැල්ලීම නැකතටම
එතනත් කාලෙ කාලා කාලා ඔකද දේවාලයටත් ගිහින් කුමන එන්ට්‍රන්ස් එක ලගත් පොටෝවක් එහෙම ගහලා අාපහු හැරිලා පොතුවිල් වලට අාවේ කුමන හරහා බයික් වල යන්න දෙන්නෙ නැති නිසාවෙන්.එන ගමන් පැලක අෑදි වෙලා ගිමන් නිවන්නත් අමතක කලේ නම් නෑ.

කුමන එන්ට්‍රන්ස්

අැල් හේනේ - පැල් රැකලා
ගිනි කාස්ටකේ

ලාහුගල රක්ෂිතය මැද්දෙන් වැටිලා තිබුන එ් පාර නම් රයිඩ් එකකට කියාපු පාරක්. මාරම ලස්සනයි වගේම කාපට් එක නිසා අැරලා යන්න පුලුවන්. එ් ඔස්සේ බුත්තල හරහා කතරගමට අාපු අපි එදා රෑ කතරගම නවතින්න හිතුවා. බජට් එකත් ඉතුරුවෙලා තිබුන නිසාත් ටුවර් එකේ අන්තිම නයිට් එක නිසාත් සචින්තනයගෙ ටෝක් කිරීමේ හැකියාව නිසාත් අඩු ගානකට නවාතැනක් ගන්න පුලුවන් උනා. අාහ් බුත්තල කතරගම පාරෙදිත් පොඩි වැඩක් උනා. එ් වෙද්දිත් අැදිරි වැටීගෙන අාපු නිසා වල් අලින් පාරට එ්මේ අවධානමක් තිබුනා එ් පාරේ. වෝනින් බෝඩ් එක පහුකරලා කිලෝ මීටරයක් යන්න කලින් මෙන්න හිගන්නෙක් ඉන්නවා පාර අයිනෙ. අපි සේපෙට පස්සට වෙලා ඉදලා අපිව පහු කරන් යන වාහනයකට මුවා වෙලා අලියා ( ද අැතාද මන්දා) පහුකරගත්තා. ටික දුරක් යන්න කලින් තවත් අලියෙක්. මේ විදියට ගමන යද්දි අපේ සචිත් මල්ලි කලු පාට මරුටියක ගිය කෙල්ලෙක්ට පේන්න වැඩ දාන්න ගියෙත් නෑ, ටටා කිව්වෙත් නෑ, මං සච්චත් එක්ක උෟට බැන්නෙත් නෑ, තත්පර ගානක් යන්න කලින් උෟ වැටුනෙත් නෑමයි කියලා කියන්නම ඔිනෙ. ඉක්මන්ටම බයික් එකත් හදාගෙන (ගලකින් ගහලා) පැලැස්තර ෆස්ට් එයිඩ් ටිකකුත් දාලා ඉක්මන්ටම කැළෑවෙන් එළියට අැද්දා.

අවවාදයි!

කිරිවෙහෙරට ඉහලින් දග කරන සදවතී

කද සුරුදුනි ඔබෙ.. ඔද තෙද දැක හද

රෑට කාලා සචින්තනයගෙ වදේටම වගේ කතරගම කිරිවෙහෙරටයි, දේවාලයටයි වන්දනා කරලා අැවිත් රෑ හොදහැටි සැපේ නිදාගෙන පහු වෙනිදා ටුවර් එකේ අන්තිම දවස පටන්ගත්තෙ සිතුල්පව්වෙන්. ජීවිතේ දෙවැනි වතාවටත් මගේ බයික්කෙම සිතුල්පව්ව ඔෆ් රෝඩ් එකේ විදිමින් ගිය එ් අත්දැකීම අවුරුදු එක හමාරකට පෙර එ් පාරෙම සිදුවුන අමිහිරි සිදුවීම නැවත මතක් කලේ නෑ කිව්වොත් මම  වැරදියි.

