Sunday, August 16, 2015

මහමග කුජීතවීම


මේ ඊයේ පෙරේදා දිනයකි,ස්ථානය නිට්ටඹුව නගරයයි.පන්තියක් හමාර වී කොලඹ දිසාවේ සිට "දඩුමොනරයේ" පැමිනි මා අස්සෙන් අස්සෙන් දමා කලර් ලයිට් අසල නැවතුනි.නිව්ටල් එකේ සිටියදී එන්ජිමේ යම් නුහුරු හඩක් ඇසුනු බැවින් දෙතුන් විටක් රේස් කල මට "සෙට්ටපොච්චි" බව වැටහුනි.මිස් කිරිල්ලක් නිසා බයිකය එකවර නතරවිය.එසැනින් කොල එලිය දැල්වුන අතර කිසිවක් කරකියාගත නොහැකි හෙයින් මා පිටිපස හැරී පසෙක තිබූ සීටීබී බසයට "යන්නැයි" අතින් සන් කලෙමි.ඒ යකා මට බැන බැන යන්නට විය.එසැනින් ඉදිරියෙන් තිබූ පොලිස් මුරපොලේ සිටි "අයියා" මා දෙස උවමනාවෙන් බලන්නට වූ අතර මා සෙමෙන් බයිකය තල්ලුකර පාර අයිනට ගන්නා ලදි.ඉන්පසුව දන්න වැඩකිඩ සියල්ලම දමා පෙට්‍රල් ෆිල්ටරය ගලවා කටින් පිබ නැවත බයිකය පණගන්වා ගතිමි.

පසුදින ගරාජයට දමා පෙට්‍රල් ටැප් එක සුද්ධකරවාගෙන යතාතත්වයෙන් බයිකය සමග නිවසට එන්නට පිටත්වීමි.අලුතින් අධිවේගී නඩු ලබාගැනීම ආරම්භකර තිබුනේ එදින බැවින්දෝ අපේ ගමේ පාරේද "අයියලා" රාජකාරියේ යෙදී සිටියාය.(නමුත් වේගසීමා සදහන් කරඇති මාර්ග හිරු අඩවියෙන් බලාගෙන තිබුන නිසා අපේ පාරවල් ගැන මට තඹ දොයිතුවක තැකීමක් නොමැතිවිය) එක්වරම මට ඉදිරියෙන් අයියලා සිටින බව දුටුවද මා සතුව සියලු ලියකියවිලි ඇතිබැවින් එය ගනනකට ගත්තේ මා නොවේ.නමුත් හිටිවනම මාගේ දඩුමොනරයේ පැති කණ්නාඩියක් ගැලවී බිමට වැටුනි.
පැති කණ්නාඩියක් ගැලවී බිමට වැටුනි.

