Thursday, June 18, 2015

කෝච්චි ආතල් හා ටික්කෝ






දුම්රිය,එහෙමත් නැතිනම් කටවචනෙට කියනවනම් කෝච්චියේ යනඑන එක අමුතුම අත්දැකීමක් නොවැ.උදේ හවා වැඩට යන්න,ක්ලාස් යන්න විතරක් නෙමෙයි,දුර බැහැරක,වන්දනාවක යන්න උනත් තමන්ගෙම කියලා වාහනයක් නැති උදවියට පිහිටට තියෙන්නේ මේක නොවැ.ඉතින් මං හිතුවා අද ඒ ගැන කතාවක් ලියන්න.

ඔන්න එකෝමත් එක කාලෙක උදේ හවා හවා ‍ට්‍රේන් එකෙන් ක්ලාස් ගිය මටයි,යාලුවෙකුටයි වෙනසකටත් එක්ක දුර බැහැර පොඩි ට්‍රිප් එකක් යන්න හිතුනාලු.ඒ දවස්වල බයික් එකක් තියා ලැයිසොන්වත් අරගෙන නොතිබුන නිසා ආතල් එකටත් එක්ක ගමන යන්න තීන්දු කොලේ කුචු කචුවේ තමාය.ඉතින් හිතුව දාට පහුවෙනිදා උදේ වේයන්ගොඩ ඉස්ටේසමට ඇවිත් නමෝ විත්තියෙන් කියාලා උඩරට මැණිකේගේ එල්ලී ගමන පිටත් උනාය.කෝච්චි ගමනේ ෆුල් මාවලස් එක ගන්න පුලුවන් වන්නේ ෆුට්බෝඩ් එකේ ගියෝතින්ය.මං කියන්නේ මරණ මංචකය පෙනි පෙනී පාපුවරුවේ එල්ලී යාම නොවේය.(එහෙම අත්දැකීමුත් කීපයක්ම ඇත) ආරක්ෂා සහිතව දොර ලගින් සිටගෙන යාමය,නැතහොත් පාපුවරුවේ ඉදගෙන යාමය.ක්ලාස් ගොහින් එද්දී කකුලේ අමාරුවට ඕකේඉදගත්තාට,විශේෂයෙන් උඩරට බලා චාරිකා කොරද්දී ඉදගෙන යන්නේ අවට සිරි අසිරි විදින්නටය.

නමුත් දුම්රියේ හිටු කියා හුදී ජනයා සිටි බැවින් ඇතුලට යන්නට ඉඩ ලැබුනේ නැත.රඹුක්කන දක්වා මග දෙපස මෙලෝ රහක් නැති නිසා ඒ ටිකටවත් ඇතුලට යන්නට සිතා සිටයද හෙල්ලෙන්නටවත් ඉඩක් නැත.ඉතින් මංතුමා හා ගමන් සගයා ෆුට්බෝඩ් එකේ නැගී එල්ලීගෙන ගමන් කොරනවාය.(මේ විදියට යන එක නම් එපා වෙන වැඩක්ය.මංතුමා කලින් සදහන් කොලේ මේ එල්ලීයාම නොවේය). මීරිගම පසුකොල සැණින් ධාරාණිපාත වරුසාවක් ඇද හැලෙන්නට උනාය.පෙට්ටියේ උන් ආතල් එකේ ඉද්දි අපි එලියේ සිට තෙමෙනවාය.කොරන්නට දෙයක් නැතිය.ලිස්සන්නට හැකිනිසා පුරුෂ ශක්තිය දමා පොල්ල අල්ලාගෙන පොල්ගහවෙල දක්වා වූ පැයක ගමන තෙමීගෙන ආවාය.එතැන් පටන් ඉඩකඩ ටිකක් ලැබුන අතර වැස්සද නතර විය.

ඔය විදියට දැන් යකඩ යකා හූ කියකිය ගමන් කොරනවාය.අපිත් ඉතින් හූ කියකිය යනවාය.මැණිකේ හැටන් කරා ලගාවනවිට අපිට ඉඩකඩ සහිත අපේම කියාගතහැකි දොරක් සෙට්වී තිබුනි.හැටන්වලින් අපේ පෙට්ටියට අක්කා කෙනෙක් නැග්ගාය.පෙනුමේ හැටියට දෙමලය,පට්ට කෑල්ලක් නොවුනද තලෙලු පාට අමුතු ලුක් එකක් තිබුනාය.කෝච්චිය ටික දුරක් ගමන් කරන විට මං හිටගෙන හිටියා ඇති නිසා පාපුවරුවේ ඈදිගත්තාය.අරූටත් ඈදිගන්ට යැයි කියූ නමුත් ඌ දුම්රියේ උඩරට බලායන පලමු ගමන නිසා වටාපිටාවේ ඇති අලංකාරයෙක් වසීකෘත වෙලාය.ටික වේලාවක් ගියපසු අර අක්කා මට එහාපසින් ෆුට්බෝඩ් එකේ වාඩි උනාය.බෑගය ඇතුලෙන් ලොකූ බයිට් පැකට් එකක් ගෙන කන්නට විය.දැන් ඉතින් ම‍ගේ කටට කෙල උනනවාය.අපි ඉතින් එදාත්,අදත් හිගන්නෝ නිසා(හෙට නම් එසේ වන්නට අදහසක් නැත) කන්නට මොකුත් ගෙනාවේත් නැතුවාය.අපිට මේ දැන් දෙතියි යන හැගීමෙන් යුතුව අපි කෙලපෙරාගනෙ බලා සිටියාය.ම්හු..කිසිදු ප්‍රතිචාරයත් නැත්තේය.වෙලාවට එතනින් ගිය වඩේකාරයෙකුට පිං සිද්ධවෙන්න(උන්ගේ ගිණි ගණන් වලට පිං සිද්ධවෙන්න???) වඩයක් හපන ගමන් පාලු මැකෙන්නත් එක්ක ආක්කාව ‍ටෝක් කරන්නට පටන් ගත්තාය.එයා මොන්ටිසෝරියක් කරනවාලුය.අම්මලා දැන් ඉන්නේ හපුතලේ පැත්තේ පැට්ටේරියකලුය.මේ අම්මලා බලන්න යන ගමන්ලුය...ආදිය කීවාය.පුදමය කියන්නේ මෙච්චර ලගපාත හිටියත් තාම ඒ පැත්ත පලාතේ ට්‍රේන් එකෙන් ගිහින් නෑලුය.මං ඉතින් ඔය විදියට වංහුං අහඅහ ගියාය.මං ඉතින් පණ්ඩිතයා වාගේ ඈතින් පේන ෆොක්ස්හිල් එකේ නරියා එහෙම පෙන්න පෙන්න ලකුණු දාගත්තාය.ඔය විදියට යද්දී මාරම සීතලක්දැනෙන්නට විය.ඉතින් මං මගේ අනිත් අත අක්කාට ඉස්සරහින් දමාගෙන අනිත් පොල්ල(දොරේ) අල්ලාගෙන ඉන්නවාය.මං ඒම ඉන්නේ අක්කාගේ ආරස්සාවටය. මැණිකේගේ නැලවිල්ල හමුවේ එයා වැටෙතැයි බයේය.ඔය අ‍තරේ මගේ අතේ යමක් දැවටෙනවාය.අම්මටහුඩු..බලන කල්හි අක්කාගේ රණහංස යුවල නිමල නිල් ජලාශේ..ආනන්දනීය රැගුම් නංවනවාය.එයාට ගාණක්වත් නැත්තාය.එයාට කමක් නැත්තං මට මොකද කියා මාත් ඔහේ හිටියාය.

මේ කිව්වේ එක කතාවක් පමණිය.තව කියන්නට කතා තියෙනවාය.ඒවා ඉතිරි එපිසෝඩ්වල පලකොරනවාය.එතකං මද විරාමයක්ය...

15 comments:

  1. අක්කව ආරස්සා කොරලා වගේ.....

    ReplyDelete
    Replies
    1. ඒවා අපේ යුතුකම් නොවැ..

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කට බොල..කට...
      මොකක්හරි සෙද්දක් කියනවනම් තරු දාලා කියපන් මේ වගේ..ප**
      නැතිනම් මගෙයි කාඩ් කුඩු වෙන්නේ..

      Delete
  4. උඹේ තියෙන්නේ මහ හැමිනෙන ස්ටයිල් එකක්.ලොකූවට පටන් ගන්නවා.පොලේ ගැහුවා වගේ නතරකරනවා.ආසාවෙන් කියවගන ආපු එකා අර අහිංසක අම්මව මතක්කරනවා.ලියපිය තව දිගට කම්මැලි නැතුව.

    ReplyDelete
    Replies
    1. හිකිස්...මේකනේ සීන් එක.පෞද්ගලිකව මං කැමති න‍ෑ දිග හෑලි කියවන්ට.
      අර යාංහෑල්ල වගේ රසවත් ඒවා නම් එක හුස්මට කියවන් යන්න පුලුවන්නේ.

      මේ ඉස්ටැයිල් එක කියවන් යන්න රසවත් කියලා දැනගත්තේ ඔය මහත්තයගෙ කොමෙන්ටුව නිසානේ.ය.ඊලග පොටේ එදන් ඇට්ටි හැලෙන්න දෙන්නම්.
      ඉස්තූතියි වරද පෙන්නුවට..

      Delete
  5. හි හි ඊලග කෑල්ල මාර රසවත් ඇති ;D

    ReplyDelete
    Replies
    1. ආහ්...අපූර්වි අක්කත් මේ පැත්තෙ ඇවිත් තියෙන්නේ...
      අපි එහෙම හිතමුකෝ....

      Delete
  6. හෙහ් හෙහ් අක්කත් සීතල හන්ද ටිකක් රත් වෙන්න ඇති
    නැත්තං අනේ පව් නෙ කියල ඉන්නත් ඇති
    එහෙඑමත් නැත්තං ගාණක් නැතිව හිටියෙ ඒ වගේ දෙයක් ඒ තරං ලොකුවට හිතන්නෙ නැති හන්ද වෙන්න ඇති
    එහෙමමත් නැත්තං ඒ වැඩේ ගැන බොලාගෙ තරං කැත හිතක් තියෙන්න නැතිව ඇති
    හිහි

    ReplyDelete
    Replies
    1. හිතලා තියෙන ඔක්කොම දාලා තියෙන්නේ..

      Delete
  7. තව කතා තියේනං දාමු එහෙනං

    ReplyDelete
  8. කැත හිතට කෝකත් කැතයි බන්!!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි...මං ගැන නෙමෙයි නේද කිව්වේ!

      Delete