Thursday, April 9, 2015

පන්සල් වන්දනාව




කාලෙන් කාලෙට විවිධ වන්දනා චාරිකා සිදුවනවාය.පොසොන් වන්දනාව,දලඳා වන්දනාව,දඹදිව වන්දනාව ආදී මෙකී නොකී සියලු වන්දනා අතරට මෑතකදී එක්වී ඇති ජනප්‍රියම-නෑ නෑ,ප්‍රසිද්ධම වන්දනාව වනුයේ පන්සල් වන්දනාවය.මෙහිදී එය කොටස් කීපයකට දැක්විය හැක.‍බෝධි පූජා පිංකම්,මහා පහන් පූජා,හාමුදුරුවෝ බැහැදැකීම් ආදී සියල්ලක්ම මේ ගණයට අයිතිය.මේවා මහත් සේ ආනිසංස ලැබෙන ආකාරයේ පින්කම්ය.එබැවින් මේවා කලාට අපේ කිසිම විරෝධයක් ඇත්තේ නැත.

මේ දවස්වල පන්සල් ආශ්‍රිතව වැඩිපුරම ගැවසෙන සත්ත්වයෙක් සිටින්නේය.(මිනිසාද සත්ත්වයෙකි.අමණාප නොවන්න) ‍‍ඩයල් එක යන යන තැන පිංකම්ය.බැලූ බැල්මට ශ්‍රද්ධාවන්ත දායකයෙකි. නමුත් පුංචි පරහක් තියෙනවාය.මොහු නිතරම පන්සල් යන්නේ බණ අසන්නට නොවේය.බණ කියන්නටය.පන්සල යනු කාටවත් යාමට තහනම් තැනක් නොවන්නේය.නමුත් එම අවසරය තම පටු අදහස් මුදුන්පමුණුවා ගැනීමට භාවිතාකිරීම ගැනනම් අපේ කිසිම මනාපයක් නැත්තේය.

පිංකමක් පැවැත්වෙන අවස්ථාවක එය දායකයන්ට දැනුම් දීමට ක්‍ර්‍ර කීපයක් ඇත්තේය.පන්සලේ හෝ ප්‍රජාශාලාවේ දැන්වීම් පුවරුවේ දැන්වීමක් දැමීම,පන්සලට නිතර යනෙන දායකයන් අත පණීවිඩ යැවීම,වැඩිම උනොත් ත්‍රීවීල් කට්ටක ඉස්පීකරයක් බැදගෙන ගම වටේ ප්‍රචාරයක් දීම සාමාන්‍ය දේවල්ය.ඒත් දැන් ඒවාද වෙනස්වී ඇත.පෝස්ටර් කලාව පිංකම් පොලත්,බෝධි පූජාවත් තම ග්‍රහණයට ගෙන අවසන්ය.අනේ,සල්ලි තියෙනවානම් එයටද අපේ කිසිම අමණාපයක් නැත.විශ්මයට කරුණ වන්නේ කුඩා පන්සලක පැවැත්වෙන මෙවැනි පිංකමක් සදහා දිවයින පුරාම පෝස්ටර ගැසීමය.පෝස්ටර් දැක මිනිස්සුද පන්සල් යති,ඒත් පිංකමක් කරගන්නට නෙවේය.ලක්ෂ 58 උරුමක්කාරයා බලන්නටය.ගොසින් ඔහුගේ දේශපාලන බණ අසා අඩා,වැලපී ඉන්නෝය.

මේ දිනවල ඔහුගේ සුපුරුදු නවාතැන්පලකි,නාරාහේන්පිට අභයාරාමය.සාමාන්‍යයෙන් පන්සලක සිටින්නේ හාමුදුරුවෝය.නමුත් මෙහි සිටින්නේ දූෂිතයෝය,මිනී මරුවෝය,කප්පම් කාරයෝය.සෑම දිනකම පාහේ අම්මට සිරි ලංකාවේ(‍වචනයේ පේටන්ට් අයිතිය මාතලන් සතුය) කොහේ හෝ ප්‍රාදේශීය සභාවකින්,පලාත් සභාවකින් කස්ටිය එන්නේය.දුක කියන්නේය.ඉස්සර කල රැගුම් රගන්නට බැරි බව කියන්නේය.අඬ අඬා නැවත එන්න ලොක්කා කියන්නේය.කාලයක් බස් වලින් මැදමුලනට සෙනග අද්දලා කුලියට ඇ‍‍ඩෙව්වාය.දැන් මිනිස්සු එන‍්නේ නැති උනාම පන්සල් ගානෙ යනවාය.අනේ කාලේ වනේ වාසේ!!!

4 comments:

  1. අනේ කාලේ වනේ වාසේ තමා බන්.....
    තණ්නාසේ තණ්නාසේ බන්...

    ReplyDelete
    Replies
    1. තණ්හාය ජායතී සෝකෝ...

      Delete
  2. මාකටින් මල්ලි මාකටින්

    ReplyDelete