Monday, March 5, 2018

මතක පද




වසර දෙකට විතර කලින් ඉයන් කරපු චැලේන්ජ් එකක විස්තර මට කියවන්නට ලැබුනෙ මීට වසරකට විතර කලින්, මොකද එ් දවස්වල මං බ්ලොග් ලෝකෙන් මාස කීපයකට අතුරුදහන් වෙලා ඉන්න සිද්දවුන නිසා. එ්ක මාරම අමාරු වැඩක් වුනත් කාරිය මං එ් චැලේන්ජ් එකට හරිම අාස කලා. "අයිස් බකට්" එකට නොදෙවෙනි විදියට බ්ලොග් ලෝකයේ පැතිරිලා ගිය එ් රැල්ලට කවදහරි මාත් පෝස්ටුවක් ලියනවා කියලා හිත හිත හිටියට එ්ක ලේසි උනේ නෑ. අභියෝගය උනේ ඔබ කැමතිම ගීත දහසයත් පෝස්ට් එකකින් බෙදාගන්න චැලෙන්ජ් එක භාර ගන්න කැමති කවුද? කියන එක. එ් ගැන කමියගෙ (කමි අයියා) පෝස්ට් එකට මං ගොඩක් කැමති උනා වගේම සාර්ථකම පෝස්ට් එක දාලා තිබ්බෙ ඉකොනොමැට්ටා විසින්.ඉතිං චැලේන්ජ් එක මට ඔන කරන විදියට ෆ්ලෙක්සිබල් කරගෙන කාරිය, මගේම තියරියකට මං තෝරගත්තා ගීත 10ක්. එ්කට තනිකරම පාදක උනේ එ් ගීත වලට මගේ තියෙන අත්දැකීම් වල සම්බන්දයක්, එහෙම නැතිනම් මොමන්ට් එකේ හැටියට ෆීල් වෙන දෙයක්, එ්ත් නැත්තං හිතට අල්ලපු මට විස්තර කරන්න අමාරු මොකක් හරි අටමගලක්.හැබැයි එතනින් අදහස් වෙන්නෙ නෑ මං කැමති ගී 10 මේ අතර තියෙනව කියල, මොකද මට මේ වෙලාවෙ මතකෙට එන්නෙ නැති ලස්සන ගීත අටෝරාසියකට මං පෙම් කරන නිසා.තව දෙයක්, අලුත් සිංදු මේ අතර එතරම් නැති උනත් හැම ජාතියකම අච්චාරු රස විදින්න මං හරිම කැමතියි.හරියට මනක්කල්පිතලගෙ මුඩුක්කුවෙන් එළියට අහලා, එක දවසක අපි චිත්‍රපටි ගීතයෙන් පස්සෙ සමිත සිරිමාන්නගෙ කතාවක් අහනව වගේ... 😜 එ්කෙත් ලල් එකක් නැත්තෙ නෑ.

1. සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද...

චාමර වීරසිංහ කියන්නෙ මගෙ ප්‍රියතම ගායකයා කිව්වොත් මං වැරදි නෑ.ඔහුගේ ගීත අතරින් මං ප්‍රිය නොකරන ගීතයක් හෝ දෙකක් නම් කරන එක ලේසියි කැමති ගාන කියනවට වඩා.එ් අතරින් මං ඔහුගෙ කැමතිම ගීතයක් විදියට මේ ගීතය තෝරාගන්නෙ මගෙ ජීවිතයට සම්බන්ද ලොකුම හේතුවක් නිසාම නෙමෙයි. මීට වසර කීපයකට කලින් මං මගේ පළවෙනි මෙගා බයික් ටුවර් එකට සම්බන්ද උනේ අපේ පැත්තෙම තිබ්බ බයික් ක්ලබ් එකක් සංවිධානය කරපු වාර්ෂික කතරගම ටුවර් එකට. මං හිතන්නෙ එ්ක තමයි ලංකාවෙ වැඩිම යතුරුපැදි සහභාගීත්වයක් තියෙන ක්ලබ් එක. දවස් 3ක ටුවර් එකක් වුන එ්කට එදා යතුරුපැදි 150කට අධික ප්‍රමාණයක් සහභාගී උනා.එ්කෙ දෙවැනි දවසෙ ගමනාන්තට උනේ කිරින්ද වෙරළ තීරය, මං පළමු වතාවට එතැනට ගියෙ.එදා එ් වැල්ලෙ අපි බයික් වලින් දාපු සෙල්ලම්, ෆෝ වීල් වාහන වලින් දාපු සෙල්ලම් පළාතම පිස්සු වට්ටලා තිබ්බෙ. නමුත් අවාසනාවන්ත විදියට අපි සිතුල්පව්වෙ ඉදන් කිරින්ද දක්වා අාපු ඔෆ් රෝඩ් ගමනෙදි සිදුවුන අනතුරක් නිසා අපේ සහෝදරයෙකුට ජීවිතේ අතෑරලා දාලා යන්න සිද්ධ වුනා.අපිට එ් අාරංචිය අාවෙ එදා රූ.