එසැනින් කලබලවූ මා "අයියලා" සිටි තැනට අඩි 10කට පමන මෙහායින් එය නතරකලෙමි.නැවත බයිකය හරවාගෙන යෑම අරුන්ගේ බරපතල සැකයට හේතුවන බැවින් එයින් බැසගත් මා දිවගොස් තවමත් නිරුපද්‍රිතව ගැලවී තිබූ පැති කණ්නාඩිය රැගෙන එය බෑගයට දාගත්තෙමි.මේ අතරතුර මගේ හැසිරීම දෙස ඔවුන් බලාසිටියේ "කොටියෙක් බෝම්බ ගැසීමට සැරසෙනවාදැයි" යන සැකයෙනි.නැවත බයිකයට නැගි මාව "අයියලා" සුවර් එකට නවත්වන බව මට ඉරහද සේ ප්‍රක්ත්‍යක්ෂ විය.මන්දයත් ඇගපතින් කුඩා වූ මා(දන්නෝ දනිති) නිතරම "පොලිස් උකුසු ඇසට" හසුවන බැවිනි.සිතූ පරිදිම මා හට නවතින්නට සිදුවූ අතර මා කිසි වරදක් නොකල හෙයින් නොබියව මගේ ලියකියවිලි ඉදිරිපත් කලෙමි.එය ගත් නිලධාරියකු එය පරික්ෂාකරන අතරතුර ලොක්කා මගෙන් විමසුවේ "මොකක්ද වැටුනේ" කියාය.සත්‍යය පැවසූ මා පුදුම වූයේ එතැන පොලිස් නිලධාරින් දෙදෙනෙකුට අමතරව නිලධාරිනියකද සිටීම පිලිබදවයි.ඉන්පසු පොලිස් නිලධාරියෙක් මොන මොනවාදෝ ලියනවා දුටු හෙයින් ලගට ගොස් ඒ පිලිබදව විමසුවේ නොකල වරදකට දඩ කන්නට වේදැයි ඇතිවූ සැකය නිසාය.නමුත ඊට ඔහු දුන් පිලිතුර වූයේ "කිසි ප්‍රශ්නයක්" නැතිබවත්,මැතිවරණ සමය හෙයින් මාර්ගයේ ගමන්ගන්නා වාහන පරික්ෂාකරන බවත්ය.එම පිලිතුරෙන් මගේ හිත සෑහීමකට පත් නොවුනද කරබාගෙන හිටියේ කුතුහලය සංසිදවා ගැනීමට ගොස් ඉල්ලන් කෑම අනවශ්‍යය බැවිනි.එමෙන්ම මගේ ලිපිනයද සදහන්කරගත් ඔවුහු මට යාමට අවසර දුන්හ.එසේ මගේ වරදක්ද නැතිව තොරතුරු සටහන් කරගැනීම ගැන මට ඇත්තේ ගැටලුවකි.මේ පිලිබදව දන්නා යමෙක් වේ නම් අදහසක් දැක්වීම අගයකොට සලකමි.

******************************************************
දිනක් මගේ නෑදෑ අයියා කෙනෙකු මාව හමුවීමට ආවේ ඔහුගේ පරිගණකයේ අලුත්වැඩියාවක් කරවාගැනීම සදහා මා රැගෙනයාමටයි.ඒ සදහා හාඩ්වෙයාර් කොටසක් අලුතින් යෙදවීමට අවශ්‍යය වූ නිසා එය මිලදීගැනීමට නගරයට යාමට සිදුවිය.ඔහු පැමිණියේ ඔහු අලුතින් මිලදීගත් (සෙකන්ඩ් හෑන්ඩ්) "ඩිස්කවරි"යක වූ අතර එය පැදවීමේ ආසව හා ඔහුට රියදුරු බලපත් නොමැතිවීම හේතුකොටගෙන එය පැදවීම මට බාරවිය.ෂෝටත් ගහගෙන එය පැදගෙන කුරුල්ලා වගේ මා නගරයට ගියෙමි.එයද කලර්ලයිට් මංසංධියකි.එතැනට මීටර් 50කට පමන පෙරදී හංදිය අසල සිටි ටිකක් අදුරන අපේ ඉස්කෝලේ නංගියෙකු දුටුවෙමි.ඇයටද පෙනෙන සේ ලයින් එකක් දැමීමට සිතා ඈතතියාම බයිකයේ "හෙඩ"දැමුවෙමි.ගතවූයේ නිමේෂයකි,අහෝ ඛේදයකි!එක්වරම බයිකය මංසන්ධිය මැද නතර විය.මේ දැන් පොලොව පලාගෙන අපායට වුවද ගියත් කම් නැතැයි මට සිතුනි..

ප.ලි.-පසුව එයත් මාර්ගයේ පසෙකට ගෙන පරීක්ෂාකල පසු දැනගත හැකිවූයේ "රෙක්ටිෆයරයේ" දෝශයක් නිසා බැටරිය චාජ් නොවීම ස්ටාර්ට් නොවීමට හේතුව බවයි.යංතන් ඉතුරුවෙලා තිබුන බැටරි ජුන්ඩත් හෙඩ ගැහීම නිසා "වාශ්ප" වී තිබුනි.

