Saturday, June 27, 2015

ඔබ මා හමුඋන..මේ ඉරහද යට..






මං පොඩි කරදරයක වැටිලා ඉන්න වෙලාවක මං ටයිම් පාස් කරන්න පාර දිහා බලාගෙන හිටියා.මට එකඑක ඒවා මතක් උනා.ඔයාවත් මතක් නොවුනා නෙමෙයි.එක පාරටම පාරේ එහාපැත්තේ ඉදන් ඔයායි,තව මහත(තප්පදෝරු) කෙල්ලෙකුයි කහඉරින් පාර පනින්න ලැස්ති වෙනවා.මං එකපාරටම හිතුවේ ඒ ඔයාගේ අම්මා කියලා.ඇයි දෙයියනේ එච්චර සයිස්??? මට මොකුත් හිතාගන්න බැරිඋනා.මං ඔයා දිහා බලාගෙන හිටියා.ඔයා මාව දැක්කේ නෑ,යන්න හදපු ගමන වෙනස්කරලා ඔයාලා බස් එකට නැග්ගා.මං හිමීට බස් එක පේන තැනකට ආවා.ආවා නෙමෙයි,යැවුනා.එක පාරටම ඔයා මාව දැක්කා.ඒක් පුදුමයක්...මං ඔයාට හිනාවෙලා අත වැනුවා.ඔයාත් හිනාවුනා අතවැනුවා හිමීට.මං ඉතින් ඔයා දිහා බලාගෙනම හිටියා.ඔයා බිම බලාගත්තා..ලැජ්ජාවටද?බස් එක අද්දන්න හදද්දිම ආයෙත් ඔයා මං දිහා බලලා යන්නම් කිව්වා.ආවා වගේම ඉක්මනට ඔයා ගියා.

ආදරයත්,වෛරයත් අතර වෙනස කෙස් ගහකට සමානලු.මං අහල තියෙනවා එහෙම.සමහර වෙලාවට මට දැනිලත් තියෙනවා එහෙම.ඒත් මං හිතන්නේ නෑ ඒක 100% ඇත්ත කියලා.ඔයා මාව දාලා ගියාට පස්සේ මං ඔයාව දැක්කේ එකසැරයයි.ඒත් අහම්බෙන්.මට ඕනකමක් තිබුනෙත් නෑ ඔයාව දකින්න.මං අඩුගානේ ඉස්කෝලේ මීට් එක බලන්නවත් ආවේ නෑ ඔයාව දකින්න කැමති නැති නිසා.

මං වෛර කරපු අය ඉන්නවා.කරන අයත් ඉන්නවා.ඒත් මොන පුදුමයක්ද කියන්න දන්නේ නෑ.මට ඔයාට චූටියට රිද්දන්න හිතිලා තිබුනට කවදාවත් ඔයාට වෛර කරන්න හිතිලා නෑ.මොකද මට එහෙම කරන්න බැරි නිසා.මං හිතන්නේ ඔයාටත් එහෙම ඇති.ඔයාගෙ ලස්සන හිනාවයි,ඉස්සර වගේම තාමත් මට කතාකරන චූටි ඇස් දෙකයි දැක්කම හැමදෙයක්ම අමතක වෙලා යනවනේ.ඒ වෙලාවට ඉබේටම වගේ මටත් හිනායනවා.
ඒ වගේ අහම්බෙන් හම්බඋන වෙලාවක,ඊට තත්පර කීපයකට පස්සේ පපුව දිගේ හරහට හීනියට රිදුමක් නොයනවා නෙමෙයි.ඒත් රිදිලා තියෙන රිදුම්වල හැටියට මේක මට පුරුදුයි.මං දන්නවා..කවදාහරි අපි ආයෙමත් හමුවෙයි.එදාටත් කිසි වෙනසක් නැතිව පුරුදු විදියටම හිනාවෙලා,ඔයාගෙ චූටි ඇස්වලින් අර ඔයාගේ අමුතු විදියට ඇස් ගහලා,අපේ පිස්සු වැඩ ගැන කතාකරන්න පුලුවන්නම්.....මං ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ඒකයි....