මාස කීපයකට පසුව මම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ  අධ්‍යාපනය ලබන කාලෙදි අපේ බැජියෙක්ගෙ කටින් නිතරම වගේ මුමුණන්නට යෙදුන සිංදුවක් තමයි මේක.ඉතිං මේක අහද්දි මට නැවතත් මටකෙට අාවා එදා කිරින්දෙදි උන සිදුවීම. එ්ක අැත්තටම කම්පනයක් අැතිකලා කිව්වොත් හරි, ඉතිං... මං මේ සිංදුවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව ලොකේෂන් එක වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.එ්ක හරිම අමුතුයි තමයි, එ්ත් එහෙම වෙන්න බැරිද?




2. රෑ අහසින් වැටෙනා...

කසුන් කල්හාරගෙ ගීතවලින් මං පොඩිකාලෙ නම් අහලා තිබුනෙ අනන්තයට යන පාර දිගේ, මල් මිටක් කියන සිංදු විතරයි. එ් කාලෙ නං මං එ්වා අහලා තාත්තා පොරට බැන්නා කියලත් පොඩි මතකයක් තියෙනවා මොන සිංදුද මේ කියලා.එ්ක අැවිල්ලා ජෙනරේෂන් ගැපියෙ අවුලක් තනිකරම.පසු කාලීනව කසුන් කල්හාර සංගීතය කියන සබ් එකේ "බ්‍රෑන්ඩ්" එකක් විතරක් නෙමෙයි, "ලෙජන්ඩ්" එකක් වෙන්නත් සමත් වුනා කිව්වොත් මං නිවැරදියි, එ් ඔහු සංගීත ක්‍ෂේත්‍රයට කරපු රැඩිකල් වෙනස නිසා.

එ් මං ගාල්ලෙ බූස්සෙ ඉද්දි මූලික පුහුණු කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, අපිට තිබුනා වැරයිටි ෂෝ එකක් කරන්න. ඉතිං එ්කට අපි පැනගෙන ගියෙ මොකක් හරි ඉදිරිපත් කරන්න තියෙන උවමනාවටම නෙමෙයි, එ් අතලොස්සට එක් උනාම තියෙන වාසි ලබාගැනීමේ පටු අරමුණින්ම තමයි. එ් කිව්වෙ පීටී, රවුන්ඩ්, ක්ලීනිං වගේ එ්වා (කමියගෙන් අහන්න) කට් කරන්න. ඉතිං හැමදාම අපි බෑන්ඩ් රූම් එකේ ප්‍රැක්ටිස් වෙනකොට අපේ කොල්ලෙක් ලස්සන ගිටාර් පාට් එකක් ගගහ කිව්ව කල්හාරගෙ රොමෑන්තික ඔපෙරාවෙ සිංදුවක් මේක.මට හිත ගිය පාර ක්ෂණිකව ඩවුන්ලොඩ් කරලා දැම්මා. 



