Saturday, August 22, 2015

බයියෙක් කියූ කතාවක්



මැතිවරණයෙන් දින කීපයකට පසු මිතුරෙකු වන "බයියෙකු" අමතා කෝචෝක් පාරක් දැමීමට සිතුවෙමි.ඒ අනුව ඔහුට දුරකතන ඇමතුමක් ගතිමි.ඒ වනවිට සැදෑයාමය උදාවී තිබුන අතර මිතුරා වැඩඇරී නිවසට යාමට කොටුව දුම්රියපොලේ සිටිනබව පැවසීය.අප අතර වූ සංවාදය පහත පරිදිවිය.

මචං අප්පච්චි මලා නේද බං?
එහෙම කියන්න එපා.තාම මැරිලා නෑනේ.ඔය යස අගේට ඉන්නේ.

බලහන්කො ඉතිං..කොච්චර ඩීසන් පිට හිටපු මිනිහෙක්ද අන්තිමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන්න උනානේ.උගෙ වැරදි තමයි බං ඔක්කොටම මුල!

එහෙම නෙමෙයි බං.ඌ හැමදෙයක්ම කලේ හේතුවක් ඇතුව...
මොකක්! මොකක්ද ඒ හරුපේ තේරුම? දැන් එහෙනම් කියපන් බලන්න වසීම් තාජුඩීන්ව මැරුවෙ ඇයි කියලා?

ඕක මොකක්ද බං හැමෝම දන්නවනේ ඒක.නාමල්ට කැප්ටන්සිය ගන්න ඕන හිංදනෙ මැරුවේ.
මොකක්? තෝ ඒක කියන ලස්සන...
ඉතින් බන් ඌ උගෙ පුතා ගැන හිතන්නේ නැතිව වෙන කවුරු ගැන හිතන්නද?

හා හා..දැන් එතකොට හම්බන්තොට වරාය හැදුවෙ මොකටද?
රට සංවර්ධනය කරන්නනේ බං

හරි එහෙනම් මොකද ඒකට නැව් එන්නෙ නැත්තේ?
ඉතින් බං කොළඹ වරායක් තියෙද්දි මොකටද ආයේ හම්බන්තොට යන්නේ? එහෙන් වාහන ටික බෑවත් ආපහු පාරදිගේ කොළඹට අරන් එන්න එපැයි.වරාය හදපු එක ඇත්ත,ඒත් මොකටද නිකං කරදර වෙන්නේ?

උඹ මාර යකෙක්නේ! කියපන් බලන්න ඇයි චීචියට රොකට් අරින්න සල්ලි දෙන්නේ?
ඉතින් බන් ඒක උගේ ආසාවනේ.මතකද අපිත් පොඩිකාලේ රොකට් හදලා යැව්වා.අපේ තාත්තලට සල්ලි තිබුනද අපේ හීනවලට වියදම් කරන්න.ඒ වගේ තමයි බං පොඩි එකාගේ ආසාව නිසා අප්පච්චි ලොස් නැතිව වියදම් කරනවා.අන්න තාත්තල!

ඒකත් ඇත්ත තමයි...එතකොට ලැම්බෝගිනි මොකටද?
යකෝ ලැම්බෝගිනි ගේන්නෙ පදින්නනේ! නාමල්ට ආස හින්ද ඒවා ගෙනාවේ.කොල්ලොනේ බං.

එතකොට කොමිස් ගැහුවේ මොන මගුලටද?
හිතහංකො දෙයියනේ.දැන් උගේ පුතාලට ඕවා කරන්න මහින්දයා ඉපදෙනකොට සල්ලි ගහක් ගෙනාවද? නෑනේ.ඉතින් පුතාලට දෙන්නනේ හොරකම් කරන්නේ.ඒක වැරැද්දක්ද? මොනවා උනත් උගෙ ලමයි ටිකනේ.

ඒ උනාට රනිල් එහෙම......
බොල "වාසුදේවයෝ" ඌට ලමයි නැති හින්දනේ හොරකම් කරන් නැත්තේ.ඒකට අපි පලිද!

එතකොට සුදුවෑන් කතා...මිනීමැරුම්???
ඉතින් ඒවා කරේ කරන්න ඕනේ නිසා...තමන්ට කරදරයක් වෙන උන්ව මරන්නනේ ඒවා කලේ.ඒක වැරැද්දක්ද?

තොගෙ අම්මට *#%&₹(₹#₹%&*#* දඩබඩ...ඩොං...බුදු අම්මෝ!

