Monday, March 23, 2015

සිනමාව රජකිරිම




කාලෙන් කාලෙට විවිධ ක්ෂේත්‍රවල විවිධ රැලි හටගන්නවා.මේ දවස්වල සිනමාවේ තියන රැල්ල තමයි රජකතා.මෑතකාලීන ඉතිහාසයේ අබා ගෙන් ඇරඹි රජකතා චිත්‍රපටමාලාව විජය-කුවේණිගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා ගලාවිත් තියෙනවා.මේකට ප්‍රධාන හේතුවක් තමයි,මෙම ඝණයේ චිත්‍රපටවලට විශාල පේක්ෂක ආකර්ෂණයක් ලැබීම.විශේෂත්වය වන්නේ එම වැඩි ආදායම ලැබෙන්නේ කුඩා ළමුන් නිසා වීම.මෙරට ඉතිහාස කතාවක් චිත්‍රපටියකට නැගීමෙන් පසු (බොහෝවිට එය සත්‍ය කතාවෙන් බැහැරව යන කල්පිතයක් වේ) එය ප්‍රචාරයේදී අරමුණුගත මූලික කණ්ඩායම වන්නේ කුඩා දරැවන්.ඉතිහාසකතා නැරබීමෙන් අධ්‍යාපනික වටිනාකමක් ලැබෙතැයි යන හුදු විශ්වාසය පදනම් කරගෙන දෙමව්පියන් විසින් තම දරුවන්ට මෙවැනි සිනමාපට පෙන්වීමට කිසිදු අකමැත්තක් දක්වන්නේ නැත.එය දඩමීමා කරගනිමින් ඒකාකාරී සිනමා කලාවකට මෙරට සිනමාව කොටුකිරීම මෙරට ප්‍රේක්ෂකයාගේ අයිතීන් උදුරාදැමීමකි. රජා එලවූ පසුවත් තවමත් මෙසේ රජකතා ප්‍රචලිතවීමට හේතුව මෙරට වැසියන් තවමත් වැඩවසම් යුගයේ ජීවත්වීම නිසාද?

තත්වය මෙසේ උවද මෙරට නිර්මාණයවන කලාත්මක නිර්මාණවලට ඇති ඉල්ලුමද පහල ගොස් නැත.ඒ බව මෑතකදී තිරගත වූ සමනල සංධ්වනිය චිත්‍රපටියට ලද ප්‍රතිචාර මගින් පැහැදිලි වේ.(ලබාඇති පුද්ගලික අත්දැකීම් නිසාද මන්ද ඒක මම නැරඹූ හොදම නිර්මාණයයි) එමෙන්ම නිකිණි වැස්ස හා සමාජයේ විශාල කතාබහකට ලක්වූ පියාඹන මාලුවෝ නිර්මාණද හිතන්නට යමක් පේක්ෂකයා හට ඉතිරිකර තිබුණි.

වාණිජ සිනමාපටද මෙරට සිනමා කර්මාන්තයට විශාල සේවාවක් කලද සමහර චිත්‍රපටවල පිටපතේ ඇති අඩුපාඩු නිසා සමස්ථ නිර්මාණයම පජාත වූ අවස්ථා විරල නොවීය.උදාහරණයක් ලෙස අමුතුම ආකාරයේ ආකර්ෂණීය ආරම්බයක් ඇති චැලේන්ජර්ස් සිනමාපටයේ අතාත්වික සිදුවීම් රැසක් ඇත.එහි කතාපුවතට අනුව එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන ශේෂාද්‍ර තම පෙම්වතා තොරාගන්නේ තරගයක් මගිනි.කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගැනීමට නොහැකි මෙවැනි කෙල්ලන්ට ට්‍රයි කරන අපතයන්ට මඩු වලිගයෙන් පහර දිය යුතුය.

එමෙන්ම මෙරට සිනමාවේ ඇති විශාල අඩුපාඩුවක් වන්නේ හාත්සෝත්පාදක(අකුරු හරිද මන්ද) සිනමා කලාවක් තවමත් මෙරට බිහිවී නැතිවීමයි‍.අවර ගණයේ විහිලු හා බොලද කතාපුවත්වලින් සමන්විතව මෑතකාලයේ තිරගතවූ සිනමාපට මගින් මෙරට සිනමා රසිකයන් බබ්බු ගානට පත්කර තිබුණි.මා මෙසේ චෝදනාකරනවිට ඊට පිලිතුරු වශයෙන් ලැබියහැකි ප්‍රධාන පිලිතුරවන්නේ මෙරට තාක්ෂණික වශයෙන් තවමත් දියුණු වෙලා නෑ කියන එකයි.නමත් මගේ තර්කය නම් දක්ෂ නිර්මාණකරුවන් කිසිවිටක එය බාධාවක් කරගන්නේ නෑ කියන එක.ඊට හොදම උදාහරණ වශයෙන් යූටියුබයේ ප්‍රසිද්ධ චරිතවන ගප්පියා හා කුෂාන්-ශ්‍රීමාල් යුගලය පෙන්වා දිය හැක.ප්‍රවීන නිර්මාණකරුවන් නොවූවද ඔවුන්ගේ නිර්මාණ ගොන් පාර්ට් ඒවා නොවන බව කිවහැක.ඉදින්,මෙරට සිනමාකලාව ‍වැටීඇති අර්බුදයෙන් ගොඩගැනීම හා දක්ෂයන්ට අතහිත දීම  වත්මන් බලධාරීන්ගේ වගකීමක් නොවේද?

2 comments:

  1. මෙරට තාක්ෂණික වශයෙන් තවමත් දියුණු වෙලා නෑ

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නෙට උත්තරෙත් මං දීලා තියෙනවා

      Delete