Sunday, June 14, 2015

වේලාව බලාගැනීම




වේලාවට වැඩකිරීම පිලිබදව මෙරට පුද්ගලයන්ට පුදුම හැකියාවක් තියෙනවාය.මං කියන්නට යන්නේ නම් ඒ ගැන නොවේය.මේක පොරජාතරන්තවාදී රටක්ලුයි.එහෙව් එකේ එක එකා උන්ට ඕනා විදියට,උන්ට ඕනෑ වෙලාවට වැඩ කලාට මගේ කිසිම ආරෝවක් නැත්තේය.මං මේ කියන්නට යන්නේ මෙරට ටැලිවිසොන් නාලිකා ජනතාවට වෙලාවට වැඩ කිරීමට ඉගැන්වීමට දක්වන්නා වූ උනන්දුව ගැන කියන්නටය.

පසුගියකාලයේ ආණ්ඩුව විසින් පට්ට වැඩක් හදුන්වාදීමට පියවර ගත්තාය.මරාගේ ආණ්ඩුව කලා උවත් ඒ වැඩේ නම් පට්ටම පට්ටය.(මරා ගැන වචනයක්වත් සදහන් නොකලා නම් කෑවේ නෑ වගේය) පට්ට ගගහ ඉන්නවා මිසක් මූ මොකක්ද කරපු සෙද්ද කියලා කියන පාටක් නම් නැතිය...කොලේ මේකය.මෙරට හුදී ජනයා තම තමාගේ පෞද්ගලික ඔරලෝසු,‍පෝන් එකේ වෙලාව පවා ටියුං කොරගන්නේ ටැලිවිසන් එක බලාගෙනය.නමුත් පුරස්නෙකට කිබුනේ එක එක ටැලිවිසොන් චැනල පෙන්නුවේ උන්ට ඕනෑ වෙලාවය.එමනිසා වෙලාව පවසනවිට අපිට අමුතු කොරමයක් පාවිච්චි කොරන්නට වුනාය.ඒ මොකක්ද කියනවානම් කෙනෙක් වේලාව අසනවිට...හිරු එකේ වෙලාව 11.45,රූපවාහිනියේ වේලාව 11‍.44,...ආදී වසයෙන් කියන්නට සිදුවිය.මක්කැයි කිවහොත්, එක එකේ වෙලාව තත්තර ගණනින් එකිනෙකට පරස්පර වීමය.එකක් දෙකක් නොව තත්පර 40,50 සිට විනාඩියක් දක්වා වූ ගණන්වලට උන් වෙලාව පෙන්නුවාය.ඉතින් මේකට පිලියමක් ලෙස අම්මට සිරි ලංකාවේ(වචනයේ පේටන්ට් අයිතිය මාතලන් සතුය) සියලුම දෙනා මේන් මේ වේලාව පාවිච්චි කොරපන් කියාලා වෙබ් සයිට් එකක වෙලාව දැම්මාය.සයිට් එක මේකය-www.sltime.org
 
ඉතින් මෙරට හුදී ජනයා මහත් සේ ප්‍රීතියට පත්ව සැනකෙලි පවත්වන්නට ....පත්වුනාය.ජනමාධය මගිනුත් මේ ගැන හැට හුටාමාරට වැමෑරුවාය.අපිත් ඉතින් මැඩම් වෙනස්කොරපු වෙලාව මරා රිසෙට් කොරපු දවසේ කොලා වගේ ජංගමේ වෙලාව රිසෙට් කොලාය.කාලය ගෙවිලා ගියාය.මෙහෙම සයිටක් තියෙනවා කියාලා ‍මොකෙකුටවත් වගේ වගතු නැතිවාය.නැවතත් ටැලිවිසොන් නාලිකා පුරුදු විදියට තම තමාගේ වෙලාවේ හැටියට වැඩ කොරනවාය...