3. මගේ නංගිගේ කදුලු වලින්

අජිත් මුතුකුමාරණ, එහෙමත් නැතිනම් බස් අජියා කියන්නෙ කාලයක් ලංකාවේ බස් විතරක් නෙමෙයි, ලංකාවම රන් කරපු රසිකයො ගොඩක් අාදරේ කරපු, එ් වගේම බැනුම් අහපු ගායකයෙක්. ටකරං ඩිස්ටි ඩඩිං මියුසික් එකෙන් උනත් එ් කාලෙ අහපු අජියගෙ සුදු අරලියා මලට බාල මහලු අපි හැමොම පෙම් කරේ නෑ කිව්වොත් එ්ක බොරුවක්.

මේක නම් අහන්න ගත්තෙ ලගදි මං, අැත්තටම කිව්වොත් වස්තිලගෙ බස් වීඩියෝ එකේ කෑල්ලක ප්ලේ උන "එ් කදුලු යාලුවේ..." ගීත කොටසට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වහ වැටිලා තමයි මං සිංදුව හොයන්න ගත්තෙ. එ්ත් අන්තිමට එ්ක නිකංම නිකං ටකරං මෙලඩියක් විතරක්ම නොවුන බව මට තේරුණා.



4. හන්තාන සිහිනේ...

පණ්ඩිත් අමරදේවයන්, එහෙමත් නැතිනම් මාස්ටර්ගෙ ගීත වලට අකමැති අය කොහෙද ඉන්නෙ. කළබල වෙලා තරගෙට දුවන හිත එක්තැන් කරගෙන රසවිදින්න, හිත සැහැල්ලු කරන්න අමරදේවයන්ට මිස කාටද පුලුවන්.මං මාස්ටර්ගෙ ගීත තෝරණ තැනදි නං ගොඩක් අසරණ වෙනව, එ් හින්ද ගීත තුනකට ඡන්දය දෙන්න මට සිද්ධවෙනවා.

මං හා හා පුරා කියලා හන්තානට ගිය ගමනත් හරිම අපූරු කතාවක්.මීට මාස දෙක තුනකට උඩදි, මං නිවාඩුවට ගෙදර ඉන්න දවසක උදේ පාන්දර 6ට විතර මට කෝල් එකක් එනවා මීරිගම පැත්තෙ කොල්ලෙක්ගෙන් "අපි දැන් හන්තානෙ යන්න හදන්නෙ, එනවද කියලා" අායෙ මොනවද ඉතින් කියන පරක්කුවට කෝල් එක අැවිත් විනාඩි 15ක් යන්න කලින් මූණ හෝදගෙන  කිලෝමීටර් 12.8ක් ගොවාගෙන මීරිගමටත් අැවිත් මං උෟ එනකං බලං ඉන්නවා.ඔය විදියට සෙට් උන බයික් 4ක තමයි අපි 7 දෙනෙක් ඉස් ඉස්සෙල්ලාම හන්තානට ගියේ. කදු මුදුනට වෙලා අෑත ක්ෂිතිජය බලාන කල්පනාවේ නිමග්න වෙලා හිටපු මට ඉබේම මිමිණුනේ මේ ගීතය. (එ් වගේම උමාරියා කරපු හොදම ගීතයත් මේක කියලයි මං හිතන්නෙ)


5. කුමරියක පා සළඹ සැලුනා...

ඉරොටික් සාහිත්‍යයේ උච්චතම අවස්ථාව වගේම එ්ක මාරම සංයමයකින් යුතුව එළිදක්වපු අවස්ථාවක් විදියට මං දකින්නෙ මේ ගීතය. ශෘංගාරය කලබලකාරී මානසිකත්වයක් තොරව නිසංසලව රසවිදින්න පුලුවන් හොදම ගීතයක් මං තවත් පෙම් කරන, මාස්ටර්ගෙ ගීත ගොන්නෙන්.




6. මළ ඉර බසිනා සැන්දෑ යාමේ...

