Saturday, July 18, 2015

තලවාකැලේ ආතල් සමග සොදුරු මඩක්


සිකුරාදා හවස මං කෝච්චියට නැග්ගේ මොකටවත් නොව තලවාකැලේ යාමටය.හිතුවක්කාරී පැවසූ පරිදි හිමිදිරි පාන්දර 4ට පොට් එකට යාමට අපේ ගෙදර සිට එලුකොප්පරයක්වත් ඕන වෙනවාය.ඉතින් අපි එදා රෑ කමි අයියාගේ(වැඩිහිටියන්ට ගරු කරන්නත් එපැයි) වාඩියේ ලැගුම් ගන්නට සූදානම් වී සිටියෙමු.
මං තාම බොග දාන්න අලුත්ය.ඉතින් බොගර්ස්ලා මොකෙක්වත් හැබැහින් දැක නැතිවාය.මගේ වාසනාවට රාගමින් රූපේ හා අලුපාට රනා සෙට් උනාය.ඉතින් පොඩි කයියක් එහෙම ගහගෙන කාරිය ඇවිත් අපි තුන්දෙනා මරදානින් බැස්සාය.ධවලගිරියෙන් තෝසේ පාරක් ගිලපු අපි තිදෙන කමියාගේ බජව් කාමරේ සොයා පියමන් කරාය.මග සලකුනු අනුව පැමිනි අපසැම සාදරයෙන් කමියා විසින් පිලිගනු ලැබුවාය.ටික වේලාවකින් මෙතනට මදුරුවෙක් ගොඩවැදුනාය.හෙතෙම නමින් ඇනෝපිලිස් විය.මූ හෙන නාකි පොරක්ය.කොච්චර නාකිද කියනවානම් මයිල් ගහක් නෑර සුදුවී ගොසින්ය.එතැන් පටන් දිගඇරුනු සාකච්චා මණ්ඩපය නිමාවී නින්දට යනවිට පාන්දර 1.30 පමන විය.

 පසුදා උදෑසන 4වනවිට අවදිවුන අපිලා 6 පමන වනවිට කෙසේ හෝ ලංකා ඩේලී බසයට ගොඩවැදුනාය.ඒ සමගම වගේ ගමන් ඇරඹූ බසය තුල අපි සද්ද නැතිව හිටියාය.ටික වේලාවකින් එතුල සිටි අයියලා සමග පිට් වූ අප කයියක් ගහගෙන ගමන්කරන්නට විය.ටික වේලාවකින් අපගේ බඩ පනුවන් ආහාර ඉල්ලා උද්ගෝශනයක් අරඹන්නට විය.නොයෙක ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත්කරනු ලැබූවද පාලනාධිකාරියෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.ඉතින්,අපි ඇතුලු පසුපෙල ක්‍රීඩකයන් අපව බඩගින්නේ තැබීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයට එරෙහිව නැගී සිටින්නට වූවාය.මේ සදහා පෙරමුන ගත්තේ රූපෙය.නමුත්...අවාසනාවක මහත! අප සිටියේ පසුපස සීට්වල බැවින් හිතුවක්කාරිට අපව දර්ශනය නොවීය.අවසානයේ දුන්නොත් කනවා යැයි හිත හදාගන්නට අපට සිදුවිය.

සෑහෙන වෙහෙසකර ගමනකින් පසුව තලවාකැලේ ටවුම වෙත සැපත් වීමට අපට හැකිවිය.ටවුම මැද මොකටද මන්දා ටික වේලාවක් බසය නවතා තිබෙන අතර හිතිවක්කාරී අතුරුදහන් උනාය.ඔය අතරෙ ඈට සිදුවූ පුරාන අකරතැබ්බයක් ගොසිප් අප්ඩේට් එකක් ලෙස සවනට වැටුනාය.
 දිනක් හිතුවක්කාරී වඩේ ගැනීමට  කියා සිතාලා වඩේ කරත්තයක් අසල සිටිනවාලුය.සල්ලි සල්ලි කියාල බලන්නේ නැතුව 1000කොලයක් අතේලුය.ලාබ බඩුවේ හිලක් ඇති බැවින් හිල් නැති වඩේ තේරීම සදහා ඇගේ බෙල්ල වඩේ කරත්තයට දික්කරගෙන සිටින අතර දෑත පිටිපස්සට දික්කොරගෙන ඉන්නවාලුය.ඔව් ඉතින් ඒ ගැන කියා වැඩක් නැතිවාය.කවුදෝ පෙම්වන්තයෙක් දාහට විදලාලුය.අයියෝ සල්ලිය.

