Saturday, September 16, 2017

ඉස්කෝලෙ ගිය හැටි  1



ඒ 2006 වර්ෂයේ මුල් භාගය.එතකොට මං ශිෂ්‍යත්වෙ මහ ඉහලින්ම සමත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හදන කාලෙ.ලකුණු ගොඩක් තිබුන නිසා හිතපු විදයටම ගෙදරට මිනිත්තු 10ක දුරකින් පිහිටි ජාතික පාසලටම යන්න මාව තේරිලා තිබුනා.පාසල් තෝරන අයදුම්පත පුරවපු හැටිත් මට හොදටම මතකයි තාමත්.ඒකට පිළිවෙලින් තමන් යන්න කැමති පාසල් 10ක් දාන්න පුලුවන්, තමන් ලබා ඇති ලකුණු අනුව.ඉතිං මං ඒකෙ ඉස්සෙල්ලාම දැම්මේ අල්ලපු වැටේ ජාතික පාසල.ඊට පස්සේ ගම්පහ ප්‍රසිද්ධ පාසලක්.ඊටත් පස්සෙ කොළඹ රාජකීය, ආනන්ද හා නාලන්ද යන පාසල් ඇතුලු පාසල් 10ක්.රෝයල් යන්නත් ලකුනු තිබුනට මං වගේම අම්මයි තාත්තයි බලාපොරොත්තු උනෙත් මහ පාරේ ටයිම් පාස් කරනවට වඩා ලගපාත රවුමක් ගහල එන එක පට්ට කියලා.අනික අම්ම තාත්තගෙ ඉදන් නෑදෑ හැත්ත බුරැත්තම ඉගෙනගත්ත ඉස්කෝලෙ ගැන ලොකු පැහැදීමක් තිබ්බ අපිට.ඒ ගැන කියද්දි ඔය අයදුම්පතේ පාසල් 10ටම එක ඉස්කෝලෙක නමක් පුරවන් ඇවිත් ඒකටම යන්න දගලපු චේතිය කියල් පොරකට (කිව්වට එයාගෙ අම්මට) දයාරත්න සෑර් හොදටම බැන්න හැටිත් මට තාම මතකයි.

ඉතින් කෝමින් කෝම හරි පාසලට තෝරගන්න ඉන්ටර්වීව් එකට දාගෙන යන්න මට හරිහමන් සපත්තු දෙකක් තිබ්බෙ නෑ.මං ඒකට දාගෙන ගියේ දුඹුරු පාට පටි සෙරෙප්පු දෙකක්.ඒත් මගෙ වාසනාවට එදා ඉන්ටර්වීව් එකට මගෙ මස්සිනාකාරයව දාන්න ආපු නැන්දයි මාමයි කාරෙකෙන් අලුත්ම සපත්තු ජෝඩුවක් අරන් දුන්න හැටිත් තාම මතකයි.එදා තමයි අම්මයි තාත්තයි මාව ඉස්කෝලෙට දාන්න ආපු මුල්ම හා අවසන් දවස.

කොහොමහරි ඉස්කෝලෙ යන්න තිබ්බ පලවෙනි දවසට කලින් දවසේ රෑ 7ට විතර තාත්තා මාවත් එක්කන් ගියේ ගෙවල් 4කට 5කට එහා තිබ්බ අක්ක කෙනෙක්ගෙ ගෙදරට.එදා යද්දි ඒ ගෙදර දාලා තිබ්බ ටීවී එකේ ගිය මූසල ඇඩ් එක තාමත් මතකයි හොදටම.ඒක රක්ෂණ සමාගමක ඇඩ් එකක්.මතක විදියට සෙලින්කෝ වෙන්න ඕනි.මොන හේතුවකටද මංද ඒකේ තිබ්බ මියුසික් එක මට මූසල බවක් දැනුනෙ.ඉතින් ඒ ගෙදර අයත් එක්ක කතාකරලා මාව හැමදාම ඒ අක්කත් එක්කම ඉස්කෝලෙ යවන්න කතා උනා. ඉතිං පහුවෙනිදා ඉදං හැමදාම උදේ 6.15ට විතර මං යනවා අක්කලගෙ ගෙදර.(ගතවෙච්ච අවුරැදු 11ටම අදටත් මං එයාගෙ නම දන්නෙ නෑ) ගිහින් දොර ඉස්සරහට වෙලා එයා කොන්ඩේ පීරලා සැන්ට් පවුඩර් ගහල එනකං ලකා ගහගෙන ඉන්නවා.ඒ අතරේ වෙන දේවල් කීපයකුත් තියෙනව හැමදාම.