මට ඇසුනේ මිනිසෙකු කෑ ගහන හඩකි.එසැනින්ම දුරකතනයද විසංධිවිය.මගේ ප්‍රශ්නවලට අරූ ඇගට පතට නොදැනී ගැසූ හයේ පහරවල් වලින් නිරුත්තර වූ මා නැවත ඔහු ඇමතීමටද උත්සාහ දැරුවේද නැත.පසුදින උදෑසන ඔහු ගැන සිහිනෙන්වත් නොසිතූ ආරංචියක් ලද මා වහාම ඔහුට ඇමතුමක් ගතිමි.

මචං මොකද උනේ?
අම්මෝහ්...ඊයේ උඹත් එක්ක කතාකර කර හිටපු තැන තව බයියෝ ටිකක් ඉදලනේ බං.අවුලක් නෑහ්,හෙට ටිකට් කපනව කිව්වා....

ප.ලි.- අර්ධ කල්පිතයකි.අදහස දුන් අකිල දිසානායක ට ස්තූතිය!

20 comments:

  1. ටිකට් කපනවා කිව්වම ටිකක් බය උනා...
    කල්පනා කරාමයි තේරුනේ.. බාගෙට ටිකට් කපපු නිසා හොස්පිටල් කියලා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හී හී...අලුත් ස්ටාටරයක් දාන්න වෙයි වගේ!

      Delete
  2. //ඊයේ උඹත් එක්ක කතාකර කර හිටපු තැන තව බයියෝ ටිකක් // බයියෝද ටෝයියෝද? නැත්නම් බයියෝ බයියෝම ගහ ගන්නවද?

    ReplyDelete
    Replies
    1. මේකනේ...අරූ කිව්ව දේවල්වලට ටොයියන්ට මල පනින්න විදියක් නෑනේ.මූත් බයියෙක්...ම්ම්..මෙහෙමයි කතාව.අර සමහර අය ඉන්නේ කැපුවත් මහින්ද..ඒ වගේ පොරක් මූ..වැරදි කලා තමයි.ඒත් චන්දෙ දෙන්නෙ මහින්දට...වැරදි කලා කියලා පිලිගන්නව හැබැයි. අර ගහපු බයියෝ තමයි "මහින්ද සුදනා" පාර්ශවය.තේරුණාද මංද?

      Delete
  3. Replies
    1. හී හී හී...මෙන්න කකා අයියා ඇවිල්ලෝ...බෝම ඉත්තූතියි ආවට..ආයෙත් එන්ට!

      Delete
  4. මහින්ද වාදීන් විතරක්ම නෙවෙයි රනිල් වාදින් උනත් රනිල් මොනව කලත් හරි කියන කතාව තමයි කියන්නේ.අපේ රටෙි ජන්ද දායකයාගේ ලොකුම ගැටලුව තමයි පුද්ලගවාදින් වීම.ඔය ගැටලුව නිසා තමයි පාර්ලීමෙන්තුව දූෂිතයන්ගෙන් පිරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. 100% එකගයි..ඕන කෙනෙක්ගේ වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්ද පණ තියෙන්න ඕනේ.ඒත් කරුමේ කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ කොන්ද බිදින්න පටන් ගන්නේ ඉස්කෝලේ කාලෙ ඉදන්මයි.

      Delete
  5. ඉතින් බං ටොපික් ඒක මාරු වෙන්න ඒපැයි... ඒකා ටොයියෙක් නොවැ.....

    ReplyDelete
    Replies
    1. හයියෝ...ටොපික් එක හරි..මං අදහස් කරපු දේ වැටහිලා නෑ වගේ

      Delete
  6. Replies
    1. ස්තූතියි,නැවත එන්න

      Delete
  7. හෙහ් හෙහ්, ඔන්න ඕකලු තත්වේ..

    ReplyDelete
  8. අඩන්නද? හිනා වෙන්නද?

    ReplyDelete
  9. මුංට බෙදිලි මදිවට දැං බය්යො ටොය්යො බෙදිල්ල... චික් .. ඒකෙ කැත..
    ජයවේවා..!!

    ReplyDelete
  10. අහිංසකයෙකුට කෙලවලා බලහන්කෝ ආතල් එකේ ඉන්න ලස්සන!

    ReplyDelete
  11. yashyantha.srinath@gmail.com මෙන්න මගෙ මේල් එක.

    ReplyDelete
  12. ඔන්න පුතේ අන්තිමට බයියොයි ටොයියොයි එකතු වෙලා හොරු ටික අල්ල ගත්තලු....මරු ලියමනක් ඈ.....දහයෙන් දහයයි

    ReplyDelete