Saturday, July 25, 2015

චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වය





ඊයේ රෑ මොනවද බැලුවේ?
රතුඉර
ආහ්..රෝසිගෙ බොරු අහන් හිටියා නේද?
නෑ බන්දුල ඇත්ත කියනව අහන් හිටියා :P
මෙයා අලියෙක්ද?
නෑ අලියෙක් නෙමෙයි හරකෙක්!


ඔන්න ඕකයි මට අහන්න වුනේ..හු**.මට කියන්නනං වචන ආවා.වැඩිහිටියෙක් හින්දා සද්ද නැතිව හිටියා.

එයා හිතන්නෙ එයා තමයි හැම දෙයක්ම දන්නෙ,එයා හිතන හැමදේම හරි,එයාට ඕනෙ විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියල.ඔයා එක එකාට ඕනේ විදියට ජීවත්වෙන එක ගැනනම් මගේ පලවෙනි පෝස්ට් එකේ දාලා තියෙනවා සිහින කුලියට දීම කියල.ගිහින් බලන්නකො.


ඒක ඇත්ත,ඔයා මට වඩා කාලයක් ජීවත් වෙලා තියෙනවා.මට වඩා දේශපාලන ලෝකයෙ වෙලා තියෙන දේවල් දන්නව.ඒත් ඒකෙන් අදහස් වෙනවද ඔයා කියන දේම මං පිලිගන්න ඕනෙ කියල?බැරිවෙලාවත් ඔයා එහෙම හිතනවනම් ඔයාට වැරදිලා.මං එහෙම කෙනෙක් නෙමෙයි.මටත් මොලයක් කියලා එකක් තියෙනවා.අඩුගානෙ අම්මා,තාත්තා කිව්වත් අන්ධ බක්තියෙන් අදහන/පිලිගන්න කෙනෙක් නෙමෙයි මම.මටත් තියෙනවා විචාර බුද්ධියක් කියලා එකක්.මොන පක්ෂෙකට චන්දෙ දුන්නත් උන් කියන සුරන්ගනා කතාවලට රැවටිලා නෙමේ චන්දෙ දෙන්නෙ.සාපෙක්ෂව ගන්න පුලුවන් හොදම තීරනයයි ගන්නෙ.ඔයාගෙයි,මගෙයි දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.ඒක සාමාන්‍ය දෙයක්.ඒ පිලිබදව වාද තියෙන්නත් පුලුවන්.නමුත් ඒවා තර්ක මගින් බිදහෙලන එකයි කරන්න ඕනේ.නැතුව පුද්ගලිකව මඩ ගහන එක නෙමෙයි.එත් මං ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.මොකද ඔයාලගෙ "අප්පච්චි"ත් කලේ ඒකමනෙ.මාධ්‍ය යොදාගෙන අමු අමුවෙ මඩ ගහපුව අමතක නෑ අපිට.මැරිච්ච මිනිස්සුන්ට මොකුත් කියන්න මං කැමති නෑ.ඒත් මේක නොකියා ඉන්නත් බෑ.මහින්ද අබේසූරිය මැරුනෙත් ඔය කරපු කැ* වැඩවල දිඨ්ඨ ධම්ම කරුමෙ පලදීල තමයි.ඒ වගේ රජෙකුට වන්දනාමාන කරන වැඩවසම් වහල්ලුත් උගේ ක්‍රමේ අනුගමනය කරන එක පුදුමයක්ද?


********************************************************************************
මේ සැරේ චන්දෙ දෙන්නෙ කාටද?
ඒක මොකටද ඔයාට...
කාට දුන්නත් කමක් නෑ අලියට දෙන්න එපා.


මං දන්නවා ඒ මොකද කියලා...වේටෙක්ස් එක වැහුවා.සතොස වික්කා.රවී සල්ලි කෑවා..මං දන්නවා හැම දෙයක්ම.ඒ ඔක්කොම මං අහපු දේවල්.මොකද එක්කො ඒ කාලෙ මං පොඩියි,නැත්නම් ඉපදිලාවත් නෑ.


 ඒ හැම දෙයක්ම කවුරුහරි මට කියපුවා.නැතිනම් ඇහිච්ච ඒවා.මං කියන්නෙ නෑ ඒවා හරී කියල.වැරදි දෙයක් කවුරු කලත් වැරදියි.ඒ ගැන කියන්න කොන්ද පන තියෙන්න ඕනෙ.මං දන්නවා,රනිල්ට බටලන්දෙ චෝදනා තියෙනවා.ජෙප්පන්ට භීෂණ සමයේ චෝදනා තියෙනවා.

