Thursday, April 30, 2015

කම්කරුවන් ගසා කෑම හා කම්කරු දිනය




කම්කරුවන් හා සේවකයන් පිලිබදව විශාල වශයෙන් කතාබහට ලක්වන දිනයකි අද.‍හේතුව ලොක කම්කරු දිනය හෙවත් මැයි දිනය අදට යෙදී තිබීමයි.මැයි දිනයේ ආරම්භය පිලිබදව  අටුවා ටීකා ටිප්පනි කීමට මා බලාපොරොත්තුවන්නේ නැත.මන්ද අද දිනයේ ඕනෑම ප්‍රවෘත්ති විකාශයක මේ ගැන ලොවෙත් මහා ලොකුවට ප්‍රචාරය වන බැවිනි.නමුත් ඒ පිලිබදව වැඩිදුර විස්තර අවශ්‍යනම් මේ ලින්කුව ඔස්සේ යන්නට ඔබට හැකියාව ඇත.

කම්කරුවන්..මේ කම්කරුවන් යනු කවුරුන්ද පිලිබදව විවිධ අර්ථකතන ලබාදිය හැක.වැටුපක් උදෙසා තම ශ්‍රමය ලබාදෙන පුද්ගලයින් කම්කරුවන් ලෙස හැදින්විය හැකිමුත් එය 100% නිවැරදි නොවේ.නැතහොත් දොස්තරවරුද කම්කරුවන් වන්නට ඉඩ තිබේ.සොච්චම් පඩියක් උදෙසා තමාව ගසාකන්නට ඉඩ දෙන්නන් පිරිසක් ලෙසට එය නිවැරදි විය යුතුය.

වර්තමානය වනවිට කම්කරුවන් උදෙසා කොතරම් නීතිරීති පැවතියත්,පෙර පැවති වහල් සේවය තවමත් ඉවර වී නොමැති බවට අත්දැකීමෙන්ම පැවසිය හැක.වෙනස්ව ඇත්තේ තර්ජනය කරන ආකාරය පමනි.අතීතයෙදී පිහියෙන් ඇන මැරීම පැවතියද දැන් පවතින නීතිරීති නිසා එය සිදුකිරීම අපහසු බැවින් දැන් සිදුකරන්නේ පිහිය අතට දී තෝම මැරියන් යැයි පැවසීමය.මහලොකුවට මාධ්‍ය මගින් කම්කරු දිනයක් යැයි එකක් පුම්බා පෙන්නුවද කම්කරුවන්ද අසන්නට ලැබෙන සුලභ වදන් පෙලක් වන්නේ මැයි පලවෙනිදා හරි වැඩ කරලා මේ හු** ඉවරයක් කරලා දාහන් කියන එකය.ඒ තරමට ආයතනවලට මේ නිවාඩුවත් හෙනහුරෙකි.

තත්වය මෙසේ උවද අවාසනාවට වර්තමානය වනවිට මැයි දිනයේ සිදුවන්නේ කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවිදුන් වීරයන් සිහිපත් කිරීමවත්,තවදුරටත් කම්කරු අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා කතිකාවතක් ගොඩනැගීමවත් නොවන අතර විවිධ දේසපාලු පස්ස තම යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා වූ කූඨ ව‍්‍යාපාරවල යෙදීම පමනි.

මැයි දින රැලි පිලිබදව කතාකිරීමේදී පැවසිය යුතු තවත් දෙයක් ඇත.මේ රැලි සදහා පැමිණෙන පිරිස්වලට කප්පම් ලෙස බත් පාර්සලෙයි,ගල් බෝතලයයි බෙදාදීම සෑම පක්ෂයක් විසින්ම පාහේ සිදුකරනු ලබයි.මෙසේ දහස් ගණන් පිරිසක් පැමිණි රැලි භූමිය පිලිබදව අපූරු පශ්චාත් විමර්ෂණයක් පසුගිය වසර දෙක පුරාවටම හිරු ප්‍රවෘත්ති මගින් අනාවැණයක් කල අතර මහා ලොකුවට සද්ද දැමූ දේශපාලුවන්ගේ එක්තරා පැතිකඩක් එමගින් මොනවට පෙන්නුම් කලේය.එනම් ප්‍රධාන පක්ෂ සියල්ලක්ම පාහේ රැලිය අවසන් වූ පසු පිට්ටනිය යකා නැටූ සේ දිස්විය.එනම් කෑම පාර්සල්,ප්ලාස්ටික් පොලිතින් ආදියෙක් දූෂිතව පැවතිනි.නමුත් ජවිපෙ පමණක් පසුගිය අවුරුද් දෙක මුලුල්ලේම තම රැස්වීම් භූමිය රැස්වීමෙන් අනතුරුව එම සාමාජිකයන් විසින්ම ශුද්ධ පවිත්‍ර කරනු දක්නට ලැබීම පක්ෂ,පාට භේද නොසලකා අප සැම අගය කල යුතු ක්‍රියාවකි.එමෙන්ම මෙවරම එය එසේම වන ඇතැයි අපි උදෙක්ම බලාපොරොත්තු වෙමු.

