Friday, December 29, 2017

මහ වැසි මැද යකාගෙ පඩිපෙල තරණය - දෙවැනි පියවර



දිනය 2017 දෙසැම්බර් මස 19. කලින් කතිකා කරගත් පරිදි එදිනට යෙදී තිබුන සසිදුවගෙ උපන්දින සැමරුමත් මුල්කරගෙන යක්ෂකාගෙ පඩිපෙල තරණය කිරීම උදෙසා උදෑසන 8 පමන වෙද්දි රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලට අපි එකතු උනා.මං එතනට එද්දිත් ගම්පොල සචින්තනයයි, කඩුගන්නාවෙන් සචිත් මල්ලියි එතනට ඇවිත් හිටියෙ.ටිකක් වෙලා එතන බයික් තුන නවත්තලා තියෙද්දියි අපි දැක්කෙ පැරණි ලන්දේසි ඕලන්ද බලකොටුව ගැන කියැවෙන පුරාවිද්‍ය පුවරුවක්. ඔස්සේ යමින් සසිදුවා ඇතුලු පිරිස එනකං අපි වර්තමානයේ රැවන්වැල්ල පොලීසිය පිහිටා තිබෙන බලකොටු භූමියේ ස්මාරක නරඹන්න ගියේ තුන්සක රියදුරු අයියා කෙනෙක්ගෙන් විස්තර ටිකක් අහගෙනමයි.පොලීසියට ඕන තරම් ගිහින් තිබුනත් ෆොටෝ ගහන්න කියල ගියාමද කොහෙද.


රුවන්වැල්ල හංදියෙම

ශේෂ වූ බලය

පොලිස් සෙල්ෆි


ඒක බලල ඉවරවෙලා උදේට කාලා එහෙම කාරිය අරුන් එනකං බලං ඉන්න එක තුන් දෙනාටම අමාරු උන නිසා අවිස්සාවේල්ල පැත්තට යන්න පටන් ගත්තා.මගදි පාරෙදිම කස්ටිය සෙට් උන නිසා ආයෙත් හරවගෙන රුවන්වැල්ල පැත්තට ආවා බයික් 6.අපේ ඊලග නැවතුම උනේ නං කලුපහන හන්දිය, ඒත් සුපුරුදු අවිස්සාවේල්ල - බදුල්ල පාර වෙනුවට අපි තෝරගත්තෙ විකල්ප මාර්ගයක්.ඒක ඇත්තටම තෝරල තිබ්බෙ සචින්තන අයියා. කොහොමත් ෂෝට් කට් මග ඇරලා වටේ යන්න පුරුදු අපිත් ඒකට එක පයින්ම කැමති උනා. මාර්ගය උනේ බුලත්කොහුපිටිය, දොලොස්බාගෙ,නාවලපිටිය,ගිනිගත්හේන හරහා බලංගොඩ. සචින්තන අයියා එයාගෙ ගෙදර ඉදං විනාඩි කීපයක දුරින්  තියෙන නාවලපිටියට එන්න පුලුවන්කම තියෙද්දි කිලෝමීටර බර ගණනක් ගෙවාගෙන රුවන්වැල්ලට ඇවිත් තිබුනා අපිව ගන්න.හිතාගන්න පුලුවන්නෙ ඇම්මෙ තරම.


