Saturday, January 9, 2016

මතකද හැන්දෑවේ අපි දෙන්නා


අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදියට  නැවත අහන්නට ලැබුන ගීතයේ මුල් පද පෙලින්ම හදවත නැවතුන ගතියක් දැනෙන්නට පටන් ගත්තා.හීනියට "ආදරණීය වේදනාවක්" පපුව හරහා යද්දි මාව ආයෙත් ඒ අතීතයට ඇදිලා ගියා.

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

එදා...මං "සිංහාවලෝකනය" ෆිල්ම් එක බලන්න ගිය දවස.නගරයේ සිනමාශාලාවේ බැල්කනියට වෙලා චිත්‍රපටියෙ පලමු අර්ධය නිම වෙන්නට මොහොතකට පෙර මට නාදුනන නොම්මරයකින් කෝල් ගොඩක්...කට් කර කර ඉදල බැරිම තැන ඉන්ටවල් එක දුන්නා විතරයි ආන්සර් කලා.එහා පැත්තෙන් කතාකලේ එයාගෙ අක්කා...
"මල්ලි...මං xxxගෙ අක්කා..ඔයා ....................."

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

ඔව්..ඒ වෙසක් කාලේ..වෙසක් කිව්ව්ට ඊට ගොඩක් කලින්.අපි කැරකෙන කූඩුව ගහන කාලෙ.හැමදාම ඉස්කෝලෙ ඇරිලා ඇවිත්,නැතිනම් හවස ක්ලාස් ඇරිලා අපු ගමන් එතනට යන්නේ මාර ආසාවකින්.ඒ දවස්වල මං මාර සතුටින් හිටියේ..විශේෂ හේතුවක් කියලම නෑ..දවසට මාර වැඩ ගොඩක් කලේ.උදේ පාන්දර පාඩම් වැඩ,ඊට පස්සෙ ඉකෝලෙ,ආයෙත් පන්ති,ඊටත් පස්සෙ කූඩුවෙ වැඩ...ඉතින්..දැනුනා පට්ට සතුටක්.
එකපාරටම එයාගෙන් මැසේජ් එකක්..

"තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා"

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූතමයි ජීවිතේ

හ්ම්ම්..ඒක කදුලින් පිරුන ශෝකාන්තයක්. මට කරන්න ඉතිරිවෙලා තිබ්බෙ එකම එක දෙයයි.මගෙ පරණ "චයිනීස් ලෙපෝන්"එකට ගහපු හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගහගෙන එකම ප්ලේලිස්ට් එක අහ අහ නින්ද යනකම්..
.හ්ම්ම් ඔව්..එක තමයි....

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

කොච්චර අමතකවෙලා කියලා හිතුවත්..මේ වගේ සමහර දේවල් වලින් ආපහු වලදාපු දේවල් ගොඩගන්නවා.තුවාල හාරනවා වගේ...ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ඒ "වලට" බැහැලම ඉන්න තිබ්බනම් කියලා,ඒත් වාසනාවට හරි අවාසනාවට හරි...එවෙලෙම මට මැවිලා පේනවා.."කවුන්ට්ඩවුන් ටයිමර්" එක..ආපසු "යතාර්ථයට" යන්න තව විනාඩි ....කියලා..