කිරින්ද සෑ රදුන්

පාර දිගේ

සැට් එක

සිතුල්පව්ව වැදලා අාවා විතරයි ප්‍රිය සහෝදර සහෝදරවරුනි, පෙරසේම ටුවින් එක ලෙඩ දෙන්න ගත්තා. සච්චගෙ හත්මුතු පරම්පරාවම අමතන ගමන් එතන තාවකාලික ගරාජයක් දාන්නත් සිද්ධඋනා. එතන සෑහෙන වෙලාවක ලේට් වෙලා කිරින්ද, හම්බන්තොට හරහා අපි අධිවේගයෙන් ගියේ දෙවුන්දර තුඩුව ප්‍රදීපාගාරෙ බලන්ට. එතනින් පස්සෙ අහංගම නැවැත්තුවා ලස්සන තැනක කෑම ගන්න කියලා හිතාන. කතිකා කරගත්තා විදියට බඩ බුරුල් වෙන්නත් කියලා හිතලා අන්තිම දවසේ කොත්තුව කන්න පටන් ගත්තේ මේ විදියට.

රිපෙයාර් අතරතුර

දෙවුන්දර තුඩුව

අවසන් භෝජන සංග්‍රහය
නැවත ගෝල්ෆේස් දක්වා

නිමි

මේ වෙද්දි වෙලාව රාත්‍රී 7ත් පහුවෙලා. ප්ලෑන් කරපු විදියට වඩා 140 km පරක්කුයි. අනේ ඉතිං ටික දුරක් එද්දි නැවතත් අර මංගල්‍ය කැඩෙන්න ගත්තා. කරන්න තිබුන එකම ඔප්ෂන් එක තමයි අායෙත් සැරයක් චේන් ස්පොකට් දාන එක. එ් වෙලාවෙ කඩත් වහලා. පහුවෙනිදා උදේම මට ජොබට රිපෝට් කරන්නත් තිබුණ නිසා මං තීරණයක් ගත්තා ටීම් එකෙන් කැඩෙන්න. කස්ටියටම සමුදීලා කාරිය මං හැටට හැටේ ගාල්ල හරහා කොළඹට එන්නට පිටත් උනා. පැය ගාණක සෝලෝ රයිඩ් එකකින් පස්සෙ මට පුලුවන් උනා ගමන පටන්ගත්ත ගෝල්ෆේස් එකටම ලගාවෙන්න. විනාඩි කීපයක් එතන ඉදලා මං නැවතත් නිවස බලා පිටත්වෙන්න ගත්තා. මගදි ට්‍රැෆික් එකෙන් නවත්තලා බෑග් චෙක් කරන්න ගත්තට, විස්තර ටිකක් එහෙම කිව්වට පස්සෙ ගොඩාක් හිතවත්ව කතා කරලා ඉක්මනට යන්න අවස්ථාව හදලා දුන්නා.එ් එන එතරේ ටීම් එකේ ඉතුරු පිරිසත් ටුවින් එක ලග ගෙදරක දාලා ගමන නිමාකරන්න පිටත්වෙලා තිබුනා. එදා රෑ සචින්තනයි, රන්දික අයියයි ගාල්ලෙ රන්දිකයගෙ මහගෙදර නැවතිලා පහුවෙනිදා බයිසිකලේ හදාගෙන පිටත්වෙලවලා තිබුනා. මේ විදියට මව්බිම වටා රෝද දෙකෙන් සංචාරයේ ට්‍රිප් මීටරය 1876.8 km වෙද්දි හා පෞද්ගලිකව නිවසට පැමෙිණෙන දුරද අැතුලුව මීටරය 1923.9 km පෙන්නුම් කරද්දි ජීවිතේ ලොකුම හා අවසාන බයික් ටුවර් එක සනිටුහන් කරන්නට මට පුලුවන් උනා.

Google Timeline - Day 1

Google Timeline - Day 2

Google Timeline - Day 3

Google Timeline - Day 4

Google Timeline - Day 5