Friday, April 10, 2015

අප්‍රකාශිත ආදරය - The Unsaid Love





ප්‍රථම ප්‍රේමය ගැන ගොඩක් අය විවිධ කතා කියනවා.මං මේ හදන්නේ ඒ ගැන කියන්න නෙමෙයි.මගේ අප්‍රකාශිත ප්‍රේම වෘත්තාන්ත කීපයක් ගැන.ඔය කෙල්ලෙක් ගැන ඉස ඉසසෙල්ලම හිතට වදින(සුද්ද දිංහලෙන් කියනවනම් සික් ගහන) කාලයක් මට ආවේ මම 9 වසරෙ ඉද්දි.ඒ කතාව මෙහෙමයි.අපේ පන්තියේ හිටියා ...... කියලා ලස්සන කෙල්ලෙක්(නම කියන්න බෑ මොකද මේ වෙනකොට එයා මගේ යාලුවෙක්ට අයිතිවෙලා ඉවරයි). ඒ කාලේ අපේ පන්තිභාර සෑර් අපිව පන්තියේ ඉන්දෙව්වේ නාම ලේඛනේට අනුව.ඒකට හේතුව උනේ අපි කස්ටි කස්ටි ගැන් හදාගන්න එක වලක්වගන්න.ඉතින් සෑර් නීතියක් දැම්මා හැමදාම කස්ටිය දකුණට පුටුව ගානේ මාරු වෙන්න ඕනි කියලා.මං හිටියේ නාමලේඛනේ 4ට විතර.(ඒත් මොන කරුමෙකටද මන්ද කවදාවත් මට හරි විදියකට පෝලිමකට වඩා පිටිපස්සට යන්න ලැබිලා නෑ.මොකද පිටිපස්සේ ඉන්න උන් ඉස්සරහට එන්න ඒ තරම් කැමති නැති නිසා) මගේ ඒ කාලේ හොදම යාලුවෝ දෙන්නා ඉන්නේ අන්තිම පෝලිමේ(උන් ඉන්නේ නාමලේඛනේ අන්තිමටම වගේ.උන්ගෙන් එකෙක් තමයි මගේ බොග කියවල සද්දයක් දාලා යන ලක්ෂිත කියන එකා!)

ඉතින් මං කරන වැඩේ හැමදාම පලවෙනි පීරියඩ් එකෙන් පස්සේ හිමීට අරැන් ඉන්න තැනට සෙට් වෙන එක.මං විතරක් නෙමෙයි,බොහෝමයක් උන් එහෙම තම තමන්ගේ ගැන් වලට සෙට් වෙනවා.මං පිටිපස්සට යන්නේ උන් ඉන්න හින්දම නෙමෙයි.අර කෙල්ලත් එක්ක කයියක් ගහන්න ඕන නිසා.ඒකි ඉන්නෙත් පිටිපස්සෙම පොලිමේ.ඉතින් සමහර දවස්වලට අපේ සෑර්කාරයා යන්න ලේට් වෙලා ඒත් එක්කම වගේ ඊලග පීරියඩ් එක උගන්නන්න තව මොකෙක්හරි ආවොත් මට ඉතින් සෑහෙන්න අවුල් එදාට,මොකද පිටිපස්සට යන්න බැරිවෙන නිසා.මට ඉතින් පිටිපස්සට ගියත් මට එයාත් එක්ක කතාකරන්න හෙන ආසාවක් තිබුනට මට තියෙන ලොකුම පුරස්නේ තමයි කතාකරන්න දෙයක් නැතිඑක.ඉතින් මං කරන්නේ හැමදාම වගේ මොකක් හරි අච්චු පොතක් ගේනනේ නැතිව ඉන්න එක(ගොඩාක් වෙලාවට ගණං තමයි.ආහ් එයා ගණජ වලට සෑහෙන්න දක්ෂයි) ඉතින් මම කරන්නේ බබා වගේ කතාකරල ගණං පොත ඉල්ලගන්න එක.ඉතින් මේ විදියට තමයි මගේ පලවෙනි ක්‍රෂ් එක(වගේ එක) සිද්දඋනේ.(වැදගත්ම දේ තමයි මගේ හොදම යාලුවෝ දෙනනවත්මේ ගැන දැනං හිටියේ නෑ.අනේ වදින්නන් ලකියෝ මේ ගැන කාටවත් කියන්න එහෙම එපා.අරූ මාත් එක්ක තරහඋනොත් එහෙම)


ඉතින් ඊට පස්සේ....නෑ එක්කෝ පරිච්චේද දෙකක් මගහරිමුකෝ...ආයෙත් එහෙම අප්‍රකාශිත ආදරයක් ඇතිවෙන්නේ 11දි ව‍ගේ.ඒත් අපේ පන්තියේ ‍සෑහෙට මීටරේකට.ඒ කාලේ මං සෑහෙන්න කලින් ඉස්කොලෙට එනවා 63ට විතර.මං කමයි පන්තියට ඉස්සල්ලම එන්නේ.ඊට පස‍්සෙ තමයි ........ එන්නේ.ඉතිං අපි මොකක්හරි දෙයක් අල්ලගෙන වරු ගණං දොඩවනවා.ඒකත් මරු ආතල් වැඩේ.මේක මුලදි මං වැඩිය හිතට ගත්තේ නැති උනාට පස්සේ මාර විදියට සික් ගහන තරමට වැදුනා.මට හොදට මතකයි අපේ පන්තියේ අන්තිම දවසේ අපේ කොල්ලෝ සෙට් එකයි,කෙල්ලෝ සෙට් එකයි එකට ආවේ ටවුන් එකට එනකන්.මගදිගට පිස්සු කෙලකෙල ආපු ඒ ගමනේ අන්තිමට මං එයාට දුන්න තෑග්ග උනේ ‍පාරෙ තිබුන මඩ වලකින් බෝතලේකට ගත්ත හොද මඩ වතුර පාරක්.(හැමෝටම එමම තමයි) ඉතින් අපි ටවුන් එකට ඇවිත් වෙන්වෙන වෙලාවේ එයා මට අතදීපු හැටි මට තාමත් මැවිලා පේනවා.මං හිතන්නේ එදා ගෙදර ඇවිත් මං සෑහෙන්න ඇඩුවා..(බොලඳයි ‍නේද?මොනව කරන්නද..) එක්සෑම් එකෙන් පස්සේ එයා වෙන ඉස්කෝලෙකට ගිය නිසා ආයෙ එයාව දකින්නවත් හම්බුනේ නැති තරම්(විශේෂයෙන් කියන්න ඕනි එයා මං වැටුනු වෙලාවක මාව නැගිට්ටවන්න සෑහෙන්න උදව් කරල තියෙනවා.ඒකට බෝම ස්තූතියි.තාමත් ඉදල හිටලා ප්‍රශ්නයක් උනාම මැසේජ් එකක් දාන්නේ එයාට.)



ඊටත් පස්සේ කාලෙක සික් ගහපු සීන් එකක් වාර්තාවෙන්නේ 12දි.අපේ පන්තියේ කෙල්ලෝ හිටියේ 7ක් විතර.ඉතින් එයාලට සාපේක්ෂව ලස්සනම කෙනා තමයි ......... එයා අලුතින් ආවේ උ.පෙලට. මං ඉතින් ඉස් ඉස්සෙල්ලමකලේ එයාගේ පරණ විස්තර ටිකක් හොයාගත්ත එක,පරණ ඉස්කෝලේ කොල්ලෙකුට කියලා.දැන් මට ආයෙත් පරණ ප්‍රශ්නෙම මතුවෙනවා,මොනවද එයත් එක්ක කතාකරන්නේ කියන එක.මං ඉතින් කරන්නේ හැමදාව එයා ඉස්කෝලෙට එන ටයිම්එක අල්ලලා ගෙදරින් එන එක.එතකොට ගේට් එක ලගදි ගුඩ් මෝනින් කියලා කතාවට අල්ලගෙන පන්තිය ලගට එනකම්ම එන එකනේ.එහෙම නැතිනම් ටිකක් ලේට් වෙලා පන්තියට යනවා,එතකොටත් ආහ් ...... කියලා කයියක් ගහන්න පුලුවන්නි.කොහොමඋනත් උදේපාන්දරම චැටක් දැම්මම දවසම ආතල්,මල් ගැහුවාවගේ(අනේ මමනම් දන්නේ නෑ..මටත් පොඩිඑකෙක් කිව්වේ) පස්සේ කාලෙක මගේ යාලුවෙක් මේකට ප්‍රසිද්දියේ ලයින් පාර දාලා ඌ වැ‍ඩේ කෙලෝගත්තා.(මේ යකා හීන් නූලෙන් වැඩේ දුන්නේ අපිටත් නොකියම.පස්සේ ඉතින් පන්තියටම මාට්ටු.කාලා හමාරයි නොවැ) ඒ අස්සේ ඒ ආසාවත් නිකම්ම නැතිවෙලා ගියා.පස්සේ කාලෙකඑයා ගැන මාතෘකාව ඇදගත්තමයි දැනගත්තේ මුලු පන්තියම වගේ එකාට එකා ‍හොරෙන් මේක ටෝක් කරලනේ!

ආහ්...කියන්න අමතක උන දෙයක් තියෙනවනේ.ඒත් 11 ඉද්දි ටියුෂන් ක්ලාස් එකක හිටපු කෙනෙක් ගැන මගේ හිතේ මාර පැහැදීමක් ඇතිඋනා.(එයත් දැන් මගේ හොදම යාලුවෙක්.මං ගෙදර ගිහිල්ලත් තියෙනවා) එයා ඇවිල්ලා සද්ද බද්ද නැති නිවිච්ච චරිතයක්.කටහඩ එහෙම මාර ලස්සනයි.පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.එයා නම් මං හිතන්නේ ටිකක් දන්නව මං එයා ගැන ටිකක් ඉන්ටරෙස්ට් කියලා.මං ඉතින් එක්සෑම් එකෙන් පස්සේ දවසක එයාගෙන් මොනවද මන්ද අහන්න දවසකුත් නියම කරගෙන ගියා කෝස් එකකට.කිරි අප‍්පට බල්ලෝ පැනපි කිව්වලු, එයා එදා ආවේ කොල්ලත් එක්ක! බලහංකෝ ඉතින් අපි කොටන්න ගියොත් ඒ ගහෙත් දෙබලක්නේ..

මං ඉතින් ඒ සිදුවීම ගැන පොඩි මේව්වා එකකුත් ලිව්වා ඒ දවස්වල...

බිදුණු පෙමින් මා
සැරිසරනා විට
කිසිවෙකුත් නැති වීදියේ
දුටුවෙමි,
මන බඳිනා යුවතියක්
නොවීය ඇය,
පට්ට කෑල්ලක්
නොවීය ඇය,
සුරූපිනියක්
එනමුදු
මගේ හද සොරාගත්
ඇගේ තතු විමසූ විට
දැනගතිමි,
ඇය අන්සතු මලක් බව
අහෝ! දෛවය කුරිරුද මෙතරම්...

ඔය අතර මැද්දේ පොඩි පොඩි සීනුත් නැතිව නෙමෙයි..කොහොම උනත් විශේෂම දේ තමයි මේ හැම කෙනෙක්ම දැන් මගේ හොදම යාලුවෝ කියන එක.....
ප.ලි-කෙනෙකුට කියන්න පුලුවන් මේක ආදරය නම් නෙමෙයි,හුදු ආකර්ෂණයක් විතරයි කියලා.ඒත් මම කැමතියි මේක ආදරය පැත්තට පොඩ්ඩක් බර කරනවනම්,මොකද එතකොට  පොඩි අහින්සක වටිනාකමක් තියෙනවා වගේ.එහෙමනේද?

10 comments:

  1. පාසල් ප්‍රේමය ගැන අපි කතා නොකර ඉමු.............

    ReplyDelete
    Replies
    1. ම්..දුක හිතෙනවා වෙන්න පුලුවන්..
      ඒත් ඒක සුන්දර අත්දැකීමක් කියලා හිතන්න..සතුටක් දැනේවි..

      Delete
  2. මලියත් ලේසි පුතයෙක් නෙවෙයි වගේ..........

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඔව් ඔව්..

      Delete
  3. අඩෝ දුක හිතෙන සබ්ජෙක්ට් එකක් බන්....හරි භයානකයි...

    ReplyDelete
    Replies
    1. අනිවා...අන්තරාවයි..
      පොඩ්ඩ මිස් උනොත් ජීවිතේම ඉවරයි!

      Delete
  4. Replies
    1. ඒකනේ..අපිට සප් එකක් දෙනකොට අපිත් සලකනවා...

      Delete
  5. ඔය මුලින් කිව්ව කෙල්ලො දෙන්නම දන්නෙ නෑනෙ මං. කවුද බන් ඒ.....???

    ReplyDelete
    Replies
    1. ඒවා කවුරුවත්ම දන්නේ නෑ බන්..උඹට පස්සේ වෙලාවක කියන්නම්කො පුද්ගලිකව.

      Delete