Thursday, April 30, 2015

කම්කරුවන් ගසා කෑම හා කම්කරු දිනය




කම්කරුවන් හා සේවකයන් පිලිබදව විශාල වශයෙන් කතාබහට ලක්වන දිනයකි අද.‍හේතුව ලොක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබීමයි.මැයි දිනයේ ආරම්භය පිලිබදව  අටුවා ටීකා ටිප්පනි කීමට මා බලාපොරොත්තුවන්නේ නැත.මන්ද අද දිනයේ ඕනෑම ප්‍රවෘත්ති විකාශයක මේ ගැන ලොවෙත් මහා ලොකුවට ප්‍රචාරය වන බැවිනි.නමුත් ඒ පිලිබදව වැඩිදුර විස්තර අවශ්‍යනම් මේ ලින්කුව ඔස්සේ යන්නට ඔබට හැකියාව ඇත.

කම්කරුවන්..මේ කම්කරුවන් යනු කවුරුන්ද පිලිබදව විවිධ අර්ථකතන ලබාදිය හැක.වැටුපක් උදෙසා තම ශ්‍රමය ලබාදෙන පුද්ගලයින් කම්කරුවන් ලෙස හැදින්විය හැකිමුත් එය 100% නිවැරදි නොවේ.නැතහොත් දොස්තරවරුද කම්කරුවන් වන්නට ඉඩ තිබේ.සොච්චම් පඩියක් උදෙසා තමාව ගසාකන්නට ඉඩ දෙන්නන් පිරිසක් ලෙසට එය නිවැරදි විය යුතුය.

වර්තමානය වනවිට කම්කරුවන් උදෙසා කොතරම් නීතිරීති පැවතියත්,පෙර පැවති වහල් සේවය තවමත් ඉවර වී නොමැති බවට අත්දැකීමෙන්ම පැවසිය හැක.වෙනස්ව ඇත්තේ තර්ජනය කරන ආකාරය පමනි.අතීතයෙදී පිහියෙන් ඇන මැරීම පැවතියද දැන් පවතින නීතිරීති නිසා එය සිදුකිරීම අපහසු බැවින් දැන් සිදුකරන්නේ පිහිය අතට දී තෝම මැරියන් යැයි පැවසීමය.මහලොකුවට මාධ්‍ය මගින් කම්කරු දිනයක් යැයි එකක් පුම්බා පෙන්නුවද කම්කරුවන්ද අසන්නට ලැබෙන සුලභ වදන් පෙලක් වන්නේ මැයි පලවෙනිදා හරි වැඩ කරලා මේ හු** ඉවරයක් කරලා දාහන් කියන එකය.ඒ තරමට ආයතනවලට මේ නිවාඩුවත් හෙනහුරෙකි.

තත්වය මෙසේ උවද අවාසනාවට වර්තමානය වනවිට මැයි දිනයේ සිදුවන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිදුන් වීරයන් සිහිපත් කිරීමවත්,තවදුරටත් කම්කරු අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා කතිකාවතක් ගොඩනැගීමවත් නොවන අතර විවිධ දේසපාලු පස්ස තම යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා වූ කූඨ ව‍්‍යාපාරවල යෙදීම පමනි.

මැයි දින රැලි පිලිබදව කතාකිරීමේදී පැවසිය යුතු තවත් දෙයක් ඇත.මේ රැලි සදහා පැමිණෙන පිරිස්වලට කප්පම් ලෙස බත් පාර්සලෙයි,ගල් බෝතලයයි බෙදාදීම සෑම පක්ෂයක් විසින්ම පාහේ සිදුකරනු ලබයි.මෙසේ දහස් ගණන් පිරිසක් පැමිණි රැලි භූමිය පිලිබදව අපූරු පශ්චාත් විමර්ෂණයක් පසුගිය වසර දෙක පුරාවටම හිරු ප්‍රවෘත්ති මගින් අනාවැණයක් කල අතර මහා ලොකුවට සද්ද දැමූ දේශපාලුවන්ගේ එක්තරා පැතිකඩක් එමගින් මොනවට පෙන්නුම් කලේය.එනම් ප්‍රධාන පක්ෂ සියල්ලක්ම පාහේ රැලිය අවසන් වූ පසු පිට්ටනිය යකා නැටූ සේ දිස්විය.එනම් කෑම පාර්සල්,ප්ලාස්ටික් පොලිතින් ආදියෙක් දූෂිතව පැවතිනි.නමුත් ජවිපෙ පමණක් පසුගිය අවුරුද් දෙක මුලුල්ලේම තම රැස්වීම් භූමිය රැස්වීමෙන් අනතුරුව එම සාමාජිකයන් විසින්ම ශුද්ධ පවිත්‍ර කරනු දක්නට ලැබීම පක්ෂ,පාට භේද නොසලකා අප සැම අගය කල යුතු ක්‍රියාවකි.එමෙන්ම මෙවරම එය එසේම වන ඇතැයි අපි උදෙක්ම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. මැයි පලවෙනිදා කියන්නේ ලෝකේම කම්කරුවන්ට නිවාඩු දෙන දවසක්...එදාටක් ගෙදරට වෙලා ඉන්නේ නැතුව දේශපාලුවන්ට කඩේ යන එක නම් විහිළුවක්...

    ReplyDelete
    Replies
    1. බත් පැකට් එකයි,ගල් බෝතලෙයි හම්බෙනවනේ..ඒ මදැයි

      Delete
  2. මේකයි මලියො ඇත්තටම කම්කරුවන්ට අවදානය දිනාගන්න පුලුවන් හොඳ දවසක් මේක. ඒත් ඇත්තටම අවදානය දිනාගන්නෙ වැඩකරන ජනතාව නෙමෙයි දේශපාලුවො.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත..විය යුත්ත නෙමෙයි දැන් දැන් වෙන්නේ

      Delete