17 comments:

  1. උඩ කතාවෙන් හල තියෙන දේ ගැන නං වැඩිය දැනුවත් භාවයක් ෑ ඒත් අර කෝකටත් හොදයි කියල ලියා ගත්ත වෙන්නත් පුලුවං... සමහරු ඉන්නව නෙ මොකක් හරි බැල්දියක් කඩං වැටෙය් කියලම බයෙන් අන්න ඒ හින්දද දන්නෙත් නැ..
    දෙවනි කතාව තමා මරු... හිහික්... ඒ වෙලාවට නං පොළව පළාගෙන හතර මහ නරකාදියට ගියත් කමන් නෑ කියල හිතෙව නේ බං... කොල්ලන්ට මයි වෙන්නෙ පව් අප්ප මලිය හැක්

    ReplyDelete
    Replies
    1. පවු නේන්නම් දෙයිය්නේ!

      Delete
  2. මහමග කටු ගැන නම් කියල වැඩක් නැ..දන්නා වැඩකිදවලින් නිතරම සාත්තු කරන බැවින් මගේ සුරතලා කිසිදිනක මව අතරමග නොතැබුවත් යහළුවන්ගේ ඒවා එළවන්නට ගොස් කා ඇති කටු නම් කිසිදා අමතක වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.තමං ආදරෙන් සලකනවනම් තමන්ගෙ "හුරතලාත්" කවදාවත් අපව අතරමං කරන්නෙ නෑ.

      Delete
  3. මට නම් මේවා මාර පුරුදුයි....... මට ඒ තරම් හොද බයික් ඒකක් තියෙනවාය....

    ReplyDelete
    Replies
    1. බයික් එකක් කිව්වේ ???

      Delete
    2. මට තියෙන්නෙත් ඉතිං ඒවගේ එකක්ම තමයි. හොන්ඩා සීඩී 90ක්

      Delete
  4. නිට්ටඹූවේ නේද??

    හරි හරි නිට්ටඹුවට සිග්නල් නෑ.. ඒකයි..

    කරන්න තියන එකම දේ කෑලි හැලෙන් නැති එකක් හොයා ගන්න එක....

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඒවා ගන්න ඉතින් මෙව්වා එපැයි..අදහසක් නම් තියෙනවා.තව අවුරුද්දකින් විතර බලමු

      Delete
  5. පව් දෙයියනේ ... විලි ලැජ්ජාවේ සන්තෝසේ බරුව් ඓන්න් ඇති

    ReplyDelete
  6. ඔය ලැජ්ජාවල් මොනවද තලවකැලේ දී වෙච්චි දේවල හැටියට?

    ReplyDelete
    Replies
    1. අර්ර්ර්....මං කිව්වා කියලා හිතාගන්ටකෝ! :(

      Delete
  7. දවසක් මම බයිකෙක වමට විතරක් හරවන ටී හන්දියකින් දකුණට හැරෙව්වා දන්නෙ නැතිව.නඩු දානවා කියලා විස්තර ලියාගත්තා.අවුරුද්දක් විතර ඇති.. නඩුත් නෑ.. මුකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අාපු නිසා වෙන්න ඇති...

      Delete
  8. පොලිස් කතා ගොඩක් තියනවා මමත් එකක් දෙකක් ලියන්න ඕනෑ

    ReplyDelete
  9. ගොඩාක් දුරට ඔය තොරතුරු ගන්නේ මතු ආරක්ෂාවට...අපේ අප්පුච්චත් පොලෝසියේ වැඩ කොරන්නේ....ඒ උනත් මටත් පොලීසියේ සමහර වැඩ කටයුතු නම් දිරවන්නෙම නැත....
    කොයි හැටි වෙතත් අසාදාරන කුප්ප ක්‍රියාකරකම් හැර අනිත් අවස්තාවල සහයෝගය දක්වනව...මොකද අපේ ආරක්ශාව වෙනුවෙන් සහ රටේ ආරක්ශාව වෙනුවෙන්....

    ReplyDelete