Thursday, September 24, 2015

මං මොකුත් කියන්නෙම නෑමයි!


මං මොකුත් කියන්නෙම නෑමයි...
අර පොඩි කෙල්ල දූෂණය කරපු එක ගැන,
ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන,
අපරාධකාරයෝ "එල්ලා මරන්නැයි" බෙරිහන්දෙන "කුරා කූඹියෙකුට වරදක් නොකල" මිනිසුන් ගැන,
"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,
නෑ...මං මොකුත් කියන්නෙ නෑ...
මොකටද නිකං ලේ පුච්චගන්නේ!

27 comments:

  1. //ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන//

    ....කියලා වැඩක් නැහැ.....

    ReplyDelete
    Replies
    1. රෙද්ද පල්ලෙන් බේරෙන මාධ්‍ය සදාචාරය

      Delete
  2. නිකං ලේ පිච්චෙනවා විතරයි , එක ඇත්ත

    ReplyDelete
  3. මොකෙක් හරි අසම්ජ්ජාතියෙක් කෙල්ලෙක්ව දූෂණය කරන්නෙ එක පාරයි. ඒත් උසාවිය ඇතුලෙ හත් පාරක් දූෂණය වෙනවා කියනවනෙ. (අධිකරණයට අපහාස කලා නම් නෙවෙයි ඔන්න) දැන් තියෙන නීතිය ගැන කිවුවෙ. ඊට පස්සෙ සමාජය ඒ කෙල්ලව හැම වෙලේම දූෂණය කරනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..ඕකට බය හින්දා ගොඩක් අතවර,දූෂණ කේස් ඕනතරම් පොලෝසි යන්නෙ නැතිව හැන්ගිලා තියෙනවා!

      Delete
  4. කතා කරලා වැඩක් නෑ මලියෝ.....
    ඔක්කොම ලේ රහ කුනු රහ බලන්න විතරයි ආස...ඕක මේ රටේ මිනිස්සුන්ගෙත් වැරැද්දක්.....

    ReplyDelete
    Replies
    1. "අපි" කුණු රහ සොයායන නිලමැස්සෝ වෙමු!

      Delete
  5. වැඩක් නෑ මලියෝ අපි මොකුත් නොකිය ම ඉමු.

    ReplyDelete
  6. ඒ වුනාට අර 17 කොල්ල සෙක්ස් සීන් ලැප්ටොප් එකේ දාගෙන හිටපු එකනම් වැරදියි ඈ!

    ReplyDelete
    Replies
    1. හෙහ්! එහෙනං ඔය වයසේ ලංකාවෙ කොල්ලන්ගෙන් 99%ක්ම පොලෝසි ගච්චන්න වෙයි!

      Delete
  7. මේ සිදුවීම සම්බන්ධයෙන් නම් පොලිසියයි ජනමාධ්‍යයයි මහ විකාරයක් නැටුවා පහුගිය දවස් ටිකේ. සෝවාන් වෙච්ච මහජනතාව ඉතිරි අඩුව සම්පූර්ණ කළා. කාගෙ කාගෙත් වාසනාවට ගෙවල් කීපයක් කුඩුකරල ගිනිතියල එකෙක් දෙන්නෙක් මැරුණෙ නැත්තෙ. උනු විනාශයට වඩා වැඩි විනාශයක් කරනවා මේ මීහරක් එකතුවෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ලංකාවේ හොද නීති පද්ධතියක් තියෙනවා.කරන්න ඕනේ පොඩි තට්ටුවක් දාලා "හරියට කරපන්" කියන එක විතරයි.නැතුව නීතිය අතට ගන්න හදන එක නෙමෙයි.

      Delete
  8. //මං මොකුත් කියන්නෙම නෑමයි...//

    පවතින තත්වෙ අනුව කරන්න සුසුසු හොදම දේ තමයි මේක................... ඇත්ත

    //මොකටද නිකං ලේ පුච්චගන්නේ! //

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතාව ඕවා ඇහෙද්දි මට ලියන්න තරම් "සංයමයක්" නෑ!

      Delete
  9. ....//"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,//..

    ඔවා නරඹලා නැත්තේ අපේ ආතලා එහෙම විතරයි.මොකද ඒ කාලේ ඔවා තිබුනේ නැනේ.පුවත් නැති මාධ්‍යකට අසභ්‍ය දේ නැරඹීමත් පේන්නෙත් මහ ලොකු පුවතක් වගේ

    මලියා උඹ මගේ බිලොග් එකට එක වතාවක්ද කොහෙද ආවා.ආයේ ආවෙ නැ නේද

    ReplyDelete
    Replies
    1. අනේ සොරි..මේ දවල්වල මට කාගේවත් බ්ලොග් බලන්න වෙලාවක් තිබුනේ නෑ.ඉදල හිටලා දවසට එකක් දෙකක් බැලුවොත් මිසක්!බය වෙන්න එප..ඉඩක් ලද විගස ඇරියස් අල්ලනවා!

