Monday, August 1, 2016

Night Firing!!!






දුරලා අවිදු අදුර
නැගෙනවිට පුරවක සද
නැගුනි මතකයට
එය පොසොන් සද බව
නොවීය අවස්ථාවක්
යන්නට පෙරදා මෙන්
අජානේය ස්කූටර මත
සොයා ආතල්,සොයා දන්සැල්

දැනුනත් නුපුරුදු හැගීමක්
සිටින නිසා නුපුරුදු ඉසව්වක
පිරැණා හද සොම්නසින්
සද කොතැනත් එකම නිසා

කපාගෙන ගණ අදුර
දැ‍වෙන විට ගිනි පුපුරු
මත ගැටී slip වී
වදින විට Tracers
වැටෙන විට සෙවනැලි
නගාගෙන මරහඩ
මැවෙයි අහස්කුස
නේක තරු රටා

ඒ නිමේෂයේ.....
පෙනෙයි සොදින් මට
රණබිම පොසොන් සද


4 comments:

  1. මලිය
    සෑහෙන කාලෙකින් නේද..
    හ්ම්..
    අපූරු සටහනක්

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා! ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම් කිව්වලු..ඉස්සරහට නම් දිගටම ඔන්ලයින් ඉන්න පුලුවන් වේවි..

      Delete
  2. හහා.. නයිට් ෆයරින් කියන්නේ නියමම අත්දැකීමක්.. ඉක්කනට පාස් අවුට් වෙලා වරෙන් ආයෙත් බ්ලොග් ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඊයේ පාස් අවුට් උනෝ!!!

      Delete