Tuesday, March 27, 2018

අන්ටයිට්ල්ඩ් | Untitled



රාත්‍රී නිසසල පරිසරය සසල කරමින් පුපුරා ගිය වෙඩි හඩ ප්‍රදේශයම අවධි කලේ වෙඩි ශබ්දය පලාතින් වියැකී ගොස් වසර ගණනාවක්ම ගතවී තිබුන බැවිණි. වහාම ක්‍රියාත්මක වූ කර්මාන්තශාලාවේ සේවක පිරිස මුර කුටිය වෙත දිව අාවත් ඔවුන්ට දැකගත හැකි වූයේ හිස කුඩු වූ ඉන්දිකගේ නිසල සිරුර පමණි. කිසිදු සටහනක්වත් නොතබා මියගිය ඉන්දික ගැන ඔවුන්ට වගේ වගක් තිබුනේ නැත. එය එසේ වීම පුදුමයක් වන්නට විදියකුත් නැත. වසර ගණනාවක් තිස්සේ එම අායතනයේ සේවය කළත් තම සහෝදර අාක්ෂක සේවකයන් කීප දෙනා හැර වෙනත් කිසිවෙකුත් සමග ඔහු අැගෑලුම්කමක් පෑවේ නැත. නමුත් එමගින් ඔහු හිස උදුම්මවාගත් චරිතයක් ද නොවූ බව කිව යුතුය. නමුදු කා සමගත් සිනාසෙන ඉන්දිකගේ මුවින් වචනයක් එළියට අාවේ කලාතුරකිනි. එහෙත් රාජකාරිය දේව කාරියක් සේ නොපිරිහෙලා ඉටුකිරීමට ඔහු සමත් විය. අාරක්ෂක සේවයේ නියුතු වුවත් ඉන්දික යනු දුප්පත් මිනිසෙක් නොවේ. ඔහුගේ පියා හිටපු දිසාපතිවරයෙකි. කුඩා කල සිටම වලව්කාර පැලැන්තියේ හැදී වැඩුණු ඉන්දික ජීවිතය ගැටගසාගැනීමට ශිෆ්ට් එකට වැඩට එන්නට තරම් සිදුවූ පෙරළිය නිවැරදිවම දන්නේ ඔහුම පමණි.

පළිහවඩන පරම්පරාව එවකට හක්මන ප්‍රදේශයේ යමක් කමක් තිබූ ප්‍රභූ පැලැන්තියේ වලව්කාර පැලැන්තියක් විය. සාම්ප්‍රදායික වලව් ක්‍රමයෙන් ඔබ්බට යමින් එ් වන විටත් රාජ්‍ය සේවයේ ඉහල නිළධාරීන් බිහිකරලීමට එවකට එම පැලැන්තිය සමත්විය. එයට හේතු වූයේ යමක් කමක් හොයාගත් සැනින් තම පවුලේ රැස්පෙට්ටුව පෙන්නීමේ එ්කායන අභිලාෂයෙන් තම දූ දරුවන් හට විදේශගත අධ්‍යාපනය ලබාදීමට ඔවුන් තීරණය කිරීමයි. නමුත් එහි ප්‍රතිළුලයක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම තානාන්තර වල එල්ලීමට වලව්කාර දූ දරුවන්ට හැකියාව ලැබිණි. ඉන්දිකගේ පියා, පළිහවඩන මහත්තයාත් එවැන්නෙකි.

ඊලගට එළැඹෙන්නේ සම්ප්‍රදායික ප්‍රභූ පැලැන්තියේ බිද වැටීමයි. නිදහස් අධ්‍යාපනයත් සමගම සල්ලිකාරයින්ට පමණක් උරුම වූ අධ්‍යාපනික අයිතිය දක්ෂයින් අතරට යාම, තෙවන පරම්පරාවේ නාස්තිකාර වියදම් හා ගමේ කොටසකට පමණක් දෙකට නැමී කතා කිරීමට තරුණ පරම්පරාව දැක්වූ විරෝධාකල්ප එම වැඩවසම් සමාජය බිදිවැටීමට හේතු විය හැක. නමුත් එවන් පසුබිමක් තුළ වුවද පළිහවඩන පරපුරේ එකම පුතු වූ ඉන්දික පළිහවඩන තම දක්ෂතා හොදින් පෙන්නුම් කරමින් සිටියේය. නමුත් ඔහු කෙදිනකවත් පන්තියේ පළමු වැනියා වූයේ නැත, පාසලේ සිටි හොදම ළමයා වූයේද නැත. දෙමාපියනට කීකරුම දරුවා වූයේද නැත. එතරම් සම්ප්‍රපලාප අවශ්‍ය නැති වූවත්  මධ්‍යම මට්ටමක ඔහු සිටියේය.

