Thursday, June 11, 2015

පමා නොවී වැඩකෙරුමට ඉස්කෝලෙන් පැන්නෙමි




මේක සිදුවුනේ අපි 13  වසරේ අන්තිම කාලේ ඉන්නකොට. දවස්වල තමයි ලෙවල් එක්සෑම් එකට ඇප්ලිකේෂන් සයින් කලේ.කොහොම කොහොමහරි අපේ පන්තියේ ඇරෙන්න සෙක්ෂන් එකේ හැම ක්ලාස් එකකම  ඒවා සයින් කරලා ඉවර කරලා තිබුනේ.එදා තමයි අපේ පන්තියේ සයින් කරන දවස.ඉතින් හදිසියෙම අපේ ලෙවල් කරපු සෙට් එක එකතුවෙලා කතා කලා බීච් එකට යන්න,හුග කාලෙකින් සෙට් උනෙත් නැති නිසා.මොනවැඩ තිබුනත් මේ වගේ වැඩක්මගඅරින එක හොද නැති නිසා ටිකක් ලේට් වෙලාහරි කොහොමහරි එන්නම් කියලා මාත් ඉස්කෝලෙ යන්න පිටත් උනා.දැන් ගියා වගේ නෙමෙයිනේ ඉස්කෝලෙන් පැනගන්න එක.ඒකටත් ඉතින් මාස්ටර් පැලෑනක් ගැහුවා.උදේ ඉස්කෝලෙ  යුනිෆෝම් එක ගහන්න කලින් ෂෝටකුයි,ටී ෂර්ට් එකකුයි ඇදලයි ඇන්දෙ.ඊට පස්සේ අරලිය කවරෙකුත් සාක්කුවට දාගත්තා.දැන් අඩුම කුඩුම හරි.පාන්දර8 විතර ඉස්කෝලෙට යන ගමන්(මං ඒදවස්වල කොහොමත් ඉස්කෝලෙ ගියේ 7.30ත් පහුවෙලා ගෙදරින්.මොකද...හේතු කීපයක්ම තිබුනා.පස්සෙ කියන්නම්කො ඒවා) වදුරව ස්ටේෂමට ටිකක් ගොඩවැදුනා.එතන ඉන්න අයියාව ගොඩක් අදුරන නිසා එතනින් බෑග් එක තියලා පොතක් වනවන ඉස්කෝලෙට ආවා.

ඔන්න දැන් 9විතර වෙද්දි සයින් කරන වැඩෙක් ඉවර උනා කියමුකෝ.දැන් ඉතින් ඉදලා මක්කොරන්නද? යාලුවෙකුත් එක්ක ෂේපෙට පිනාගෙ ක්වාටස් එක පැත්තට රිංගුවා.එතනින් අරූව ආයෙත් පන්තියට  යවලා මං ගෙට මුවාවෙලා කලිසමයි,ෂර්ට් එකයි ගැලව්වා.ඊට යටින් සුපර් මෑන් වගේ කිට ගහල නොවැ හිටියේ.ඉතින් ඇදුම් ටික අර අරලිය කවරෙ දාගෙන එතනින් ගෙයක් පිටිපස්සට රිංගලා පාරට පැන්නා.හම්මෝ..ඇති යන්තම්.පාර දිගේ හිමීට පස්ස බලබල යනකොට මං පැන්න ගෙදර ලගින් කවුදෝ ගෑණු කෙනෙක් මං දිහා බලනවා.මේ ගෑණීකියයිද දන්නෙ නෑ කියලා හිතලා මං එතන තිබුන පාරකට රිංගලා ටිකක් වෙලා හිටියා පාර ක්ලියර් වෙනකම්.ඊට පස්සෙ රේල් පාර දිගේ ස්ටේෂමට ඇවිත් බෑග් එකත් අරගෙන කාරිය,ට්රේන් එකේ වේයන්ගොඩට ඇවිත් මීගමු-නුවර බස් එකක් අල්ලගෙන මීගමුවට ගොහින් කොච්චිකඩේ නැගලා බීච් ගියා.

********************************************************************************
අනිත් කතාව තමයි සුපිරි එක.මේක උනේ අපි ලෙවල් කරන්න ඔන්න මෙන්න කාලෙ. දවසවල තමයි අපේ අන්තිම ටර්ම් ටෙස්ට් එක තිබුනේ.මේක උදේ පටන් ගත්තම 11 විතර වෙද්දි ඉවරයි.ඒත් අපිට ගෙදර යන්න දෙන්නෙ නෑ.මේ කාලෙ ඉතින් සෑහෙන්න වැඩ කලා විභාගෙට.ඉස්කෝලෙ 1.30 විතර වෙනකම් ඉන්නවා කියන්නේ එපා වෙන වැඩක් නොවැ.ඉතින් මං කල්පනා කලා ගෙදර යන්න.මං මේ අයිඩියාව  තව එකෙකුට කිව්වම පොරත් කැමති උනා. ඇවිල්ලා  ඉස්කෝලේ ලගම පොරක්.මාත් ඉස්කෝලෙ ඉදන් හූවක දුර උනාට මේ දවස්වල මං නැවතිලා හිටියේ අපේ නෑදෑයෙක්ගෙ ගෙදරක.ඉතින් කෝම කෝමහරි අපි දෙන්නා බෑගුත් අරන් 6 වසරේ අලුතින් හදපු බිල්ඩිම පැත්තට ඇවිත් පොඩ්ඩක් විපරම දාද්දි එතන තාප්පෙ ලග බාස්ලා වගයක් වැඩ.කොල්ලො ටිකක් හිටියේ.අපි බෑගුත් අරං එද්දිම පොරක් හිනාවෙලා ඇහුවා පනින්නද යන්නෙ කියලා.අපි ඉතින් හිනාවක් දාලා එහෙම වටපිට බලලා පැන්නා අර අඩි 10ක් විතර උස තාප්පෙන්.පැනලා කෝම කෝමහරි ගෙදර ගියා.

