Friday, June 3, 2016

Delivery වරුණ






යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙන
ඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදින
දමා පෙට්ටි බයිකය,බට්ටා දෙසට
මෙසේ අවසරයි කියනට  Delivery වරුණ 

 ඉල්ලූ items ටික stores වෙතින් ගෙන
නන්වා සොදින් ලොරියට ගැටගසා බැද
A/C දමා රිය සහයක අසුනෙ හිද 
යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙස

රියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේ
ගුවන් විදුලියයි සවනත පිනවන්නේ
මනෝ පර සිත කුල්මත් කරලන්නේ 
 බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ

 අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
Long cut දදා ගමනන්තෙට යන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ

 ආකේඩ්,විහරමහ,MC පහුකරන
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
 පසුකරමින් යනවිට රියසක සෙමින
 නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට

 සුවිසල් ඇදුම් කඩ,ආහර කඩ ඇත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
නොබලා එදෙස යන්නේ නොකරම සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ

 ටිකෙක් ටික සිදාදිය මට හුරුවෙනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
තනිවම ගමන් යන්නට කාලය එනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා

 හදිසියේම ටුවර් එකක් සෙට් වන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
ශේප් එකේ රියදුරු අසුනට යන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ

 කොම්පැනියෙන් මට බයිසිකලේ දෙන්නේ
Delivery  පාර මට නම් නෑ වරදින්නේ
OT පාර කරලයි ගෙදරත් එන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ

 රෑ ජාමෙත් වැඩ කරලයි මම එන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ

 කිලෝ ගනන් බර පෙට්ටිය තිය බැදන්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්

 මතකෙට නැගෙන විට පෙර උන් හැටි නිදසින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
පඩිපත ගන්න විට ආඩම්බර දෝතින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්

 

19 comments:

  1. අදයි මේ පැත්තෙ ආවෙ...

    වැඩි කතාවට ලක් නොවන මාතෘකාවක්....

    අපූරු කවි පෙළ.....

    ReplyDelete
    Replies
    1. අද වෙන්න බෑ..අක්ක මීට කලින් මෙහෙට ගොඩවැදිලා තියෙන්වා!
      ස්තූතියි අදහස් දැක්වීමට

      Delete
    2. එහෙමද.. මට මතක නෑනේ... කොහොම උනත් නිර්මාණය අගෙයි...

      Delete
  2. සේල්ස් රෙෆ් ලව දැක්කම දුක හිතෙනවා, අව්වේ ටයි පොලු දාගෙන ....

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි..ඒත් මං මෙතන නං අදහස් කලේ එයාලා ගැන නෙමෙයි!

      Delete
  3. මලිත් ඩිලිවරි කියන්නේ ලේසි පාසු රස්සාවක් නෙමේ. යුරෝපයේ රටවල පවා කොතරම් පහසුකම් තිබුනත් කට්ටක් තියෙනවා. කෑම ඩිලිවරි ඔයිටත් අමාරුයි.

    මොනවා වුනත් කවුරුත් කවි නොකරපු, කතා නොකරපු අපි වගේම බඩ වියතට දහඩිය හෙලන තවත් පිරිසකගේ කතාවක්. අගෙයි!!

    ReplyDelete
    Replies
    1. ම්ම්..අත්දැකීමක් පදනම් කරගෙන ලියවුනේ.
      කවුරුවත්ම වගේ කතා නොකරපු දෙයක් කියලා වැටහුනේ පස්සෙ..සතුටුයි අදහස් දැක්වීමට

      Delete
  4. බොහොම කාලෙකින්නෙ මලියා.

    ඒකත් ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ලේසි නෑ නේන්නම්! පික්සු හැදෙනවා.
      මේ දවස්වල ට්‍රේනින් නිසා ඔන්ලයින් එන්න වෙන්නෙ මාස ගානකට සැරයක් නොවැ අයියණ්ඩි.ඒකයි වැඩිය පේන්න නැත්තේ.

      Delete
  5. බලන් ගියාම ලේසි කියල කිසිම රස්සාවක් නැහැ වගේ :(

    ReplyDelete
  6. මෙම පැදි පෙළ මෙසේ වූවානම් වඩා හොඳයි කියා මා යෝජනා කරනවා.

    ආකේඩ් විහරමහ MC පසු කරමින්න
    කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
    දඟයුග පෙන්නමින් යනවිට පුක වනමින්න
    නොසිතුන නෙමෙයි පැනලා ගොහින් කරිමින්න

    ReplyDelete
  7. ලස්සන කවි...

    ReplyDelete
  8. Maliya? E kawuda? Mata mathaka nane.. monawa unath mechchara kalayak kawuruth liyapu nathi kathawak.. jayawewa..

    ReplyDelete
  9. රිය පදවනවා මිස රියසක පදවනවා කියා යොදනවා මින් පෙර අසා නැත.

    ReplyDelete
    Replies
    1. වැරදියි තමයි, මට ඔන විදියට වෙනස් කරගන්න පුලුවන් නේද නිර්මාණයක් කරද්දි?

      Delete