ඔබ මා හමුඋන මේ ඉර හඳ හට
කොතනැක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

ඔබ සිත සිත මා සිත හමු උ දා සිට
මා ලය පීදි පරවු පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසක
මගෙ ළග තනියට ඉනු මැනිවි//

කඳුල සුසම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනිවි//

Thursday, June 18, 2015

කෝච්චි ආතල් හා ටික්කෝ






දුම්රිය,එහෙමත් නැතිනම් කටවචනෙට කියනවනම් කෝච්චියේ යනඑන එක අමුතුම අත්දැකීමක් නොවැ.උදේ හවා වැඩට යන්න,ක්ලාස් යන්න විතරක් නෙමෙයි,දුර බැහැරක,වන්දනාවක යන්න උනත් තමන්ගෙම කියලා වාහනයක් නැති උදවියට පිහිටට තියෙන්නේ මේක නොවැ.ඉතින් මං හිතුවා අද ඒ ගැන කතාවක් ලියන්න.

ඔන්න එකෝමත් එක කාලෙක උදේ හවා හවා ‍ට්‍රේන් එකෙන් ක්ලාස් ගිය මටයි,යාලුවෙකුටයි වෙනසකටත් එක්ක දුර බැහැර පොඩි ට්‍රිප් එකක් යන්න හිතුනාලු.ඒ දවස්වල බයික් එකක් තියා ලැයිසොන්වත් අරගෙන නොතිබුන නිසා ආතල් එකටත් එක්ක ගමන යන්න තීන්දු කොලේ කුචු කචුවේ තමාය.ඉතින් හිතුව දාට පහුවෙනිදා උදේ වේයන්ගොඩ ඉස්ටේසමට ඇවිත් නමෝ විත්තියෙන් කියාලා උඩරට මැණිකේගේ එල්ලී ගමන පිටත් උනාය.කෝච්චි ගමනේ ෆුල් මාවලස් එක ගන්න පුලුවන් වන්නේ ෆුට්බෝඩ් එකේ ගියෝතින්ය.මං කියන්නේ මරණ මංචකය පෙනි පෙනී පාපුවරුවේ එල්ලී යාම නොවේය.(එහෙම අත්දැකීමුත් කීපයක්ම ඇත) ආරක්ෂා සහිතව දොර ලගින් සිටගෙන යාමය,නැතහොත් පාපුවරුවේ ඉදගෙන යාමය.ක්ලාස් ගොහින් එද්දී කකුලේ අමාරුවට ඕකේඉදගත්තාට,විශේෂයෙන් උඩරට බලා චාරිකා කොරද්දී ඉදගෙන යන්නේ අවට සිරි අසිරි විදින්නටය.

නමුත් දුම්රියේ හිටු කියා හුදී ජනයා සිටි බැවින් ඇතුලට යන්නට ඉඩ ලැබුනේ නැත.රඹුක්කන දක්වා මග දෙපස මෙලෝ රහක් නැති නිසා ඒ ටිකටවත් ඇතුලට යන්නට සිතා සිටයද හෙල්ලෙන්නටවත් ඉඩක් නැත.ඉතින් මංතුමා හා ගමන් සගයා ෆුට්බෝඩ් එකේ නැගී එල්ලීගෙන ගමන් කොරනවාය.(මේ විදියට යන එක නම් එපා වෙන වැඩක්ය.මංතුමා කලින් සදහන් කොලේ මේ එල්ලීයාම නොවේය). මීරිගම පසුකොල සැණින් ධාරාණිපාත වරුසාවක් ඇද හැලෙන්නට උනාය.පෙට්ටියේ උන් ආතල් එකේ ඉද්දි අපි එලියේ සිට තෙමෙනවාය.කොරන්නට දෙයක් නැතිය.ලිස්සන්නට හැකිනිසා පුරුෂ ශක්තිය දමා පොල්ල අල්ලාගෙන පොල්ගහවෙල දක්වා වූ පැයක ගමන තෙමීගෙන ආවාය.එතැන් පටන් ඉඩකඩ ටිකක් ලැබුන අතර වැස්සද නතර විය.