ඒත්,වාසනාවටද අවාසනාවටද මන්ද මං ජීවත් වෙන්නෙ 21වෙනි සියවසේ.මට දැනුම තියෙන්නෙ,අත්දැකීම් තියෙන්නෙ මේ ආණ්ඩු සමය ගැන.ඉතින් මං චන්දෙ දෙන්නෙ මගේ අත්දැකීම් එක්ක.අනිත එක රටක් කවදාවත් අතීතයේ රැදිලා තියෙන්නෙ නෑ නේද? අතීතය වැදගත්,පාඩම් ඉගෙනගන්න.එහෙම කියලා අතීතයේ කරපු එක හොදක් නිසා ඒ පක්ෂෙ තමයි හොදම එක වෙන්නෙ නෑනේ.එහෙමනම් අපේ රටට නිදහස ගන්න පුරෝගාමී උනේ ඩී.එස්. කියලා සන්දාන කාරයොත් තාම යූඇන්පි යට චන්දෙ දෙන්න එපැයි.ඒ වගේම තමයි,මහින්ද යුද්දෙ දින්නා කියලා රට එයාට කන්න දෙන්නත් බෑනෙ.පහුගිය කාලෙ මංගල කියපු ලස්සන කතාවක් මතක් වෙනවා.(ඌ සමරිසියෙක් කියලා මඩ ගහන්න පටන්ගන්න එපා මොකද ඒක එයගෙ පුද්ගලික කාරනයක්.අනික හොදට හෝ නරකට මිනිහා මරු මොලකාරයෙක්)

මිනිහෙක් වතුරට වැටුන ගැහැනියක් බේරාගත්තද,ඇයව දූෂණය කිරීමට අයිතියක් නැත.


 ඉතින් ඒ වගේ තමයි යුද්දෙ දින්නා කියලා රට කන්න දෙන්න බෑනේ.ඒ දවස්වල මං අප්පච්චිගෙ පිංතූරයක් මගේ කාමරේ බිත්තියේ ගහගෙන හිටියෙ,ඒ තරම් ආදරයක්,ගෞරවයක් තිබුනෙ මට මහින්ද ගැන.ඒත් ඉතින් පහු පහුවෙන්න කොහු කොහු වෙන්න පටන් ගත්තා.ඒකට ඉතින් වගකියන්න ඕනෙ අලිබබා සහ හොරු හතලිහම තමයි.


 ප.ලි.- භීෂණ සමය ඇතිවීමට හේතුව හා ඒ සම්බන්ද අත්දැකීම් ඇත්නම් අදහස් පලකරන මෙන් ඉල්ලා සිටිමි.ඔබගෙ අදහස එකහෙලා පිලිගන්නේ යැයි මින් අදහස් නොවනමුත්,එය මගේ දැනුමට ඉවහල් වනු ඇත.



35 comments:

  1. කළු ජුලිය , ඉන්දියන් හමුදාව , ලාම්පු කලගෙඩි නැටුම, ජේවීපී මර්දනය මුවාවෙන් විරුද්ද මතධාරීන් ඝාතනය,භික්ෂුන් නිවන් පුර වැඩමවීම, ශිෂ්‍යයන් නිවන් පුර වැඩමවීම, මාධ්‍ය වීදීන් නිවන් පුර වැඩමවීම, කලාකාරයින් නිවන් පුර වැඩමවීම,ත්‍රස්තවාදීන්ට ආයුද, මුදල් සැපයීම,ත්‍රස්තවාදීන්ට හමුදා පුහුණුව සැපයීම , හමුදා බුද්දි අංශය නිවන් පුර වැඩමවීම,කොටින්ට සන්නිවේදන උපකරණ දීම. රාජ්‍ය සම්පත් හිතවතුන්ට ලබාදීම , බැඳුම්කර මගඩිය

    ReplyDelete
    Replies
    1. විශේෂයි,මං චන්දෙ දෙන්නෙ අලියට නෙමෙයි!

      Delete
  2. meya narambanna,

    https://www.facebook.com/SriAvTvNetwork/videos/vb.317748864952771/955547534506231/?type=2&theater

    ReplyDelete
  3. meyada narambanna

    https://www.facebook.com/video.php?v=1193476150678669

    ReplyDelete
  4. meyath narambanna

    https://www.facebook.com/heresthetruthsl/videos/444682432403584/

    ReplyDelete
  5. [ඉතින් ඒ වගේ තමයි යුද්දෙ දින්නා කියලා රට කන්න දෙන්න බෑනේ.]

    උඩ තියෙන වීඩියෝ තුනම බැලුවනම් දැන් තීරණය කරන්න ඒ මිනිහා රට කෑවද නැද්ද කියලා. ඔහු රට විශාල ලෙස සංවර්ධනය කලා. නමුත් ඔහුට හෝ ඒ වටේ හිටි අයට ඒ සංවර්ධනය මාකට් කරගන්න අවශ්‍ය බවට හැඟීමක් තිබ්බේ නැහැ.
    ඔහු රටට ගෙන ආ දේවල් අතර අපේ මිනිස්සු බහුතරයක් හීනෙන්වත් අසා හෝ සිතා නොමැති නැනෝ තාක්ෂණය සම්බන්ධව පරීක්ෂණ කරන මධ්‍යස්ථානයක් පවා තිබෙනවා.
    මහින්ද ලෝකේ එක්ක එකට යන්න හැම වෙලාවේම වගේ උත්සාහ කලා.