වසර 2016 නොවැම්බර් හෝ දෙසැම්බර්. මං එතකොට සේවය කලේ නාවික හමුදා මූලස්ථානයේ, එ් දවසක තමයි හෙළයේ මහා ගාන්ධර්වයාණෝ, අමරදේවා මාස්ටර්ගෙ අභාවය සිද්ධවුනේ. අවසන් කටයුතු සිදුකලේ නිදහස් චතුරස්‍රයේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා ත්‍රිවිධ හමුදා ගෞරව සහිතවයි. අවසන් කටයුතු සදහා සහභාගී වීමට මටත් අහඹු විදියට නාවික හමුදාව නියෝජනය කරමින් යන්නට අවස්ථාව ලැබුණා. ඉතින් එදා එ් අවමංගල්‍ය සභාව අවසානයේ අාදාහන කටයුතු වලදි එතුමාගෙ අවසන් කැමැත්තක් යැයි පැවසුව මේ ගීය වාදනය වුනේ කොළොම්තොට අහස්කුස යට පමණක් නොව ලංකාවේම සියලු ජන හදවත් පහන් සංවේගයකට පත්කරමින්.




 7. මං නුඹෙමද...

ජගත් වික්‍රමසිංහ... ඔහුගෙ ගීතයක් කියලා මං ඉස්සෙල්ලම අැහුවෙ 2008 හෝ 2009 වර්ෂවල. එ් අපේ අයියා කෙනෙක් එ් දවස්වල මට කියලා සෑහෙන අමාරුවෙන් Edge අස්සේ WCDMA, HSDPA සිග්නල් අල්ල අල්ලා YouTube එකෙන් සාගර තරංගා කියන ගීතය බාගත කරගත්තා. එ්ක තමයි මං අහපු පළවෙනි ගීතය ඔහුගේ. පස්සෙ පස්සේ ලස්සන ගීත කීපයක්ම රසවිදින්න ලැබුනත් මගෙ හිතට අල්ලලාම ගියේ 2015 වසරේ මුල් භාගයේ රිලීස් උන හිරු FM එකෙන් මට ඉස්සෙල්ලම අහන්න ලැබුන මේ ගීතය. එ්කට නම් සම්පූර්ණයෙන්ම හේතු වුනේ ලිරික්ස් කියන එක බොරුවක් නෙමෙයි. එ්ත් පසුව එළියට දාපු මියුසික් වීඩියෝ එක එ් අැල්ම වැඩි කලා විතරක් නෙමෙයි, තාමත් කැමැති ලිස්ට් එකේ උඩින්ම තියන්න උදව් උනා මට.



 

8. අපි අායේ දවසක...


සිත සොරාගෙන ගොස් ඩැෆඩිල් මලක තනිකල, මනසේ අැගේ රුව සිත්තම් කල සොදුරු කලාකරුවෙක්, මං පෞද්ගලිකව අදහන කරන චරිතයක් වන දයාන් විතරණගෙ කැමතිම සිංදු වලින් එකක් තමයි මේ. ඔහුගේ ගීත සියල්ලකමම පාහේ තියෙන සන්සුන් ගතියට මං හරි අාසයි.මට ඉස්සෙල්ලම දයාන් විතාරණගෙ සිංදු ටිකක් හොයලා දෙන්නෙ උසස් පෙල කාලේ යාලුවෙක් උන කොස්තා. එදා ඉදං විතාරණගෙ හදවත් සනසාලන ගීත ගොන්නක රසිකයෙක් මං.



9. පොල්රුප්පාවේ...

චන්දන ලියනාරච්චි කියන්නෙත් මං කැමතිම ගායකයන් ලැයිස්තුවේ ඉහලින්ම තියෙන නමක්. කාලයක් තිබුනා දවස් ගණන් අැල්බම් අහ අහ හිටපු.ඔහුගේ ගීත අතරින් මං කැමතිම ගීතය මේක. එ්කට පැහැදිලි හේතුවක්. එ්ක මටත් ප්‍රශ්නයක්!



10. මගේ සිහින මැදුරේ...

සමනල සංධ්වනිය චිත්‍රපටයේ මම කැමතිම ගීතයක්, ගායිකාව ප්‍රසිද්ධ නැති උනත් තාමත් ඉදහිට අහනකොට එදා දැනුන එ් රසයේ කිසිම අඩුවක් මට නම් දැනෙන්නෙ නෑ. ගීතයට කැමති වෙන්න රූප රචනාව ගොඩක්ම බලපෑවා කිව්වොත් මං නිවැරදියි. මට තාමත් හොදට මතකයි මං මේ චිත්‍රපටිය බලන්න ගියේ ඉස්කෝලෙ අැදුමින්ම දවල් 2.30 දර්ශනයට, එක යාලුවෙක් එක්ක.



