Monday, July 6, 2015

ඔව් සුබා..මේක ඔයා වෙනුවෙන්!



මං එදා හදිසි තීරනයක් ගත්තා.පහුවෙනිදම බණ්ඩාරවෙල යන්න.මං හිතුවා ඈත දුරකට ගියාම මට පොඩ්ඩක් හරි සැනසීමක් ලැබෙයි කියලා.ඉතින් පහුවෙනිදාම මං ගියා.ගිහින් සතියක්  විතර හිටියට මොකද කිසිම වෙනසක් වුනේ නෑ.ඒ දවස්වල මරු චැට් සර්විස් එකක් මට සෙට් උනා.ඒකත් මට ඉන්ට්‍රොඩියුස් කලේ රුකායි,ශෙනියයි..ඔව්,උබලා තමයි.කාලකන්නි හැ**.

ඉතින් ඒකට පිං සිද්දවෙන්න ටයිම් පාස් කරකර හිටපු මට අහම්බෙන් වගේ ඔයා මීට් උනා.විස්තර ටිකක් අහද්දි ඔයාත් බණ්ඩාරවෙල සයිඩ් එකේ කියලා දැනගත්තම මට හිතුනෙ,අපරාදෙ මං කලින් ආවෙ,තව ටික දවසක් හිටියනම් ඔයාව හම්බවෙලාම එනවනේ කියලා.

ජීවිතයේ හොදම හරිය අවුල්වෙලා යද්දී
තමා අතට  තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්න දහස් ගනන් මගබලාන ඉද්දී
නුබට සැපක්දෝ....මේ ඇස් කදුලින් තෙත්වෙද්දී

ටික දවසක් යද්දි අපි යාලුවො උනා.නිකම් යාලුවො නෙමෙයි,මැන්ගො ෆ්‍රෙන්ඩ්ස්ලා.ඒ දවස්වලනම් වැඩිපුරම කියෙව්වෙ මං තමයි.ඔයා අහගෙන හිටියා.මට උත්තර හොයලා දුන්නා.මාව තේරුම්ගත්තා,කාටවත්ම වැඩිය හොදට.එදා ඉදන් තාමත්,උදේ ඇහැරෙන වෙලාවෙ ඉදන්....මහ රෑ නිදාගන්නකම්...තොරතෝංචියක් නැතිව ගිරවියක් වගේ කතාකරන එකට මං හරි ආසයි.

ඒ විතරක් නෙමෙයි.හැම දෙයක්ම දිහා බැලුවම මට හිතෙනවා,මං මෙච්චරකල් හෙව්වෙ ඔයාවද කියලත්...සමහර අය යශෝදරාව පරමාදර්ශී චරිතය කරගන්නවා වගේ,මගේ පරමාදර්ශී චරිතය වෙන්නෙ ඔයා..ආඩ්ම්බරයි මට, ඔයා ගැන..ඒ වගේම සතුටු වෙනවා ඔයා වගේ මිතුරියක් ලැබීම ගැන....

මිලාන ජීවිතය
මැලවී යන්නට නොදී
රැගෙන එය දෝතටම
හුස්ම පිබ ආදරෙන්
දලු දමන ජීවිතය
තුටින් සිනාසෙන අයුරු
බලා සිටි අපූරුව...
හැරනොයා කිසිවිටෙක
හදපතුලෙ රැදි ඔබව
අමතන්නෙ මා කෙලෙස
සොදුරු දෙව්දුවක මිස.. .

10 comments:

  1. සීතල කතාවක්

    ReplyDelete
    Replies
    1. උඩරට පැත්තෙ හින්දා වෙන්න ඇති

      Delete
  2. Replies
    1. සුන්දරයි අහින්සකයි

      Delete
  3. සමහර වෙලාවල් වලට
    කෙල්ලෙක්ට පුළුවන්
    හොඳම යාළුවෙක් වෙන්න
    කොල්ලෙක්ට...
    එ් වුණත් හරි අමාරුයි
    දේශසීමා රකිනෙක...

    හිහි

    ReplyDelete
    Replies
    1. හිකිස්..දේශසීමා රැක්කද නැද්ද කියලා පසුව බලාපොරොත්තුවන්න.

      Delete
  4. උඹ BRAIN WASH එකක් දාගත්තද... මටනම් හිතාගන්න බෑ බන්.. ඒත් SUPERB මචන්...

    ReplyDelete
    Replies
    1. තාම නෑ බං බ්‍රේන් වොශ් එකක් දාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
      උඹ කොහෙන්ද බන් මේක ගැන දැනගත්තෙ?

      Delete