 කොහෙදෝ සිට ඈ පැමිනි පසු නැවත ගමන් ඇරඹුවාය.තවත් ටික වේලාවකට පසු බස් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වතුපාරවල් දිගේ ඇදී යන්නට විය.එම පාරවල් කොච්චර කුඩාද කිවහොත්,සමහර තැන්වලදී බසය රෝද 3න් ගමන් කල තැන්ද විය.එය තනිකරම ඩ්‍රයිවර් අයියාගේ දස්සතාවය විය.අහල පහල උදවිය කටවල් ඇරගෙන,අත් ඔලුවේ ගහගෙන බලාසිටින්නට උනාය.


දෙයියන්ගේ පිහිටෙන් කිසිදු හෙලකට නොවැටී අතුරු ආන්තරාවකින් තොරව නවාතැන්පොල වෙත ලගා වූ විගස මැච් එකක් බලන්නට වූයෙන් ගමන් මහන්සිය ටිකක් අඩුවී ගියාය.ටික වේලාවකින් ඉස්කෝලෙ පොඩිවුන්(අපටත් වැඩිය පොඩිඋන්) අප කණ්ඩායම එනතෙක් මගබලා ඉන්නවායැයි ආරන්චියක් කන වැකුන හෙයින් මහංසිය නොබලා පාසල කරා ඇවිදයන්නට විය.


විජෙයි වගේ ඉන්න විජේ(පලනි) අයියා ඉස්කෝලේ මේ ලග යැයි පැවසුවද,ඒ පැත්තේ මේ ලගට යාමට පැය බාගයක් පමන ගතවිය.එම කුඩා පාසලට එක එකා ඇතුලුවන වාරයක් පාසා පොඩිඋන් ටික වෙල්කම් සෑර්/මැඩම් යැයි තොරතෝංචියක් නැතිව කෑ ගැසීම පවු යැයි සිතූ අපි සියල්ලෝම එකසැරේ ඇතුල්වූයෙමු.අප ඈදිගත් පසුව කමියා විසින් මං පාසල් කාලයේදී ඇසීමටවත් අකමැති වූ ඒ වාක්‍ය පවසන ලදී.

දුවලා,පුතාලා දැන් සින්දුවක් කියන්න බලන්ට....

 ටික වේලාවක් ඔවුන් සමග ගතකිරීමෙන් අනතුරුව අප කණ්ඩායම තෑගිබෝග ලබාදී නැවත එන්නට පිටත් විය.ඇත්තෙන්ම ඔවුන් සමග ගතකල ඒ මොහොත ඉතා සුන්දර විය.තෑගිබෝග බැලීමට හා නිශාන්ත අයියා සමග ඔවුන් පෙනීසිටි ඡායාරූප නැරඹීමට ඔවුන් දැක්වූ උනන්දුව බලා සිටින්නට තරම් සංවේදී දසුනක් විය.මේ වනවිටත් හිතුවක්කාරිගේ මැතිවරන ප්‍රචාරන කටයුතු කාටත් හොරා ඇඹරී-ඇරඹී තිබුනි.කොහෙන්දෝ කැලෑවකින් රැගෙන ආ බිස්කට් පැකට් දෙකක් පොඩිඋන් අත තැබූ ඈ නැවත අප හා එක්විය.

අපේ දුක දැක ඔහුගේ දෙනයන උපන් කදුලින් සේදිලා....විජේ අයියා අපිට සුපිරි වෑන් ඒකක් සෙට් කල නිසා හොදට හිටියාය.ඔහුට පිං දෙමින් පොල් පැටෙව්වා සේ හෝ වෑනයට ගොඩවැදුන අප අනෙක් පාසල කරා ගමන් කලාය.එම ගමන ගැනනම් පුද්ගලිකව මං තෘප්තිමත් වන්නේ නැතිවාය.එතැන සිටි ලමුන් පිරිස හා සසදන කල්හි,ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමක් මා අපේක්ශා කලාය.