14 comments:

  1. හොඳ මික්ස් එකක්.. චාමර වීරසිංහ මාත් හුඟක් කැමති ඒත් අන්ඩර් රේටඩ් ගායකයෙක්.. මගේ චොයිසස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.. චාමර සශිකා නිසංසලා එක්ක කියන කවුරුන්ද කවුළුව වැහුවේ එක මේ දවස්වල චාමර ගේ කැමතිම සිංදුව..
    තව එකක්.. සමහර මුළු සින්දුවම නැතත් ඒකෙන් කෑල්ලකට හිටපු ගමන් හිත යනවා.. ඒ වගේ බාචි සුසාන් ගේ විසේකාරි සිංදුවේ කෑල්ලක් ෆේස් බුක් දාල මම මේ ළඟදී හෙන නෑමක් නෑවා.. හෙහ්.. හැබෑට උඹේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකට මොකෝ උනේ? මං දැක්ක ඩිඇක්ටිවේට් කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත,choice එක වෙනස් වෙනවා කාලෙත් එක්ක, emotion එක්ක.
      😁 මං deactivate කරලා තියෙන්නෙ බුකිය දැන්.ඒක එපා උනා ම⁣ට

      Delete
  2. Replies
    1. නැවත වලෙන් goඩගත්තා ඉතිම්😁

      Delete
  3. හීනෙන් ඇහැරුනාද ෙබාල?

    ReplyDelete
    Replies
    1. ඇයි මක්කැයි අවුල?
      මං දැක්කා මාතලංගෙ සයිටෙ ඇno වෙක් රිදෙන්ට ගහල තිබ්බා😁

      Delete
  4. ඒ දවස්වල අපිත් ඔය ගීත රැල්ලට අහු වුණා මතකයි.අමරදේවයන්ගේ ගීත ටිකත්,මගේ සිහින මැදුරේත් මගේත් ආසම ගීත!

    ReplyDelete
    Replies
    1. මතකයන් අමතක කෙරුවත්, අමතක වෙන්නේ නෑ....

      Delete
  5. මගේ සිහින මැදුරේ සිංදුව ඇහුවේ අදමයි, ඒක හිතට වැදුනා...
    ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... සා ගානව යකූ තොට!

      Delete
    2. /// අම්මප කියාං, අඩුගානේ ෆිලුම වත් බලලා නැද්ද... සා ගානව යකූ තොට! ///

      2007, 2008 කාලෙන් පස්සේ හෝල් එකක ෆිල්ම් එකක් බලල නැහැ...
      ලැප් එකේත් අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙත් අවුරුදු පහකට හයකට විතරවත් කළින් වෙන්න ඕනේ...

      වයිෆ් TV එකේ ඉඳ හිටලා ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවට එයා එක්ක කතා කරන අතරේ ෆිල්ම් එකේ පොඩ්ඩක් හරි දැක්කොත් මිසක් TV බලෙන්නෙත් නැහැ...
      ඔන්න ඔහොමයි බන් අපේ ජීවිත ගෙවෙන්නේ...

      Delete
    3. ඔන්න උඹල අනං මනං කියන නිසා ඊයෙම ඒ ෆිල්ම් එක බලල ඉවරයක් කරලා දැම්මා...

      Delete
  6. මමත් අන්තිමට ලිව්වේ ඔය සිංදු පෝස්ට් එක තමා, ඒක ගිහින් බලපන්...
    හැබැයි එදායින් පස්සේ අද වෙනතුරු මුකුත් ලිව්වේ නැහැ...

    ReplyDelete
    Replies
    1. බැලුවා, එ්කෙ මං අහපු සිංදු කීපයයි තියෙන්නේ, මාස්ටර්ගෙ, ග්‍රේෂන්ගෙ වගේ. ඔිෆ් උනාට පස්සේ හිමීට අහල බලන්නම් සිංදු ටික

      Delete