Sunday, December 25, 2016

ආදර අන්දරය | The unforgettable moment


ගෙවා යොදුන් සිය ගනන්
ඈත පුරවරයක සිටන්
පැමිණියෙමි...
අජානේය තුරගා මත නැග
දැක බලා ගැනුමට
පමණක් නොව විදගැනුමට...
ඒ අපූරැ මිතුදම, සෙනෙහස...
මොහොතක අත්විදීම
නොහැකි උනි මකන්නට
ගිනිගත් හදවතට
වතුර පොද මෙන් වැටෙන
උමතු විය සන්තානයම
ලැබෙන තුරැ ඇගෙ
හද යතුර
සමග ඇගෙ කිචිබිචිය...සදාකල්!

4 comments:

  1. ඉර දිළෙන රැස් දහර පරදවා කඩිමුඩිය
    දුර ගෙවා නුඹ ආවෙ දැකගන්න පෙම්බරිය
    පෙර දිනක දුටුව ඇගෙ හැඟුම්බර කිචිබිචිය
    සිර වෙන්න හිතෙනවද අසළ ඇගෙ ඉඟිබිඟිය.......

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. සිර වෙන්න හිතෙනවා අසල ඇගෙ ඉගිබිගිය...
      එනමුත් එකට එක්වන්නට කල් වැඩිය..
      බල බල සිටිනවා විසදෙන තුරැ පැනය..
      කැන්දන් යන්නෙ බයිසි මොටෝ මත නැගය...

      Delete
  2. හ්ම්ම්....ආදර අන්දරය​.....හරි අපූරුයි ! 😉

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකට පස්සෙ.. එලියට දැම්මෙ නිර්මාණයක්

      Delete