ඔන්න ඊලග දවසත් ආවා.කවුරුවත් දන්නෙ නෑ අපි පැන්න කියලවත්.එදාත් විභාගෙ ඉවරවෙලා මං අරූට කිට්ටු කරලා ඇහුවා යමුද කියලා.අද නම් බෑ බන් කියපු නිසා මං තනියම හරි යන්න කියලා හිතාගෙන ආයෙත් තාප්පෙට කිට්ටු කලා.යද්දි පොඩි උන් වගයක් එතන.උන්ගෙත් කටවල් හොද නෑනෙ.ආහ්..අයියේ,මෙහෙ කොහෙද? කියනකොටම මං කට වහපන් කියලා...දකුණ බලා,නැවත වම බලා,නැවතත් දකුණ බලා පොතේ විදියටම ආරක්ෂිතව බිමට පතිතඋනා විතරයි.මෙන්න පොඩිඋන් ටික කෑ ගැහුවේ නැද්ද මෙන්න අයියා කෙනෙක් ඉස්කෝලෙන් පනිනවෝ කියලා...මුන්ගේ අම්මට.....කියලා මතක් කරකර මාත් දිව්වෙ නැතැයි පණ කඩාගෙන.

සෑහෙන ගේමක් දුන්නට පස්සෙ ගෙදරටත් ආවා.ඔන්න ඊලග දවසෙ ඉස්කෝලෙට යනකොට උදේම අපිට මේන් හෝල් එකේ රැස්වීමක් තිබුනා.ඒකෙදි අපේ වයිටා සෑර් කියනවා ඊයෙ ඉස්කෝලෙන් 11වසරෙ කොල්ලෙක් පැනලා තියෙනවා,අපි දන්නවා කවුද කියලා.අපි දඩුවම් කරන්න ඉස්සෙල්ලා ඇවිත් බාරඋනොත් හොදයි කියලා...

12 comments:

  1. ගොඩ පෙරකදෝරුවෙක්වත් අල්ලං බාර වෙන්න තිබුනේ....

    ReplyDelete
    Replies
    1. හිකිස්! සෑර් ඔහොම සද්දයක් දැම්මට කවුද පැන්නෙ කියලා දැනගෙන ඉදලා නෑ.අපි අහුවෙයි ඕවට...

      Delete
  2. දැනන් උන්නා නම් බාර වෙනකන් බලන් ඉන්න සර්ලා.....මම නම් එක පාරක් පිටු 80 පොතක් ඉවර වෙනකන් මම ඉස්කෝලෙන් පනින්නේ නෑ කියල ලියල තියෙනවා..
    එක ලියල වයිටාට බාරදීලා එදත් පැන්න..

    ReplyDelete
    Replies
    1. ආහ්..මෙන්න මිනිස්සු
      ඔයාත් සැන්ටල්ද?නැතිනම් එ් පැත්තෙ තව වයිටෙක් ඉන්නවද?

      Delete
  3. හෙහ්, ඉස්කෝලෙන් පැනලා ඇති සෑහෙන්න.. කවදාවත් මාට්ටු වෙලාම නෑ.. මරු බං ඒ දවස්..

    ReplyDelete
    Replies
    1. අනිවා..සුපිරි ආතල් අත්දැකීම්

      Delete
  4. ඔය පන්න පැනිල්ලට අඬු කදගත්තේ එහෙම නැද්ද :P
    දැනගන්නයි අහන්නෙ අර අරලිය කවර කියන්නේ මොනවද ? :)

    ReplyDelete
    Replies
    1. ඇස්වහක් කටවහක් නෑ,කිසිම අවුලක් උනේ නෑ‍
      අරලිය කවර කිව්වේ අර පොලේ 10ට,20ට විකුණන්න තියෙන කලුපාට කවර..
      මැද්දේ ටියුලිප් කියලා ගහලා තියෙන්නේ..

      Delete
  5. ඔය පළවෙනි කතාවනම් මට හොඳට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙම වෙන්න එපැයි!!!
      තොපිලත් එක්ක නාන්නනේ මෙච්චර ගේමක් දුන්නේ...

      Delete