Friday, July 10, 2015

මේ තරම් සියුමැලිද කලුගල්...


දම්මි..අර
මොකක්ද?
අර බලනවකෝ..

විනීතා පෙන්වූ දසුනින් දම්මිගේ ගත හිරිවැටී ගියේය.සුගත් තම යහලුවන්ද සමග රැස්වීම් බූමියට පැමිනෙමින් සිටියේය.

මචන්..දම්මි ඉන්නවා.අර අරෙහෙ බන්.

සුමිත් යහලුවාට පවසන්නට විය.

කට වහගෙන වරෙන්
.
සුගත්ගේ පිලිතුර විය. මිතුරාට එසේ පැවසූ නමුත් සුගත් ඒ වනවිටත් ඇය දෙස හොරෙන් බලා අවසන්ය.හෙමිහිට ඇයව මගඇරෙන සේ රැස්වීම් පෝලිමට එකතු වූ සුගත් මිතුරන් සමග කතාවට වන්නට විය.
ගතවූයේ විනාඩි කිහිපයකි.නිකමට මෙන් කතාබහ අතරතුර පසෙකට හැරුනු සුගත්ට දැකගත හැකිවූයේ තමා දෙස අහිංසක ලෙස බලාසිටින දම්මිය.තත්පරයක් දෙකක් එදෙස බලාසිටි ඔහු රුදුරු ලෙස නෙත් ඉවතට ගත්තේය.දම්මිගේ සිතට ආවේ එසේ මෙසේ දුකක් නොවේ.තමා මෙච්චර ආදරය කරන තම පෙම්වතා තමාව නොසලකා හැරීමට තරම් නපුරු උනේ ඇයිදැයි ඇය සිතන්නට විය.

මං දන්නවා දම්මි.ඔයා හිතනවා ඇති මට තියෙන්නෙ ගල් හිතක් කියලා.ඒත් ඒක ඇත්ත නෙමෙයි.මං ඔයාට තාමත් ආදරෙයි,ඉස්සරටත් වඩා.කලින් දගල දගල හිටපු ඔයාට වඩා ඔයා දැන් ඉන්න විදියට මං කැමතියි.ඒත් මොනවා කරන්නද? අපිට වෙන්වෙන්න උනා,ගොඩාක් හේතු නිසා.මං තරහා නෑ ඔයත් එක්ක,පොඩ්ඩක්වත්.ඒත් මං මෙහෙම ඉන්නෙ අපි දෙන්නගෙම හොදට.ඔයාගෙ අහින්සක ඇස්දෙක දැක්කම මට පිස්සු හැදෙනවා.ආයෙත් ඔයා ලගට දුවගෙන එන්න හිතෙනවා.ඒ නිසයි මං ඔයා දිහා නොබලන්නේ,නැතිව තරහකට නෙමෙයි.ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න එපැයි.අපි වෙන්වුනේ නොගැලපීම් නිසයි.අපේ වැරදි නිසයි.ඒ වගේම අනාගතය ගැන හිතලා.අතලග විබාගයක් එනවා මට.ඒක වෙනුවෙන් වැඩ කරන්නත් ඔනිනේ.සුගත් සිතිවිලි යායක පාවී යන්නට විය.

පාසල ඇරඹීමට පෙර,විවේක කාලයේ හා නිදහස් කාලච්ඡේද වලදීද දම්මිගේ වත ඔහුගේ නෙත ගැටුනද ඇය දෙස නොබැලීමට සුගත් පරෙස්සම් විය.නමුත් ඈට නොදැනෙන්නට,ඇය දෙස බලාසිටිමට ඔහු ප්‍රියකලේය.

 වසර කිහිපයකට පසු,එදින උදාවිය.නොඉවසිලිවන්තකමකින් සුගත්ගේ සිත පිරී පැවතිනි.උදෑසනම ලකලැහැස්ති වූ සුගත් පාසල කරා ඉක්මන් ගමනින් පියනැගීය.ඒ වනවිටත් දම්මි ඔහු එනතුරැ බලාපොරොත්තු දල්වා බලාසිටියාය.මොහොතකුදු පමා නොවූ සුගත් ඇය කරා පියනගන්නට විය.දම්මිත් ඉක්මන් ගමනින් ඔහු වෙත දිව ආවාය.නිමේශයක් ගතවීමට මත්තෙන් දෙදෙන තරයේ සිප වැලදගන්නට විය.


මං ගොඩාක් පාලුවෙන් හිටියේ,ඔයා නැතිව..
මාත්...

කතාබහ කරන්නට අවකාශයක් නොවීය.දම්මිගේ හා සුගත්ගේ කාන්තිමත් දෙනෙත් බොහෝ දෑ පවසන ලදී.
සුගත් තවත් බෝතලයත් අතට ගත්තේය.නැවත කල්පනා ලෝකයට වැටුනේය.ආදරයක් වෙනුවෙන් තම ජීවිත අරමුණ  කැපකල හැටි,නමුත් තම කදුලු මතින් ඒ ආදරයම පැනගිය හැටි,ඒ නිසාම තමාට මානසික රෝගියෙකු වන්නට වූ හැටි, අවසානයේ තම ජීවිතය පවා විනාශ වූ සැටි මැවී පෙනෙන්නට විය.එහෙත්,ඈ කෙරෙහි තරහක් ඔහු සතුව නොතිබුනි.ඔහු සිනාසුනි...හදපුරා නැගෙන වේදනාව සගවා සිනාසුනි.

 මචං,හෙටත් ගාමන්ට් යන්න ඕනෙ නේද?අදට ඔය හොදටම ඇති.වරෙන් යන්න උබව ගෙදරට එක්කන් යන්න.
 මිතුරා එසේ පවසන විටත් සුගත් සිහිසුන් වී සිටියේය.

ප.ලි.-සත්‍ය කතාවක් ඇසුරිනි.නම්,ගම් මනඃකල්පිතයි.

7 comments:

  1. අප්පට සිලි අනදර් දම්මි සුගත් ඉට්ටෝලියක්
    ඇත්තටම ඇත්ත කතාවක්ද බං...
    අරූට දාන්න තිබ්බෙ දේව්දාස් කියල...
    සැක් ඉතරක්

    ReplyDelete
    Replies
    1. ගොලු හදවත පාර්ට් 3 කියල කියන්නත් පුලුවන්.
      හොද අදහසක්.ඒත් මට නමක් දාද්දි එකපාරටම ඔලුවට ආවේ ඒ නම.

      Delete
  2. කතාව අගෙයි... මලියාගේ ලියැවිල්ලත් නියමයි

    ReplyDelete
  3. මම හිතුවේම පරණ එක තියලා!!!!
    එල!!

    ReplyDelete
    Replies
    1. මේක කමියගෙ ගෙදරදි එදා පබ්ලිස් කොරපු එක.අප්ඩේට් වෙයන්කෝ.

      Delete