Monday, August 1, 2016

Night Firing!!!






දුරලා අවිදු අදුර
නැගෙනවිට පුරවක සද
නැගුනි මතකයට
එය පොසොන් සද බව
නොවීය අවස්ථාවක්
යන්නට පෙරදා මෙන්
අජානේය ස්කූටර මත
සොයා ආතල්,සොයා දන්සැල්

දැනුනත් නුපුරුදු හැගීමක්
සිටින නිසා නුපුරුදු ඉසව්වක
පිරැණා හද සොම්නසින්
සද කොතැනත් එකම නිසා

කපාගෙන ගණ අදුර
දැ‍වෙන විට ගිනි පුපුරු
මත ගැටී slip වී
වදින විට Tracers
වැටෙන විට සෙවනැලි
නගාගෙන මරහඩ
මැවෙයි අහස්කුස
නේක තරු රටා

ඒ නිමේෂයේ.....
පෙනෙයි සොදින් මට
රණබිම පොසොන් සද