ඔය විදියට දැන් යකඩ යකා හූ කියකිය ගමන් කොරනවාය.අපිත් ඉතින් හූ කියකිය යනවාය.මැණිකේ හැටන් කරා ලගාවනවිට අපිට ඉඩකඩ සහිත අපේම කියාගතහැකි දොරක් සෙට්වී තිබුනි.හැටන්වලින් අපේ පෙට්ටියට අක්කා කෙනෙක් නැග්ගාය.පෙනුමේ හැටියට දෙමලය,පට්ට කෑල්ලක් නොවුනද තලෙලු පාට අමුතු ලුක් එකක් තිබුනාය.කෝච්චිය ටික දුරක් ගමන් කරන විට මං හිටගෙන හිටියා ඇති නිසා පාපුවරුවේ ඈදිගත්තාය.අරූටත් ඈදිගන්ට යැයි කියූ නමුත් ඌ දුම්රියේ උඩරට බලායන පලමු ගමන නිසා වටාපිටාවේ ඇති අලංකාරයෙක් වසීකෘත වෙලාය.ටික වේලාවක් ගියපසු අර අක්කා මට එහාපසින් ෆුට්බෝඩ් එකේ වාඩි උනාය.බෑගය ඇතුලෙන් ලොකූ බයිට් පැකට් එකක් ගෙන කන්නට විය.දැන් ඉතින් ම‍ගේ කටට කෙල උනනවාය.අපි ඉතින් එදාත්,අදත් හිගන්නෝ නිසා(හෙට නම් එසේ වන්නට අදහසක් නැත) කන්නට මොකුත් ගෙනාවේත් නැතුවාය.අපිට මේ දැන් දෙතියි යන හැගීමෙන් යුතුව අපි කෙලපෙරාගනෙ බලා සිටියාය.ම්හු..කිසිදු ප්‍රතිචාරයත් නැත්තේය.වෙලාවට එතනින් ගිය වඩේකාරයෙකුට පිං සිද්ධවෙන්න(උන්ගේ ගිණි ගණන් වලට පිං සිද්ධවෙන්න???) වඩයක් හපන ගමන් පාලු මැකෙන්නත් එක්ක ආක්කාව ‍ටෝක් කරන්නට පටන් ගත්තාය.එයා මොන්ටිසෝරියක් කරනවාලුය.අම්මලා දැන් ඉන්නේ හපුතලේ පැත්තේ පැට්ටේරියකලුය.මේ අම්මලා බලන්න යන ගමන්ලුය...ආදිය කීවාය.පුදමය කියන්නේ මෙච්චර ලගපාත හිටියත් තාම ඒ පැත්ත පලාතේ ට්‍රේන් එකෙන් ගිහින් නෑලුය.මං ඉතින් ඔය විදියට වංහුං අහඅහ ගියාය.මං ඉතින් පණ්ඩිතයා වාගේ ඈතින් පේන ෆොක්ස්හිල් එකේ නරියා එහෙම පෙන්න පෙන්න ලකුණු දාගත්තාය.ඔය විදියට යද්දී මාරම සීතලක්දැනෙන්නට විය.ඉතින් මං මගේ අනිත් අත අක්කාට ඉස්සරහින් දමාගෙන අනිත් පොල්ල(දොරේ) අල්ලාගෙන ඉන්නවාය.මං ඒම ඉන්නේ අක්කාගේ ආරස්සාවටය. මැණිකේගේ නැලවිල්ල හමුවේ එයා වැටෙතැයි බයේය.ඔය අ‍තරේ මගේ අතේ යමක් දැවටෙනවාය.අම්මටහුඩු..බලන කල්හි අක්කාගේ රණහංස යුවල නිමල නිල් ජලාශේ..ආනන්දනීය රැගුම් නංවනවාය.එයාට ගාණක්වත් නැත්තාය.එයාට කමක් නැත්තං මට මොකද කියා මාත් ඔහේ හිටියාය.