ඔහු කුඩා කළ සිටම නිහඩ චරිතයකි. තමාගේ පාඩුවේ සිටිමට ඔහු ප්‍රිය කලේය. නමුත් මිතුරන් අැසුරු නොකළ බවක්, කැලේ නොපැන්න බවක්, අඩු ගානේ දිවියේ එක සැරයක්වත් අරක්කු උගුරක් කට නොතිබ්බ බවක් ඉන් අදහස් වන්නේ නැත. ඉන්දිකගේ පාසල් දිවියද සාමාන්‍ය ලෙසම නිමවූයේ ඉගෙනීම, දඩබ්බරකම, ප්‍රේමය, විරහව, සතුට හා කදුලු මුසු රසවත් අත්දැකීමක් ලෙසිනි. උසස් අධ්‍යාපනය කරන අතරතුරදීම පවුලේ ව්‍යාපාරික වැඩ වලට සම්බන්ධ වීමෙන් ඔහු එ් අතින්ද සෑහෙන අත්දැකීම් සහිත පුද්ගලයෙක් බවට පත්විය. නමුදු, සෑම විටම ඉන්දිකගේ සිතට වදදුන් කාරණයක් විය. ඔහුගේ දිවිය කුමක් හෝ දෙයකින් හිස්ව පැවතුණි. එය මිල මුදල් වත්, අාදරය වත් නොවන බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි වී තිබුණි.

ඉන්දිකගේ සියදිවි හානිකරගැනීමට හේතුව, ඔබවත් මමවත් හරියටම දන්නේ නැත. එය ඉදිරියටත් කවුරුවත් දැනගන්නට ලැබෙන්නේ නැත. ඉන් දින කීපයකට පසු ඉරිදා පුවත්පත්වල තද පැහැ අදුරු අකුරින් යුක්තව පලවූ දැන්වීම පමණක් මෙහි සදහන් කරන්නෙමි.එය කිසිසේත්ම ඔබට ප්‍රමාණවත් වන්නේද නැති බව මා දනිමි.

"අකාලයේ අප අතරින් සමුගත් ඉන්දික, සොයුර ඔබට නිවන් සුව!"

Wednesday, March 7, 2018

සෝෂල් මීඩියා බ්ලොක්ද?


මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්, එ්කෙ සාර්ථකත්වය ගැන කොච්චර ගැටලු තිබුනත් අපිට සොෂල් මීඩියා නැතිව ජීවත් වෙන්න පුලුවන්ද මෙයා? බෑනේ.. බෑනේ... එහෙනං අටුවා ටීකා ටිප්පනි නැතිව වැඩට බහිමු. මං කියන්න යන්නෙ අැන්ඩ්‍රොයිඩ් ඩිවයිස් භාවිත කරන අයට කිසිම අවහිරයක් නැතිව මේ සමාජ මාධ්‍ය භාවිතා කරන හැටි. මේක බහුතරයක් දන්නවා අැති ෂුවර් එකට, නොදන්න අය විතරක් බලාගන්න.

ඉස්සෙල්ලාම Play Store එකට ගිහින් Turbo VPN කියන අැප් එක බාගන්න.


අැප් එක open කලාම මේ විදියට Home Screen එක එයි. එ්කෙ දකුණු පැත්තෙ තියෙන ලෝක ගෝල අයිකන් එක ක්ලික් කරන්න.


ඊට පස්සේ මේ විදියට screen එකක් එයි. කැමති රටක් තෝරගන්න. යුරෝපියානු රටක් නම් හොදයි.


දැන් තියෙන්නෙ connect කරන්න.. චුට්ටම චුට්ටක් ඉවසන්න..


 සාර්ථකව Connect උනාට පස්සෙ මේ විදියට ස්ක්‍රීන් එක අාවා කියන්නෙ වැඩේ ගොඩ.


දැන් තියෙන්නෙ අැප් එක මිනිමයිස් කරලා කැමති සෝෂල් මීඩියා අැප් එකක් භාවිතා කරන්න. හැබැයි Close කරන්න එපා අැප් එක. එච්චරයි!

