Monday, May 8, 2017

ප්‍රීති වෙසක්!!!




සොදුරු මිතු කැල සමග
තුටු සිනා වගුරමින්
වරා නිදි... රැයපුරා
සිහින් දුම පතුරමින්
රෑ දවල් නොම තකා
පූජාකර කාසි මුදල්
සොයා ආමිසය
ලබනු වෙනුවට
නිරාමිස සුවය...

ඇත්තේ අණකි
සමරන ලෙස
සම්බුදු උපත
කළ යුතුය නිමාව
මෙ ලෙස මේ.. ලෙස
ඔවුන්ගේ ආකෘතියට
ඔවුන්ගේ කලාවට
ඔවුන්ගේ කාලයට
වෙනුවට නිරාමිස සතුට
පවතින්නේ පමණකි
ප්‍රීති වෙසක්
අම්මට හැමිනෙන...

 ප.ලි. - ගල් මුල් වලට විවෘතයි