Saturday, June 27, 2015

ඔබ මා හමුඋන..මේ ඉරහද යට..






මං පොඩි කරදරයක වැටිලා ඉන්න වෙලාවක මං ටයිම් පාස් කරන්න පාර දිහා බලාගෙන හිටියා.මට එකඑක ඒවා මතක් උනා.ඔයාවත් මතක් නොවුනා නෙමෙයි.එක පාරටම පාරේ එහාපැත්තේ ඉදන් ඔයායි,තව මහත(තප්පදෝරු) කෙල්ලෙකුයි කහඉරින් පාර පනින්න ලැස්ති වෙනවා.මං එකපාරටම හිතුවේ ඒ ඔයාගේ අම්මා කියලා.ඇයි දෙයියනේ එච්චර සයිස්??? මට මොකුත් හිතාගන්න බැරිඋනා.මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයා මාව දැක්කේ නෑ,යන්න හදපු ගමන වෙනස්කරලා ඔයාලා බස් එකට නැග්ගා.මං හිමීට බස් එක පේන තැනකට ආවා.ආවා නෙමෙයි,යැවුනා.එක පාරටම ඔයා මාව දැක්කා.ඒක් පුදුමයක්...මං ඔයාට හිනාවෙලා අත වැනුවා.ඔයාත් හිනාවුනා අතවැනුවා හිමීට.මං ඉතින් ඔයා දිහා බලාගෙනම හිටියා.ඔයා බිම බලාගත්තා..ලැජ්ජාවටද?බස් එක අද්දන්න හදද්දිම ආයෙත් ඔයා මං දිහා බලලා යන්නම් කිව්වා.ආවා වගේම ඉක්මනට ඔයා ගියා.

ආදරයත්,වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමානලු.මං අහල තියෙනවා එහෙම.සමහර වෙලාවට මට දැනිලත් තියෙනවා එහෙම.ඒත් මං හිතන්නේ නෑ ඒක 100% ඇත්ත කියලා.ඔයා මාව දාලා ගියාට පස්සේ මං ඔයාව දැක්කේ එකසැරයයි.ඒත් අහම්බෙන්.මට ඕනකමක් තිබුනෙත් නෑ ඔයාව දකින්න.මං අඩුගානේ ඉස්කෝලේ මීට් එක බලන්නවත් ආවේ නෑ ඔයාව දකින්න කැමති නැති නිසා.

මං වෛර කරපු අය ඉන්නවා.කරන අයත් ඉන්නවා.ඒත් මොන පුදුමයක්ද කියන්න දන්නේ නෑ.මට ඔයාට චූටියට රිද්දන්න හිතිලා තිබුනට කවදාවත් ඔයාට වෛර කරන්න හිතිලා නෑ.මොකද මට එහෙම කරන්න බැරි නිසා.මං හිතන්නේ ඔයාටත් එහෙම ඇති.ඔයාගෙ ලස්සන හිනාවයි,ඉස්සර වගේම තාමත් මට කතාකරන චූටි ඇස් දෙකයි දැක්කම හැමදෙයක්ම අමතක වෙලා යනවනේ.ඒ වෙලාවට ඉබේටම වගේ මටත් හිනායනවා.
ඒ වගේ අහම්බෙන් හම්බඋන වෙලාවක,ඊට තත්පර කීපයකට පස්සේ පපුව දිගේ හරහට හීනියට රිදුමක් නොයනවා නෙමෙයි.ඒත් රිදිලා තියෙන රිදුම්වල හැටියට මේක මට පුරුදුයි.මං දන්නවා..කවදාහරි අපි ආයෙමත් හමුවෙයි.එදාටත් කිසි වෙනසක් නැතිව පුරුදු විදියටම හිනාවෙලා,ඔයාගෙ චූටි ඇස්වලින් අර ඔයාගේ අමුතු විදියට ඇස් ගහලා,අපේ පිස්සු වැඩ ගැන කතාකරන්න පුලුවන්නම්.....මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ඒකයි....

ඔබ මා හමුඋන මේ ඉර හඳ හට
කොතනැක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

ඔබ සිත සිත මා සිත හමු උ දා සිට
මා ලය පීදි පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසක
මගෙ ළග තනියට ඉනු මැනිවි//

කඳුල සුසම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

11 comments:

  1. සමහර වෙලාවට කතා නොකරන එක තමා බන් හොදම දේ!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒක හින්දා තමයි මං කතාකරන්න ට්‍රයි කලෙත් නැත්තේ...

      Delete
  2. මොනා කියන්නද කියල හිතා ගන්න බෑ.....

    ReplyDelete
    Replies
    1. කියන්න ඕනෙ නෑ බන්..බැලුවනම් හොදටම ඇති..

      Delete
  3. කෙල්ල අපිව දාල ගියා කියල ඒකට වෛර කරනව කියන්නෙ ඒක මැරෙන්න කියල හිතං අපි වහ බොනව වගේ වැඩක්.
    මටබූට් එක තිව්ව එකී අදටත් හම්බෙනව වෙලාවක් තිබ්බොත් මං කතාත් කරල යන්නෙ ඒත්බැනල වත් මොකුත් නෑ අද වෙනකං. ඒකෙං රිදෙන්නෙ අපිටමයි

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු..

      Delete
  4. අපේ මුළු ජීවිතේම ඉතිං එක විදියක හමුවීම් වෙන්වීම් ගොඩක් තමා බං. ඕව ඔහොම තමා යාළුවා.


    අද තමා මුලින්ම මේ පැත්තට ආවෙ. වෙන බ්ලොගක ඔයාගෙ කමෙන්ට් එකක් දැකල. පරණ පෝස්ට් කීපයකුත් කියෙව්වා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. අප හමුවීම වෙන්වීම දෝ ආදරේ...
      තැන්කූ සහෝ මේ පැත්තට ආවට..මේ දවස්වල මැසිම කැඩිලා අප්පා.ඒකයි අලුත් ඒවා දාන්න බැරි උනේ..

      Delete
  5. මේක කියෙව්වම මමත් අතීතෙට ගියා. පන දෙන්න කතා කරපු අය පැදුරටත් නොකියා මාරු වෙලා ගියාම හි‍ත ‍රිදෙනවා. හැබැයි ඊටත් වඩා හිත ‍රිදෙනවා පන දෙන්න කතා කරපු අය එහෙම දේවල් වුනේ නෑ වගේ අහක බලං යනකොට...
    මං ඔය වගේ ‍දෙයක් ගැන ‍මගේ අදහසක් ලියල තියෙනවා මෙන්න මෙතන.
    http://suriyagedinapotha.blogspot.com/2015/06/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. කාටකාටත් හිතට වැදුනනම් මගේ උත්සහය සාර්තකයි.මං බලන්නම්කො ඔය පැත්තටත් ගොඩවෙලා

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete