Saturday, March 28, 2015

කොරියාවට බලුවීම


අවුරුදු කීපයකට කලින් ලංකාවට පට්ට කෑල්ලක් බැස්සාය.ඒකි නමින් චංගුමී විය.අපේ රටේ උන් ඒකිට පැනි හැලුවාය.ගෑනුන්ද කටඇරගෙන ඒ දිහා බලන් හිටයායා.අවාසනාවට සමහර කොල්ලෝද ‍මේකිට වහ වැටුනාය.චංගුමීට වහ වැටුනාට මගේහිතේ කිසිම අමනාපයක් නැත්තේය.මොකද ප්‍රිසන් බේක්හි සාරාද,ඇරෝහි ෆෙලොසිටිද,රොබින් හුඩ්හි මැරියන්ද අපි පැනිහැලූ කෑලිය‍.අක්කලා නොවීනම් මං මෙලහට ඒවායේ අයිතිකාරයන්ය.අවාසනාවට මට මේ එක දියණියක්වත් දිරවූයේ නැත.තාමත් එසේමය.
අපේ සෑර් කෙනෙක් ඔය දියණිවරුන්ට මරු කතාවක් කීවාය.‍ඔවා බලබලා හිටපල්ලා තොපිලත් සුජාත වෙයි කියාය.මා දන්නා තරමින්(මගේ පෞස්ගලිත අත්දැකීම අනුව) මේ විකාර බැලූ මා දන්නා එක කෙල්ලෙක්වත් සුජාත උන් නොවීය.පත්තිනි අම්මලා වගේ හිටියාට හෙනහෙන ගේම් දීපු උන්ය.ඒවා දන්නේ  අපිය.
එක එක ජාතියේ දියණියන්ගෙන් පටන්ගත් මේ කොරියානු විප්ලවය අපිට නම් මාර ඇණයක් විය,ජාතියට වසංගතයක් විය.දැන් බැලූබැලූ අත කොරියන්ය‍.අපි ජීවත්වන්නේ කොරියාවේදැයි සිතෙන අවස්ථාද ඇත,නැතිනම් අපේ ටීවී වලද දැන්දැන් කොරියන් චැනලස්ද පේන්නට පටන්ගෙන ඇත.මරාගේ සමයේ ලංකාව චයනීස් විය,රූපවාහිනිය කොරියන් විය.අපේ නාට්‍ය බලුවිය.අපි වගේ කොල්ලන්ට කෙලවිය.
අපිට නිදහසේ නිව්ස් එකක් බැලීමට ඇති මානව හිමිකමද උල්ලන්ඝනය වී ඇත.අඩුගානේ ඉස්සර ‍වගේ ඉංගිරීසි ටීවී සීරීස් එකක්වත් යනවානම් හිත හදාගෙන බැලිය හැක.මේවානම් දෙයියන්ටම පෙනිය යුතු දේවල්ය.ලබන ආත්මේවත් කොරියාවේ සිග්නල් නැති රටක ඉපදේවා කියා සිතෙන්නේ මේ වෙලාවටය....

11 comments:

  1. නිකං දෙනවානම් දෙමල පත්තරේද ගන්න අපේ ඈයන්ට මෙව්වා හොඳය..

    ReplyDelete
    Replies
    1. යකෝ එකක් කියවල කමෙන්ට් එකක් දානකම් වත් හි‍ටුකො ඊළඟ එක දාන්න...සෙද්ද

      Delete
    2. හී..හී..බොග් පෝස්ටු දාන්න තියෙන හදිස්සිය...

      Delete
  2. හි හි හොඳ වෙලාවට මෙගා මට දිරවන්නේ නැත... ... ප්රිස්න් බ්රේක් එකේ මයිකල් වගේ ,,,,තීක්ෂණ බුද්ධියක් තියෙන,,,,,,,නයිට් ට්‍රයිඩ එකේ මයිකල් නයිට් වගේ ඩ්‍රයිව් කරන්න පුළුවන් කොල්ලෙක් හම්බුණා නම් :D
    .
    .
    .
    .
    .
    . මටත් හොඳ රොබරි දෙක තුනක් දෙන්න තිබ්බා ඉදගෙන ....

    ReplyDelete
    Replies
    1. නයිට් රයිඩර්...හම්ම්..මං ඉස්සල්ලම බලපු ටීවී සීරීස් එක.තාමත් ආසයි ඒකට

      Delete
  3. දිගටම ලියමු

    ReplyDelete
  4. ලංකාවේ ටීවී වල යන මගුල් නාට්‍ය වලට වඩා ඒවා 100 ගුණයකින් හොදය....
    ඊටත් පට්ට කෑලි ඒවායේ ඇත...අපේ උන් ඒවා එක්ක කැලේය...
    ඉංග්‍රීසී ඒවා මෙහෙ පෙන්න්ඩ බැරිය...ඒ අපේ උන්ගේ ගොන් සංස්කෘතික ආතල් නිසාය....
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කෑලි නොකලා පෙන්නුවා නම් හිරු බලලා ඉවරය...

    ReplyDelete
    Replies
    1. එහෙමත් සීන් එකක් තියෙනවා තමයි...මං පොඩිකාලේ නයිට් රයිඩර් බලපු කාලෙන් හෙන ගේමක් දීලා ඒක බැලුවේ.ඒකේ හොදම සීන් එක යන වෙලාවටම අපේ ගෙදර මොකෙක්හරි එබෙනවානේ!

      Delete
  5. පොතක් කියවන්න ළමයා ඔය ටීවී බලන වෙලාවේ කාලේ නාස්ති නොකර!

    ReplyDelete
    Replies
    1. අනේ මමනම් ඔය ජරාව බලන්නෙ නැතෝ..

      Delete