Monday, April 13, 2015

ඔය කුකුලා මට ෂුවර් නෑ




අද මං කියන්න යන්නේ මට මුහුණදෙන්න සිද්දඋන අපූරු සිද්ධියක් ගැන.මේක වෙනකොට මං 3,4 වසරෙ වගේ ඇති. දවස්වල අපේ ගෙදරට එහාපැත්තේ කුකුල් ෆාම් එකක් තිබුනා.ඒකෙන් කරන්නේ කුකුල් පැටවු ගෙනත් කන්න දීලා ලොකුකරලා මසට විකුණන එක.කාලෙන් කාලෙට කුකුල්ලු අරන් යන්නයි,පැටවු ගෙනත් දාන්නයි ලොරියක් එනවා..

ඉතින් ඔහොම කාලය ගෙවිලා යද්දි ෆාම් එකේ හිටපු කුකුල් පැටියෙක් කූඩුවලින් එලියට පැනගත්තා.ෆාම් එකේ කස්ටිය එකතුවෙලා මූව අල්ලන්න හැදුවත් අල්ලන්න හම්බඋනේ නෑ.මේ යකා කිසි කිසි ගාලා පැනගත්තා.පැනගත්තා කිව්වට වත්ත ඇතුලෙමයි හිටියේ.ඔය විදියට කාලේ ගෙවිලා යද්දි මූ දැං ටිකටික ලොකුඋනා වත්ත ඇතුලෙම එකඑක මලජලාව ඇහිදන් කාලා.

මූ හෙන සයිස් කුකුල් නාම්බෙක් උනාට පස්සෙත් ලොරිය ආපු දවසක මේකාව ආයෙමත් අල්ලන්න ට්රයි කරලා තියනවා.ඒත් එදත් මිෂන් ෆේල්ඩ්.පස්සේ පස්සේ අපිට ආරන්චිඋනා මේයකා කීපදෙනෙකුට කොටල තියෙනවා කියලා.විශේෂත්වය තමයි කොටපු හැමොම මුගෙන් ගේම ඉල්ලපු අය. කියන්නේ කුක්කු කුක්කු කූ කිව්වමලු මූව ෆෝම් වෙන්නේ.ඉතින් ඔය කතාව මාත් ඇහුනට ඒක විශ්වාස කරන එක මට ටිකක් අමාරුකරා.

මගෙත් ඉතින් පඩිකමනේ.මම හිතුවා මේ කතාවේ ඇත්ත නැත්ත හොයලා බලන්න.එක දවසක් පාරෙ ඩයල් එක ඉන්නකොට මං ගිහින් ගේම ඉල්ලුවා.කෝකටත් කියලා දුවන්න බලාගෙන කුක්කු කුක්කු කූ කිව්වා.මේ යකා මං දිහා නිකං රවාගෙන බලන් ඉදල ටිකක් ලගට ආවා.මං දුවන්න රෙඩිවෙලා හිටියේ...ඒත් එතනින් එහාට කුකුලගෙන් ප්රතිචාරයක් නෑ‍.බලං ඉදල බැරිමතැන මං ගෙදර එන්න හැරිලා ආවා..

හැරුන විතරයි මතක...ඊටපස්සේ නිකං හෙන ගැහුව වගේ දැනුනා.බලද්දි මූ මං අනිත් පැත්ත හැරෙනකල් බලල ඉදලා මගේ පශ්චාත්භාගයට කොටලනේ...මට අම්ම මුත්ත මතක් උනේ නැතිඑක  විතරයි( කාලේ දැනං හිටියේ නෑනේ) මං දිව්වා දිවිල්ලක් ගෙදරට මරලතෝනි දීගෙන...

10 comments:

  1. ඔන්න ඕකනෙ මලියො කියන්නෙ ෂුවර් නැති කුකුලො දැන් හැම තැනම කියල...

    ReplyDelete
  2. අඩෝ මලියෝ..................

    උඹ කොහෙන්ද කුරුටු සින්ඩිය හොයා ගත්තේ.. යකෝ තාම මේක අපි හදාගෙන යනවා.. දැන් නම් ගොඩක් දුරට වැඩ ඉවරයි.... මාස 6 ක් විතර ම අරං අලුත් බ්ලොග් ඔක්කොම දාගන්න ලොකු උත්සහයක් ගත්තා.... ඒත් මේක කොහේටවත් තාම අදුන්වලා දුන්නෑ.. වැදගත් වෙලාවක් බලලා උළුඅහු පනින්න තමා කල්පනාව.... ඒත් උඹලා කලින් ම මේවා හොයාගෙන නොවැ... කමක් නැහැ... අපි ළගදීම කට්ටියට ම මේක ඒලිදක්වනවානේ........ ඒදාට උඹ තමා පළවෙනියා....

    ReplyDelete
    Replies
    1. මට මතකත් නෑ කොහෙන් හොයාගත්තද කියලා.ඩේටා ඉවර වෙනකම් ලින්ක් දිගේ රස්තා ගහනවනේ.එහෙම හොයගෙත්ත එකක් වෙන්න ඇති.තාමත් වැඩිය පරසිද්ධ නෑ තමයි..හොද නැකතක් බලලා එලියට දාමුකෝ..පුලුවන් විදියට සප් එකක් දෙන්නම්...

      Delete
  3. අඩෝ කුකුලෙකුට බයේ දිව්වද?
    විලි ලැජ්ජාවේ බෑ....

    ReplyDelete
    Replies
    1. ඔයාටත් කොටලා තියෙනවානම් ඔහොම කියන්නේ නෑ..පික්සු හැදෙනවා අප්පා..

      Delete
  4. කුකුලෙකු කුකුලෙකුට කෙටූ වගයි......

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කුකුලා නෙමෙයි දෙයියනේ..අහිංසක පොඩිඑකා‍‍‍..

      Delete
  5. අපේ ගෙදරත් හිටියා ඔහොම කොටන කලුකුමෙක් ගෙදර අය නැති වෙලේක මට කොටන්න ඇවිත් ඌ නම් අපේ සෙට් එකට රසවත් බයිට් එකක් උනා

    ReplyDelete
    Replies
    1. නෑහ්..උඹ මරු බුලට් එකක්නේ බන්..

      Delete