සැට් එක

අාසයි මං පියාඹන්න

රුක්මලේ අැල්ල


බුලත්කොහුපිටිය පාරෙ පාලමක් දෙකක් උඩදි ෆොටෝ ෂූට් එකකුත් දාලා එහෙම කාරිය, රුක්මල් ඇල්ලත් බලාගෙනම අපි දොලොස්බාගෙ දොා්දුගල පාරෙන් නාවලපිටියට ලගා උනා.නාවලපිටියෙන් තෙල් ගහගෙන එහෙම කාරිය ගිනිගත්හේන හරහා බලන්ගොඩට යන එක තමයි අරමුණ උනේ. නාවලපිටියට එන එකත් කියන තරම් ලේසි වැඩක් උනේ නෑ හැබැයි, එතරමගදි අපි ආපු පාර වහල බෝක්කුවක් හදන්න පටන් අරන් තිබ්බෙ, එතනින් බයික් එකකටවත් මාරු වෙන්න විදියක් තිබ්බෙ නෑ. කියන්නෙ සම්පූර්ණයෙන්ම පාර හරහා වලක්. හදල ඉවර වෙන්න පැයක් දෙකක් යයි කියල තමයි අපිට අහන්න ලැබුනෙ.ආපහු හරවන් යන්න පුලුවන් දුරකුත් නෙමෙයි අපි ඇවිත් තිබුනෙ.එහෙමයි කියල අපි සැලෙයිද මිත්‍රවරුනි! පාර උඩින් තිබ්බේ තේ වත්තක්.ඒක හරහා යන්න පුලුවන් අඩි පාරක් තිබ්බා.ඒත් ඒකට දාගන්න තිබ්බෙ දැඩි බෑවුමක් එක්ක රලු පාරක්, අපි කලේ ඉතිං ගමේ මිනිස්සු බෑ බෑ කියද්දි බයික් එකක් පාරට දාපු එක. කිව්වෙ අඩි පාරට.මං හිතන්නෙ ජීවිතේට බයිසිකලයක් වත් යන්න නැතිව ඇති පාරේ.දෙතුන් දෙනෙක්ගෙ තල්ලුත් ඇතිව මාරුවෙන් මාරුවට අපි බයික් 4ක් ඇතුලට දාගත්තා.සසිදුවගෙ නැවි එක නං උස්සල තිබ්බෙ.අපිට ඉතිං තිබ්බ ඇම්මෙ හැටියට කදු ගස් දිගේ උනත් බයික් අරන් යන මිනිස්සුනෙ. ඒත් බයික් දෙකක් පාරට දැම්මෙ නෑ.ඊට පස්සෙ අපි බයික් 4 අඩි පාරෙ බොහොම අමාරුවෙන් ඉස්සරහට යනකොට අනේ දෙයියනේ කියල අර බයික් දෙකට යන්න ලෑල්ලක් දාලා ලස්සනට පල්ලෙහායින් යනව කියහංකො. ඒත් අපි සැලෙයිද, මගෙ FZ එකයි, සචින්තන අයියගෙ Twin එකයි, සචිත් මල්ලිගෙ Platina එකයි,සසිදුවගෙ නැවි එකයි තමයි ඔය අඩි පාරෙ ආවෙ.ටික දුරක් එද්දි මාර ප්රශ්නයක්
 
විකල්ප මාර්ගය

මැත්ස් නෙහ් කලේ!

එ් උනාට ෆේල් ඉතිං

කදු පල්ලං හෙල මැද්දෙන් ගමන බයංකර

 පාර හරහා වතුර පාරක් යනව, අස්සෙ ගල් ගොඩක් හරස් වෙලා. සචිත් මල්ලිව තල්ලු කරලා බෝම අමාරුවෙන් එහා පැත්තට දාගත්තත්, අපේ බයික්වල යට වදින්න ඔන්න මෙන්න තිබ්බෙ. ඉතිං සචින්තන අයියගේ ඉංජිනේරු දැනුම භාවිතා කරල අපි ගල් ගොඩක් එකතු කරල පාලමක් හැදුවා.කියන්නත් සංතෝසයි පිංවතුනි, හා හා පුරා කියල මං පාලම උඩින් ඉස්සරහ රෝදෙ දැම්මා විතරයි පාලම කඩන් වැටුනා කියාන්කො.පාලම කිවට අඩියක් විතර ගැඹුරු එකක්.දැන් ඉස්සරහ රෝදෙ හිරවෙලා,අම්මේ පස්සෙ කරපු වැඩේ ඉස්සරහ තිබ්බ ගල් ගොඩක් අයින් කරලා පාර පාදල ගත්තා, ඔය විදියට පට්ට ගේමක් ගහල බයික් 3ක් ඉස්සරහට ගත්තා විතරයි.නැවි එකට යට වදියි කියල බයේ ආපහු හරවන් ගියා.අපි අඩි පාර දිගේ ටික දුරක් ගිහින් නැවත් ප්රධාන මාර්ගයට අවතීර්ණ උනා විතරයි,අනිත් බයික් දෙකත් එතන කඩේකට වෙලා ඉන්නව දැක්කා, අපි ඉතිං අන්තිම බයික්කෙ එනකං එතනට වෙලා හිටියා. ඔය විදියට තමයි සුපිරි ආතල් රයිඩ් එකකින් පස්සෙ නාවලපිටියට ආවේ.

නාවලපිටියෙ ඉදන් බලංගොඩ යන මාරත් මාරම ලස්සන පාරක් අපි හැටට හැටේ එද්දි එක තැනකින් පොලීසියේ මහත්තුරු ටිකක් අපි ඔක්කොම නවත්තලා හදිසි සෝදිසියක් කරපු එකත් විශේෂ සිදුවීමක් උනා, අපි වෙමු සිරිලක බොදු දරුවෝ නිසා එයාලට මොකුත් හොයාගන්න නං හමුබුනේ නෑ අපෙන්. අතරෙ හිටපු පොලිස් ලොක්කෙක් ගෙනුත් පාර අහලෙන අපි ආයෙත් පිටත් උනා. වෙද්දි ගොඩක් හවස්වෙලා තිබුන නිසා රෑට නැවතිලා උදේට යකාගෙ පඩිපෙල තරණය කරන එක තමයි අපේ අරමුණ උනේ.අපේ වෙලාවට අපිත් එක්ක ගිය කොල්ලෙක්ගෙ ආච්චි කෙනෙක් කලුපහනෙ හිටියා.ඉතිං එදා රෑ එහෙ තමයි හොදට ගුලි ගැහිලා නිදාගත්තෙ.නාගන්න කියලා එතන තිබුන පීල්ලකට ගියත් සීතල වැඩි හින්දා මොකෙක්වත් එතනින් නාගන්න නං හිතුවෙවත් නෑ.

රජ බොජුන්

දවසේ ගමනාන්තය


පහුවදා උදේම මං නං ඇහැරුනේ වැඩි කැමැත්තකින් නෙමෙයි.මේ සීතලේ මොන ටුවර්ද කියල නිදාගන්නමයි හැදුවෙ.කොහද ඉතිං මුන් ලෑස්ති වෙන්නත් පටන් අරන්නෙ.දඩි බිඩි ගාලා රෙඩි වෙලා එහෙම උදේට කාලා ගමනපිටත් උනත් වෙද්දිත් චිරි චිරි වැස්ස පටන් අරන් තිබ්බෙ හොදටම. එතන හිටපු නඩෙන් මේ පාරෙ ගිහින් තියෙන එකම එකා මං වීම හේතුවෙන් මං ඉස්සර වෙලා පාර පෙන්නන්න උනා.

වැලි ඔය බ්‍රිජ්


 බඹරකන්ද ඇල්ල පහු කරලා තව තවත් ලස්සන තැන් පහුකරගෙන යද්දි මුන්ව ෆොටෝ ඇඩික්ෂන් එකෙන් ගලවලා ගමන යන්න ගන්න වැන්දෙ නැති ටික විතරයි.මේ විදයට යද්දි අපේ පස්සෙන් ආපු Grass Tracker එකකුයි, Drz එකකුයි සෙට් උනා.මං සලකුනු එක්ක මහ වැස්සෙ තෙමීගෙන ගල් පඩි බයික් එකෙන් තරණය කරන එක ලේසි වැඩක් උනෙ ණං නෑ.අපි හෙම අමාරුවෙන් බයික්කෙ ගැන හිතල ෆස්ට් එකේ දාගෙන සස්පෙන්ෂන් වලට දැනෙන්න නොදැනෙන්න වලවල්,ගල් උඩින් යද්දි මෙන්න පිටිපස්සෙ ඉදන් ආපු සච්චගෙ ටුවින් එක පැයට කිලෝමීටර 60 විතර වේගෙන් කෙලගෙන යනව! උගෙ රෝද දෙක පොලොවට වඩා වැඩි වෙලාවක් තිබ්බෙ උඩ මයෙ හිතේ. තිස්දාහෙ කෑලි නිසා අවුලක් නෑ, පව් යකෝ බයික්කෙ.

 
බඹරකදු දිය කොමලිය

හිම කදු අතරින් පාවී...


මේ විදියට සෑහෙන කට්ටක් කාලා පාං කියාගන්න බැරිව පාරෙ තිබ්බ ඊතල පස්සෙන් ගිහින් පාරවල් හොයාගෙන අපි යන්නට උනා.එත්, එකපාරටම තවත් ලොකු ප්‍රශ්නයක් .