මේ කිව්වේ එක කතාවක් පමණිය.තව කියන්නට කතා තියෙනවාය.ඒවා ඉතිරි එපිසෝඩ්වල පලකොරනවාය.එතකං මද විරාමයක්ය...

Sunday, June 14, 2015

වේලාව බලාගැනීම




වේලාවට වැඩකිරීම පිලිබදව මෙරට පුද්ගලයන්ට පුදුම හැකියාවක් තියෙනවාය.මං කියන්නට යන්නේ නම් ඒ ගැන නොවේය.මේක පොරජාතරන්තවාදී රටක්ලුයි.එහෙව් එකේ එක එකා උන්ට ඕනා විදියට,උන්ට ඕනෑ වෙලාවට වැඩ කලාට මගේ කිසිම ආරෝවක් නැත්තේය.මං මේ කියන්නට යන්නේ මෙරට ටැලිවිසොන් නාලිකා ජනතාවට වෙලාවට වැඩ කිරීමට ඉගැන්වීමට දක්වන්නා වූ උනන්දුව ගැන කියන්නටය.

පසුගියකාලයේ ආණ්ඩුව විසින් පට්ට වැඩක් හදුන්වාදීමට පියවර ගත්තාය.මරාගේ ආණ්ඩුව කලා උවත් ඒ වැඩේ නම් පට්ටම පට්ටය.(මරා ගැන වචනයක්වත් සදහන් නොකලා නම් කෑවේ නෑ වගේය) පට්ට ගගහ ඉන්නවා මිසක් මූ මොකක්ද කරපු සෙද්ද කියලා කියන පාටක් නම් නැතිය...කොලේ මේකය.මෙරට හුදී ජනයා තම තමාගේ පෞද්ගලික ඔරලෝසු,‍පෝන් එකේ වෙලාව පවා ටියුං කොරගන්නේ ටැලිවිසන් එක බලාගෙනය.නමුත් පුරස්නෙකට කිබුනේ එක එක ටැලිවිසොන් චැනල පෙන්නුවේ උන්ට ඕනෑ වෙලාවය.එමනිසා වෙලාව පවසනවිට අපිට අමුතු කොරමයක් පාවිච්චි කොරන්නට වුනාය.ඒ මොකක්ද කියනවානම් කෙනෙක් වේලාව අසනවිට...හිරු එකේ වෙලාව 11.45,රූපවාහිනියේ වේලාව 11‍.44,...ආදී වසයෙන් කියන්නට සිදුවිය.මක්කැයි කිවහොත්, එක එකේ වෙලාව තත්තර ගණනින් එකිනෙකට පරස්පර වීමය.එකක් දෙකක් නොව තත්පර 40,50 සිට විනාඩියක් දක්වා වූ ගණන්වලට උන් වෙලාව පෙන්නුවාය.ඉතින් මේකට පිලියමක් ලෙස අම්මට සිරි ලංකාවේ(වචනයේ පේටන්ට් අයිතිය මාතලන් සතුය) සියලුම දෙනා මේන් මේ වේලාව පාවිච්චි කොරපන් කියාලා වෙබ් සයිට් එකක වෙලාව දැම්මාය.සයිට් එක මේකය-www.sltime.org
 
