Tuesday, June 9, 2015

බූට් කෑමේ කලාව



ලංකාවේ  කාලෙන් කාලෙට එකඑක රැලි එනවා.විලාසිතා වේවා,ස්ටයිල්ස් වේවා(ආහ්..දෙකම එකයිනේ) මරු මරු අයිටම්ස් බහිනවා.ගීතය කියන එකත් ඒ  ඒ කාලවලදි විවිධ රැලිවලට අහුඋනා.අතීතය බැලුවොත් උත්තරභාරතීය සංගීතය වගේ දකුණු ඉන්දියානු ශෛලින් ආශ්‍රයෙන් තමයි මෙරට සංගීතය ගොඩනැගිලා තිබුනේ.පස්සේ ජෝතිපාලලගේ කාලෙ වෙනකොටත් හින්දි තනුවලට පද ටිකක් එකලස් කරගෙන නොවැ ජනප්‍රිය සින්දු බිහිඋනේ.

පොඩ්ඩක්  මාතෘකාවෙන්  පිට පනින්නම්.සාමාන්‍යයෙන් අපි ටිකක් සමාජය ඇසුරැ කරන්න ගන්නේ අපි ඉස්කෝලේ 8,9 කාලෙදි වගේනේ. මං කියන්නේ සුද්ද හිංගලෙන් කියනවනම් රස්තියාදු ගහන්න පටන් ගන්නේ මේ කාලෙදිනේ.ඉතින් මේ කාලෙදි අපිට එක එක ජාතියේ වීරයෝ ඉන්නවා හිතේ හරි.ඔයකාලෙතමයිඅපි සින්දු කෑලි මුමුන මුමුන ඉන්න පටන් ගන්නේ.ඉතින් ඒ කාලේ ඉදං අද වෙනකන් ලංකාවේ සින්දු හිට් උන විදිය ගැන ම‍ව තියෙන්නේ මේ වගේ අදහසක්.

අපි මෑත කාලීන සංගීතය දෙස බැලුවොත් ගීතය,නැතිනම් සුද්ද හිංගලෙන් කියනවනම් සින්දු විශේෂ පෙරලියකට ලක්උනේ විසි එක්වන සියවස ආරම්භයත් සමගයි.මට මතකයි ඒ කාලේ(දෙදහස් මුල් ගණන්වල) ලොකුවටම හිට්උනේ බීඑන්එස් ලා..එයාලගේ නේත්තරා ඇල්බම් එකත් එක්ක ලංකාවට අමුතුම සම්ප්‍රධායක් අරන් දෙන්න එයාල සමත්උනා(දැන් නම් හුලං බැහැලා වගේ.ඒක වෙනම කතාවක්)
ඊටත් පස්සෙ ලංකාවට ආවා රැප් කලාව.ඒක තරුණයන් අතර සෑහෙන්න ප්‍රචලිත උනා.මං හිතන්නේ අපි තමයි ඒකය ගොදුරුවුන පලමු බැච් එක.(අපි කිව්වේ අනූ ගණන්වල සෙට්එක) ඒ කාලේ ඉරාජ් එහෙම අපේ හෙන වීරයෝ(පසුගිය චන්දේ කාලේ මරාට සප්එක දෙන්න ගිහින් සෑහෙන්න පද වගයක් අහගන්න උනා තමයි) ඉතින් අපි ට්‍රිප් ගියාම එහෙම කියන්නෙම උගෙ කොත්තු,වැලිකඩ,ගේමක් දීලා වගේ සිංදු තමයි.හරියටම දන්නේ නැති උනත් හද හද හරි රැපත් දානවා.

ඊටත් පස්සේ ආවා ලව් සෝන්ග්ස් වයිරස් එක.කොත්තු කාලා කාලා එපා වෙලා හිටපු අපිට ‍මේක සෑහෙන්න හිතට ඇල්ලුවා.ලන්දූ වගේ ලස්සන සින්දු එහෙම ආවේ ඒ කාලෙ.එතකොට සෙන්ට්‍රිග්‍රේඩ්ස්ලත් කලඑලි බැස්සේ ඒ උනුසුමේම තමයි.මෙහෙම කාලයක් ආදරෙන් හිටියම ඒකත් එපා වෙනවනේ..නැද්ද හා..ඊට පසසේ කලඑලි බැස්සේ ඉරාජ්ලගේ බාසාවෙන් කියනවනම් මල් සින්දු..මේකේ ආරම්භය ගත්තේ රොමේෂ් අයියගේ දිගුදෑසින්.මේවායේ විශේෂත්වයක් තිබුනා,ඒක තමයි සින්දුව කියන එකා ඒක කියන්නේ අඩාගෙන,වැලපීගෙන,පොලොවෙ පස් කකා...එක විකාරයයි.හැබැයි මොන හේතුවකටද මන්ද මේ ස්ටයිල් එක මිනිස්සු මාර විදියට වැලදගත්තා.(සමහරවිට පෞද්ගලික අත්දැකීම් නිසාද කියන්න දන්නේ නෑ) 

හැමදාමත් වගේ බුකියෙත් ලස්සනා පෝස්ටුවක් දැක්කා මේ ගැන තියෙන.ඒකෙන් අද කතාවට විරාමයක් තියන්න හිතුවා..

4 comments:

  1. බූට් සිංදු අපි එද ඉදන් අද වෙනකන්ම ඇහුවා අහනවා.. ඒත් ඒ කාලේ සිංදුවල ගිය එකාට ගිය විදිහට ඉදහන් කියලා දුක් වෙනවා මිස දැන් වගේ අනේ එන්නකෝ කියලා අඬන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත නේද..ඒ සින්දුවලත් විරහව කියන රසය විදින්න පුලුවන්කම තිබුනා..

      Delete
  2. පැරණි රසාංග රී-සයිකල් වෙනවා කාලෙන් කාලෙට!

    ReplyDelete
    Replies
    1. ඒකනම් මගේ ටිකිරි මොලේට තේරුනෙත් නැද්ද මන්ද!

      Delete