පාරෙ කලින් සැරේ නොතිබ්බ උස කන්දක්, වෙලා තියෙන්නෙ පාරෙ කොටසක් නාය ගිහින්  ඉතිරි උනා කෑලි දෙක එකතු කරලා වෙනම පාරක් හදල, ඒක හරියට රවුමට ආනතියක් සහිතව තියෙන පාරක් වහල උඩයි යටයි සම්බන්ද කරල වගේ.අපේ පස්සෙන් ආපු Grass Tracker එකටත් ඒක අද්දගන්න බැරි උන එකේ අපි ගැන කවර කතාද.ඔක්කොම එකතුවෙලා තල්ලු කරන්න හැදුවත් මඩ හින්දා ලෙස්සනව. අස්සෙ සීතලයි වැස්සයි එක්ක අපිව ගැහෙන්න තරම් ගත්තා. ඉතිං අපි වෙන ඔප්ෂන් එකකට යන්න කල්පනා කරා. මං වහලා දාලා තිබ්බ නාය ගිය පාරෙ ටික දුරක් ඇවිදන් ගිහින් පාර චෙක් කරල බැලුවා.බයික් එකකට යන්න අමාරුවක් නෑ රිස්ක් එකක් තිබ්බත්. ඒත් ලොකුම වැඩේ උනේ පාර ගල් දාලා වහල තිබුන එක. ටික පෙරලල අයින් කරන්න පැය බාගයකට වැඩියෙන් ගියා මං හිතන්නෙ පස්සෙ හිමීට ගල් උඩින් බයික් එක එක අබලන් පාරට ගත්තා.නාය ගිය තැන තිබ්බ ගලක් උඩිනුත් දාගන පාරෙ අනිත් පැත්තත් ක්ලියර් කරගගෙන ආපහු පාරට දාගන්න පැයක් විතර ගියා. දැන්නං කස්ටියට හොද ගණන්. කොහොම කොහොමින් හරි අන්තිමට ඔහිය හොර්ටන්තැන්න තාර පාර පේන්න ගත්තම නිවන් දැක්කා වගෙයි.

සීතලටයි,වැස්සටයි අහුවෙලා අපි හිටියෙ තෙමිච්ච කුකුල්ලු වගේ.මට නං ඉක්මන්ටම ඕන කරලා තිබ්බෙ උණු උණු ප්ලේන්ටියක් ගහන්න. අපි ඉතිං නුවරඑළිය හරහා යන්න අදහස තිබ්බත් ඔහිය ටවුම පැත්තට හැරෙව්වා.ටවුමෙ තිබ්බ කඩේකට දඩ බඩ ගාලා රිංගල බඩගින්නට, සීතලට, මහන්සියට, තිබ්බ හැම දෙයක්ම කන්න බොන්න ගත්තා.එතන තිබ්බ ලිප නැත්තං සීතලේ මැරෙන සයිස් එකක් තිබ්බෙ. තිබ්බ තත්වෙ හැටියට කඩේ තිබ්බ බීඩි මිටියක්ම හිස් කරන්න අපිට පුලුවන් උනා.විස්තර අහන් යද්දි අපි යන්න හිටිය හොර්ටන්තැන්න හරහා යන පාර හවස 4න් පස්සෙ වහනවලු,කරුමෙ කියන්නෙ අනිත් පැත්තට බොරලන්දට තිබ්බ පාරත් යටවෙලා වතුර දාලා.ගමේ බස් එකටත් එන්න බැරිව හිරවෙලා.පුදුමෙ කියන්නෙ රේල් පාරත් කොටසක් නාය ගිහින් රේලුලුවත් ඔහිය ඉස්ටේසමේ නවත්තලා.මේ වෙද්දි හවස 6ත් පහුවෙලා.ඒත් වැස්ස නං පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ.අපි ඔහියෙ හිරවෙලා...

කරන්නම දෙයක් නැති තැන අපි බයික් වලට නැගලා වතුර දාපු තැනට ගියා, වතුර පාර චුට්ටක් අඩුවෙලා තිබුන හින්දා උඩින් යන්න කියල හිතලා සච්ච උගෙ ටුවින් එක පාලම උඩට දාලා බාගයයි ගියෙ.වතුර පාර බලන් ඉද්දි වැඩි වෙන්න ගත්තා.අපේ කොල්ලෙක් අත දාලා ටුවින් එක පස්සට ගන්න සච්චට උදව් කලා විතරයි.හෝ ගාලා වතුර පාර තවත් බොර පාටට සැරට ගහගෙන යන්න ගත්තා.තව ටිකක් පරක්කු උනානං ටුවින් එකත් යනව වතුර පාරෙම.