Friday, April 24, 2015

වීරයෙක් උවමනාකර තිබේ



අද කතාවට පාදක වෙන්නේ දකුණු ඉන්දියානු සිනමාපට පිලිබදව.ඒත් මේක මුලු ලෝකෙම තියෙන සිනමාවට ඍජුව සම්බන්ද වෙනවා.සාමාන්යයෙන් දකුණු ඉන්දියානු,එහෙමත් නැතිනම් දමිල සිනමාව කිව්ව ගමන් අපට මතක් වෙන්නේ වලි.කඩු,පිහි,මන්නා ආදියෙන් පටන් අරන් තුවක්කු‍‍‍‍‍‍‍‍,රසායනික අවි දක්වා මේවා ප්රසාරණය වෙනවා.මේ සිනමාවේ දක්නට ලැබෙන කතාමාලාවල ප්රධාන දෙයක් තමයි අසාධාරණයට විරුද්ධව නැගීසිටීම කියන එක.

සාමාන්යයෙන් ඉන්දියාව ලොකප්රසිද්ධ වන කාරණයක් තමයි ඉන්දියානු පොලීසියේ දූෂණ,අල්ලස් ආදිය නිසා.ලොකයේ අපකීර්තිමත්ම පොලීසිය ලෙසට හැදින්වුවාට කිසිම වරදක් නැති බවය මගේ අදහස.(ලංකාවට නම් මේ ගැන ටිකක් ආඩම්බර වෙන්න පුලුවන්..ටිකක් ..) වගේම දියුණ වෙමින් පවතින රටවල පවතින බහුල වශයෙන් පවතින අල්ලස් ගැනීම(දියුණු රටවල මෙය කිසිසේත්ම සිදුවන්නේ නැතැයි මෙයින් අදහස් නොකෙරේ) හා දේශපාලුවන්ගේ ජඩ ක්රියා සම්බන්ධව තියුණු පුහාරයක් එල්ල කිරීමට මෙම සිනමාකරුවන් නිබදවම යත්න දරයි.

පොඩ්ඩක් මාතෘකාවෙන් පිටට යන්නම්.අපේ සර් කෙනෙක් මට කියපු කතාවක් මතක් වෙනවා හීන ගැන. කියන්නේ අපි යමක් සිදුවෙනවාට ඉතාමත් කැමැත්තෙන් පසු වෙනවා නම්,නමුත් එය සැබෑ ජීවිතයේදී සිදුවීමට ඇති සම්භාවිතාව ඉතා අවම නම්  එය අපේ යටිසිත මගින් හීනයක් බවට පත්කර පෙන්නනවා කියන එක.තේරුණේ  නැද්ද මන්දා කියපු එක.උදාහරණයක් ගමු.අපි ලොකූ කැමැත්තකින් ඉන්නවා හමර් එකක් ගන්න,නමුත් අපේ ආදායමේ හැටියට ඒක ගන්න  එක යතාර්ථවාදී නොවෙන්න පුලුවනි.නමුත් අපේයටිහිත ඒක තේරුම් අරන් අපිට හීනයක් ලෙස හමර් එක අපිට ලැබෙනවා පෙන්නුම් කරනවා.

මේකේ තියෙන සම්බන්දේ මොකක්ද බොල කතාවට???මෙහෙමයි,දකුණු ආසියානු රටවල බහුල වශයෙන් තියෙනසමාජ හා දේශපාලනික ප්රශ්න කීපයක් තමයි ඉහත සදහන් වෙන්නේ.ඉතින් යුක්තිය කියන දේ,සාධාරණය කියන දේ අපිට සැබෑ ජීවිතයේදී ලබාගත නොහැකිනම්,අපි ඒක ෆැන්ටසියක් හරහා ලබාගන්න උත්සාහ කරනවා. සදහා වන ප්රබලතම මාධ්යයක් තමයි සිනමාව.වේදිකා නාට්යය,සින්දු,කවි,නිසදැස් හරහා කියන්නට උත්සාහ කරන්නේත් මේකම තමයි.

බුකියේ පලවෙලා තිබුන පොස්ට් එකක දැක්කා ලස්සන කතාවක්.අවංක ගෑනු ලමයි ඉන්නවා...චිත්රපටවල කියලා. වගේ තමයි අපි බලාපොරොත්තු වෙනවානම් අවංක ආදරයක්,නමුත් අපිට ඒක ලැබෙන්නේ නැකිනම් අපි ඒක කොහොමහරි ලබාගන්නවා සිනමාපටයක් මගින් හෝ..ආයෙක් මාතෘකාවට එමුකො...ඉතින් පොලීසිය මගින් අධිකරණය මගින්,දේශපාලකයන් මගින් අප,සමාජයට අවශ්යය සාධාරණය ඉටුනොවන තැන අප විසින් අපට අවශ්යය දේ ලබාගැනීම සදහා යොදාගන්නවා කල්පිතයක්.එනම් වීරයෙක්.දකුණු ඉන්දීය චිත්රපටිවල නම් අතින් පයින් ගහගන්න පුලුවන් ඩයල් එකක්,ඉංග්රීසි චිත්රපටිවල කල්පිත චරිතයක්(සුපර්මෑන්,බැට්මෑන්,...ආදී නානාප්රකාර මෑන්ස්ලා.) හරහා අමරණිය වන චරිතයක් තුලින් අපි,එනම් ප්රේක්ෂකයා බලාපොරොත්තුවන දේ ලබාදෙනවා. ලබාදීම සාර්ථකනම් සිනමාපටයත් අති සාර්ථක වෙනවා.

ඕක තමයි ඉස්සර ඉදන්ම කතාවට කියන්නේ,ඕවා වෙන්නේ චිත්තරපටිවල විතරයි කියලා...