Monday, December 14, 2015

දෛවයේ සරදම!





මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...

සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?

Saturday, December 5, 2015

පෝස්ට් මෝටම්


ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..

කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.

වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.
20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ!
 ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.

ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ එහෙම.දැන් ටිකෙන් ටික එක පැත්තක ඉදන් හිරිවැටීගෙන යයි.ඔක්කොම හිරි වැටුනම කියන්නකො...එහෙම කියලා එයා පොඩ්ඩක් එහාට උනා.
***********************************************

එක පාරටම ආපු දඩ ලයිට් එලියෙන් මගෙ ඇස් දෙක නිලංකාර උනා.සෑහෙන පිරිසක් මගේ ඇද වටේ හිටගෙන ඉන්නවා.මගෙ මූන ඉස්සරහින් රෙද්දක් දාලා නිසා මට මොකුත් පෙන්නේ නෑ..දැනෙන්නෙත් නෑ.කස්ටිය අවි ආයුධ එහෙම අතට අරගෙන ලෑස්ති උනා..අට දැනුනේ මගෙ පෝස්ට් මෝටම් එක කරන්න යනවා වගේ.

"යකෝ මං මැරිලා නෑ!" මට හිතුනා එහෙම කෑ ගහන්න.එත් ඒක මගෙ කටින්  හඩක් විදියට පිට උනේ නෑ.

ඩොක්ටර්...
ම්ම්..එයා හරිම ලස්සනට මිමිණුවා.කොහොමද ඔයාලා මෙච්චර හිත හයිය කරගත්තේ?මං ඇහුවා...එයා මං දිහා බැලුවා..අහිංසක හිනාවකුත් එක්ක.ඒත් මොකූත්ම කිව්වෙ නෑ.

මට මතක තිබ්බෙ මෙච්චරයි..මාව උස්සලා වගේ අරන් ට්‍රොලියකට දා ගත්තා.ඒක තල්ලු කරගෙන හැරි හැරී ගොඩක් දුරක් යනවා දැනුනා..හරියට චිත්‍රපටයක් කැඩි කැඩී දුවනවා වගේ මතකයි.පස්සේ මාව ආයෙත් අරන් ඇදට දැම්මා.මට හිතුනේ මං කොච්චර අවාසනාවන්තයෙක්ද කියලා.නෑ බං..උබ පට්ට වාසනාවන්තයෙක්! හැම දෙයක්ම වෙන්නෙ උබේ හොදට..හා නැද්ද? හිත මගෙන් ඇහුවා.ඔව්මනේ..මටත් හිතුනා විතරයි..ආයෙමත් ඇස් පියවුනා.....