Tuesday, December 5, 2017

නකල්ස් හරහා මැදියම් රැයේ - හිතුවක්කාර සංචාරකයා


රෝද දෙකේ රස්තියාදුව අපේ පුලතිසිපුර සංචාරයෙන් පස්සෙ නාලා කාලා එහෙම කාරිය
හවස එන්න පිටත් උනා.එතනින් සමීර අයියා සහ එම මැතිණිය😀😀 ගැන්සියෙන් වෙන් උනාට පස්සෙ නුවර,කඩුගන්නාව හා මාවනැල්ලෙ බයික් 3 මාතලේ හරහා නුවර යන්න තීරණය කලා.ඒ විදියට 11ක් උන බයික් ගැන්සිය 7කට බහිද්දි අැඩ්මින් මද්දාත් කුරුණෑගලින් කැපෙනව කිව්ව නිසාත්, එකම පාරෙ ආපහු යන්න තිබ්බ අකමැත්තත්, ඊටත් වඩා වටේ යන්න, කවදාවත් නොගිය පාරක යන්න තිබ්බ ඇම්ම නිසාමත් මාත් තීරණය කලා උන් එක්ක සෙට් වෙන්න. ඊටත් පස්සෙ තවත් අමාරුව හොද වෙච්ච නැති බයික් දෙකක් ආවා අපිත් එක්ක.ඒ විදියට ටුවර් එකට ආපු බයික් 11න් වැව ලගින් 1යි, බකමූණ හංදියෙන් 6යි -7ක්ම වෙන්වෙලා ගියා. ඉතුරු උනේ 4යි. අපි බයික් 6ත් එක්ක නඩේ ගුරා උන මාවනැල්ලෙ පැතුම් එක්ක ප්ලෙන්ටියක් එහෙම ගහලා ගමන යන්න පිටත් උනා. තේ බොන්න නවත්තපු කඩේ හිටපු ගමේ මිනිස්සු නං කිව්වේ වස්ගමුව කැලේ හා නකල්ස් රක්ෂිතය මැද්දෙන් වැටිලා තියෙන ඒ පාරෙ රෑට යන එක හරිම අවධානම් කියල. හවස් ජාමෙ වෙනකොට අලි නිතර ගැවසීම, මිනිස් පුලුටක්, අලෝකයක් නොමැතිවීම, හා දැඩි මීදුම ඒ අවධානමට ඇතුලත් උනා. නමුත් පාර නං සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් පාරක් කියලත් තේ කඩේ අංකල් අපිට කිව්වා.ඒ උපදෙසුත් අහගෙන අපි පල්ලෙගම හන්දිය හොයාගෙන හැටට හැටේ ඉගිලුනා.පල්ලෙගම හන්දියෙන් මොහොතකට යතුරුපැදිය නවත්තපු පැතුම් අයියා අපෙන් තීරණාත්මක ප්‍රශ්නයක් ඇහුවා.

නඩේ ගුරා- මාවනැල්ලේ පැතුම්

"උඹලට මේක යන්නම ඕනෙද? පොඩ්ඩක් හරි අකමැතිනං කියපං"
ගැස්මක් හදවතේ තිබුනත් ආපහු හරවන්න නං කිසිම අදහසක් අපිට තිබ්බෙ නෑ.

"ඔක්කොම කැමැත්තෙන් නෙහ් යන්නෙ?"

එතනින් පස්සෙ ජීවිත අවධානමටත් වඩා තියෙන ඇම්ම නිසාම පල්ලෙගමින් ඉලුක්කුඹුර
සයිඩ් එකට දාලා නකල්ස් රක්ෂිතයට බයික් ටික ඇතුල් කලා... කාටවත් නොකිව්වට හැමෝම හිටියෙ පට්ට බයෙකින්, ඒ වගේම ආසාවකින්. රෑ කලුවරේ උණු උණු අලි බෙටි දකිද්දි මුවින් ගොලු උනත් හැමෝම එකටම ඒ අත්දැකීමට විදින්න එකතු උනා.ටික දුරක් යනකං අතරින් පතර ගෙවල් කීපයක් තිබුනත් කිසිම ගොඩනැගිල්ලක ආලෝකයට සේයාවක්වත් දකින්නට තිබුනෙ නෑ.ඒක මට නං දැනුනෙ හරිම මූසල හැගීමක්.හරියට අත් ඇරලා දාපු ගෙවල් ගොඩක් වගෙ.ඔහොම ටික දුරක් යද්දි වංගුවක් එක්කම ටෝච් එලියක් වැදුනා.අපි ඉක්මන්ටම බයික් ටික නතර කරගත්තෙ පාර හරියට කන්ෆර්ම් කරගන්න මිනිස් පුලුටක්වත් ගතවුනු කිලෝමීටර කීපය තුල දක්නට ලැබුනෙ නැති නිසා.මං ඇත්තටම හිතුවෙ කඩපිලක දුමක් උරන කොල්ලො දෙන්නෙක් වෙන්නැති කියල⁣ මේ මහ රෑ. බැලින්නං පොලිස් රාලහාමිලා දෙන්නෙක්.