    නමුත් ඔහු මේ කියන විදිහට හොරා කෑවේ නැහැ. හොරා කෑවානම් මේ දේවල් පවතින්නේත් නැහැ.

    ඔබගේ වයස මම දන්නේ නැහැ. මංගල ඔබ කිව්වා වගේ හොඳ මොළ කාරයෙක්, නමුත් ඔහු ඔහුගේ මොළේ වැඩිපුරම පාවිච්චි කලේ මඩ ගහන්න වගේ දේවලට.
    ප්‍රේමදාස මහත්තයා තන කිරි වලින් නාන කතා, ඇහි බැම ගාල ඉන්න කතා ඇතුළු සෑහෙන මඩ ප්‍රමාණයක් ගහල ඔහුගේ චරිතය ඝාතනය කලා.
    ඔහු මෙදා මහින්දට කලෙත් ඒක. ඔහු ඇතුළු නඩය මහින්දට හොරා කියන නම රෙජිස්ටර් කලා වගේම ගණිතය ගැන අවබෝධයක් නැති ජනතාව ඒවා විශ්වාස කලා.
    නීතිය සම්බන්ධව මහින්දගේ ගැටළු තිබුන බව මමත් පිළිගන්නවා.

    නමුත් යහපාලනයේ නාමයෙන් අලුත් ආණ්ඩුවත් කාටවත් නොතේරෙන ලෙසින් නීතිය අයුතු ලෙස පාවිච්චි කරනවා. නමුත් ඒ අවස්ථා කඩතුරාවෙන් හිමීට වහන නිසා මිනිස්සුන්ට පේනවා අඩුයි.
    එමෙන්ම යහපාලනය කියන කන්සෙප්ට් එක තුළදීම රනිල් පාර්ශවය කල අගතිගාමී ක්‍රියා කොටස එම කෙටි කාලයට සාපේක්ෂව සිතා බලන්න.

    බැඳුම්කර වංචාව, රවී සම්බන්ධ නඩුව එකවර ඉවර කර දැමීම(මෙම මුදල් ඒවා තිබුනේ අද ඔවුන් සමග දීග කන JVP ය දෙකඩ කිරීමටය), වෙලේ සුදාගේ තොරතුරු ෆයිල් අතුරුදහන් කොට ඔවුන්ගේ සම්බන්ධතා හෙළි වීම වැළකීම, ජෝන් පැරණි unp ක්‍රමයට විපක්ෂයට පහර දීම සඳහා ආරාධනා කොට අනුබල දීම, මහින්ද සමයේ එකදු එතනෝල් බලපතක්වත් නිකුත් කර නොතිබූ අවධියක මොවුන් දින 150 දී බලපත් 28 ක් නිකුත් කර තිබීම වැනි සැළකිය යුතු කරුණු ප්‍රමාණයක් කෙටි කලකින් ගොඩ නගා ගැනීමට ඔවුනට හැකිවිය.

    මහින්ද එක්ක හිටපු සමහර මෝඩයෝ ඉන්දියන් ෆිල්ම් වල වගේ තැනක් නොතැනක් නොබලා මැරකම් කරද්දී ඒවට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම ලොකු අඩුවක් වුනා.

    නමුත් දැන් ජනපති මෛත්‍රී නිසා එවැනි අවස්ථාවකට රට ගෙනියන්න මහින්ද බලයට පැමිණියත් හැකි වෙන්නේ නැහැ. එමෙන්ම මහින්ද තුල තිබු ඒ තමාගේ එවුන් වැරද්දක් කලත් රැකගත යුතුයි කියන මානසිකත්වය දැන් පහවී ගොස් තිබෙනවා.
    ඒ ඔහු විසින් රැකි පුද්ගලයින්ම ඔහු මත වරද පටවමින් සුදනන් වීමට උත්සාහ කිරීම තුලිනි.
    මහින්ද නැවත බලයට පත්වී අගමැති වුවහොත් ඔබ අපට ඉතා විශිෂ්ඨ අගමැති වරයෙක් දැක බලා ගැනීමට හැකිබව මගේ විශ්වාසයයි.

