Wednesday, September 30, 2015

ෆීලිං ඩිසැපොයින්ටඩ්!

 

ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...

පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.

ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...

පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ලස්සන ස්ටයිල් කර කර එද්දි..ඉරිසියා නොහිතුනා නෙමෙයි...

වයසේ වැරැද්දට කෙල්ලො එක්ක යාලු උනාට..මට එයාට දෙන්න කියලා ඉතුරුවෙලා තිබ්බේ "මගේ දුප්පත් ආදරේ" විතරයි...

ඒ ලෙවල් ඉවර වෙන්නත් කලින් සමහරුන්ට ගෙවල්වලින් බයික් අරන්දුන්නට,සමහරු බිස්නස් පටන්ගත්තට,සමහරුන්ට ලස්ස ගනන් වටින් බඩු අරන් දුන්නට..මං එවා ඉල්ලුවෙ නැත්තෙ ආසාව නැතිව නෙමෙයි..

පන්ති පීස් දෙන්න සල්ලි නැතිව..සර්ලගෙන් ෆ්‍රී කාඩ් හිගාකෑවේත්...අනිත් උන් වගේ ආතල් ගන්න නෙමෙයි.

සමහරු කේඑෆ්සී,පීසා හට් එකෙන් කෑම කද්දි..60 දශකයේ කඩේට ගිහින් ගල් බනිසක් කාලා බඩ පුරෝගත්තෙ කරන්න දෙයක් නැතිකමට..

කරුමෙට එක්සෑම් කෙල උනාට...ආයෙත් නාස්ති කරන්න තරම් කාලයක් තිබ්බේ එයාලට විතරයි..

පොඩි කාලෙ ඉදන් ජරා අසනීපයක් ඇගේ තියාගෙන,ඒ මදිවට ඔලුවත් අවුල්කරගෙන..මැරෙන්න හිතුනේ වරක් දෙවරක් නෙමෙයි...

හීන හැම එකක්ම ඇස් ඉදිරිපිට බිදවැටෙනකොට...ජීවිතේ එපාඋනේ වෙන කරන්න දෙයක් නැතිහිංදයි...
අතේ සතේ නැතිකොට..ඉල්ලගන්න කවුරුත් නැතිකොට...ඉන්ටර්වීව්වලට යන්න එන්න සල්ලිත් නැතිව,ජොබක් හොයන්නත් සල්ලි ඕනෙකොට..මං මටම වෛරකරන්නේ..මං කාලකන්නිය්‍රක් නිසයි..

හැමෝගෙන්ම බැනුම් අහනකොට..වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි!

Thursday, September 24, 2015

මං මොකුත් කියන්නෙම නෑමයි!


මං මොකුත් කියන්නෙම නෑමයි...
අර පොඩි කෙල්ල දූෂණය කරපු එක ගැන,
ඒකිව ආයේ ආයෙත් දූෂණය කරපු වේස මාධ්‍ය ගැන,
අපරාධකාරයෝ "එල්ලා මරන්නැයි" බෙරිහන්දෙන "කුරා කූඹියෙකුට වරදක් නොකල" මිනිසුන් ගැන,
"අසභ්‍ය" දෑ නැරඹූ වල් කොල්ලෙක්ගේ ජීවිතය හපකරන "සභ්‍ය නපුංසකයන්" ගැන,
නෑ...මං මොකුත් කියන්නෙ නෑ...
මොකටද නිකං ලේ පුච්චගන්නේ!

Monday, September 7, 2015

මතක සුවද


බුද්ධි...ගොඩක් අය එයාට කතාකරන්නේ එහෙම.ඒත් මං එයාට කතාකරන්නේ "මේධා" කියලා.ඔව් එයා ලස්සනයි ගොඩක්.ඉගෙනගන්නේ අගනුවර ප්‍රසිද්ධ පාසලක.නෑ..එයා මගේ ගෑල්ලමයා නෙමෙයි.එහෙම වෙනවට අකමැත්තකුත් නෑ හැබයි...ඒත්,එයා තාම චූටි ලමයෙක්.ඉන්නේ 9 වසරේ.හැබැයි පෙනුමින් නම් ඕ ලෙවල් කරලත් ඉවරයි වගේ.මොකද මේ හදිස්සියේ කෙල්ලෙක්ව මතක් උනේ.මට එයාව සෙට් උනේ ලගදි..ම්ම්..සති 3ක් ඇති උපරිම.හරි හොද අහිංසක කෙල්ලෙක්.ඇත්ත කියන්න එපැයි,පොඩ්ඩක් මෝඩයි..හේතුව පොලොවට පය තියන්න අවස්ථාවක් නොලැබීම.අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.ඒක නෙමෙයි කතාව.අපිට වෙන් වෙන්න සිද්ධ උනා.දුකයි තමයි..ගොඩක්!අපි එකට හිටපු සති දෙක තුනේ මාත් එක්ක මාරම විදියට ෆිට් උනා එයා.අපි යාලු උනා,තරහ උනා,රැව්වා,ගහගත්තා,හිනා උනා...මට ජිවිතේ ලොකු පාඩමක් ඉගෙනගන්න අවස්ථාවක් ලබාදුන්න.ඉතිං මේ ඊයේ පෙරේදා අපි සමුගත්තා අපෙන්...මං කිව්වා මට මතක් වෙන්න මොනවාහරි දෙන්න කියලා.මේකි දුවලා ගිහින් කොහෙන්දෝ අරන් ඇවිත් දුන්නනේ මට මේ සුකුරුත්තම.(පොටෝ එක බලන්න).

දුන්නනේ මට මේ සුකුරුත්තම!