"මහත්තයලා කොහෙද මේ?"

අපේ වගතුග විස්තර කරාට පස්සෙ අලි කතාව, මීදුම නැවත මතක් කරලා පරිස්සමින් යන්න කිව්වා. අපිත් සතුටින් හැටට හැටේ පාරෙ ඉගිල්ලුනා.මේ විදියට යද්දි අලින්ට කියලා හරකෙකුට බයඋන ලහිරුවත් අපිට දුන්නෙ පට්ට ආතල් එකක්. ඒ වගේම පාරේ කදු ටික බෑ බෑ කියාගෙන ඇද්ද සච්චාගෙ ස්පොකට්ලස් 👀 👀 ටුවින් එක ඇදගෙන යන්න අපි දුන්නෙ මාර ගේමක්. කොහෙද ඉතින් කකුලින් තල්ලුවක් දාන්නවත් කකුල තියන්න තැනක් නෑනෙ ඒකේ. ඒ තරමට චැසිය සුවර්. 😀😀😀 අනේ ඒ බයික් එකට කතාකරන්න පුලුවන් උනානං, කියයි වින්ද දුක!

බාලගිරි දෝසයට අහුවූ ටුවින් ස්පොකට්

ඔහොම යද්දි කන්දෙ අවසන් වංගුවෙදි ලහිරුවගෙ පල්සරේ නිව්ටල් වෙලා ටුවින් එක සිපගන්න ගිහින් සුපිරි ආතල් එකක් සෙට් උනා. ඒක දිහා කරකියාගන්න දෙයක් නැතුව කන්දෙ ෆස්ට් එකේ දාගෙන හිටපු මාව පස්සට ගිහින් තව පොඩ්ඩෙන් පැතුමගෙ ප්ලැටිනා එකේ වදිනව.😀😀 දඩිබිඩි ගාලා බයික් ටික කන්ද මුදුනට දාපු අපි දුවල ඇවිත් බයික් දෙක කැලෑවෙන් එලියට අරන් කන්දට තල්ලු කලා.වෙලාවට දෙන්නටම කිසිම අවුලක් නෑ හීරුම් තුවාල ටිකක් ඇරෙන්න. එතන ටික වෙලාවක් විවේක ගත්ත අපි හිමීට ආයෙත් ගමන පටන්ගත්තා.


ඔය විදියට සීතල කපාගෙන අපි පිටවලපතන හරහා රිවස්ටන් වලට පිවිසුනා. එතන පාරෙ මුදුනෙ ලස්සන ලොකේෂන් එකක ෆොටෝ ෂූට් එකක් ගන්නත් අපි අමතක කලේ නෑ.අලි කේස් එක ඒ විදියට අහවර වෙද්දි සීතල නිසා අපිව කට කට ගාලා වෙව්ලන්න ගත්තා.අපි ඔක්කොම වගේ ජැකට් එකක් හරි දාගෙන හිටියත්, මුලු ටුවර් එකම ජැකට් එකක් නැතිව අව්වට වැස්සට ගොදුරු උන රන්දික අයියා කොහොම මේ සීතලේ ඉන්නවද කියලයි මං කල්පනා කලේ.

සචිත්,රන්දික,ලහිරු,මලියා,පැතුම්,සචින්තන

අනිමිසලෝචන

ගමන් සගයෝ

කදු මුදුනක.. රෑ මැදියම..

මේ විදයට අපි රිවර්ටන් ටවර් එක පාමුලටම ආවා.මීදුම කියන දේ මං ජීවිතේ වැඩියෙන්ම
අත්වින්දේ ඒ මෙහොතෙයි. හිම වගේ සුදු පාටින් පිරුණු මීදුම මැදින් අඩි තුන,හතරකට වඩා
දුර නොපෙනෙන දැඩි මීදුම මැදින් අපි ගියේ සෑහෙන අවධානමක් අරන් වගේම
ආරක්ෂාකාරීව. ෆස්ට් එකේ දාගෙන අඩි 10ක විතර පරතරයක් තියාගෙන හැම වංගුවකම
සිග්නල් දාගෙන බොහොම අමාරුවෙන් ලිස්ස ලිස්ස ගිය ගමනක්.

රිවස්ටන්

සැට් එක

මීදුම් ගලා කන්දේ...

කොහොමින් කොහොම හරි මාතලේ ටවුමට එද්දි 10ට විතර ඇති.එතනින් ප්ලේන්ටියක් එහෙම ගහල කාරිය වයිඩ් පාර දිගේ නුවර බලා පිටත් උනා.ඉක්මන්ටම නුවර මාලිගාව ඉස්සරහට ලගාඋන අපි මාලිගාව ඉස්සරහ පොඩි රෙස්ට් එකක් ගන්ක හිතාන බයික් ටික නැවැත්තුවා.එතන පේව්මන්ට් එකේ ඉදගෙන ඉද්දි එතනට ආපු පොලිස් රාලහාමි කෙනෙක් අපිත් එක්ක චැට් එකක් දැම්මේ ලෝකෙ නැති වල්පල් කියවමින්.අන්තිමට ඒකත් අහං ඉදල එපාවෙලා බැරිම තැන එතනින් පිටත් වෙද්දි හරියටම රෑ 12යි.

ගිමන් නිවන පේව්මන්ට් එක

මල්ලි බදිනවනං ටීචර් කෙනක්ව බදින්න...

අපේ ක්වීන්ස්ලා සැට් එක

අපි සැට් එක

නුවර පිවිසුම දක්වා ආපු අපි එතනත් ෆොටෝවක් ගගහ ඉන්නකොට එතනට එකපාරට ආපු පොලිස් කැබ් එක අපේ හදගැස්ම වැඩිකලේ නෑ කිව්වොත් ඒක බොරුවක්. අවේලාවේ වීදි සංචාරය යටතේ හිරේ විලංගුවේ වැටෙන්න තිබුන චාන්ස් එකක් ෂේප් කරගෙන කැබ් එක යද්දියි දැක්කෙ පිටිපස්සෙ සිවිල් ඇදුමින් "උස්සන්න" රෙඩි වෙලා හිටපු දෙන්නව.😣😣

සුබ ගමන්!

එතනින් නුවර සචින්තනටයි එයාගේ ජරමර (තේජාන්විත) ටුවින් එකටයි සමුදීපු අපි
පස්දෙනා කඩුගන්නාවෙන් සචිත් මල්ලිට සමුදීලා හතරක් උනා. හිතුවටත් වඩා ඉක්මන්ට
මාවනැල්ලට ආපු අපි නඩේගුරා උනු පැතුම් අයියටත් සමුදුන්නෙ මේ වගේ ඇඩ්වෙන්චර්
ටුවර් එකක් අත්විදින්න දුන්නට ස්තූති කරමින්.

"පරිස්සමින් පලයන් මල්ලි, මුන් දෙන්නව දැන් උඹට බාරයි"

ඒ විදියට ඉතුරු නඩේ වගකීම මට බාරදුන්න පැතුම් අයියා අපට යන්න අවසර දුන්නෙ ගෙදරට ගිහින් මැසේජ් එකක් දාපං කියන කොන්දේසි පිට. ඒ විදියට රන්දික අයියගෙ ප්ලැටිනා ඩිස්කවරි එකේ සපීඩ් එකත් ඊටත් වඩා සේෆ්ටි එකත් ගැනත් හිතලා වරකාපොලින් ප්ලෙන්ටියකුත් ගහල අපි හිමින් සැරේ නිට්ටඹුවට සේන්දු උනා. ඒ විදියට පාන්දර 2.30ට විතර මං නිට්ටඹුවෙන් රන්දික අයියටයි, ලහිරුවටයි සමුදුන්නේ පරිස්සමින් ගමන නිමා කරන ලෙසත්, නැවත මෙවැනිම ආස්වාදජනක ගමනකින් ඉක්මනින්ම හමුවෙන පොරොන්දුවකුත් අරගෙනමයි.

23 comments:

  1. මලියා එල ආ... හදස්සියෙ ලීවම කෙටි වෙනව බං.

    ReplyDelete
    Replies
    1. එල..මේ අැති මටනං.ගොඩක් තිබ්බම එපා වෙනව!

      Delete
    2. උඹේ ලින්කුවත් එවහං පොස්ට් කරාම, මේකේ දාන්නං යටින්

      Delete
    3. තව දවස් කිහිපයක් යයි බං

      Delete
    4. ආයෙ අහවල් එකද එවන්නෙ උඹත් ඒකෙ පංගුකාරයෙක් නේද?

      Delete
    5. ටහුඩු.. මට එ්ක අමතක උනා කියාන්කො!

      Delete
  2. අගෙයි. තව විස්තර තිබ්බනං තවත් අගෙයි.

    ReplyDelete
  3. අරක ස්පොකට් එකක් යැ බැ බෙලෙක් පිගානක් නේ

    ReplyDelete
    Replies
    1. හි හී.. පව් යකූ බයික්කෙ

      Delete
    2. සචින්තයට මේ කොමෙන්ටුව පෙනිලවත් ඕක මාරු කොරන්ට සිතේවා.........

      Delete
  4. අඩා මට පිටවලපතනේ ඉඳල රිවස්ටන් වලට මහා දවාලේ කාර් එකේ යන්නත් අමාරු උනා ඒ තරමට මිදුම.. තොපි නම්..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    අවුලක් නෑ..අවුලක් නෑ.. ඔය කාලෙට ඔහොම තමයි අපිත් ඉස්සර.. පුළුවන් කාලේ අනිවාර්යයෙන්ම ඔය ආතල් ගනිල්ලා.. හැබැයි පරිස්සමින්!

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාර රස්තියාදු..

      Delete
    2. කමියා - තෑන්ස්.. කොල්ලොනේ,ගමේනේ, ආතල් ගන්නවනෙ

      Delete
    3. ලහිරු- අනිවා ආයෙත් සෙට් වෙමු

      Delete
  5. මරු මල්ලි ...

    ReplyDelete
  6. නියම පොස්ට් එකක් මල්ලි .

    ReplyDelete