ප.ලි.- තොරතුරු දැනගන්න මිසක් රටට නරකක් වෙන විදියට භාවිතා නොකරනවා නම් තමයි හොද!
ප.ප.ලි- රජය මගින් බ්ලොග් අඩවිත් වාරණය කිරීම් හා පෙරාහැරීම් කටයුතු කරමින් පවතිනවා. දැනටමත් නිව්ස් වෙබ් කීපයක් සස්පෙන්ඩ් කරලා තාවකාලිකව.

Monday, March 5, 2018

මතක පද




වසර දෙකට විතර කලින් ඉයන් කරපු චැලේන්ජ් එකක විස්තර මට කියවන්නට ලැබුනෙ මීට වසරකට විතර කලින්, මොකද එ් දවස්වල මං බ්ලොග් ලෝකෙන් මාස කීපයකට අතුරුදහන් වෙලා ඉන්න සිද්දවුන නිසා. එ්ක මාරම අමාරු වැඩක් වුනත් කාරිය මං එ් චැලේන්ජ් එකට හරිම අාස කලා. "අයිස් බකට්" එකට නොදෙවෙනි විදියට බ්ලොග් ලෝකයේ පැතිරිලා ගිය එ් රැල්ලට කවදහරි මාත් පෝස්ටුවක් ලියනවා කියලා හිත හිත හිටියට එ්ක ලේසි උනේ නෑ. අභියෝගය උනේ ඔබ කැමතිම ගීත දහසයත් පෝස්ට් එකකින් බෙදාගන්න චැලෙන්ජ් එක භාර ගන්න කැමති කවුද? කියන එක. එ් ගැන කමියගෙ (කමි අයියා) පෝස්ට් එකට මං ගොඩක් කැමති උනා වගේම සාර්ථකම පෝස්ට් එක දාලා තිබ්බෙ ඉකොනොමැට්ටා විසින්.ඉතිං චැලේන්ජ් එක මට ඔන කරන විදියට ෆ්ලෙක්සිබල් කරගෙන කාරිය, මගේම තියරියකට මං තෝරගත්තා ගීත 10ක්. එ්කට තනිකරම පාදක උනේ එ් ගීත වලට මගේ තියෙන අත්දැකීම් වල සම්බන්දයක්, එහෙම නැතිනම් මොමන්ට් එකේ හැටියට ෆීල් වෙන දෙයක්, එ්ත් නැත්තං හිතට අල්ලපු මට විස්තර කරන්න අමාරු මොකක් හරි අටමගලක්.හැබැයි එතනින් අදහස් වෙන්නෙ නෑ මං කැමති ගී 10 මේ අතර තියෙනව කියල, මොකද මට මේ වෙලාවෙ මතකෙට එන්නෙ නැති ලස්සන ගීත අටෝරාසියකට මං පෙම් කරන නිසා.තව දෙයක්, අලුත් සිංදු මේ අතර එතරම් නැති උනත් හැම ජාතියකම අච්චාරු රස විදින්න මං හරිම කැමතියි.හරියට මනක්කල්පිතලගෙ මුඩුක්කුවෙන් එළියට අහලා, එක දවසක අපි චිත්‍රපටි ගීතයෙන් පස්සෙ සමිත සිරිමාන්නගෙ කතාවක් අහනව වගේ... 😜 එ්කෙත් ලල් එකක් නැත්තෙ නෑ.

1. සුදු රළ ගල් කුළ මත හැපි හැපි පෙම් බැන්ද...