ඕවා අතේ දානවලු කස්ටිය..එයා හදපු මෙව්ව එකක්ලු.අනේ මංදා,මං ඉතින් සැහැල්ලුවෙන් ඉන්න කැමති මිනිහා හිංදා  "මතක් වෙන්න තියාගන්නම්" කියලා ඒක සාක්කුවට ඔබාගත්තා.ගෙදර ගිහින් නිකමට වගේ ඒකේ සුවද බැලුවා.ඔව්..ඒක මේධාවිගේ සුවදමයි."ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි".එහෙම කතාවක් අහල තියෙන නිසා මං ඒක ලාච්චුවේ තියෙන පොඩි පෙට්ටියට දාන්න හැදුවා.එක්වරම මගේ නෙත ගැටුනේ පොඩි බෝතලයක්.ඒකේ ගහලා තිබුනා "Pure Love" කියලා...

මං හිතන්නේ එතකොට මං 10 වසරේ.හා හා පුරා කියලා ගෑල්ලමයෙක් එක්ක යාලු උන අලුත.වෙනදට ඕනෑවට එපාවට වගේ ඉස්කෝලේ යන මං ඇදුම් මැදගෙන,ලස්සනට ඇදපැලදගෙන යන්න පටන් ගත්තා.ඒ දවස්වල උදේ වරුවෙන් වැඩි හරිය කණ්නාඩිය ඉස්සරහ.ඔහොම කාලේ ගතවෙද්දි මට හිතුනා පොඩ්ඩක් සුවද ගහගන්න.ඉතිං මං ඉස්කෝලේ ඇරිලා යන ගමන් යාලුවෙක් එක්ක "ලවර්" එකට ගොඩවැදුනා.ඔය කාලේ ලවර් එක කිව්වම හිතට දැනෙන්නෙත් අමුතු හැගීමක්.ඒ කිව්වේ "හිරි,ඔතප්" සම්බන්දව.ඔය මං ගිය ලවර් එක පිහිටලා තිබුනේ ගොඩනැගිල්ලක උඩුමහලේ.ඒකට යන්න තියෙන්නේ පිටතින් හදලා තියෙන පඩිපෙලකින්.ඉතින් මං එදා ජීවිතේ ප්‍රථම වතාවට ලවර් එකට ගොඩවැදුනේ පට්ට බයෙන් වටපිට බලබල..ඇයි දෙයියනේ අදුරන කවුරුහරි දැක්කොත් එහෙම මොන දෙයියන්ට කියන්නද? ඉතිං ඔහොම ඇතුලට ගිහින් එතන හිටපු අක්කට කිව්වා මට "සැන්ට්" එකක් අවශ්‍ය බව.ඉතිං තෝරලා තෝරලා සුවද එහෙම ටැස් කරලා මං මගේ ලෝ බජට් එකට හරියන මෙව්වා එකක් ගත්තා. ඒකේ මිල උනේ රු 95 වගේ මතක.හැබැයි ඒක කෙල්ලො යූස් කරන එකක්ද කියලත් මට සැකයි.මං ඇහුවාම කිව්වෙ එහෙම නෑ කියලා.

 
ඉතිං එදා ඉදන් මාස ගානක් ඕක ඉවර වෙනකම්ම මං යූස් කලා.උදේ පාන්දර ඉස්කෝලේ ගිහින්...ගෑල්ලමයට ආදරෙන් කිස් එකක් දෙනකොට,තුරුලු කරන් ඉන්නකොට මට එයාගෙන් ආපු අමුතු සුවදයි, මගේ සෙන්ට් එකේ සුවදයි කලවම් වෙලා අමුතු සුවදක් දැනුනා.. එයාගේ කම්මුල්වලින් මූණ අහකට ගන්න බැරි තරමට මං ඒ සුවදට වශී උනා.මට කියන්න බැරි උනානේ..ඒ සෙන්ට් එකේ නම "Pure Love ❤".ඔය කාලෙන් පස්සේ,ජීවිතේ විවිධ හැලහැප්පීම් වෙලා..අපිට වෙන්වෙන්න උනා.ඒත් එක දවසක්,මං මගේ පරණ ලාච්චුවක් අදිද්දි..මට හම්බුනා අර සෙන්ට් බෝතලේ.මං ඉබේටම වගේ ඒක ඇරලා සුවද බැලුවා.ඔව්..ඒ සුවදමයි,ඔයා මට තුරුල්වෙලා ඉන්නකොට මට දැනුනු ඒ සුවදමයි.මං එකදිගට විනාඩි 5ක් විතර ඒකේ සුවද නැහැයට අදින්න ඇති.නෑ..ඒක වැදුනේ නහයට විතරක් නෙමෙයි.ඒ සුවද දිගේ ගලාගෙන ආපු ඔයාගෙයි,මගෙයි රොමෑන්තික මතකයන් මගේ ඇග පුරාවට ගලාගෙන ගියා.මට සෑහෙන්න සතුටක්,සැහැල්ලුවක් දැනුනා.හරියට ඔයා මගේ ලග ඉන්නවා වගේ..ඔව්! මං දන්නවා ඒක මායාවක්.ඒත් මං කැමති ඇති ඒ මායාවට.ඊටපස්සේ..මං පරිස්සමට බෝතලේ වහලා දැම්මා,වෙන මොකටවත් නෙමෙයි..ලෝබකමට.ඉතුරු උන සුවද ටිකත් හුලගට අහුවෙලා යයි කියලා හිතලා.දන්නවද? මට හිතෙනවා වෙලාවකට..සයිබරයෙන් අපිට සුවදත් ශෙයාර් කරන්න පුලුවන් උනානම් කියලා.එහෙනම් ඔයාටත් ඒ ශෘංගාර සුවද විදින්න පුලුවන් වේවි!