meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: හමුදාකාරයා Vs රණවිරුවා

Monday, May 18, 2015

හමුදාකාරයා Vs රණවිරුවා




ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් දිනය සැමරීමට කටයුතු ලහිලහියේ සූදානම් වෙමින් පවතින මෙවන් මොහොතක මෙරට ආරක්ෂක අංශ හා බැදුනු කතාවක් ඔබ බෙත ගෙනඒමට සිතුවෙමි.සොල්දාදුවා නැතිනම් හමුදාකාරයා කෙරෙහි මෙරට සමාජය තුල පැවතුනේ එතරම් ප්‍රසන්න හැගීමක් නෙමෙයි.ඒකට හේතු කීපයක්ම තිබුනා.පලවෙනි එක තමයි හමුදාකාරයන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් පිලිබදව ඇති හැගීම,සාමාන්‍යයෙන් බොහෝ පහල මට්ටමේ නිලධාරීන් නොවන සොල්ලාදුවන්ට ඇත්තේ 8 පාස් හෝ උපරිම සා/පෙ දක්වා වූ සුදුසුකම් පමණක් වීම එයට හේතුවයි.අනිකුත් හේතූන් වන්නේ සමාජයේ සිදුවූ විවිධ හොරකම්,පැහැරගැනීම්,කප්පම් සිද්ධීන් පමණක් නොව පාතාල කණ්ඩායම් අතර පවා පැනගිය හමුදා සෙබලුන් නිරතවී සිටීම.එමෙන්ම බාල වයස්කාර ගැහැනු ලමයින් අපචාර සිද්ධීන් සදහා යොදවා ගැනීම ආදී එකී නොකී සියලුම සිද්ධීන් මුලුමහක් හමුදා සේවයම අප්‍රසාදයට පත්කරන්නක් උනා.කොටින්ම කිවහොත් හමුදාකාරයන් යනු කිසිම හිතක්,පපුවක් නොමැති දරදඩු ජීවින් කොට්ඨාශයක් බවට සමාජය අතර මතයක් පැතිර ගියා.

මෙවන් තත්වයක පැවති මෙරට ආරක්ෂක අංශයන්ට නැවතත් වසන්තය උදාවූයේ 2008,2009 සමයේ පැවති අවසන් සටන් කාලසීමාවේදීයි.තිස් වසරක් මෙරට පැවති  බිහිසුණු යුද්ධය නිමාකිරීමට නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා (පසුකාලීනව යුධ ජයග්‍රහණය විකුණගෙන කෑම පිලිබද ජනතා අප්‍රසාදයට ලක්වුවත්) හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුලු සියල්ලන්ගේම සහය ඇතිව ගෙනගිය අවසන් සටන කාලවකවානුවේ මෙරට ජනතාව අතර හමුදාකාරයන්,‍රණවිරුවන් බවට පත්කිරීමේ භාරධූර කාර්යභාර්යට මූලික වූයේ මෙරට ජනමාධ්‍ය බව කිවයුතුමයි.මුල්ම යුධ වාර්තාකරණය මගින් ජනතාව දැනුවත්කිරීමේ සමාජ මෙහෙවරට ආරම්භය ලබාදුන් ජාතික රූපවාහිනිය හා පසුව එයට සම්බන්ධ වූ මෙරට අනිකුත් ප්‍රධාන මාධ්‍යය විසින් සිදුකල එම මෙහෙවර මගින් මෙරට රණවිරුවාගේ ප්‍රතිරූපය ජනතාවගේ හදවත් තුල සදා නොමැකෙන සේ ‍කැටයම් කිරීමට සමත් උනා.2009 වසරේ යුද්ධය අවසන් උවත් රණවිරුවන් කෙරෙහි මෙරට ජනතාව දැක්වූ ගෞරවයට අබමල් රේණුකවත් හානියක් උනේ නෑ.

