Saturday, April 4, 2015

බිල් අයියගෙ දන්දීම




අද කතාවට පාදක උනේ පරිගණක සගරාවෙන් දැක්ක පුවතක්.ඒකෙ සදහන් වන සාකාරයට මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ වින්ඩෝස් 10 සංස්කරණය නොමිලේ නිකුත්කිරීමට සැරසෙනවා.එහිදී එය වෙලඳ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් නොකරන අතර අප්ග්‍රේඩ්(සිංහලෙන් කියන්න නම් දන්නේ නෑනේ) සංස්කරණයක් ලෙස ඉදිරිපත් කරනවා.එනම් වින්ඩෝස් පසුගිය සංස්කරණ භාවිතාකරන අයට(Vista,XP,8) එය 8 බවට යාවත්කාලීන කරගන්න පුලුවන්.මෙහිදී අපට එන ගැටලුවක් තමයි යකූ,අපි යූස් කරන්නේ හොරබඩුනේ කියන එක.නමුත් සතුටුදායක නිව්ස්එක වෙන්නේ හොරකොපි,එනම් නීති-වි‍රෝධී සංස්කරණ සදහාද එය අදාල වීම.එනම් මින්පසු හොරකොපි කියලා එකක් නැතිවීම.මේක එක්තරා ආකාරයකට මවිතය දනවනසුලු සිදුවීමක්,මොකද අපි වගේ දුප්පත් කස්ටිය මයික්‍රොසොෆ්ට් ආයතනය සලකන්නේ ඒකාධිපති ආයතනයක් විදියට.ඒකට ප්‍රධානතම හේතුවක් තියෙනවා.

අපි ලංකාව ගැන බැලුවොත් විවිධ පිලිගත් ආයතන යනාදිය හැරුණවිට සාමාන්‍යය තනිපුදගල පරිගණක හා සුලු ව්‍යාපාර සදහා යොදාගන්නා පරිගණකවල බොහෝවිට පවතින්නේ නීතිවිරෝධී(පයිරේටඩ්) මෙහෙයුම් පද්ධති.ඒකට හේතුව වන්නේ ඔර්ජිනල් මෙහෙයුම් පද්ධතිවල මිල මෙරට ජනතාවට දැරිය හැකිමිලට වඩා බොහෝසෙයින් ඉහල මට්ටමක පැවතීම. උදාහරණයක් ලෙස වින්ඩෝස් එක්ස්පී මෙහෙයුම් පද්ධතියේ මිල රු.20,000 කට ආසන්න අගයක් වෙනවා.මේක ආයතන වලට නම් එතරම් මුදලක් නොවූවත් පෞද්ගලික භාවිතය සදහා යොදාගන්නා පරිගණකයකට එතරම් මුදලක් වියදම් කිරීම මෙරට ආර්ථික තත්වය මත සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැක්කක්.(මා මෙරට යැයි සදහන් කලද එය තුන්වැනි ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සියල්ලටම පාහේ සමානවන තත්වයකි)

මෙහෙයුම් පද්ධති පමණක් නොව මෘදුකාංග සදහාද මෙය පොදු තත්වයක්.උදාහරණයක් ලෙස ග්‍රැෆික් නිර්මාණ ක්ෂේත්‍රයේ බහුලවම භාවිතයට ගන්නා ෆොටෝෂොප් මෘදුකාංගයේ මෙරට වෙළඳ වටිනාකම රු.80,000 කට ආසන්න වෙනවා.ඉතින් මේ වගේ මුදලකට මෙවා මිලදීගන්නවාට වඩා සාමාන්‍ය වෙළඳපොලේ පවතින නීති-විරෝධී මෘදුකාංගයක් රු.100ක වැනි මිලකට ලබාගැනීම හෝ අන්තර්ජාලයෙන් එවැනි හොර කොපි බාගැනීම අපට සෑහෙන ලාභයක්.මෙහිදී ඔරිජිනල් මෘදුකාංගයෙන් ලැබෙන සියලුම පහසුකම් හොර කොපියකින් ලබාගැනීමට නොහැකි තත්වයන් ඇති බව සැබෑ උවත් එය මුදල හා සලකා බැලීමේදී නොසලකා හැරියහැකි කාරණයක් වෙනවා. 

නැවත ප්‍රධාන කතාවට අවතීර්ණ උනොත් කාරිය,මේ වනවිට ඇතිවී ඇති තරඟකාරීත්වය නිසා පරිගණක ආශ්‍රිත සියලුම සේවාවන් පාහේ නොමිලේ ක්‍රියාත්මක කිරීමට එම සමාගම් තීරණය කරල තියෙනවා.උදාහරණයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම නොමිලේ නිකුත්වන්නක් වන අතර ඒ නිසාම එය ලොවපුරා මහත් සේ ව්‍යාප්ත වී ඇත.නමුත් ඔවුනගේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ගූගල ඇප්ස්ටෝර් හරහා ජංගම ඇප්ස් විකිණීම හා වෙලඳ දැන්වීම් මගිනි.එය ඉතාමත් සාර්ථක වෙලඳ උපක්‍රමයකි.දැන් දැන් මයික්‍රොසොෆ්ට් ආයතනයද සිදුකරන්න යන්නේ එම ක්‍රමය අනුගමනය කිරීමයි.
ඉතින්...කොහොම කොහොමහරි පරිගණක ක්ෂේත්‍රයේ ලොක්කත් දුප්පත් අපි ගැන හිතපු එක ගැනනම් අපිට හිතේ කහටක් නැතිව සතුටුවෙන්න පුලුවන් නේද?

9 comments:

  1. හැබැයි එතකොට කිසි ගතියක් නැතුව යනවා බන්....
    හොර කොපියක් දාන එකේ තියෙන ආතල් එක විනාස වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..හැබැයි ඉතින් ඉස්සර හොර කොපියේ වින්ඩෝස් අප්ඩේට්ස් ඕන් වෙලා කාපු කට්ට මතක්වෙනකොටත් එපා වෙනවා.මතකද කාලයක් ලංකාවේ ලොකු කතාබහක් ඇතිවුනා හොර කොපි පොලීසියෙන් අල්ලනවා කියලා..ඒ අස්සේ ඕවා විකුණන එකත් නිකං හොරෙන් කුඩු විකුණනවා වගේ බයෙන් කලේ...

      Delete
  2. ඇත්තටම මේ හොර කොපි නොතිබුනානම් අපි මේ වගේ පරිගණක දැනුමක් සහිත පිරිසක් වෙන එකක් නෑ... වින්ඩෝස් 10 නොමිලේ දෙන එක ඇත්තටම අපි වගේ රටවලට ගොඩක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.මං හිතන්නේ මං ජීවිතේට ඔරිජිනල් සොෆ්ට්වෙයාර් එකක් යූස් කරල නෑ..

      Delete
  3. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔන්න ඊයක් එව්වා..ස්තූතියක් ලෙස අපට අතහිත දෙන සින්ඩි යටතේ ඔබේ බ්ලොග් දර්ශකයේ ලින්ක් එකක් නොබෝ දිනකින් දිස්වෙනවා ඇති...

      Delete
  4. මට මරු කතාවකක් මතක් උනා උඹලට මතකද කවුද නිළියක් ඔඩෙල් එකේ රෙදි හොරකං කරා කියලා දණ ගැස්සුවා ඒක ඇතුලෙ. ඒ ෆොටෝ නෙට් එකේ ශෙයා උනා හරියට. ඔකට එක එකා කොමෙන්ට් කරා මේකි පල් හෙරක්. ලැජ්ජ නැති එකියක් කියලා.

    කවුද එකෙක් එහෙම කියපු එකෙක්ට කොමෙන්ට් කරල තිබ්බා - යකෝ ඒකිට හොරා කියන්න කළිං තොගේ කොම්පියුටරේ තියෙන හොර සොෆ්ට්වෙයාර් ගැන හොයපං. උීඹල සොෆ්ට්වෙයාර් හොරු කියලා

    ReplyDelete
    Replies
    1. යා යා..මාත් ඒ ෆොටෝ එක දැක්කා.අරූ කියපු කතාවත් ඇත්ත තමයි.අපේ වැරදි තියාගෙන අපි හොයන්නේම අනුන්ගේ කුණු විතරයිනේ...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete