Monday, October 5, 2015

කාලගුණයාගේ කැරැට්ටුව


කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ගැනය.කතාවට කියන්නේ අම්මාට පසු මේ ලෝකේ වැඩියෙන්ම බැනුම් අහන්නේ "අහස" කියාය.ඔය වටෙන් ගොඩෙන් කිව්වාට ඇත්තටම ඔය චෝදනාව එල්ලවන්නේ කාලගුණයාටය.මංතුමා මේ තකහනියක් කියන්ට යන්නේ ඕකා ගැන නොවේය.කාලගුණයාගේ කැරැට්ටුව හෙවත් "කාලගුණ වාර්තාව" ගැනය.

සීනිබෝල වැඩවලට සීනි අමාත්‍යාංශේ තිබුනා වගේ කාලගුණයා ගැන හොයන්න කාලගුණ අමාත්‍යංශේ..නෑ නෑ දෙපාර්තු
මේංතුවා සිටිනවාය.මං දන්නා හැටියට ඕකේ ඔලු ක්වාටස් එක තියෙන්නේ බුඩිස්ට් ලයිට් පාරේය.මංතුමා ඒක දන්නේ අහවල් දෙයක් හින්දා නොව එක එක සංමංත්‍රොන වලට බීඇමයිසීඇච් එකට යද්දී ඕඅක පේන හිංදාය.ඔය දෙපාර්තුමේන්තුවෙන් වෙන්නේ මෙහෙම දෙයක්ය.ඔය කාලගුණයා කාලෙන් කාලෙට කොටු පනින රටාව අදුනාගෙන ඒවා පරීස්සන කොරලා නිරීස්සන කොරලා නිගොමනය කොරලා මද්දිය වලට කියනා එකය.එතකොට රටේ ජහමනයාට තමන්ගේ වැඩ ටික ලස්සනට කොරගත හැක.ඉතිං ඒක රටේ ජහමනයාට පට්ට වැදගත් දෙයක් නිසා රටේ හැම මාද්දියක්ම පාහේ නිව්ස්වල අන්තිම ජුන්ඩට ඕකාගේ කැරැට්ටුව හෙලිකොරනවාය.කාලයක් තිස්සේ ඔය වැඩේ ලස්සනට කෙරීගෙන ගියාය.බට් අන්ෆොර්චුනෙට්ලි...., දෙපාට්ටුමෙට්ටුවට අපල කාලයක් උදාවිය.

එය කෙසේදයත්,කියන කියන මගුල කනපිට ගැසීමය.වහිනවා කිව්වොත් වහින්නේ නැතිවාය.හොදට පායනවා කියන දවසට හෙන ගගහා වහිනවාය.ඒ කියන්නේ අනාවැකි සත්තිය වීමේ ප්‍රතිශතය 100% විය.නමුත් ඒ අනිත් පැත්තටය.ඒ කියන්නේ -100% ය.අන්තිමේ දෙපාර්තුමේන්තුව කුට්ටමේ ජෝකර්ටත් අන්ත පහලට වැටුනාය.වහිනවා යැයි කියන දවසට මිනිස්සු ආතල් එකේ ඇබරැල්ලාවක්වත් නැතිව ගමන් කොරති,ගොයම් කපන්නට යති..මන්ද එදාට ලොවෙත් වහින්නේ නැතිබව දන්නා නිසාය.අන්තිමේදී මේ නවනිග්ගරහයෙන් ගැලවෙන්නට දෙපාර්තුමේංතුවේ උන්ට ගණදෙවි නුවණක් පහල උනාය.එදායින් පසු රිපෝට් එක දුන්නේ මෙසේය.
"හෙට දින දිවයිනේ තැනින් තැනට,උදෑසන හෝ සන්ධ්‍යා කාලයේ,ගිගුරුම් සහිත හෝ රහිත,වැසි ඇදහැලීමට "ඉඩ ඇත"."

මේක දැක්කවිට රටේ ජහමනයාට ඌරු ජුවල් නැග්ගාය.යකෝ මෙහෙම රෙපෝට් දෙන්න නම් දෙපාර්තුමේන්තුවක් අහවල් රෙද්දකටදැයි මගතොට කතාවන්නට විය.ඉස්සර කාලේ වගේ අහසේ වැහිලිහිණියන් දිහා බැලීමට හා කූඹි දිහා බලං හිටින්ට නිලදාරීං දෙන්නෙක් දැම්මනං සෑහෙන්න නිවැරදි අනාවැකියක් කියන්ට හැකියාව තිබ්බාය.අන්තිමේදී වෙදර් රෙපෝට් එක නිව්ස්වලින් ඉවත්වී ගිය අතර ඒ කාලයේ සුජීගේ සීන් එක එලියට ආවානම් ඌත් "ඔය දෙපාර්තුමේංතුව දීපන් ලමේකුට" කියා කියන්නට ඉඩ තිබුනාය.