චාමර වීරසිංහ කියන්නෙ මගෙ ප්‍රියතම ගායකයා කිව්වොත් මං වැරදි නෑ.ඔහුගේ ගීත අතරින් මං ප්‍රිය නොකරන ගීතයක් හෝ දෙකක් නම් කරන එක ලේසියි කැමති ගාන කියනවට වඩා.එ් අතරින් මං ඔහුගෙ කැමතිම ගීතයක් විදියට මේ ගීතය තෝරාගන්නෙ මගෙ ජීවිතයට සම්බන්ද ලොකුම හේතුවක් නිසාම නෙමෙයි. මීට වසර කීපයකට කලින් මං මගේ පළවෙනි මෙගා බයික් ටුවර් එකට සම්බන්ද උනේ අපේ පැත්තෙම තිබ්බ බයික් ක්ලබ් එකක් සංවිධානය කරපු වාර්ෂික කතරගම ටුවර් එකට. මං හිතන්නෙ එ්ක තමයි ලංකාවෙ වැඩිම යතුරුපැදි සහභාගීත්වයක් තියෙන ක්ලබ් එක. දවස් 3ක ටුවර් එකක් වුන එ්කට එදා යතුරුපැදි 150කට අධික ප්‍රමාණයක් සහභාගී උනා.එ්කෙ දෙවැනි දවසෙ ගමනාන්තට උනේ කිරින්ද වෙරළ තීරය, මං පළමු වතාවට එතැනට ගියෙ.එදා එ් වැල්ලෙ අපි බයික් වලින් දාපු සෙල්ලම්, ෆෝ වීල් වාහන වලින් දාපු සෙල්ලම් පළාතම පිස්සු වට්ටලා තිබ්බෙ. නමුත් අවාසනාවන්ත විදියට අපි සිතුල්පව්වෙ ඉදන් කිරින්ද දක්වා අාපු ඔෆ් රෝඩ් ගමනෙදි සිදුවුන අනතුරක් නිසා අපේ සහෝදරයෙකුට ජීවිතේ අතෑරලා දාලා යන්න සිද්ධ වුනා.අපිට එ් අාරංචිය අාවෙ එදා රූ.

මාස කීපයකට පසුව මම ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ  අධ්‍යාපනය ලබන කාලෙදි අපේ බැජියෙක්ගෙ කටින් නිතරම වගේ මුමුණන්නට යෙදුන සිංදුවක් තමයි මේක.ඉතිං මේක අහද්දි මට නැවතත් මටකෙට අාවා එදා කිරින්දෙදි උන සිදුවීම. එ්ක අැත්තටම කම්පනයක් අැතිකලා කිව්වොත් හරි, ඉතිං... මං මේ සිංදුවට කැමති වෙන්න ප්‍රධානතම හේතුව ලොකේෂන් එක වෙන්න පුලුවන් කියලයි මට හිතෙන්නෙ.එ්ක හරිම අමුතුයි තමයි, එ්ත් එහෙම වෙන්න බැරිද?




2. රෑ අහසින් වැටෙනා...

කසුන් කල්හාරගෙ ගීතවලින් මං පොඩිකාලෙ නම් අහලා තිබුනෙ අනන්තයට යන පාර දිගේ, මල් මිටක් කියන සිංදු විතරයි. එ් කාලෙ නං මං එ්වා අහලා තාත්තා පොරට බැන්නා කියලත් පොඩි මතකයක් තියෙනවා මොන සිංදුද මේ කියලා.එ්ක අැවිල්ලා ජෙනරේෂන් ගැපියෙ අවුලක් තනිකරම.පසු කාලීනව කසුන් කල්හාර සංගීතය කියන සබ් එකේ "බ්‍රෑන්ඩ්" එකක් විතරක් නෙමෙයි, "ලෙජන්ඩ්" එකක් වෙන්නත් සමත් වුනා කිව්වොත් මං නිවැරදියි, එ් ඔහු සංගීත ක්‍ෂේත්‍රයට කරපු රැඩිකල් වෙනස නිසා.

එ් මං ගාල්ලෙ බූස්සෙ ඉද්දි මූලික පුහුණු කාලය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි, අපිට තිබුනා වැරයිටි ෂෝ එකක් කරන්න. ඉතිං එ්කට අපි පැනගෙන ගියෙ මොකක් හරි ඉදිරිපත් කරන්න තියෙන උවමනාවටම නෙමෙයි, එ් අතලොස්සට එක් උනාම තියෙන වාසි ලබාගැනීමේ පටු අරමුණින්ම තමයි. එ් කිව්වෙ පීටී, රවුන්ඩ්, ක්ලීනිං වගේ එ්වා (කමියගෙන් අහන්න) කට් කරන්න. ඉතිං හැමදාම අපි බෑන්ඩ් රූම් එකේ ප්‍රැක්ටිස් වෙනකොට අපේ කොල්ලෙක් ලස්සන ගිටාර් පාට් එකක් ගගහ කිව්ව කල්හාරගෙ රොමෑන්තික ඔපෙරාවෙ සිංදුවක් මේක.මට හිත ගිය පාර ක්ෂණිකව ඩවුන්ලොඩ් කරලා දැම්මා. 