ඉතින් මෙරට හුදී ජනයා මහත් සේ ප්‍රීතියට පත්ව සැනකෙලි පවත්වන්නට ....පත්වුනාය.ජනමාධය මගිනුත් මේ ගැන හැට හුටාමාරට වැමෑරුවාය.අපිත් ඉතින් මැඩම් වෙනස්කොරපු වෙලාව මරා රිසෙට් කොරපු දවසේ කොලා වගේ ජංගමේ වෙලාව රිසෙට් කොලාය.කාලය ගෙවිලා ගියාය.මෙහෙම සයිටක් තියෙනවා කියාලා ‍මොකෙකුටවත් වගේ වගතු නැතිවාය.නැවතත් ටැලිවිසොන් නාලිකා පුරුදු විදියට තම තමාගේ වෙලාවේ හැටියට වැඩ කොරනවාය...

ඔන්න ඒ අස්සේ තවත් වැඩක් සිද්ධවෙනවාය.මේකේ ආගමනය මෙසේය.ඉස්සර ටැලිවිසොන් කාරයෝ සල්ලි හෙව්වේ විකිණිලාය.. නෑ..නෑ.. ගුවන් කාලය විකුණලාය.‍සුද්ද හිංගලෙන් කිව්වොත්,පෝගෑම් අස්සට ඇඩ් දාලාය.ජීවන වියදම වැඩි වෙනකොට උන්ටත් නිකම් ඉන්නට බැරිය.මොකද උන්ගෙත් ගෑණුන්ට,දරු පවුල්වලට කන්න අදින්න දෙන්න ඕනෑය.ඉතින් ඊසි ටීවී ආදී මෙකී නොකී ලොවෙත් නැති නම් වලින් ටැලිවිසොනේ යට කෑල්ලටත් ඇඩ් දැම්මාය.ඒකේ රගේ තේරෙන්නේ ෆිලුමක් බලනවිටය.උඩිනුත් කලුය,යටිනුත් කලුය.ඒ මදිවට තව තීරුවක ඇඩ් යනවාය.අපිට බලන්ට ඇත්තේ හුණ්ඩුවක ඉඩකි.ඉතින් ඕම කාලය යද්දි ඔය සෙද්ද අස්සට තව තවත් ඇඩ් දාන්න පුලුවන් තැන් ගැන පරීක්සොන පැවැත්වුනාය.අන්තිමේදී යුරේකා..යුරේකා..කියලා උන්ගේ හෙලුව පෙන්නන්ට පුලුවන් විදියක් හොයාගත්තාය.ඒ කියන්නේ වෙලාව පෙන්නීමය.මුල් කාලයේ පැයෙන් පැයට වෙලාව පෙන්නපු මුන් පස්සෙන් පස්සට යද්දී පැය භාගෙන් භාගෙට පමණක් නොව විනාඩි පාලොහෙන් පාලොහට වේලාව පෙන්නන්ට ගත්තාය.යකූ..බලන් යද්දී අ‍පිට වඩා වේලාවට වැඩ කරන්න තරම් කැක්කුමක් ඇත්තේ මුන්ටය.අපි ලත්තොන සින්දුවක්,පොරෝගෑමක් බලන් ඉන්නකොටම...නැතිනම් රොමෑන්ටික ෆිලුමක හොදම හරිය බලද්දීම මුන් වේලාව පෙන්නනවාය.අපේ ඇගේ මාලු නටනවාය..මේකද යහපාලනය කියා අපට සිතෙනවාය...

මංතුමා මුලින් කිව්වා වගේ මේක පොරජාතන්තවාදී(ඕන විදි‍යට උච්චාරණය කොලහැක) රටකි.යහපාලන රාජ්‍ය සමයකි.මෙවන් කාලයක මෙවැනි කුප්ප වැඩ දේවල් කිරීම හොද නෑය..

Thursday, June 11, 2015

පමා නොවී වැඩකෙරුමට ඉස්කෝලෙන් පැන්නෙමි




මේක සිදුවුනේ අපි 13  වසරේ අන්තිම කාලේ ඉන්නකොට. දවස්වල තමයි ලෙවල් එක්සෑම් එකට ඇප්ලිකේෂන් සයින් කලේ.කොහොම කොහොමහරි අපේ පන්තියේ ඇරෙන්න සෙක්ෂන් එකේ හැම ක්ලාස් එකකම  ඒවා සයින් කරලා ඉවර කරලා තිබුනේ.එදා තමයි අපේ පන්තියේ සයින් කරන දවස.ඉතින් හදිසියෙම අපේ ලෙවල් කරපු සෙට් එක එකතුවෙලා කතා කලා බීච් එකට යන්න,හුග කාලෙකින් සෙට් උනෙත් නැති නිසා.මොනවැඩ තිබුනත් මේ වගේ වැඩක්මගඅරින එක හොද නැති නිසා ටිකක් ලේට් වෙලාහරි කොහොමහරි එන්නම් කියලා මාත් ඉස්කෝලෙ යන්න පිටත් උනා.දැන් ගියා වගේ නෙමෙයිනේ ඉස්කෝලෙන් පැනගන්න එක.ඒකටත් ඉතින් මාස්ටර් පැලෑනක් ගැහුවා.උදේ ඉස්කෝලෙ  යුනිෆෝම් එක ගහන්න කලින් ෂෝටකුයි,ටී ෂර්ට් එකකුයි ඇදලයි ඇන්දෙ.ඊට පස්සේ අරලිය කවරෙකුත් සාක්කුවට දාගත්තා.දැන් අඩුම කුඩුම හරි.පාන්දර8 විතර ඉස්කෝලෙට යන ගමන්(මං ඒදවස්වල කොහොමත් ඉස්කෝලෙ ගියේ 7.30ත් පහුවෙලා ගෙදරින්.මොකද...හේතු කීපයක්ම තිබුනා.පස්සෙ කියන්නම්කො ඒවා) වදුරව ස්ටේෂමට ටිකක් ගොඩවැදුනා.එතන ඉන්න අයියාව ගොඩක් අදුරන නිසා එතනින් බෑග් එක තියලා පොතක් වනවන ඉස්කෝලෙට ආවා.

ඔන්න දැන් 9විතර වෙද්දි සයින් කරන වැඩෙක් ඉවර උනා කියමුකෝ.දැන් ඉතින් ඉදලා මක්කොරන්නද? යාලුවෙකුත් එක්ක ෂේපෙට පිනාගෙ ක්වාටස් එක පැත්තට රිංගුවා.එතනින් අරූව ආයෙත් පන්තියට  යවලා මං ගෙට මුවාවෙලා කලිසමයි,ෂර්ට් එකයි ගැලව්වා.ඊට යටින් සුපර් මෑන් වගේ කිට ගහල නොවැ හිටියේ.ඉතින් ඇදුම් ටික අර අරලිය කවරෙ දාගෙන එතනින් ගෙයක් පිටිපස්සට රිංගලා පාරට පැන්නා.හම්මෝ..ඇති යන්තම්.පාර දිගේ හිමීට පස්ස බලබල යනකොට මං පැන්න ගෙදර ලගින් කවුදෝ ගෑණු කෙනෙක් මං දිහා බලනවා.මේ ගෑණීකියයිද දන්නෙ නෑ කියලා හිතලා මං එතන තිබුන පාරකට රිංගලා ටිකක් වෙලා හිටියා පාර ක්ලියර් වෙනකම්.ඊට පස්සෙ රේල් පාර දිගේ ස්ටේෂමට ඇවිත් බෑග් එකත් අරගෙන කාරිය,ට්රේන් එකේ වේයන්ගොඩට ඇවිත් මීගමු-නුවර බස් එකක් අල්ලගෙන මීගමුවට ගොහින් කොච්චිකඩේ නැගලා බීච් ගියා.

********************************************************************************
අනිත් කතාව තමයි සුපිරි එක.මේක උනේ අපි ලෙවල් කරන්න ඔන්න මෙන්න කාලෙ. දවසවල තමයි අපේ අන්තිම ටර්ම් ටෙස්ට් එක තිබුනේ.මේක උදේ පටන් ගත්තම 11 විතර වෙද්දි ඉවරයි.ඒත් අපිට ගෙදර යන්න දෙන්නෙ නෑ.මේ කාලෙ ඉතින් සෑහෙන්න වැඩ කලා විභාගෙට.ඉස්කෝලෙ 1.30 විතර වෙනකම් ඉන්නවා කියන්නේ එපා වෙන වැඩක් නොවැ.ඉතින් මං කල්පනා කලා ගෙදර යන්න.මං මේ අයිඩියාව  තව එකෙකුට කිව්වම පොරත් කැමති උනා. ඇවිල්ලා  ඉස්කෝලේ ලගම පොරක්.මාත් ඉස්කෝලෙ ඉදන් හූවක දුර උනාට මේ දවස්වල මං නැවතිලා හිටියේ අපේ නෑදෑයෙක්ගෙ ගෙදරක.ඉතින් කෝම කෝමහරි අපි දෙන්නා බෑගුත් අරන් 6 වසරේ අලුතින් හදපු බිල්ඩිම පැත්තට ඇවිත් පොඩ්ඩක් විපරම දාද්දි එතන තාප්පෙ ලග බාස්ලා වගයක් වැඩ.කොල්ලො ටිකක් හිටියේ.අපි බෑගුත් අරං එද්දිම පොරක් හිනාවෙලා ඇහුවා පනින්නද යන්නෙ කියලා.අපි ඉතින් හිනාවක් දාලා එහෙම වටපිට බලලා පැන්නා අර අඩි 10ක් විතර උස තාප්පෙන්.පැනලා කෝම කෝමහරි ගෙදර ගියා.

ඔන්න ඊලග දවසත් ආවා.කවුරුවත් දන්නෙ නෑ අපි පැන්න කියලවත්.එදාත් විභාගෙ ඉවරවෙලා මං අරූට කිට්ටු කරලා ඇහුවා යමුද කියලා.අද නම් බෑ බන් කියපු නිසා මං තනියම හරි යන්න කියලා හිතාගෙන ආයෙත් තාප්පෙට කිට්ටු කලා.යද්දි පොඩි උන් වගයක් එතන.උන්ගෙත් කටවල් හොද නෑනෙ.ආහ්..අයියේ,මෙහෙ කොහෙද? කියනකොටම මං කට වහපන් කියලා...දකුණ බලා,නැවත වම බලා,නැවතත් දකුණ බලා පොතේ විදියටම ආරක්ෂිතව බිමට පතිතඋනා විතරයි.මෙන්න පොඩිඋන් ටික කෑ ගැහුවේ නැද්ද මෙන්න අයියා කෙනෙක් ඉස්කෝලෙන් පනිනවෝ කියලා...මුන්ගේ අම්මට.....කියලා මතක් කරකර මාත් දිව්වෙ නැතැයි පණ කඩාගෙන.

සෑහෙන ගේමක් දුන්නට පස්සෙ ගෙදරටත් ආවා.ඔන්න ඊලග දවසෙ ඉස්කෝලෙට යනකොට උදේම අපිට මේන් හෝල් එකේ රැස්වීමක් තිබුනා.ඒකෙදි අපේ වයිටා සෑර් කියනවා ඊයෙ ඉස්කෝලෙන් 11වසරෙ කොල්ලෙක් පැනලා තියෙනවා,අපි දන්නවා කවුද කියලා.අපි දඩුවම් කරන්න ඉස්සෙල්ලා ඇවිත් බාරඋනොත් හොදයි කියලා...