    ඒ සඳහා එල්බගෙන ඇති මත වලින් බැහැර වී පවතින තත්ත්වයද අනුව නැවත සිතා බලා තීරණයක් ගැනීම වඩා වැදගත් බව මගේ අදහසයි.
    මන්දයත් ඔබ මහින්ද පාර්ශවයට හෝ unp ට ජන්දය නොදී වක්‍රාකාරව unp ය බලයට ගෙන ඒමට කැමති වෙනත් පක්ෂයකට දෙන ජන්දයකින් සිදු වන්නේ නැවත unp ය බලයට පත්වී දැන් පවතින තත්වයේ දිගුවක් හෝ ඊටත් අන්ත පාලනයක් ඇතිවීම බවද සිතට ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. පෝද්දල ජයන්ත,ප්‍රගීත් එක්නැලිගොඩ,ලසන්ත,ලලිත්-කූගන් අතුරුදහන් කරවීම,වසීම් තාජුඩීන් ඝාතනය,රාජ්‍ය මධ්‍ය භාවිතය,කුඩු ජාවාරම,ස්ත්‍රී දූෂණ,කප්පම් ගැනීම්,රාජ්‍ය දේපොල අයුතු භාවිතය,මාධ්‍ය නිදහස.අධිකරණයේ ස්වාධීනත්වය,ශිරාණි බණ්ඩාරණායක එලවීම,ෆොන්සේකා සිරගතකිරීම,...මේවටත් උත්තර බලාපොරොත්තු වෙනවා

      Delete
    2. Bayyas have no answers to above!

      Delete
    3. පෝද්දල ජයන්ත - යුධ සමයේ රටට එරෙහිව නැගී සිටි ඔහුට එල්ල වූ ප්‍රහාරය සිදුකලේ ආණ්ඩුවෙන් වේවා වෙනත් පිරිසක් හෝ වේවා, එය ඔහු ඩොලර් වලට කඩේ යමින් රට පාවා දීම වෙනුවෙන් ලද තිළිණයකි.
      මේ ඔහු සම්බන්ධ ලිපියක තිබු එක අදහසකි.
      Poddala Jayantha ,as a Sinhalese and a Srilankan should know known the mood and felt the pulse of the great majority of his fellow Sinhalese how they would react when journalists financed by Foreign interests denigrate and insult the victory the country achieved to stay in one piece after three decades of anarchy and mayhem..

      They must also know that this victory was achieved by the unselfish sacrifice of thousands of young Sinhala youth by their parents who are poor rural folk especially from remote places like Poddala.

      Earning a living as journalists and helping the society to grow as a descent and prosperous entity is different from acting as anti majority agents of the Opposition and their Foreign backers to make a quid and get favors from the anti SL Foreign Governments..

      There are thousands of journalists who belong to the former and only a handful fall into the latter category.

      However as Srilankans we wish Mr Poddala Jayantha all the very best in his new venture on his adopted land.

      කවුරුන් කලත් එවැනි ආකාරයේ පහර දීමක් අනුමත කරන්නට නොහැකිය.

      Delete
    4. ප්‍රගීත් එක්නැලිගොඩ - ඔහු අතුරුදන් වුයේ කාට විරුද්ධ ලිවීමෙන්දැයි ඔබ නොදන්නවා ඇතැයි සිතමි. කෙසේ නමුත් ඔහු විදේශයක සුවෙන් සිටින බව දන හෙළිවී ඇති බවද ඔබ දන්නවා ඇතැයි සිතමි.

      http://cartoonistsrights.org/is-prageeth-eknaligoda-alive/

      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      ලසන්ත - වෙඩි තබා ඔහු ඝාතනය කිරීම සම්බධව පරීක්ෂණ සිදු කලත් එහිදී ගෝඨාභය වෙත එල්ල කෙරෙන චෝදනාව ඔප්පු කිරීමට නව රජයට පවා නොහැකි විය.
      ලසන්ත අවසානයට ලියු ලිපියේ මෙලෙස සඳහන් වේ. "In his final editorial, published after his assassination, Wickrematunge wrote: “When finally I am killed, it will be the government that kills me.” He also wrote that his hoped his murder would not be interpreted as a “defeat of press freedom but as an inspiration”."
      කෙසේ හෝ තම අරමුණු කරා යාමට උත්සාහ කල මහින්ද විරෝධීන් හට මෙය මහඟු අවස්තාවක් වූ බවට කුඩා හෝ සැකයක් නැතිද. අවම වශයෙන් ඔවුන් වෙත සැකයක් හෝ එල්ල නොවෙන අතර ලසන්ත ලියු වදන් හමුවේ තනිකරම සැකය යොමු වන්නේ මහින්ද පාර්ශවය වෙතය. මෙය බොර දියේ මාළු බෑ අවස්ථාවක් නොවන බවට ඇති සහතිකය කුමක්ද.

      http://www.ifj.org/nc/news-single-view/backpid/1/article/sri-lanka-to-reopen-investigation-into-2009-murder-of-lasantha-wickrematunge/

      Delete
    5. ලලිත්-කූගන් අතුරුදහන් කරවීම
      "According to Premaratne, Lalith Kumar was detained by the Army on several occasions previously and had been asked not to engage in any political activities."
      මෙයද බොර දියේ මාළු බාන්නට කදිම අවස්තාවක් බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.
      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      වසීම් තාජුඩීන් ඝාතනය-
      "The CID investigation mainly relied on scientific evidence since there was a lack of physical evidence. However, the Government Analyst in his report which was released in January this year after a lapse of two years since the death of Wasim Thajudeen says that he cannot express his opinion on this death due to a lack of physical evidence."

      හරි හෝ වැරැද්ද තීරණය කරන්නේ උසාවියයි. මෙම තීන්දුව ලැබී තිබියදී පවා ඔබලා පවසන්නට යන්නේ කුමක්ද.

      ඉතිරිය කියවන්න,
      http://www.dailynews.lk/?q=local/thajudeen-murdered

      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      රාජ්‍ය මධ්‍ය භාවිතය -
      පවතින රජයක් සෑම විටම භාවිතා කරන්නේ රාජ්‍ය මාධ්‍යයි. ඔබ දැන් ඇස්කන් පියාගෙන නොසිටින අයෙක්නම් යහ ආණ්ඩුව මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය පමණක් නොව වෙනත් සම්පත් ද යොදාගෙන ඇති අයුරු දැක ගත හැකිවනු ඇත.

      ජනපතිවරණයේදී දැන්වීම්, කටවුට් අවමයෙන් භාවිත කර එම මුදල ජනතා සුභ සිද්ධියට යොමු කරන බව කියූ මෛත්‍රී පාර්ශවය(unp ද ඇතුළුව) අද මහින්ද පාර්ශවයෙන් දැන්වීම්, කටවුට් නොමැතියැයි කියමින් විහිළු සපයනවා දුටුවේ නැතිද.
      ඔවුන්ගේ දිව දෙකේ දේශපාලනය සඳහා එය හොඳම උදාහරණයකි.

      මේ අමතර කරුණු කිහිපයකි,
      2015 මැතිවරණ සටනේදී මහින්ද පාර්ශවයෙන් ඇඩ් 16 ක් පමණක් සෑදෙද්දී මෛත්‍රී වෙනුවෙන් ඇඩ් 60 ගණනක් සාදන්නේ ඉතා ඉහළ මට්ටමේ (කොකා කෝලා වැනි දැන්වීම් සාදන) ආයතන හරහාය. ඒ වෙනුවෙන් සෑදු සින්දු පවා ඉතා ඉහළ ප්‍රමිතියකින් අධික මුදලක් ගෙවා සෑදු ඒවාය. ඔවුන් ඒවාට වියදං කලේ කාගේ මුදල්ද.

      Delete
    6. කුඩු ජාවාරම -
      මෙය පමණක් නොව කැසිනෝ, ජැක්පොට් ලංකාවට දායාද කලේ unp ආණ්ඩුවයි. පසුගිය සමයේ කුඩු හුවමාරුව අධික වූ බවක් සමාජයට සිතන්නට හැකි වන්නේ ඒවා බහුතරයක් ආරක්ෂක අංශ මගින් ඇල්ලු නිසා බව අමතක නොකළ යුතුය.
      ඒවා ඇල්ලීමත්, අල්ලන ලද ප්‍රමාණ සහ විස්තර මාධ්‍ය මගින් ජනතාවට හෙළි කිරීමත් නිසා ඔබ වැන්නවුන් එහි වරද ආණ්ඩුව වෙත බැර කරන්නට පසුබට වුයේ නැත.
      ඒවා අල්ලන්නේ නැතිව සංසරණය වීමට ඉඩ හැරියේ නම් කුඩු ගැන සමාජය දැනුවත් නොවීම හරහා රටේ කුඩු නැති බව සිතීමටද ඔබ වැන්නන් පෙළඹෙනු ඇත.

      මහින්ද සමයේ රටේ මිනිසුන්ගේ කුඩු භාවිතය එනම් කුඩු කාරයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට දත්ත සහිතව පෙන්වීමට හැකිනම් පමණක් ඔබගේ තර්කය සාධාරණ වනු ඇත. නමුත් එය එසේ නොවේ.
      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      ස්ත්‍රී දූෂණ -
      ස්ත්‍රී දුෂණ මා විසින් ලඝු කොට තකනවා කියා නොසිතන්න.
      පෙර පවතී රජයන් යටතේ පවා ඒවා සිදුවූ බවත් සාරධර්ම පිරිහුණු සමාජයක් කරා අප ඇද වැටුනේ විවෘත ආර්ථිකයට එකවර විවෘත වීමට සිදුවූ පසු එය දරාගැනීමට නොහැකි වූ සමාජයකින් අප සමන්විත වීම නිසාය.