3. මගේ නංගිගේ කදුලු වලින්

අජිත් මුතුකුමාරණ, එහෙමත් නැතිනම් බස් අජියා කියන්නෙ කාලයක් ලංකාවේ බස් විතරක් නෙමෙයි, ලංකාවම රන් කරපු රසිකයො ගොඩක් අාදරේ කරපු, එ් වගේම බැනුම් අහපු ගායකයෙක්. ටකරං ඩිස්ටි ඩඩිං මියුසික් එකෙන් උනත් එ් කාලෙ අහපු අජියගෙ සුදු අරලියා මලට බාල මහලු අපි හැමොම පෙම් කරේ නෑ කිව්වොත් එ්ක බොරුවක්.

මේක නම් අහන්න ගත්තෙ ලගදි මං, අැත්තටම කිව්වොත් වස්තිලගෙ බස් වීඩියෝ එකේ කෑල්ලක ප්ලේ උන "එ් කදුලු යාලුවේ..." ගීත කොටසට පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ වහ වැටිලා තමයි මං සිංදුව හොයන්න ගත්තෙ. එ්ත් අන්තිමට එ්ක නිකංම නිකං ටකරං මෙලඩියක් විතරක්ම නොවුන බව මට තේරුණා.



4. හන්තාන සිහිනේ...

පණ්ඩිත් අමරදේවයන්, එහෙමත් නැතිනම් මාස්ටර්ගෙ ගීත වලට අකමැති අය කොහෙද ඉන්නෙ. කළබල වෙලා තරගෙට දුවන හිත එක්තැන් කරගෙන රසවිදින්න, හිත සැහැල්ලු කරන්න අමරදේවයන්ට මිස කාටද පුලුවන්.මං මාස්ටර්ගෙ ගීත තෝරණ තැනදි නං ගොඩක් අසරණ වෙනව, එ් හින්ද ගීත තුනකට ඡන්දය දෙන්න මට සිද්ධවෙනවා.

මං හා හා පුරා කියලා හන්තානට ගිය ගමනත් හරිම අපූරු කතාවක්.මීට මාස දෙක තුනකට උඩදි, මං නිවාඩුවට ගෙදර ඉන්න දවසක උදේ පාන්දර 6ට විතර මට කෝල් එකක් එනවා මීරිගම පැත්තෙ කොල්ලෙක්ගෙන් "අපි දැන් හන්තානෙ යන්න හදන්නෙ, එනවද කියලා" අායෙ මොනවද ඉතින් කියන පරක්කුවට කෝල් එක අැවිත් විනාඩි 15ක් යන්න කලින් මූණ හෝදගෙන  කිලෝමීටර් 12.8ක් ගොවාගෙන මීරිගමටත් අැවිත් මං උෟ එනකං බලං ඉන්නවා.ඔය විදියට සෙට් උන බයික් 4ක තමයි අපි 7 දෙනෙක් ඉස් ඉස්සෙල්ලාම හන්තානට ගියේ. කදු මුදුනට වෙලා අෑත ක්ෂිතිජය බලාන කල්පනාවේ නිමග්න වෙලා හිටපු මට ඉබේම මිමිණුනේ මේ ගීතය. (එ් වගේම උමාරියා කරපු හොදම ගීතයත් මේක කියලයි මං හිතන්නෙ)


5. කුමරියක පා සළඹ සැලුනා...

ඉරොටික් සාහිත්‍යයේ උච්චතම අවස්ථාව වගේම එ්ක මාරම සංයමයකින් යුතුව එළිදක්වපු අවස්ථාවක් විදියට මං දකින්නෙ මේ ගීතය. ශෘංගාරය කලබලකාරී මානසිකත්වයක් තොරව නිසංසලව රසවිදින්න පුලුවන් හොදම ගීතයක් මං තවත් පෙම් කරන, මාස්ටර්ගෙ ගීත ගොන්නෙන්.




6. මළ ඉර බසිනා සැන්දෑ යාමේ...