ඔන්න ඒ අස්සේ තවත් වැඩක් සිද්ධවෙනවාය.මේකේ ආගමනය මෙසේය.ඉස්සර ටැලිවිසොන් කාරයෝ සල්ලි හෙව්වේ විකිණිලාය.. නෑ..නෑ.. ගුවන් කාලය විකුණලාය.‍සුද්ද හිංගලෙන් කිව්වොත්,පෝගෑම් අස්සට ඇඩ් දාලාය.ජීවන වියදම වැඩි වෙනකොට උන්ටත් නිකම් ඉන්නට බැරිය.මොකද උන්ගෙත් ගෑණුන්ට,දරු පවුල්වලට කන්න අදින්න දෙන්න ඕනෑය.ඉතින් ඊසි ටීවී ආදී මෙකී නොකී ලොවෙත් නැති නම් වලින් ටැලිවිසොනේ යට කෑල්ලටත් ඇඩ් දැම්මාය.ඒකේ රගේ තේරෙන්නේ ෆිලුමක් බලනවිටය.උඩිනුත් කලුය,යටිනුත් කලුය.ඒ මදිවට තව තීරුවක ඇඩ් යනවාය.අපිට බලන්ට ඇත්තේ හුණ්ඩුවක ඉඩකි.ඉතින් ඕම කාලය යද්දි ඔය සෙද්ද අස්සට තව තවත් ඇඩ් දාන්න පුලුවන් තැන් ගැන පරීක්සොන පැවැත්වුනාය.අන්තිමේදී යුරේකා..යුරේකා..කියලා උන්ගේ හෙලුව පෙන්නන්ට පුලුවන් විදියක් හොයාගත්තාය.ඒ කියන්නේ වෙලාව පෙන්නීමය.මුල් කාලයේ පැයෙන් පැයට වෙලාව පෙන්නපු මුන් පස්සෙන් පස්සට යද්දී පැය භාගෙන් භාගෙට පමණක් නොව විනාඩි පාලොහෙන් පාලොහට වේලාව පෙන්නන්ට ගත්තාය.යකූ..බලන් යද්දී අ‍පිට වඩා වේලාවට වැඩ කරන්න තරම් කැක්කුමක් ඇත්තේ මුන්ටය.අපි ලත්තොන සින්දුවක්,පොරෝගෑමක් බලන් ඉන්නකොටම...නැතිනම් රොමෑන්ටික ෆිලුමක හොදම හරිය බලද්දීම මුන් වේලාව පෙන්නනවාය.අපේ ඇගේ මාලු නටනවාය..මේකද යහපාලනය කියා අපට සිතෙනවාය...

මංතුමා මුලින් කිව්වා වගේ මේක පොරජාතන්තවාදී(ඕන විදි‍යට උච්චාරණය කොලහැක) රටකි.යහපාලන රාජ්‍ය සමයකි.මෙවන් කාලයක මෙවැනි කුප්ප වැඩ දේවල් කිරීම හොද නෑය..

12 comments:

  1. ලංකාවෙ චැනල් බලන්න එපා බං. නිකන් ලේ රත් වෙනවා විතරයි.

    ReplyDelete
    Replies
    1. එහෙමැයි කියලා සැටලයිට් චැනොල් බලන්ට කොයින්ද අපිට කාසි පනම්?

      Delete
  2. අවංකෙං ඇත්ත. අර ලාංචනේ තියෙන පැත්තට කෙලිං අනික් පැත්තේ මුද්දරයක් තරං ඇඩ්ඩෙහෙකුත් දානව.

    ආයි හිටපු ගමං ලනුවක එල්ලිල ගෑනියෙක් තිරේ මැද්දට එනව. ඔරුවක් පැදගෙන යටිං යනව. විකාරයි.

    ReplyDelete
    Replies
    1. //ආයි හිටපු ගමං ලනුවක එල්ලිල ගෑනියෙක් තිරේ මැද්දට එනව. ඔරුවක් පැදගෙන යටිං යනව. විකාරයි.//
      හිකිස්..ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා!

      Delete
  3. අවංකෙං ඇත්ත. අර ලාංචනේ තියෙන පැත්තට කෙලිං අනික් පැත්තේ මුද්දරයක් තරං ඇඩ්ඩෙහෙකුත් දානව.

    ආයි හිටපු ගමං ලනුවක එල්ලිල ගෑනියෙක් තිරේ මැද්දට එනව. ඔරුවක් පැදගෙන යටිං යනව. විකාරයි.

    ReplyDelete
  4. සහතික ඇත්ත මලියෝ

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්ටයි,බිම ඉදගන්ටයි බය වෙන්ට ඕන නැතැයි කියනවානේ!

      Delete
  5. හෙහ්, සල්ලි හම්බුකර ගන්න ඉතින් මොනව්ද චැනල් නොකරන්න.. අනික ඉතින් ඔය කොච්චර වෙලාවල් පෙන්නුවත් අපේ එකාලා වෙලාවට වැඩ කරනවා කියලයද..

    ReplyDelete
    Replies
    1. // අනික ඉතින් ඔය කොච්චර වෙලාවල් පෙන්නුවත් අපේ එකාලා වෙලාවට වැඩ කරනවා කියලයද..//
      අන්න ඒක නොවැ පුරස්නේ.

      Delete
    2. // අනික ඉතින් ඔය කොච්චර වෙලාවල් පෙන්නුවත් අපේ එකාලා වෙලාවට වැඩ කරනවා කියලයද..//
      අන්න ඒක නොවැ පුරස්නේ.

      Delete