      Delete
  10. ඇත්තටම ලංකාව වගේ රටක ඔව්ව කතා කරලා වැඩක් නැහැ තමයි..
    කොල්ලගේ කොම්පීතරේ අරන් ගිහින් ඌව කුජීත කරලා දාපු එකනම් තනිකරම අපරාදයක්.

    මගේ යාලුවෙක් පොලිසියෙන් අරන් ගියා හොර සහතික වගයක් ගහල මාට්ටු වෙලා. උගේ කඩේ තිබ්බ කොම්පීතර ඔක්කොම පොලිසියෙන් අරන් ගියා ඌ එක්කම. ඌ පොලිසියට අහු උන දෙවැනි වතාව නිසා ඌට ඒ තරම් ගානක් තිබ්බෙත් නැහැ . දවස් දෙකක් වගේ ඌ පොලිසියේ තියාගෙන හිටිය උසාවි දානකම්. ඒ දවස් දෙකම රෑට පොලිසියේ එවුන් කරලා තිබ්බේ අරූව අල්ලගෙන බෝතලයක් එහෙම ගෙනල්ල බිබී අරූගේ කොම්පීතරේ තිබ්බ වැල ටික බලපු එකලු. පොලිසියේ එවුන් අපේ එකාට හොඳට කන්නත් දීල , බොන්නත් දීල, වැලත් බලල දවස් දෙකකට පස්සේ උසාවි දැම්ම. උසාවියෙන් දහදාහක් දඩ ගහල එලියට දැම්ම. පොලිසියෙන් අපේ එකාගේ කොම්පීතරේ තිබ්බ වැල ගැනනම් උසාවියට කියල තිබ්බේ නැහැ.

    අන්තර්ජාලය සහ වැල බැලීම ගැන වෙනම සාකච්චාවට ගන්න ඕන කාරණයක්. එත් ඉතින් ලංකාව වගේ රටක ඔව්ව කතාකරල පලක් නැතිවෙයි.

    ReplyDelete
    Replies
    1. වැල බලන උන් ඉන්නෙ දැන් කාලේ විතරද? ඒ කාලේත් වල් පත්තර් ඕන තරම් තිබ්බේ..නීතියෙන් තහනම් උනාට ඕව නැතිකරන්න පුලුවන්ද? මං අද දැක්ක ලස්සන කතාවක් බුකියේ මෙහෙම
      "I watch porn..but I'm not a rapist"

      Delete
    2. තාක්ෂණයත් එක්ක දියුණු වෙන ලෝකෙක වැල නිර්මාණය නිත්‍යානුකූල කලාත්මක කර්මාන්තයක් වෙච්ච කාලෙක වැල බැලීම අපරාදයක් ලෙස දකින අපේ මිනිස්සු ලොක්කෝ රටේ මහජන ධනය හොරා කන එක අපරාදයක් විදිහට දකින්නේ නැහැ බන්. එහෙම රටක මෙව්වා කතාකරන එකත් අපරාදයක් වෙයි ඉස්සරහට.

      මේක බෞද්ධ රටක් කියල මහා ලොකුවට කියාගන්න එවුන් ඒ බෞද්ධ රටේ පාලකයින් පලවෙනි සහ දෙවැනි සිල් පදේ හිටු කියල කඩන එක ගැන කිසිම වෙලාවක කතා නොකරන අපේ බෞද්ධ මාද්‍ය සහ බෞද්ධ ජනතාව වැලක් බලල මාට්ටු උනා කියල දැනගත්තොත් ඌව රටෙනුත් පන්නන්න තරම් එඩිතරයි. අහෝ මෙහෙමත් රටක්..

      Delete
  11. පොලීසිය එක්ක බුදියමු
    අම්බරුවන් සමග නැගිටිමු
    නැගිටල අබ්බගාතයන්ට උඩදාගෙන ගහමු

    ReplyDelete
    Replies
    1. කියන්නෙනම් මහජන මිත්‍රශීලී පොලෝසිය කියලා..එක වැඩක් කරලා ලකුණු ටිකක් දාගන්න හදනකොටන මොකෙක් හරි අපතයෙක් නම කනවා!

      Delete
  12. මොකා මේකට රහස් පොලිසිය කියලා දැම්මද මන්දා........ පොඩි කෑල්ලක් දැනගත්ත ගමන් දුවලා ඇවිත් මාධ්‍ය ප්‍රකාස කරනවා..... ඊළඟ දවසේ ඇවිත් අරූ නෙවෙයි වෙන එකෙක් සැකයි කියනවා.... ගොන් හැත්ත.

    ReplyDelete
    Replies
    1. බලං යද්දි ඔයාගේ කතාවත් ඇත්තනේ බණඩයියේ!

      Delete