Friday, October 7, 2016

මායාවී...



ඔව්..ඒක දීර්ඝ මූදු ගමනක්.ගමන් මහන්සියටත් ව‍ඩා හිතට දැනෙන මොකක්දෝ අවුල් ගතිය නිසාම... නැවෙන් බැස්ස ගමන්ම මං ගියෙ ලගම තිබ්බ තැබෑරැමට. “ඩේවිඩ්ස් වයින් ස්ටොර්ස්” ඒකෙ නම තිබ්බෙ නම් එහෙමයි. රෙඩ් රම් බෝතලයකුයි කෝක් බෝතලයකුයි බයිට් එකට චිකන් ඩෙවල් එකකුයි ඇනවුම් කරපු මම තැබෑරැම භූමියටම අයත් වෙරල තීරයටම ගිහින් ඈත කොනක වූ මේසයක වාඩි උනේ කලබලකාරී මේ ජීවිතයෙන් තනිවෙන්න හිතාගෙනමයි.

වේටර්වරයා ගෙනවිත් දුන මදුවිත තොලගාන අතරතුර මං ඈත පේන මූද දිහා බලං හිටියෙ හරිම ආසාවෙන්.එකපාරටම මට හිනාවක් ගියෙ ලස්සන දෙයක් මතක වෙලා.365 දවසම මූදෙ හිටියට... අපේ ජීවිතේට මූද කොච්චර සමීප උනත් මොකද.. කොච්චර බලං හිටියත් ඒක එපාවෙන්නෙ නෑ.ඒ විදියට කල්පනා කර කර උන්නු මගේ දෑන බිදුනෙ නාහෙ කඩාගෙන යන තරමෙ සුවදක් දැනුනු නිසයි.ඒත් එක්කම හීනියට ඉරාපු තුන්ඩු කෑල්ලක් මේසෙ උඩ තියපු සුන්දර යුවතියක්.. ආපහු තැබෑරැම ඇතුලට රිංගුවෙ හිතාගන්නවත් බැරි තරමෙ කාලයකින්....

ඇය කියපු මං සලකුනු අනුව මුඩුක්කු පේලිය දිගේ ඉස්සරහට ගිය මට එම නිවස හොයාගන්න එච්චර ආයාසයක් ගන්න ඕන උනේ නෑ.කලින් කියපු විදියටම දෙවරක් තට්ටු කල සැනින්ම විවෘත උන දොරින් මං ඇතුලට ගියෙ හරියට පුරැදුකාරයෙක් වගේ.දුහුල් ඇදුමකින් සැරසී ඉදිරියට පැමිණි ඈ දුටුවනම මා ගත හිරිවැටුනෙ.. ඒ මොකද කියලා අදටත් මට හිතාගන්න බෑ.ඒ තරම් ලස්සනයි ඇය.

ඒ මොහොත ඒ විදියට නිමා උනා.හරි නම්..ඒක අතීතයක් විතරයි.අතීතයේ එක් නිමේෂයක් විතරයි.ඒත් මොකක්දෝ හේතුවකට..ඒ සුන්දර මතකය ගෙවෙන හැම තත්පරයක් පාසාම මට වද දුන්නා.ඔව්..ආදරණීය වදයක්.ඒ මතකය කවදාකවත් නැති විදියට මගෙ ජීවිතේ වෙනස් කලා.සැනසීමක් ගෙනාවා.. ඔයාට දැනිලා තියෙනවද ඒක.දෑස පියාන හොද හුස්මක් අරන් පිටකරාට පස්සෙ හිතට දැනෙන සැහැල්ලුව.හිතල බලන්න මොන තරම් වටිනවද කියලා ඒක.විශේෂයෙන් තෙහෙට්ටුවෙන් හෙම්බත් උන කර්කෂ ජීවිතයකට.

ටිකෙන් ටික මං ඈට ලං උනා.ගතින් පම‍නක් නෙමෙයි දුරබනුවෙනුත්..මට දැනුනා..මගෙ හිත ඈට ආදරේ කරන්නට පටන් අරන් කියලා.ඇය ගැන සියලුම තතු දැන දැනත්.. ඔව්..පිස්සුවක් මේක.ගනුදෙනුවකට එහා ගිය ආදර කතාවක්.දවසේ වැඩකොටස නිමාවෙලා නින්දට යන්න හදන හැම මැදියකම පහේ දුරකතනය දිහා ඔහේ බලන් හිටියෙ ඇමතුමක් නැතිවත් කෙටි ප‍ණිවිඩයක්වත් එවතැයි බලාපොරොත්තුවෙන්.ඒත් කවදාවත් ඒක එහෙම උනෙත් නෑ..මං බලාපොරොත්තු තියාගන්න එක අතහරියෙත් නෑ.

මං දැනං හිටියා..ඇය ඇගේ කලබලකාරී ජීවිතෙ හිරකාරියක් බව.ඒ උනත් මගේ ක්රැමක්කාර ජීවිතෙත් එක්ක බලද්දි..ඕවා මොනාද..එකදිගට පැය 48-55ක් ඇහැරීගෙන දුක්විදිද්දි..නොදැනුවත්වම ඇහැට කදුලක් නැගෙද්දි මතක්උනේ ඈව.වටහගන්නට බැරි උනා මට ඈ පැවසූ “ආදරය” නිකංම නිකං වචනයක් පමණක් බව.ඈ මායාවියක්ම යන වග.

ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ..
මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ..
ජීවිතයෙන් ආදරයේ මොහොතේ..
මා හා හැරදා යාවී..
මායාවී යාවී මා හැරදා යාවී..
දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී..
මා යාවී යාවී ඔබ හැරදා යාවී..
මා රැවටූ ඔබ හැරදා යාවී..