වෙද්දි මගෙ ඔලුවත් රිදෙන්න පටන් අරන් තිබ්බෙ, අනික සීතලත්, වැස්සත් නිසා වෙව්ල වෙව්ල බයික් පදින එක හරිම අවධානම් උනා.ඉතිං මගෙ අදහස උනේ නවතින එක.ඒත් සසිදුවට ඊලග දවසෙ වැඩට යන්න ඕනෙම උනා.මං හිතාගෙන හිටියෙ වතුරෙන් යන්න පුලුවන් උනත් කිලෝමීටර  27 පමන දුරින් තියෙන බණ්ඩාරවෙලට ගිහින් නවතින්න, රෑට නින්ද ගිහින් මැරෙන්න ඕනෙ නැති නිසා.අපි ආයෙත් ඔහිය ටවුම පැත්තට එද්දි ත්රීවිල් එකක අයියා කෙනෙක් එක්ක කතාකරන්න නවත්තපු ටිකට සසිදුවයි, තව බයික් එකක් කඩාගෙන ගිහින් ටවුමට.අපි දන්නෙත් නෑ.අපි හිමීට ටවුම පැත්තට එද්දි දැක්කා නවතින්න පුලුවන් තැනක්.සචින්තන අයියා විස්තර කතාකරන් ඇවිත් කිව්වා අද ඉමු කියල.වතුර අඩු උනාම යන්නම ඕනෙනං යමු කියලා.අපි බයික් තුන ඇතුලට දාලා අනිත් බයික් එකට කිව්වා පණිවිඩේ දීලා එක්කං එන්න කියල උන්ව. වෙද්දි ඒරියා එකට සිග්නල් පොදක් තිබ්බෙ නෑ.තැනින් තැනට ඒත් සචිතගෙ ජංගමේට සිග්නල් අහුඋනා. ටික වෙලාවක් ගියත් අනිත් බයික් තුන ආවෙ නැති නිසා, උගේ ෆෝන් එකෙන් කෝල් කලාට රින්ග් උනත් ප්රතිචාරයක් තිබුබෙ නෑ. පස්සෙ මායි සචින්තන අයියයි බයික් එකේ වතුර දාපු තැනට ගියාම එතන වතුර ටිකක් බැහැලා තිබුනා.අයෙත් ටවුම පැත්තට එද්දි කලින් හම්බුන ත්රීවිල් අයියා කිව්ව බයික් තුනක් ටවුමෙ ඉදන් ගියා කියලා. අපි ටවුමටත් ගිහින් ආයෙත් හරවන් ආවා ඒත් කවුරුවත් හම්බුනේ නෑ.
පහුවද උදේම නැගිටලා මං ලගම තිබුන ටවුමට පිටත් උනේ සල්ලි ටිකක් අරන් එන්න.ලගම තිබුන ටවුම බොරලන්ද උනාට ඒකෙ ATM machine ,එකක් තිබුනෙ නෑ.පස්සෙ කිලෝමීටර 30 ගානක් ගෙවාගෙව ghhhh ටවුමට ඇවිත් සල්ලි අරන් උදේට කන්න කියල පතරංග රොටි ටිකකුත් දාගත්තා. ටිකත් අරන් ආපහු ඔහියට එන ගමන් බොරලන්දෙන් තෙල් ටිකකුත් ගහගත්තා.මං නවාතැනට එද්දි සච්චල දෙන්නයි, කොාට්ජ් එක බාර අන්කලුයි සෙට්වෙලා ගිනිමැලයක් ගහනවා.මාත් ඉක්මන්ටම එතනට සෙට් උනා. 







සීතලේ ගැහැ ගැහි හිටපු අපිට ඒක නං මාරම අස්වැසිල්ලක් උනා.අපි වගේම ඔහියෙ අතරමං උනු කාරෙකක ආපු අයියලා දෙන්නෙකුයි, අක්කල දෙන්නෙකුයි පොඩි උන් එක්කම වෙද්දිම අපි ගත්ත කොටේජ් එකේම අල්ලපු කාමර දෙකක ඉදල තිබුනා.එයාලා වෙනකොටත් යන්න බඩු අස් කරනව. අක්කයි අයියයි අපිත් එක්ක ගොඩාක් හිතවත් උනා විනාඩි කීපයට උනත්.එයාලා ගියාටත් පස්සෙ එතන ඇන්ටි අපිට තේ ටිකකුත් දෙන්න තරම් කාරුණික උනා.අපි ඉතිං උණු උණුවෙම රොටීත් කාලා අන්කල්ටත් දීලා, ඇදුම් පැලදුම් එහෙම ගින්දරාන් රත් කරගෙන ආපහු එන්න පිටත් උනා.වැස්සත් ඉවර වෙලා තිබුන නිසා අපි හිතුවෙ ප්ලෑන් එකේ තිබුන විදියටම හොර්ටන් තැන්න හරහා ගමන් කරන්න.හරිම ලස්සන පාරක් දිගේ මීදුම මැද්දෙන් අපි හෝර්ටන් තැන්න පිවිසුමට ආවා. එන මග දෙතුන් තැනකදිම අපිව පසු කරපු, අපි පසු කරපු බස් එකක හිටපු අයියලා ටිකක් අපේ බයික් තුන තනියම ගන්න ආතල් එක දැකලා නවත්තලා හොදින් කතාබහ කලා. හොර්ටන් තැන්න පිවිසුමෙන් ටිකට් අරගෙන පිස්සු හැදෙන පාර දිගේ අපි ලස්සන අත්දැකීමක් විදගෙන අනිත් පැත්තෙන් පිට උනේ දකින දකින අයගෙ ඇස් උමතුවෙනු පුරවමින්

හෝර්ටන්තැන්නට...

ලයිසන් තියෙනව බං!

යකූ.. පට්ට ගණන්නෙ!

ඔබට ශතුටුයිද දැං?

අනන්තය සොයා

අපි උඩින්ම


හොර්ටන්තැන්න හරහා නුවරඑලියට ආපු අපි නැවතත් තෙල් පුරවගෙන මගින් කෙටි ආහාර වේලක් හිස් කරගෙනම (සචින්තන අයියට පිංසිදුවන්නට😂) නුවර බලා පිටත් උනා. එන මගත් ලේසි කරන්නට නං හිත කිව්වෙම නෑ, ඉතිං එන ගමනක් තියෙන ඇම්මට රම්බොඩ ටනල් එක දෙපාරක්ම පහුකරගෙන පරණ නුවරඑලිය-ගම්පොල පාරෙ කොටසත් (ටනල් එක හදන්න කලින් ගිය චූටි පාර) බලාගෙන (ඒකෙ ගෞරවයත් ඉතිං සචින්තන අයියට තමයි) එන ගමන් ක්ෂණිකව හිතට නැගුන අදහසකට අනුව කොත්මලේ පාරට යතුරුපැදි ටික හැරෙව්වා. දෙහදුකඩුල්ල (දුටුගැමුණු රජතුමා කොත්මලේ හැංගිලා ඉන්න කාලෙ කොත්මලේට පිවිසෙන කපොල්ල) බලාගෙන කාරිය, ප්රසිද්ධ රජ පිහිල්ලත් බලාගෙන, කොත්මලේ ඩෑම් එකටත් ගොඩවැදිලා එහෙන් එන්න පිටත් උනා.ආහ් එන ගමන් හද්දා පරණ එල්ලෙන පාලමක ත්රාසජනක අත්දැමීමක් දෙන්නත්, මෝඩයාගෙ පාලම පෙන්නන්නත් අපේ සච්චා අමතක කලේ නෑ.

මතු පරපුර උදෙසා

දෙහදුකඩුල්ල

රජ පීල්ල








මෝඩයාගේ පාලම

ඊටපස්සෙ අපි කෙලින්ම ගියේ සචින්තන අයියගෙ ගෙදර, එයාගෙ නංගිගෙන් හම්බුන රස තේ උගුරට ගමන් මහන්සිය කොහෙන් ගියාද කියල නැතිඋනා.එහෙ ටික වෙලාවක් ඉදල ගම්පොල ටවුමෙන් සචින්තන අයියට සමුදීලා, පේරාදෙණිය හරහා කොළඹ පාරට දැම්මා.සචිත් මල්ලිට කඩුගන්නාවෙන් සමුදීලා මාත් පිටත් උනේ ඉක්මනටම ගෙදර යන බලාපොරොත්තුවෙන්.කොච්චර හදිස්සි උනත් ඉරි බේරලා යන්න උනේ හදිසියෙ දඩ ගෙවන්න තරම් කීයක්වත් අතේ තිබ්බ නැති හින්දයි. මේ විදියට නිවාඩුවෙ පස් වැනි දවස ඉවර වෙද්දි ට්රිප් මීටරයෙ කිලෝමීටර 1200 පහුකරද්දි පරිස්සමට ගෙදර එන්න පුලුවන් උනේ ජීවිතේ කවදාවත් අත්නොවින්ද අත්දැකීම් ගොඩක් එක්කම ගොඩාක් සතුටකින්.