Wednesday, November 4, 2015

දුර්වලයෙකුගේ ආත්මකථනය



ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...
සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.
වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...
මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.
********************************************
මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන නෙමෙයි.ජීවිතෙත් හොයාගෙන,ඒ වගේම සතුට හොයාගෙන.මට තාම කාසි හම්බුනෙත් නෑ,ජීවිතේ හම්බුනෙත් නෑ.ඒත් සතුට හම්බුනා...ටිකක් විතර.මට තිබුනා ඕනෙනම් බොරු කියන්න ඔයාට..මං කරන්නේ "සුදු කරපටි" රස්සාවක් කියලා,මොකද ඔයා චෙක් කරලා බලනවා කියලද?ඒත් මං එහෙම කලේ නෑ,මොකද මට ඕනේ උනේ නෑ බොරු කරන්න ඔයාට.

දන්නවද...මං ඉස්සර හිතං හිටියේ "සතුට" තියෙන්නේ ආදරේ කියලා...පස්සෙ හිතුවා සල්ලිවල කියලා..ඊටත් පස්සෙ හිතුනා වැඩකරන එකේ කියලා..ඒත් මට දැන් දෙයක් තේරෙනවා,සතුට කියන්නේ ඒ හැම දේකම එකතුවක් කියලා..
මං උදේ ඉදන් වැඩකරලා මහන්සි වෙලා,පැය ගානක් පාරට රස්තියාදුවෙලා ගෙදර එන්නේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න.ඔයාත් එක්ක ගිරව් වගේ කියවනකොට..හිතේ අමාරුවයි,ගතේ අමාරුවයි ඔක්කොම අතුරුදහන්වෙලා යන්නේ මටත් නොදැනිම.ඉතිං අන්තිමට දැනෙනවා අද නම් හරිම ලස්සන දවසක් ගතකලේ කියලා.වැඩ කරද්දි උනත්,ලැබෙන පොඩි ඉඩකදි ඔයාට කතා කරන්න ට්‍රයි කරන්නේ...ඒකෙන් ආයෙත් වැඩකරන්න තරම් "ශක්තියක්" ආපහු ලැබෙන නිසා...


අම්මොහ්! මං හිතලා තියෙන දුර..කොටුවෙන් බැස්ස මං පයින්ම ගාලු මුවදොර පැත්තට ඇවිදගෙන ගියා.හිත අවුල් උන ගොඩක් වෙලාවට තනියම මේ පැත්තට ඇවිත් අරමුණක් නැතිව මූද දිහා බලන් හිටපු හැටි මතක් වෙන්න ගත්තා.

 මම බලාගෙන හිටියා මූද දිහා...ගොඩක් වෙලා..මං දැක්කා දෙයක්..ඈත මූදෙ ඉදං රළ පේලි පේලි වේගෙන් ඇවිත් පරවල වැදිලා කුඩු වෙන හැටි..නැත්නම් ඒවා වැල්ලේ වැදිලා බොදවෙන හැටි...ඔව්..ඒවා කොහොමත් විනාශ වෙනවා..හරියට අපේ බලාපොරොත්තු වගේ..ඒත් පුදුමෙ කියන්නේ එහෙම උනා කියලා රළ එන එක නවතින්නෙත් නෑ..හරියට අපි කොච්චර බිදෙන බව දැන දැනත් බලාපොරොත්තු ඇතිකරගන්නවා වගේ!
මට මුලින් හිතුනේ මුහුදෙ පාවෙලා යන්න..ගිහින් මූදු පතුලෙ හැංගෙන්න.ඒත් මට මතක් උනා බස්සි අක්කා කියපු කතාවක්.

"මූදූ වතුර නහයට උඩින් අඩියක් ගියත් එකයි,අගලක් ගියත් එකයි"

ඉතිං මං ආපහු හැරුනා.ඔව්..ඔයා කියනවා වගේ අපි "කාලයට ඉඩ දෙමු".මං යන්නම් ඈතට..ගොඩාක් දුරට,හැබැයි නවතින්න නෙමෙයි..මං ආයෙත් එනවා දවසක.හැමදාම ලගින් ඉන්න.එතකං,පරිස්සමින් ඉන්න...

14 comments:

  1. චූටියි...... ලස්සනයි.......... පට්ටයි.......... අවංකවම පට්ටයි...........

    ReplyDelete
  2. // මං යන්නම් ඈතට..ගොඩාක් දුරට,හැබැයි නවතින්න නෙමෙයි..මං ආයෙත් එනවා දවසක.හැමදාම ලගින් ඉන්න.එතකං,පරිස්සමින් ඉන්න... // මේ වචන පේලි ටික හිතට හරි අමුතු විදිහට දැනුනා...

    ReplyDelete
    Replies
    1. පොඩි තට්ටුවක් දාලා බලන්න..සමහරවිට ජීවීතේට මොකක් හරි සම්බන්ධ ඇති!

      Delete
  3. තේරුං ගත්ත එකම මදෑ මලියෝ

    ReplyDelete
  4. Bassi akka kiyanekam bo oka denan unne nadda? Hek hek..
    Ela! Denwath hadiyan. :)

    ReplyDelete
    Replies
    1. දන්න දෙයක් වෙනස් විදියකට පෙන්නන්න එයැයි දස්සයි නොවැ! දැනවත් හැදෙන්න ට්‍රයි කරනවලු...

      Delete
  5. සුන්දරයි...අහින්සකයි..

    ReplyDelete
  6. මුහුද දිහා බලා ඉද්දි ඕනම ප්‍රශ්නයක් අමතක කරන්න පුළුවන්.ඒක නම් ඇත්ත.මේ කතාවෙදී මුහුද සංකේතයක් විදිහට යොදාගෙන තියෙනවා කියලා හිතෙනවා.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete