Saturday, May 16, 2015

රැකියාව හා ජීවිතය




පොඩි කාලේ වැඩිහිටියෙක් හරි මොකෙක් හරි අපිව දැක්ක ගමන් අහන ප්රශ්නයක් තියෙනවා.ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා‍.මේ කතාව ලගින් යන කතාවක් මගේ පලවෙනි බ්ලොග් පෝස්ට් එක හැටියට පලඋනා සිහින කුලියට දීම යන නමින්.‍ කතාව නම් ගොඩාක් දෙනෙකු අතරට ගියේ නෑ කාලේ මට සින්ඩිවල සහායක් තිබුනේ නැති නිසා.මෙතනින් කතාවට යන්න පුලුවන්.

රැකියාව කියන දේ ජීවිතයට බොහෝ සෙයින් බද්ද වෙලා තියෙනවා.සමාජයේ කෙනෙක්ව හදුන්වන්නේත් රැකියා මත.ඒක වර්තමානයේ සිදුඋන දෙයක් විදියට හදුන්වන්නත් බෑ.මොකද, අතීතයේ උනත් ඉස්කෝලෙ මහත්තයා,ලියන මහත්තයා,.. ආදී වශයෙන් තමයි කෙනෙක්ව හැදින්වීමට භාවිතා කලේ.අද වනවිටත් ක්රමයේ කිසිම වෙනසක් වෙලා නෑ.බැංකුවේ මහත්තයා,ඉංජිනේරැ මහත්තයා,දොස්තර මහත්තයා,මිනින්දෝරු මහත්තයා,..ආදී වශයෙන් තමයි කෙනෙක්ව හදුන්වන්නේ

පස්සේ කාලෙක මට අමුතු අදහසක් ආවා රැකියාව ගැන.මොකද මං හිතුවා අපි රැකියාවට වඩා පෞද්ගලික ජීවිතයක් කියලා එකක් තියෙන්න ඕනේ කියන අදහස ගැන.මං හිතන්නේ මං තාමත් ඉන්නේ එතන තමයි.ඒත් ප්රායෝගික තත්වය මීට හාත්පසින්ම වෙනස් බවයි මගේ හැගීම.ඉස්සර මං හිතාගෙන හිටියේ 8 ඉදන් 5 වෙනකන් මොකක් හරිජොබක් කරලා ගෙදර ඇවිත් ආතල් එකේ ඉන්න.එහෙම ඉන්න පුලුවන් රැකියා නැතිව නෙමෙයි.ඒත් වගේ වාසනාවක්() ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද. මුල් කාලයේ මං හමුදා වෘත්තීන්ට ඉතාමත් අකමැති කෙනෙක් උනා.ඒකට ප්රධානතම හේතුව තමයි නිවාඩු දෙන්නේ කාලයකට සැරයක් වීම.මුලින් සදහන් කලා වගේ උදේ ගිහින් හවස එන්න පුලුවන් රැකියාවක්(හා සේවයක්) නොවීම. වගේම තමාගේ පවුල සමග සම්බන්ධවීමේ හැකියාව ඉතාම අවමවීම.නමුත් පසුකාලීනව අදහස නම් වෙනස් උනා අතිශය පෞද්ගලික හේතුවක් මත.

අද වනවිට බොහෝ රැකියාවල නියුතු පුද්ගලයන්ට පෞද්ගලික ජීවිතයක් කියලා එකක් නෑ. ගණයට වැටෙන කොට්ඨාශ 2ක් ඉන්නවා.පලවෙනි කාණ්ඩය තමයි කම්කරුවන්.‍උදාහරණයක් ලෙස ගාමන්ට්,ෆැක්ටරිවල සේවකයින්. අය තමාගේ පෞද්ගලික ජීවිතය නැතිකරගන්නේ ඉතාම අකමැත්තෙන්‍. කියන්නේ තමාට ලැබෙන සොච්චම් පඩියට තවදුරටත් මොනරු කීපයක් එකතු කරගැනීමේ අරමුණින්.දෙවන කාණ්ඩය තමයි ඉහල මට්ටමේ විධායක නිලධාරීන්. අය තමාගේ පෞද්ගලික ජීවිතය නැතිකරගන්නේ හිතලමයි වගේ. කියන්නේ රැකියාවේ මට්ටම අනුව ඔවුන්ටත් එහෙම කරන්න සිදුවෙනවා.හොදම උදාහරණය තමයි සුපර්වයිසර්වරුන් ආදින්.

තමාගේ ජීවිතයම රැකියාවට කැපකරන එකෙත් අමුතුම ලල් එකක් තියෙනවා කියලා දැන් මට හිතෙනවා.ඒත් එතනදි තමන්ගේ රැකියාව අපි කැමති ආකාරයේ එකක් වියයුතුයි කියලයි මං හිතන්නේ.කැරියර් ගයිඩන්ස් වලදී මේක ගැන ලොකුවට කතාකරනවා මං දැකලා තියෙනවා.එක එකා තමන්ගේ ජීවිතය ආකාරයට රැකියාවක් වෙනුවෙන් කැපකරන කාරණා කීපයක්ම මං දකිනවා.එක තමයි සල්ලි..සෑහෙන්න පඩියක් හම්බෙනවානම් ඕන මගුලක් කියන එය මේ යටතට වැටෙනවා.අනිත් දේ තමයි ගරුත්වය,පිලිගැනීම,වරප්රසාද යන දේවල්.අපේ රටේ ගොඩාක් දේසපාලුවො වැටෙන්නේ මේ ගණයට.අනිත් කොටස තමයි සතුට වෙනුවෙන් රැකියාව කරන අය.මං දකින වාසනාවන්තම මිනිසුන් තමයි මේ අය.සමාජ සේවය මූලික කරගෙනම තම කටයුතු කරන අතලොස්සක් වූමහත්මා දේශපාලකයන්,කලාකරුවන් මෙන්ම තම විනෝදාංශයම රැකියාව කරගත් මෙම ගණයේ විවිධ පුද්ගලයන් සැබෑ වාසනාවන්තයෝ නොවේද?

2 comments:

  1. රැකියාව සහ ජීවිතය ගැන සුපිරි විස්තරයක්...

    ReplyDelete
    Replies
    1. පෙෘද්ගලික අත්දැකීම් පාදක කරගෙන ලිව්වේ.ගොඩාක් සතුටුයි අදහසට...

      Delete