      මෙයද මහින්ද සමයේ විශේෂයෙන් වැඩි වුවක් කියා ඔබ සිතනවානම් එය මහා විහිළුවකි. විශේෂ සිද්ධි කිහිපයක් එම සාමය තුල වාර්තා වුවද ඒවාට දඬුවම් දුන් බවද අමතක නොකළ යුතුය.
      රුසියන් තරුණියගේ සිද්ධියේදී දේශපාලුවෙකු වූ පුද්ගලයාට පවා දඬුවම් දුන් බව අමතක නොකරන්න.
      යහපාලන සාමය තුළදී පවා ස්ත්‍රී දුෂණ වල කිසි අඩුවක් නොමැති බව ඔබට පසක් වෙනවා ඇති.
      එය වසරෙන් වසර ක්‍රම ක්‍රමයෙන් වැඩි වන සමාජ ව්‍යයසනයක් බැවින් විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණක් බව සිහි කැඳවිය යුතුය.
      එයට ඇති එකම විසඳුම ගණිකා වෘත්තීය නීතිගත කිරීම නොවුනත් එවැනි ස්ථාන සඳහා ඇති දැඩි බාධක ලිහිල් කිරීමක් පවා යම් පමණක සහනයක් වනවාට සැක නැත. නමුත් මේ ලංකාව බැවින් මෙයට නිසි විසඳුම සෙවීම ඉතාම අපහසු කරුණකි.
      ...............................................................................................

      කප්පම් ගැනීම් -
      මෙයද unp ය මගින් සමාජගත කල එක් දායාදයකි. 30 වසරක යුද්ධයක් තිබු රටක ඇතිවිය හැකි සමාජ ගැටළු අතර කප්පම් ගැනීම, සොරකම සහ මිනි මැරුම් ප්‍රධාන වේ.
      පෙර පවතී පාතාලය පෝෂණය කල unp ආණ්ඩු සමයේ කප්පම් ගැනීම, පාතාල කල්ලි අතර වීදි සටන්, පාතාල කල්ලි මගින් කල කප්පම් ගැනීම් සහ වෙනත් මිනි මැරුම් සමග සංසන්දනයේදී ඒවායේ අඩුවක් මිස වැඩියක් නැති බව පැරණි සත්ත මගින් සනාත කරගත හැකිවනු ඇත.
      එසේ නැතිනම් 80 සහ 90 දශකයේ මෙම ක්‍රියාකාරකම් මතකයේ ඇති වැඩිහිටියකුගෙන් අසා දැන ගැනීමටද හැකියාව ඇත.

      Delete
    7. රාජ්‍ය දේපොල අයුතු භාවිතය -
      මෙය ලංකාවේ පැවතී සියළුම රජයන් මගින් සිදුකල අතර යහපාලනයක් ගෙන එන්නට පැමිණි ආණ්ඩුවද යහපාලනය යන නාමයට මුවා වී සිදු කලේද එයමය. මෙම ජන්දය සඳහා ඔවුන් ඒවා භාවිත කරයි. එසේ කරන ගමන් සමහර දෑ ඉතා සුක්ෂම ක්‍රම මගින් ජනතාවගේ දෑස් වලට නොපෙනෙන සේ වසා දැමීමට තරම් ඔවුන් කපටි විය.
      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      මාධ්‍ය නිදහස -
      යුධ සමයේ මාධ්‍ය යම් පමණක වාරණයකට ලක් කල බව සැබෑය. එසේ කර තිබියදීත් අපගේම මිනිසුන් හරහා ඔවුන් චැනල් 4 වීඩියෝ වැනි දේ නිපදවා අප යුධ අපරාධ උගුලේ අසු කරවන්නට කරනා තැත තවමත් ක්‍රියාත්මක වන බව අමතකද.
      ඊට අමතරව මහින්ද ජනපති සමයේ ඔහුට ඇති තරම් මඩ ගැසීමට බොහෝ මාධ්‍ය ක්‍රියා කල අතර ඒ සඳහා කිසිම කෙනෙකුට දඬුවම් විඳින්නට වුයේ නැත.

      නමුත් යහපාලන සමයේ රනිල්, මෛත්‍රී, මංගල යන අයගේ මුහුණු පොඩි දරුවන්ගේ ඇඟවල් වලට බද්ධ කර ෆොටෝ සකසා ප්‍රචාරය කලේයැයි අයෙකු අත්අඩංගුවට ගෙන දඩ ගසා ඇති බව ඔබ නොදන්නේද.
      පුරවැසි මාධ්‍යකරුවන් වෙත මහින්ද ජනපති සමයේ එසේ කලේනම් මේ වනවිට කී දෙනෙකු නම් සිටිය යුත්තේ සිර ගෙවල් වලද.
      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      අධිකරණයේ ස්වාධීනත්වය -
      ඔවුන් මේ වනවිට හොඳටම ස්වාධින වී ඇති බව පෙනේ. JVP දෙකඩ කිරීමට ඇති විශාල මුදල් ප්‍රමාණයක් පෞද්ගලික ගිණුමට ලද රවී කරුණානායක හට එම මුදල් ලද ආකාරය ප්‍රකාශ කිරීමට නොහැකිව වසර ගණනක් ඇදී ආ නඩුව දිනකින් දෙකකින් නිදහස් වන මට්ටමට ඔවුන් ස්වාධින වී ඇත.
      ගෝඨා අල්ලාගෙන ආ වෙලේ සුදාගේ ෆයිල් ටික ඉස්සීමට තරම් ඔවුන් ස්වාධින වී ඇත.
      කෝප් වාර්ථාව හෙළි නොකරන ලෙසට කීමට තරම් ඔවුන් ස්වාධින වී ඇත.
      ජනපති මෛත්‍රී සිදුකළ විශේෂ ප්‍රකාශය නැවත ප්‍රචාරය තහනම් කරන්නට තරමට ඔවුන් සදාචාර සම්පන්න විය.

      Delete
    8. ශිරාණි බණ්ඩාරණායක එලවීම -
      නියමිත ක්‍රමවේදය අනුව ගොස් පාර්ලිමේන්තුවේ මත විමසීමකින් පසුව සිදු කල නෙරපා හැරීම වැරදි බව කියන්නේ කෙසේද.
      යහපාලනය මගින් එවකට සිටි අග විනිසුරු "සිටියේ නොමැත" යන බොරු න්‍යායක් ගෙන කිසි මත විමසුමක් නොමැතිව ඔවුනට අවැසි පුද්ගලයකු පත් කර ගැනීමට වඩා මහින්ද සමයේ ශිරාණි ඉවත් කිරීම බොහෝ දුරට ප්‍රජාතන්ත්‍රවාදී බව ඔබට නොතේරෙන්නේද.
      මෛත්‍රී විසින් රනිල්ව අගමැති බවට පත්කළ ක්‍රමවේදය මීටත් වඩා විහිළු සහගතය.
      ජනපති බවට දුවුරුම් දුන් මොහොතේම එවකට අගමැති වශයෙන් සිටි අය ඉවත් නොකොටම රනිල් අගමැති බවට පත් කිරීම අනුමත කල හැක්කේ කුමන ප්‍රජාතන්ත්‍රවාදයටද.
      ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
      ෆොන්සේකා සිරගතකිරීම-
      ඔහු හට තිබු චෝදනා වලට වැරදිකරු වූ සරත් ෆොන්සේකා සිරගත කිරීම තුළ ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස පෙනීම සාධාරණය. නමුත් ඒ සඳහා ඔහු මාවත් විවර කරගත් අයුරු ඔබලාට නොපෙනීම පුදුමයක් නොවේ.
      යුද්ධයේ අවසන් සමයේ ඔහුව රටින් පිටත් කලේ ඔහුගේ සැළසුම කලින්ම අනාවරණය වූ නිසා බව මාධ්‍ය සහ ජනතාවගෙන් වසන් කිරීමට තරම් පැවතී රජය බුද්ධිමත් විය.
      ඔහුගේ සැලසුම වී තිබුනේ ඔහුගේ සමීප හමුදා නිලධාරින් හරහා රටේ බලය ඇල්ලීම වුවත් එය හෙළි නොකළේ එසේ වූවානම් රටේ විශාල කැළඹීමක් ඇති වන බව ඔවුන් අනුමාන කල නිසාය.
      කෙක්කෙන් බැරි වූ දෙය කෙක්කෙන් හෝ කිරීමට සුදානම් වන බව තේරෙන විටය දඬුවම් දිය හැකි මට්ටමේ වැරදි හරහා ඔහුට දඬුවම් පැමිණවීමට සිදු වුයේ.
      වැරදි කරුවන්ට දඬුවම් ලබා නොදුන් බවට මහින්දට චෝදනා කරන මුවින්ම මහින්ද රජය විසින් දඬුවම් දුන් අවස්ථාවකට විරුද්ධවද චෝදනා කිරීම කෙතරම් හාස්‍යජනකද.
      ෆොන්සේකා කල මෙහෙය සළකා දඬුවම් නියම කිරීමෙන් පසු ජනපති සමාවක් ලබා දුන්නේනම් වඩා යෙහෙකි බව පිළිගත යුතුය.

      බලයට ඔහුගේ ඇති කෑදර බව මෙවර හොඳින් පැහැදිළිය. තරු 5 සමග ලැබුණු සියලු වරදාන ලැබීමෙන් පසුවද ඔහු දේශපාලනයේ එල්ලීමට කරන උත්සාහය ඔහුගේ තරම මැනවින් පෙන්නුම් කරන බව මගේ අහදසය.

