Wednesday, September 30, 2015

ෆීලිං ඩිසැපොයින්ටඩ්!

 

ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...

පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.

ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...

පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ලස්සන ස්ටයිල් කර කර එද්දි..ඉරිසියා නොහිතුනා නෙමෙයි...

වයසේ වැරැද්දට කෙල්ලො එක්ක යාලු උනාට..මට එයාට දෙන්න කියලා ඉතුරුවෙලා තිබ්බේ "මගේ දුප්පත් ආදරේ" විතරයි...

ඒ ලෙවල් ඉවර වෙන්නත් කලින් සමහරුන්ට ගෙවල්වලින් බයික් අරන්දුන්නට,සමහරු බිස්නස් පටන්ගත්තට,සමහරුන්ට ලස්ස ගනන් වටින් බඩු අරන් දුන්නට..මං එවා ඉල්ලුවෙ නැත්තෙ ආසාව නැතිව නෙමෙයි..

පන්ති පීස් දෙන්න සල්ලි නැතිව..සර්ලගෙන් ෆ්‍රී කාඩ් හිගාකෑවේත්...අනිත් උන් වගේ ආතල් ගන්න නෙමෙයි.

සමහරු කේඑෆ්සී,පීසා හට් එකෙන් කෑම කද්දි..60 දශකයේ කඩේට ගිහින් ගල් බනිසක් කාලා බඩ පුරෝගත්තෙ කරන්න දෙයක් නැතිකමට..

කරුමෙට එක්සෑම් කෙල උනාට...ආයෙත් නාස්ති කරන්න තරම් කාලයක් තිබ්බේ එයාලට විතරයි..

පොඩි කාලෙ ඉදන් ජරා අසනීපයක් ඇගේ තියාගෙන,ඒ මදිවට ඔලුවත් අවුල්කරගෙන..මැරෙන්න හිතුනේ වරක් දෙවරක් නෙමෙයි...

හීන හැම එකක්ම ඇස් ඉදිරිපිට බිදවැටෙනකොට...ජීවිතේ එපාඋනේ වෙන කරන්න දෙයක් නැතිහිංදයි...
අතේ සතේ නැතිකොට..ඉල්ලගන්න කවුරුත් නැතිකොට...ඉන්ටර්වීව්වලට යන්න එන්න සල්ලිත් නැතිව,ජොබක් හොයන්නත් සල්ලි ඕනෙකොට..මං මටම වෛරකරන්නේ..මං කාලකන්නිය්‍රක් නිසයි..

හැමෝගෙන්ම බැනුම් අහනකොට..වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි!

25 comments:

  1. ඒබ්‍රහම් ලින්කන් ගේ ජිවිත කතාව කියවපන්... ඒ හොඳටම ඇති..

    ReplyDelete
    Replies
    1. ඒබ්‍රහම් ලින්කන් ගේ ජිවිත කතාව කියවපන්... ඒ හොඳටම ඇති.. X 2

      Delete
    2. ඒබ්‍රහම් ලින්කන් ගේ ජිවිත කතාව කියවපන්... ඒ හොඳටම ඇති.. X 3

      Delete
    3. තෑන්ක්ස් අයියලා ඔක්කොටම..මං කියවලා බලන්නම්කො!

      Delete
  2. ..//වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
    මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි//..

    මට අගහිගකමි නමි තිබුනේ නැ.ඒත් මෙ ලියලා තියෙන දේවල් වලට වඩා දේවල් මට වෙලා තියනවා.ගමෙ හොදම නමක් දිනාගෙන හිටපු මම එක කාලයක් බජාර් එකටත් වැටිලා හිටියා .කටු වලත් හොදම කටු කාලා තියනවා.කාලයක් මම කරපු මෝඩකමි ගැන තැවි තැවි හිටියා.කොහොම උනත් මට එක දෙයක් තෙරැනා.අතිතයෙන් අනාගත මාවතට තාප්පයක් ගහගන්න එක ලොකුම මෝඩකම කියන එක.මම කරේ අතීතයෙන් පඩිපෙලක් හදාගෙන අනාගතයේ ඉහලට නගින්න උත්සහ කරපු එක.අපිට වැරදිලා නැ මචං.අපි හිතන විදියෙයි වැරද්ද තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දෙයිනුත් ගන්න දෙයක් තියෙනව අයියේ..ඔව්!

