meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: අන්ටයිට්ල්ඩ් | Untitled

Monday, March 26, 2018

අන්ටයිට්ල්ඩ් | Untitled



රාත්‍රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්‍රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ සේවක පිරිස මුර කුටිය වෙත දිව අාවත් ඔවුන්ට දැකගත හැකි වූයේ හිස කුඩු වූ ඉන්දිකගේ නිසල සිරුර පමණි. කිසිදු සටහනක්වත් නොතබා මියගිය ඉන්දික ගැන ඔවුන්ට වගේ වගක් තිබුනේ නැත. එය එසේ වීම පුදුමයක් වන්නට විදියකුත් නැත. වසර ගණනාවක් තිස්සේ එම අායතනයේ සේවය කළත් තම සහෝදර අාක්ෂක සේවකයන් කීප දෙනා හැර වෙනත් කිසිවෙකුත් සමග ඔහු අැගෑලුම්කමක් පෑවේ නැත. නමුත් එමගින් ඔහු හිස උදුම්මවාගත් චරිතයක් ද නොවූ බව කිව යුතුය. නමුදු කා සමගත් සිනාසෙන ඉන්දිකගේ මුවින් වචනයක් එළියට අාවේ කලාතුරකිනි. එහෙත් රාජකාරිය දේව කාරියක් සේ නොපිරිහෙලා ඉටුකිරීමට ඔහු සමත් විය. අාරක්ෂක සේවයේ නියුතු වුවත් ඉන්දික යනු දුප්පත් මිනිසෙක් නොවේ. ඔහුගේ පියා හිටපු දිසාපතිවරයෙකි. කුඩා කල සිටම වලව්කාර පැලැන්තියේ හැදී වැඩුණු ඉන්දික ජීවිතය ගැටගසාගැනීමට ශිෆ්ට් එකට වැඩට එන්නට තරම් සිදුවූ පෙරළිය නිවැරදිවම දන්නේ ඔහුම පමණි.

පළිහවඩන පරම්පරාව එවකට හක්මන ප්‍රදේශයේ යමක් කමක් තිබූ ප්‍රභූ පැලැන්තියේ වලව්කාර පැලැන්තියක් විය. සාම්ප්‍රදායික වලව් ක්‍රමයෙන් ඔබ්බට යමින් එ් වන විටත් රාජ්‍ය සේවයේ ඉහල නිළධාරීන් බිහිකරලීමට එවකට එම පැලැන්තිය සමත්විය. එයට හේතු වූයේ යමක් කමක් හොයාගත් සැනින් තම පවුලේ රැස්පෙට්ටුව පෙන්නීමේ එ්කායන අභිලාෂයෙන් තම දූ දරුවන් හට විදේශගත අධ්‍යාපනය ලබාදීමට ඔවුන් තීරණය කිරීමයි. නමුත් එහි ප්‍රතිළුලයක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම තානාන්තර වල එල්ලීමට වලව්කාර දූ දරුවන්ට හැකියාව ලැබිණි. ඉන්දිකගේ පියා, පළිහවඩන මහත්තයාත් එවැන්නෙකි.

ඊලගට එළැඹෙන්නේ සම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තියේ බිද වැටීමයි. නිදහස් අධ්‍යාපනයත් සමගම සල්ලිකාරයින්ට පමණක් උරුම වූ අධ්‍යාපනික අයිතිය දක්ෂයින් අතරට යාම, තෙවන පරම්පරාවේ නාස්තිකාර වියදම් හා ගමේ කොටසකට පමණක් දෙකට නැමී කතා කිරීමට තරුණ පරම්පරාව දැක්වූ විරෝධාකල්ප එම වැඩවසම් සමාජය බිදිවැටීමට හේතු විය හැක. නමුත් එවන් පසුබිමක් තුළ වුවද පළිහවඩන පරපුරේ එකම පුතු වූ ඉන්දික පළිහවඩන තම දක්ෂතා හොදින් පෙන්නුම් කරමින් සිටියේය. නමුත් ඔහු කෙදිනකවත් පන්තියේ පළමු වැනියා වූයේ නැත, පාසලේ සිටි හොදම ළමයා වූයේද නැත. දෙමාපියනට කීකරුම දරුවා වූයේද නැත. එතරම් සම්ප්‍රපලාප අවශ්‍ය නැති වූවත්  මධ්‍යම මට්ටමක ඔහු සිටියේය.

ඔහු කුඩා කළ සිටම නිහඩ චරිතයකි. තමාගේ පාඩුවේ සිටිමට ඔහු ප්‍රිය කලේය. නමුත් මිතුරන් අැසුරු නොකළ බවක්, කැලේ නොපැන්න බවක්, අඩු ගානේ දිවියේ එක සැරයක්වත් අරක්කු උගුරක් කට නොතිබ්බ බවක් ඉන් අදහස් වන්නේ නැත. ඉන්දිකගේ පාසල් දිවියද සාමාන්‍ය ලෙසම නිමවූයේ ඉගෙනීම, දඩබ්බරකම, ප්‍රේමය, විරහව, සතුට හා කදුලු මුසු රසවත් අත්දැකීමක් ලෙසිනි. උසස් අධ්‍යාපනය කරන අතරතුරදීම පවුලේ ව්‍යාපාරික වැඩ වලට සම්බන්ධ වීමෙන් ඔහු එ් අතින්ද සෑහෙන අත්දැකීම් සහිත පුද්ගලයෙක් බවට පත්විය. නමුදු, සෑම විටම ඉන්දිකගේ සිතට වදදුන් කාරණයක් විය. ඔහුගේ දිවිය කුමක් හෝ දෙයකින් හිස්ව පැවතුණි. එය මිල මුදල් වත්, අාදරය වත් නොවන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි වී තිබුණි.

ඉන්දිකගේ සියදිවි හානිකරගැනීමට හේතුව, ඔබවත් මමවත් හරියටම දන්නේ නැත. එය ඉදිරියටත් කවුරුවත් දැනගන්නට ලැබෙන්නේ නැත. ඉන් දින කීපයකට පසු ඉරිදා පුවත්පත්වල තද පැහැ අදුරු අකුරින් යුක්තව පලවූ දැන්වීම පමණක් මෙහි සදහන් කරන්නෙමි.එය කිසිසේත්ම ඔබට ප්‍රමාණවත් වන්නේද නැති බව මා දනිමි.

"අකාලයේ අප අතරින් සමුගත් ඉන්දික, සොයුර ඔබට නිවන් සුව!"

6 comments:

  1. නොකියූ කතා නම් කොයි තරම් ඇත්ද? සමහර කතා නම් නොකියන තරමට හොඳයි. ඉන්දිකත් එහෙමම හිතන්න ඇති.

    ReplyDelete
  2. මම උබත් එක්ක තරහයි නේ.....කොමෙන්ට් කොරන් නෑ















    තඩියා බොල තඩියා

    ReplyDelete
    Replies
    1. හැක්... එල එල ඔහොම යං

      Delete
  3. බුකිය තාම නැද්ද බං?


    තෝ 31 එන්නැද්ද ෙමේපාර 30+ යනව

    ReplyDelete