නමුත් පසුකාලීනව නැවත ඔය කාලගුණයාගේ කැරැට්ටුව නිව්ස්වල ඉදිරිපත් කරනවා මංතුමා දැක්කේ හිරු ටීවී එකේය.ඒත් එහිදී ඒ සදහා යොදාගත් මූලාශ්‍රය උනේ The weather channel නැමැති වෙබ් අඩවියයි.එහිදී ඉතාමත් නිරවද්‍ය වූ අනාවැකි කීමට ඔවුන්ට හැකිවූ අතර එමගින් කාලගුණයාගෙ කැරැට්ටුව කෙරෙහි නැවතත් අවධානය යොමුවිය.එමෙන්ම ගතවූ වසර කීපය තුලදී කාලගුණ දෙපාර්තුමේන්තුවද "අලු ගසා දමා" නැගිටින සෙයියාවක් පෙන්නුම්කරන අතර මේ දිනවල නැවත නිවැරදි වාර්තා ලබාදී ජහමනයා අතර "විශ්වාසය" දිනාගැනීමේ පිලිවෙතකට අවතීර්ණ වී ඇතිවාය.ඉදින්...මේ දවස්වල විශේෂයෙන් බස්නාහිර පලාතට බලපා ඇති කාලගුණ විපර්යාස ගැන සත්‍ය තොරතුරු ලබාදී නැවතත් මිනිසුන් ආදරය කරන් ආයතනයක් බවට පත්වීමට ලැබේවායි, ෆීනික්ස් කුරුල්ලාට සුබ පතන්නෙමු!

**~නිහතමානී සතුටක් සමග 50වැනි පෝස්ටුව මෙසේ පබ්ලිශ් කල වගයි!~**

25 comments:

  1. 50 ට සුබ පැතුම්.....
    කාලගුණයද... වැඩක් නෑ ඕකා ගැන කතා කරලා...

    ReplyDelete
    Replies
    1. බෝම ඉත්තූතියි ඉස්සෙල්ලම සුබපැතුවට!

      Delete
  2. කාලගුණ රටා,දේශගුණික තත්ව ඔක්කොම වෙනස් වෙලා වගේ බං තියෙන්නෙ..
    "කාලගුණෙත් දැං හරියට ගෑණියෙකුගෙ හිත වගේ.."
    හෙහ්.. ඈ..බොලේ... ඒකෙ අනික් පැත්ත නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉස්සරනේ කිව්වේ ගෑනුන්ගෙ හිතත් කාලගුනේ වගේ කියලා..දැන් ඒක මාරුවෙලා

      Delete
  3. පනහට සුභපැතුම් , පනස්දාහක් ලියහං

    ReplyDelete
    Replies
    1. මැරෙනකං ලියන්න තමයි කල්පනාවනම්!

      Delete
  4. මට මතක හැටියට කාලගුනේ හොඳටම පච උනේ මුන් අප්සට් එකක් නැහැ කියලා සෙට් එකක් මුහුදු ගිහිල්ලා අතුරුදහන් උනේ අන්න එතන. තව කාලගුනේ කෙනෙක් හිටිය මතකද අර කන්දේ ගෙදර ටෙලියේ....... අර නාන්නේ නැති එකා...

    ReplyDelete
    Replies
    1. ඒ කාලගුනේ හරි හොද මනුස්සය බං.. හරි සුන්දර මනුස්සයො..
      අනුරාජපුරේ අහ ගෙවල් දන්න තරං.. එයා නං නැතිවුනා...
      මේ වගේ කාලගුණේ ල නං ඔය ඉන්නෙ පදුරකට ගලක් ගැහුවත් හැක්

      Delete
    2. @Banda & @Mahesh
      ඒ කතාව නම් අහලා නෑ.දැනගත්ත එක හොදයි.ඔය ටෙලියත් මං බලල නැතිව ඇති.මං තාම පොඩි එකා නොවැ!

      Delete
  5. දන්නවැයි මචං වෙලේ කඩේ සුමනාඔතීගෙ මනුස්සය ගෙ නෝනගෙ මිනිහගෙ බාලම එකාගෙ ලොකු අය්යගෙ තාත්තගෙ තාත්ත උ් දන්නව ඔය කාළගුණේලට වඩා කාල ගුනේ හැක්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සුමනාවතීගේ මාමණ්ඩි නේද? කොහොමද මගෙ ටිකිරි මොලේ!

      Delete
  6. මං කොළඹ වාරයේ ඉද්දි අපි වෙදර් රිපෝට් එක ගෙන්න ගන්නේ සිංගප්පුරුවෙන්.. මාසෙටම ඩොලර් හත්තාවයි.. දවස ගානේ මේල් කරනවා ඉස්සරහට දවස් තුනක ප්‍රෙඩික්ශන් එහෙකුත් එක්ක.. ටක්කෙටම හරි. ඒ කාලේ මට අපේ ඔය දෙපාර්තමේන්තුව ගැන තිබ්බේ පුදුම ආඩම්බරයක්..
    උඹටයි දෙපාර්තමේන්තුවටයි දෙන්නටම සුභ අනාගතයක්! හාෆ් සෙන්චරියට හොඳේ.. :)

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි කිව්වා..මං ජීවිතේට අහල තිබ්බෙ නැති දෙයක්.දැනගන්න ලැබුන එක හොදයි.

      Delete
  7. ..//ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.//..

    ඒ ගැන නම් කියලා වැඩක් නැ.ඕකා විශ්වාස කරන්නම බැ.හරියට දේශපාලුවෝ වගේ..

    උඹේ පනහටත් සුභ පතනවා ඔන්න.

    ReplyDelete
    Replies
    1. බෝම ඉස්තූති! දේශපාලුවන්ට වඩා නම් හොදයි වගේ.උන් අද කියන දේ නෙමෙයිනෙ හෙට කියන්නෙ..

      Delete
  8. ඔන්න අපිත් මේ පැත්තට ආවා.. 50 වෙනි පෝස්ටුවටත් සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. ආහ්! හැරෙන තැපෑලෙන් ඇවිත් නොවැ..තැන්කූ දිගටම එන්න

      Delete
  9. මට කෙනෙක් කිව්ව සිද්දියක් මතක් උනා.. ඒ කෙනාගෙ ගෙවල් පැත්තෙ ඉන්නවලු මිනිහෙක්.. මිනිහගෙ නම ගුණේ.. මිනිහ පාරෙ තමන් ඉස්සරහට හම්බෙන ඕන මනුස්සයෙක් එක්ක කතාව පටං ගන්නේ.. ආ මහත්තයා කිහෙ යන ගමන්ද අද නම් හවසට වහියි වගේ නේ ? නැත්නම් ආ මහතතයා මේ දවස් ටිකේම වහින පාටක් නෑ නේද වගේ කාලගුණය සම්භන්ද මොකක් හරි ඔබ්බවලලු ඉතින් මිනිහගෙ නම ගුණේ උනත් ඌට හැමෝම කියන්නෙ කාලගුණයා කියලලු... :-D

    50ට ජය!

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව..අපි උනත් අදුරන්නෙ නැති කෙනෙක් එක්ක කතාව පටන් ගන්නේ ඔහොමනේ..නැද්ද හා
      ස්තූතියි ඔයටත්

      Delete
  10. ඔන්න අපරභාගයේදී පනහට පනහ වැසි ඇතිවෙන බව කාලගුණේ මාම කිව්ව

    ReplyDelete
    Replies
    1. අම්මප! අව්වයි වැස්සයි නරියගෙ මගුලයි කිව්වලු

      Delete
  11. ෂහ්..... 50 කියන්නේ ලොකු ගාණක් හොදේ........ මගේ අවංක සුබ පැතුම් කිව්වා...........
    කාලගුණේ ගැනනං කතා එපාම වෙලාය. මං කුඩයක් ගෙනිච්චොත් කරවෙන්න පායනවාය. නොගෙනියපුවාම පට්ට ඉඩෝරෙක උනත් ගලන්න වහිනවාය. ඒ මගෙ වාසනාවය.

    ReplyDelete
    Replies
    1. බෝම ස්තූතියි! මටත් ඔහොම සීන් නම් වෙනව අනත්තවත්...

      Delete
  12. නොවැස්සෝත් පායාවි කිව්වලු !! :p

    බ්ලෝග් එකක් පොස්ට් 50ක් වෙනකම් ගෙනව කියන්නේ ලේසි වැඩක් නෙමේ.

    සුභ පැතුම් සහෝ !! :D

    ReplyDelete
    Replies
    1. තෑන්ස් හොදේ! ඒක කියන්න ඉතිං කාලගුණයක් ඔනෙද නෙහ්... හැක්

      Delete