      Delete
  3. ලස්සනට වැදෙන්න ලියලානම් තියෙනවා........... ඒත්,

    //හැමෝගෙන්ම බැනුම් අහනකොට..වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
    මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි! //

    මෙන්න මේ වෙලාව කරන්න ඕනි ප්‍රශ්න වලින් පැනලා යන එක නෙවෙයි. අනික් උන්ට මොනා වුණත් කමක් නෑ කියලා තමන් තමන්ගෙ ජීවිතේ කොහොම හරි ගොඩදාගන්න එකයි...

    ReplyDelete
    Replies
    1. මං මේ පටන්ගන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...මහලොකු හීන නෑ.කාලා ඇදලා "සතුටින්" ඉන්න..

      Delete
  4. හිකිස්.... තෝ අපි කාපූ පරිප්පු කාලා තියෙනවා නම්, මගේ යාළුවෝ කාලා තියෙන පරිප්පු කාලා තියෙනවා නම්, මේ ළෝකෙට එන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. ඕං ඉතින් මාතලං ගුරු ජී මගේ අඩවියේ දාපු පලවෙනි කොමෙන්ටුවෙන්ම මාව චොර කරලනේ.ඉතිං ඒ අත්දැකීමුත් දාන්න එපැයි දේසපාලනේ ලියන්නෙ නැතිව.මගේ යෝජනාවක්!

      Delete
  5. උඹ විතරක් නෙමෙයි අපි හැමෝම එහෙමයි ...
    මටත් තියනව ඔය වගේම ප්‍රශ්න... කරුම ලෙඩකුත් තියනව ....
    ඒත් උඹ දැක්කනෙ මම ඉන්න විදිහ ..??

    ReplyDelete
    Replies
    1. ඒකනං ඇත්ත! නැව ගිලුනත් බෑං චූං වගේ ආතල් එකේ ඉන්නේ..මටත් ඕනේ එහෙම වෙන්න.

      Delete
  6. මලියා බය කරන්න එපා යකෝ

    ReplyDelete
  7. ඔහොම හිතෙන එක සමාන්‍යයි බං.. ඒත් වැඩිය අප්සට් නොවී ඉන්න තරමට තමයි හොද..

    ReplyDelete
  8. කියනව නං මේකට කතා අනන්තයි අප්‍රමාණයි මචෝ
    උඹ වගෙම මමත් කටු කාල නන්න වෙලා තියෙනව කොටිංම හිගන්නනෙක් කියල බැණුං අහ තියෙනව
    හැබැයි ඒකටත් එක්ක හරියන්න අද මම තැනකට ඇවිත් තියෙනව
    ගගක් ලස්සන මචං ගල් කුළු තියෙන තරමට
    නිකංම ගලන ගගක් දියා කවුරුවත් හැරිලවත් බලන්නෙ නෑ
    අන්න ඒක විතරක් හිතේ තියා ගං සහෝ

    ReplyDelete
    Replies
    1. පල පල!! තෝ එදත් හිගන්නා අදත් හිගන්නා අපි වගේමයි!!

      Delete
    2. @Mahesh ayya
      ඒක ලස්සන කතාවක්..අපිටත් දවසක ඉර පායයිනේ..
      @Rupe
      හී හී..දැන්නම් ජොබක් කරනවලුනේ නේද..සල්ලි බාගෙ එහෙම ගැවසෙනවා ඇති නේද්

      Delete
  9. තෝ මොකක්හරි කරනවා නම් කලින් කියපන්....අපි‍ට එකපාරට නිවාඩු දාගන්ඩ අමාරුයි!

    ReplyDelete
  10. ඕවද යකෝ මිනිස්සුන්ට තියන ප්‍රශ්න.

    ReplyDelete
    Replies
    1. ඔව්! ඔව් කිව්වට නෑ ඉතින්..මේක වන් ඔෆ් ද මේජර් පොබ්බම්s..ඕයැස්!

      Delete
  11. ජීවිතේ ලස්සනයි...ගල් වල හැප්පෙන තරමට

    ReplyDelete
    Replies
    1. ඇත්ත..මං තාම උල්පත ලගමයි ඉන්නෙ..ගලන්න පටන් ගත්තෙ නෑ..

      Delete