 නමුත් අපේ අනාගත මැතිවරණ අපේක්ශිකාවගේ තවත් ප්‍රචාරණ වැඩපිලිවෙලක් අතිසාර්තක ලෙස ක්‍රියාත්මක වූයේ මෙතැනදීය.උම්මා දෙනවා,පොටෝ ගන්නවා,මොට්ටු තියනවා....එක විකාරයයිය.තව අවුරුදු 10කින් මේ ඡන්ද ඔක්කොම හිතුවක්කාරිගේය.
ඉන්පසු යාන්තම් පනකෙන්ද බේරාගෙන පෙරේතකමින් පැමිණි අප ලන්ච් එක හවස 4ත් පසුවී ගිලදමන ලදි. සමහරුන්ගේ නම් අදහස වූයේ මෙය කණ්ඩායමේ බර අඩුකර ඔවුන්ගේ සරීරත් තමාගේ මට්ටමට ගැනීම සදහා හිතුවක්කාරී විසින් කරන ලද හිතුවක්කාර වැඩක් බවය.නමුත් එයිනුත් අසරනයට පත්වූයේ මං වැනි දුගී දුප්පත් ජනයාය.

ඉන්පසුව නා කියාගෙන කාරිය,අල්ලාප සල්ලාපයේ හා ප්‍රවෘත්ති බැලීමට පටන් ගත්තාය.පුවත් විකාශ 3ක් පමන එකදිගට බැලීමෙන් අනතුරුව කස්ටිය කොටු කොටු දර්ශන වාරයක් සදහා සෙට් විය.මං තාම පොඩි එකා නිසා සහ ගමන් මහන්සියත් නිසා රෑ කෑම ගැනීමෙන් පසු මා බ්ලැන්කෙට්ටුවක් තුලට වී ගුලිවිය.නමුත් අවාසනාවට,මැදියම් රැයේ සිදුවූ දරුනු වාග් ප්‍රහාර මාලාවක් නැරඹීමේ අවස්තාව මට මිස් විය.(කටුස්සාට හා ඇනෝපිලිස්ට නම් ඕවා මතක නෑලු ය.එබැවින් ඔවුන්ගෙන් විමසීමෙන් වලකින්න)

එම අවස්ථාව්දී ගන්නා ලද ඡායාරෑපයක්
 
පසුදා උදෑසන 8 පමන වනවිට ලකලැහැස්ති වූ අප උනු උනු පාන් අනුභව කොට පිටත් වන්නට විය.බසය තුල පොඩි බජව්වක්ද දැමීමෙන් අනතුරුව කිරිකැට් තරගාවලිය තිබෙන ස්ථානයට අප සැපත් උනාය.පිට්ටනිය දුටු විගස අපේවුන් පැවසුවේ මේකේ 6 පාරවල් ගහන එක කජ්ජක් බවය.අපි ටික පිට්ටනියට ගොඩවැදුන පසු පලමුව කලේ පිච් රිපෝට් එක ලබාදීමය.වෙල්කම් ටු ද අයි.සී.සී. වුමන්ස් ට්‍රොපි සීරීස් ඔෆ් උඩරට කදුකර..සිරියා පරදන....බ්ලා බ්ලා බ්ලා...

 සාම්ප්‍රදානුකූල වැඩටිකකින් පසුව හිරිපොද වැස්සේ උවද පලමු තරගය ආරම්ඹ විය.එය නම් ඉතාමත් දැකුම්කලු,බලාසිටින්නට ආසා හිතෙන මට්ටමේ තරගාවලියක් විය.මුල් ටික ටිකක් බොරින් උවද අවසානය තරග කීපය පට්ට පට පට විය.මුල් තරගවලදී හොදින් ක්‍රීඩාකල,සිංහල ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ද සිටි ඩ්‍රැගන් කණ්ඩායම තරගයෙන් ඉවත්වද්දී අවසාන වටය සදහා සුදුසුකම් ලැබුවේ ආදරණීය ටජ්මහල් සමග අප හීනෙන්වත් බලාපොරොත්තු නොවූ කුඩා කණ්ඩායමකි.මේ පිලිබදව වැඩි විස්තර කටුස්සා පලකර ඇති බැවින් මං මොකුත් කියන්නට යන්නේ නැතුවාය.