ඒ ගෙදර කෙල්ලොම 3 දෙනෙක් ඉන්නෙ.අක්කයි තව මට වඩා අවුරැද්දක් හෝ දෙකක් බාල අර ඉස්සර ගිය මායා බන්ධන එකේ රජ පැටියා වගේ අමුතු කොන්ඩෙ තියෙන  කෙල්ලෙකුයි, තව පොඩි කෙල්ලයි.ඉතින් හැමදාම මං යන වෙලාවට තමයි පොඩි දෙන්නා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නෙ.කේස් එක තියෙන්නේ ඒ ගෙදර ෂවර්, ටැප්,වැසිකිලි ඔක්කොම තියෙන්නෙ ඉස්සරහ දොරට පේන දුරින් කලු ඉටි ගහලා කවර් කරලා. ඉතිං හැමදාම මං දොර ඉස්සරහ අක්කා එනකං දොරටුපාල වගේ ඉන්න අතරේ මද්දුමී දිය රෙද්දක් ඇදගෙනත්, පොඩ්ඩි අමු හෙලු හෙලුවෙනුත් දුවන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනා. 

ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි උන ලස්සනම සිදුවීමක් මතක් වෙනව ඔන්න.අර මට තෑගි ලැබුනු සපත්තු කුට්ටම ලේස් දාන වර්ගයේ එකක්.ඒ වෙනකං මං පාවිච්චි කරලා තිබ්බෙ අලවන ඒවා විතරයි. මට හරියට ලේස් ගැටේ ගහන එකත් නිකං මඤ්ඤොක්කා වෙලා තිබ්බෙ.ඒ හින්දා ගෙදරින් අම්මට කියලා ගහගෙන යන සපත්තු ගැටේ ගැලවුනෙත් එහෙම මං ඊලගට ගහන ගැටේ අඩි 10න් 10ට ගැලවෙනව.දවසක් වෙල මැද්දෙන් අඩි පාර දිගේ අක්කත් එක්ක යද්දි මේ විදයට අඩි 10න් 10ට ලේස් එක ලෙහෙන්න ගත්තා.මං ඉතින් 3,4 සැරයක්ම නැවතිලා ලේස් ගැටගහන කම් අක්කටත් නවතින්න සිද්ධවුනා.එනපොට හොදනැති බව දැනගත්ත අක්කා කො ඉන්න කියලා පාරෙදිම නැවිලා මගේ ලේස් එක ගැටගැහුවා.ඒ වෙලාවෙ ඇතිවෙච්ච මෙව්ව එකෙන් පස්සේ තමයි මං හරියට ගැටේ ඉගෙන ගන්න ඕනෙ කියල තේරැම්ගත්තේ.

කියන්න පටන්ගත්තෙ නං වෙන එකක් අන්තිමේ කියවුනේ ඉන්ට්‍රො එක විතරයිනේ.පයින් බස් එකෙන් පුටාර් එකට, සුපර් ස්ටාර් එක්ක ඊලග කෑල්ල තවත් රසවත්!

14 comments:

  1. හොඳ තැනක‍ටනෙ ඉස්කෝලෙ එක්ක යන්න බාර දීල තියෙන්නෙ.
    ඉතුරුවත් කියමු බලන්න.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි

      කොමෙයි හනි ඔයාට ජොලි නේද. ඊයේ හමුව්ම සුන්දරයි වෙන්වීම ගින්දරයි
      කවුද අනේ කිව්වේ .ස්ටෝබෙරි ලොලි පොප් රහයි ගුණයි නේද
      කොහොමෙයි ගල් බිස්නස් එක නැගලා යනවද
      බ්ලොග් ලොවේ බොසා කිව්වා මට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා එයාගේ ගම පළාතෙන් මට හරි ජොලි

      ටෙක් කෙයාර් ලව්.... සියු නෙක්ස්ට් ටයිම්.... ටටා බායි....

      Delete
    2. කියන්නම්කො හිමීට..

      Delete
  2. ඈ බොල උඹ සිස්සත්තෙ කලේ 2005ද ..?? සංසාරේ ...
    දැං අර අක්කගෙ නම මතක නෑ කියන එක අපි පිලිගන්න ඕනෙද ..??

    ReplyDelete
    Replies
    1. //ඈ බොල උඹ සිස්සත්තෙ කලේ 2005ද// ඔව්නේ සංසාරේ..
      //දැං අර අක්කගෙ නම මතක නෑ කියන එක අපි පිලිගන්න ඕනෙද ..??//
      පිළිගන්නම වෙනව ඒක..සිරාවටම මං දන්නෙ නෑ

      Delete
    2. මටත් හිතුනේ ඕකමයි බං. නොදකින් හිපාටුවා.... මූ 06 සිස්සත්තේ කරනකොට මම කලේ 96ද කොහේද.

      ලේස් එක ගැටගහනකොට දැකපු ගැට වගේ සපත්තු ලේස් ගැට ලස්සන නෑ නේද?

      Delete
    3. හා හා බොලව් මේ ප්‍රසිද්ධ මාධ්‍යයෙ ඕවා කියනවද?

      Delete
  3. මට මහා භයංකර බවක් දැනෙන්නේ ඇයි කියලා මටම හිතාගන්න බැහැනේ!

    ඉස්සර මම ඉස්කෝලේ යනකොටත් අපිට පන්ගරාත්තු වෙලා තිබ්බා පහල ගෙදරක උන්නු, අපේ අක්කගේම ඉස්කෝලෙට ගියපු නංගි කෙනෙක් එක්කගෙන යන්න. අපොයි .දෙය්යනේ. එය නිසා අපි විඳපු වදයක්!

    අන්තිමට ඒ කෙල්ල ( සුදුයි ලස්සනයි ඉතින්) ගෝරිල්ලෙක් වගේ රස්තියාදුකාර කොල්ලෙක් එක්ක යාලු උනානේ අප්පා. අපි ඌ දකිනකොට කැලේ කඩාගෙන දුවනවා. ඇත්තටම මතක් උනේ කිං - කොං !! අම්බෝ.. මතක් වෙනකොටත් කිලිපොලා යනවා

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒ කතාවත් කියන්නකො!

      Delete
    2. Praසන්ன හායි

      සුවිටි , ඔයා සනීපෙන් පෙන් මන් ජොලියෙන් ...අනේ අපිට මොකෝ මේ විකාර ගැනු කථා..මල සමයන් ...අපේ පයිප්ප නල ඕන වෙලාවක් වැඩ නේද අනේ, බුරු ඇඳේ, බට සෙවනේ..

      ටෙක් කෙයාර් සුවිටි .....සියු සුඋන්.... ලව්ලි.

      Delete
    3. කොමේ Praසන්ன මෙතැන් නැනේ එ වෙනුවට මේ ගමන මලියත් සමනලුන් එක්ක යනවද

      Delete
  4. මේ කපේදී ලියපං පොඩි පුතේ.. බොට වයස ඕනේ හැටියට තිබ්බට අපිට තව ඒ හැටි නෑ.. හැක්.

    ReplyDelete
    Replies
    1. හුකෑස්! ඒක නං ඇත්ත..මං ලියන්නෙ ඉතිං කන කැස්බෑවා මොන හිලෙන්ද මොකක්ද එක බලනව වගේනේ.. බය වෙන්න එපා.දැන්ම වලකජ්ජ ගහන වයසක්යැූ

      Delete