      Delete
    9. වාව්...දේශපාලන මතවාදය කෙසේවෙතත්,ඔබගේ අදහස් දැක්වීම නම් සුපර්බ්...

      Delete
    10. ස්තුතියි.
      කරුණු සියල්ල මැදිහත් සිතින් කියවා බලා කෙටි හෝ අදහසක් දැක්විය හැකිනම් අගනේය.

      Delete
    11. අඩෝ උඹනම් පට්ටම බය්යෙක්...... උඹෙ බ්ලොග මොකක්ද බන්. ? මුගෙ එකේ හිටිය ඇති දැන්.....

      Delete
    12. ඒක ඇත්ත බං ලකියෝ..අපරාදේ කියන්ට බෑ අපේ දැනගැනීම උදෙසා සෑහෙන්ට කරුනු හොයලා තියෙනවා.ඒකට නම් සම්මානයක් දෙන්ට වටිනවා.

      Delete
    13. මටත් කියන්න ජාති දේවල් එනව හිතට. එත් මූ anonymous දාගෙන මාව චාටර් කරය්ද කියල හිතල මං මුකුත් කියන්නෙම නෑමයි.......

      Delete
    14. මට පොඩි සැකයක් තියෙනවා...උබ "රන්සකු" ද බං ඇනෝ?

      Delete
  6. මමත් දන්නේ අහපු දැකපු ඒවායෙන් විතරයි! එවායින් කවුරු හරිද? කවුරු වැරදිද කියලා කියන්ඩ මම දන්නේත් නෑ...
    ඒත්
    ලංකාවේ ජන්දේ දෙන්ඩ තරම් හොද මිනිහෙක් නෑ කියලා මම විශ්වාස කරනවා!

    ReplyDelete
    Replies
    1. එහෙමැයි කියලා වෙන දෙයක් වෙච්චාවෙ කියලා නිකං බලන් ඉන්න එකනම් මං අනුමත කරන්නෙ නෑ.

      Delete
  7. උඹට 18ට වැඩිද බං ....???
    මිනිස්සුන්ට චන්ද දෙන්ඩ එපා ...
    ක්‍රමයකට චන්දෙ දියං .....

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ ඇත්ත.මහින්ද නැත්තම් රට විනාශ වෙන්නෙත් නෑ,රනිල් හොදම අගමැති කියන්නත් බෑ,අනුරගේ කඩේත් බඩු ෂුවර් නෑ.අවස්ථානුකූලව හොදම තීරණය තමයි ගන්න ඕනේ....
      මමත් ඡන්දදායකයෙක් හරිය!

      Delete
  8. මගෙන් අහන ඔය වගෙ ප්‍රශ්න වලට මම සාමාන්‍යයෙන් උත්තර නොදී මගාරිනව. අනික තමයි මම කවදාවක් මගෙ දේවල් ඔහොම කියන්න යන්නෙ නෑ. ඒක අනිකට මහ එපාවක් නැද්ද මලියො.
    බැරිම වුනොත් හා හූ ගාල මාරු වෙනව මිසක් වචනයක් වත් කියන්නෙ නෑ.
    ඒකනෙ දේසපාලු පෝස්ට් වලට කොමෙන්ටු නොදාම ඉන්න බලන්නෙ බැරිම වුනොත් බ්ලා බ්ලා කියල හරි මාරු වෙනව

    ReplyDelete
    Replies
    1. මමත් කාලයක් ප්‍රශ්නවලින් පැනලා ගියා.ඒත් දැන් ඇත්ත හොයනවා,වගෙම ඇත්ත කියනවා,බයනැතිව.

      Delete
  9. මලියගේ හෘද සාක්ෂිය.. හැක්.

    ReplyDelete
  10. භීෂණ කාලය ගැන අත්දැකීම්නම් බොහෝමයි.. වයස අවුරුදු 13-14 වගේ කාලයේදී ලබපු අත්දැකීම් නිසා ලේසියෙන් මතකයෙන් බැහැර වෙන්නෙත් නෑ.. ලියන්නනම් කම්මැළියි පුතා.. ආයි දවසක හම්බවුණොත් අහපන්.. රස කරල කියන්නම්..

    ReplyDelete
    Replies
    1. අනිවා! කොලඹ රටේ අතරමං උන වෙලාවක එන්නම්කො නවාතැන් පහසුකම් ගන්න.හැක්

      Delete
  11. අදැයි ස්පොට් එක මාට්ටු වුනේ , දිගටම එන්නං. දිගටම ලියපං ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,නැවත එන්න...
      ඉදලා හිටලා මේ වගේ බයිලයක් ලිව්වට හොද ඒවත් ලියවෙනවා...හැක් හැක්

      Delete
  12. බොරු කියන්න එපා බන්. කවද්ද හොඳ ඒව ලිව්වෙ......

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බන් මාකටින් කියන්නේ..අහුවෙයන්කො උඹ!

      Delete