ආහ්...ෆයිනල් මැච් එකට පෙර අපේ සුහද කිරිකැට් මැච් එකක්ද තිබුනාය.අප නම් බලාපොරොත්තුව සිටියේ කෙල්ලන් සමග සෙල්ලම් කිරීමටය.නමුත් අපේ බලාපොරොත්තු සුන්කර දමමින් අඩයාලම් කණ්ඩායම අප සමග තරගයට බටහ.පලමු ඕවරය අවුලක් නැතිව ගියාය.දෙවැනි එක දැම්මේ සත්සර අයියාය.ඔහු දැමූ එක් අහස්කූරු පන්දුවක් කීපරයාට සිටි මාගේ හිසටත් ඉහලින් ප්‍රක්ශිප්ත විය.පිටිපස තිබූ දැල නොතිබෙන්නට නෝ බෝල් කෙසේ වෙතත් බෝලය නම් නැති වෙනවා සුවර්ය.තුන්වන ඕවරය දැම්මේ අපේ සුද්දා ජෙරම්ය.මූ බේස්බෝල් දාන විදියට බෝල දැමීම නිසා පිට්ටනියම සිනා සාගරයක් විය.ඒත් කමක් නෑ එක බෝලයක්වත් විකට්ටුව අහලින්වත් නොගියාය.ඔක්කොම ලොවෙත් වයිඩ්ය.අපේ පලනි අයියා "යකෝ මෙහෙට බෝලෙ දාපිය" යැයි (ඉංගිරීසියෙන්) කිව්වද පලක් නොවූ තැන ඌ දාන තඩි වයිඩ් පන්දුවලටද පැන පැන පහරදී අපේ ඕවර් ඉවර කලාය.ඉන්පසුව අපේ පිලට බැට් කරන්නට අවස්තාව උදාවූ අතර ඕවර 2ක් පමණක් ක්‍රීඩාකර තරගය නවත්වන ලද්දේ අපේ ආත්ම ගෞරවය සේදීයාම වැලැක්වීමටය.

ඉන්පසුව පැවති අන්තිම ලාස්ට් ෆයිනල් මැච් එක ගැන කතාකිරීම දුක්ඛදායකය.මක්නිසාද යත් අපි සප් එක දුන් ටජ්මහල් කණ්ඩායමට ශෝකජනක ඉරනමක් අත්වීමය.පසුව මං හිතුවක්කාරිට යෝජනා කලේ බියුටි ඔෆ් ද සීරීස් සම්මානය යෝගේශ්වරීට දෙමුදැ කියාය.නමුත් ඈ සිත්පිත් නැති එකියක සේ මගේ ඉල්ලීම ඉවත
දැමීය.
 

තෑගිබෝග බෙදාදීමෙන් අනතුරුව අඩයාලම් කණ්ඩායම හා ටජ්මහල් ටීම් එක සමග පොටෝ වලටද මුහුනදුන් අප නැවත බඩගින්නේ කෑම කන්න පොට් එකක් සොයා ගමන් ඇරඹීය.ටික දුරක් පැමිනි පසු පාලමක් අසල පාර අයිනේ නැවතුන බසයෙන් බට අප පාලමේ ඇන්දට ගොඩවැදී ආහාර අනුභව කරන්නට විය.ඉන්පසු නැවත ගමරට බලා පිටත්වන්නට වූ අතර ඒ අතර සිදුවූ විශේෂ සිදුවීම් කටුස්සා පලකර ඇත.

ඉන්පසුව නිදිකිරමින් අප කොලඹ බලා ගමන්කල අතර මහ රෑ ගෙවල් බලායාමට කෝච්චියක් නොමැතිකමින් අසරණ වූ මංතුමා,රූපේ හා අලුරනා තම සරණාගත කදවුර වෙත ගෙනයාමට කටුස්සා පියවර ගත්තේය.එදින රාත්‍රිය එහි ගතකල අප උදෑසන බොරැල්ල තෙක් පැමින කටුස්සාට සමුදුන්නාය.

 ප.ලි.-රන්දුනු සහෝදරයාගේ ලිපියට මෙතනින් ගොඩවන්න..

23 comments:

  1. කෝ බන් මඩ???? කෝ උඹේ ප්‍රේම කතාව?? ඒවා නෑනේ?
    හිතුවක්කාරීට නම් මුකුත් කියන්ඩ එපා!! එයා ලස්සන වුනාට සැරයි!!!