නමුත් පසුකාලීනව රජය මගින් රණවිරුවන් යොදාගෙන සිදුකලාවූ විවිධ කාර්යයන් නිසා රණවිරුවන්ගේ ගෞරවය දැඩි හානියට පත්වන්නට සිදුවුනා.බේබිලාගේ රේස් සදහා වැලි කොට්ට ඇදීමට හමුදා සෙබලුන් යොදාගැනීම,එලවලු විකිණීමට දැමීම,ටිකට්පත් විකිණීමට දැමීම,කාණු සුද්ධ කිරීමට යෙදවීම,පාරවල් අතුගෑමට දැමීම ආදිය එයට නිදසුන්.මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්..

දිනක් පන්ති නිමවී දහවල් 12ට පමන ගම්පහ දුම්රිය ස්ථානය අසල ගාඩර් එක හරහා යනවිට යුධ හමුදා සෙබලෙක් නිල ඇදුම පිටින්ම මොකක්ද ටිකට් එකක් විකුණනවා දුක කියකිය.අ‍නේ මල්ලි ටිකට් එකක් ගෙන්නකෝ,නංගි ප්ලීස් ටිකට් එකක් ගන්න කියකිය.ඇත්තටම අපිට ඒ වෙලාව් නම් පුදුම තරහක් ආවේ..ඌ ගැන නෙමෙයි,ඒකට යෙදවපු උන් ගැන.වේ* බල්ලෝ.දකින අපිට එහෙමනම් ඒ කට්ට කන උන්ට කෙහොම ඇතිද??? යුද්දේ කලේ මං කියකිය තනියම කෑ ගහන *ක්කු කරපු මේ කැ* වැඩවලට තමයි ජනතාව උත්තර දුන්නේ.

කොහොම උනත් දැනුවත් ආකාරයට නම් දැන් තත්වය යහපත් අතරට හැරිලා,ආණ්ඩු පෙරලියෙන් පස්සේ.කෙනෙකුට තර්ක කරන්න පුලුවන් කම්කරු වැඩ කරන අය හමුදාවේ නැද්ද කියලා.ඒකට උත්තරෙ තමයි,ඉන්නවා.ඒත් කෑම්ප් වල මිසක් සිවිල් සමාජයේ නෙමෙයි.දැන් යුධ කටයුතු නැති නිසා හමුදාව සෘජුවම වගේ නිෂ්පාදන හා සේවා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.ඒ සදහා ඉන්නවා ටෙක්නීෂියන්ලා,කම්කරුවන්,සේවකයක් වගේ අය.ඒ අය ඒ වැඩ කරන්නේ කෑම්ප් ඇතුලට වෙලා රැකියාව විදියට.සිවිල් සමාජයට ආවම නිලඇදුම ඇදගෙන අභිමානවත් ලෙස ජීවත් වෙනවා.

6 comments:

  1. රණවිරුවන්ට ජනතා ප්‍රසාදය ලැබෙන්න පාරමී කුලතුංග මහත්තයගෙ සංකල්පයක් මත ඇතිවූ 'අපි වෙනුවෙන් අපි' ව්‍යාපාරයත් හේතු වූ බව මට හිතෙනවා...
    ඇත්තටම යුද්දය වික්කට පසුගිය ආණ්ඩුව රණවිර්‍රවන්ට සළකපු විදිය හොද මදි...

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවෙන් අපි ව්‍යාපාරයේ නිර්මාතෘවරයා පාරමී කුලතුංගා මහත්තයද?
      ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ.දැනුවත් කලාට ස්තූතියි...
      අපි බලං ඉමුකෝ මේ ආණ්ඩුවේ හැටිත්..

      Delete
    2. අද පත්තරේ තියෙනවා අපි වෙනුවෙන් අපි සංකල්පය දිලිත් ජයවීරගේ කියල.

      Delete
    3. අපොයි..එහෙමත් එකක්ද? දැන් කවුද හරි..

      Delete