වසර 2016 නොවැම්බර් හෝ දෙසැම්බර්. මං එතකොට සේවය කලේ නාවික හමුදා මූලස්ථානයේ, එ් දවසක තමයි හෙළයේ මහා ගාන්ධර්වයාණෝ, අමරදේවා මාස්ටර්ගෙ අභාවය සිද්ධවුනේ. අවසන් කටයුතු සිදුකලේ නිදහස් චතුරස්‍රයේ රජයේ පූර්ණ අනුග්‍රහයෙන් හා ත්‍රිවිධ හමුදා ගෞරව සහිතවයි. අවසන් කටයුතු සදහා සහභාගී වීමට මටත් අහඹු විදියට නාවික හමුදාව නියෝජනය කරමින් යන්නට අවස්ථාව ලැබුණා. ඉතින් එදා එ් අවමංගල්‍ය සභාව අවසානයේ අාදාහන කටයුතු වලදි එතුමාගෙ අවසන් කැමැත්තක් යැයි පැවසුව මේ ගීය වාදනය වුනේ කොළොම්තොට අහස්කුස යට පමණක් නොව ලංකාවේම සියලු ජන හදවත් පහන් සංවේගයකට පත්කරමින්.




 7. මං නුඹෙමද...

ජගත් වික්‍රමසිංහ... ඔහුගෙ ගීතයක් කියලා මං ඉස්සෙල්ලම අැහුවෙ 2008 හෝ 2009 වර්ෂවල. එ් අපේ අයියා කෙනෙක් එ් දවස්වල මට කියලා සෑහෙන අමාරුවෙන් Edge අස්සේ WCDMA, HSDPA සිග්නල් අල්ල අල්ලා YouTube එකෙන් සාගර තරංගා කියන ගීතය බාගත කරගත්තා. එ්ක තමයි මං අහපු පළවෙනි ගීතය ඔහුගේ. පස්සෙ පස්සේ ලස්සන ගීත කීපයක්ම රසවිදින්න ලැබුනත් මගෙ හිතට අල්ලලාම ගියේ 2015 වසරේ මුල් භාගයේ රිලීස් උන හිරු FM එකෙන් මට ඉස්සෙල්ලම අහන්න ලැබුන මේ ගීතය. එ්කට නම් සම්පූර්ණයෙන්ම හේතු වුනේ ලිරික්ස් කියන එක බොරුවක් නෙමෙයි. එ්ත් පසුව එළියට දාපු මියුසික් වීඩියෝ එක එ් අැල්ම වැඩි කලා විතරක් නෙමෙයි, තාමත් කැමැති ලිස්ට් එකේ උඩින්ම තියන්න උදව් උනා මට.



 

8. අපි අායේ දවසක...


සිත සොරාගෙන ගොස් ඩැෆඩිල් මලක තනිකල, මනසේ අැගේ රුව සිත්තම් කල සොදුරු කලාකරුවෙක්, මං පෞද්ගලිකව අදහන කරන චරිතයක් වන දයාන් විතරණගෙ කැමතිම සිංදු වලින් එකක් තමයි මේ. ඔහුගේ ගීත සියල්ලකමම පාහේ තියෙන සන්සුන් ගතියට මං හරි අාසයි.මට ඉස්සෙල්ලම දයාන් විතාරණගෙ සිංදු ටිකක් හොයලා දෙන්නෙ උසස් පෙල කාලේ යාලුවෙක් උන කොස්තා. එදා ඉදං විතාරණගෙ හදවත් සනසාලන ගීත ගොන්නක රසිකයෙක් මං.



9. පොල්රුප්පාවේ...

චන්දන ලියනාරච්චි කියන්නෙත් මං කැමතිම ගායකයන් ලැයිස්තුවේ ඉහලින්ම තියෙන නමක්. කාලයක් තිබුනා දවස් ගණන් අැල්බම් අහ අහ හිටපු.ඔහුගේ ගීත අතරින් මං කැමතිම ගීතය මේක. එ්කට පැහැදිලි හේතුවක්. එ්ක මටත් ප්‍රශ්නයක්!



10. මගේ සිහින මැදුරේ...

සමනල සංධ්වනිය චිත්‍රපටයේ මම කැමතිම ගීතයක්, ගායිකාව ප්‍රසිද්ධ නැති උනත් තාමත් ඉදහිට අහනකොට එදා දැනුන එ් රසයේ කිසිම අඩුවක් මට නම් දැනෙන්නෙ නෑ. ගීතයට කැමති වෙන්න රූප රචනාව ගොඩක්ම බලපෑවා කිව්වොත් මං නිවැරදියි. මට තාමත් හොදට මතකයි මං මේ චිත්‍රපටිය බලන්න ගියේ ඉස්කෝලෙ අැදුමින්ම දවල් 2.30 දර්ශනයට, එක යාලුවෙක් එක්ක.