    ReplyDelete
    Replies
    1. මගේ චරිතය ඝාතනය වීමට ඉඩ ඇතිබැවින් සමහර කොටස් බලධාරියා විසින් කපාහරින ලදි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. බොහෝම සීරු මාරුවට ලියල තියෙන්නේ මුගේ ජාමේ බේර ගන්ඩ.. හිටු තොට මං දාන්න වෙනම පෝස්ට් එකක් උඹේ ඒකපාර්ශවීය ප්‍රේමය ගැන.. හැක්. අඩුම තරමින් අර නිශාන්තයා ගාව ගිහින් "අනේ අයියේ මට අරයගේ ක්ලෝස්-අප් එකක් කොහොම හරි අරන්දෙන්න..අ..අ.. හිහ්..හිහ්.." කියල හොටු පෙරා ගෙන අඬපු විදියවත් දැම්මනම් පැත්ත ගියත් ඇත්ත කියන කොල්ලෙක් කියල හිතන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. පැත්ත ගියත් ඇත්ත කියන්න මං හිරු නිව්ස් කියලා හිතුවද? ඉස්සෙල්ලම ජාමෙ බේරගෙන ඉන්න එපැයි.

      Delete
  4. හිතුවක්කාරී නුඹ නම් තාමත් මහ වැස්සක් වාගේ..
    මුතුකැට වැස්සක් වාගේ වේනම් සොඳුරියේ මේ දීගේ...
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන හිතලා නෑ වාගේ...
    බලහත්කාරෙන් ඉන්නට බෑ මට වාවාගෙන ප්‍රේමේ...

    ReplyDelete
    Replies
    1. අපොයි..ඒ ප්‍රේමෙනම් වාවාගෙන ඉන්න තරමට හොදයි.

      Delete
    2. එකෙන්ම ....ඒක නම් ඉතින් හරිම බයානක වැඩක් තමයි!!!

      Delete
  5. මේව හෙන කැතවැඩ බං. හැම මලගුලම ඉවර කරල තියෙන්නෙ ස්ත්‍රීලිංග ක්‍රියාපදේකිං. ඇයි යකෝ බොට මේක ලියද්දි රාජේශ්වරී විතරයිද යකෝ මතක් උනේ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇවිල්ලා ඉට්ටැයිල් එක.
      රාජේෂ්වරී නෙමෙයි අප්පා යෝගේශ්වරී

      Delete
  6. ඕං පිච් රිපෝට එක

    https://www.youtube.com/watch?v=vG9-j6K9KMY

    ReplyDelete
    Replies
    1. කවුද යකූ මෙවා රෙකොඩ් කලේ???

      Delete
  7. ඔක්කොම මඩ වැදිලා තියෙන්නෙ මූට වගේ. ඒකනෙ මඩ මුකුත් ලියලා නැත්තෙ...

    ReplyDelete
  8. //මං තාම පොඩි එකා නිසා සහ ගමන් මහන්සියත් නිසා //

    දැන් .. අ .. කොහේද ඔය පොඩිය කිව්වෙ ......


    එතකොට අර කියපු මඩ ටික එන්නෙ ඊළඟ එකේද, මේකනේ මල්ලි වැඩේ ... වැදගත්ම ටික ඒවා. මේ වගේ වැදගත් අවස්ථාවක කට්ටිය දුවගෙන එන්නෙ මඩ කන්ද දිහා බලල සැනසෙන්න. මොනව උනත් හුදීජන පහන්සංවේගය පිණිස මඩ ගොඩකුත් ගහන්ට තිවුනා උඹට, පාඩමකට ගනින් මීට පස්සෙවත්. හැක් ....

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියා සීන් එක.පණ්ඩිතයා වගේ ලියන්ට පටන් ගත්තට පස්සෙ තේරුනෙ ඔක්කොම බූමරංගෙ වගේ කැරකිලා මටමයි එන්නෙ කියල.

      Delete
  9. මේකට කියන්නෙ වීදුරු ගෙවල්වල සිට වතුර ගැසීම ....
    හී හී බොහොම සංයමයෙන් (බයෙන්) ලියල තියනවා ......

    ReplyDelete
  10. එල ටිප් එකක් හේමයි

    ReplyDelete
  11. Replies
    1. එල..ඔන්න අපි බලන් ඉන්නවාා

      Delete
  12. ආරක්ශාව පළමුව... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete