Tuesday, March 31, 2015

ඔබේ අත‍ ගෙන පෙර සැඳෑවක...




අපි පුංචියි එතකොට.මං 10වසරෙ විතර ඇති.එදා ඉස්කෝලේ සිසු පොල.කොහද ඉතින්,අපි හිටියේ වෙළදාම් කරන මානසිකත්වයෙන් නෙමෙයි.ටික ටික වෙලාව ගතවෙලා ගියා.දැන් පොල ඉවරවෙන්නත් ලඟයි.මට ඔයත් එක්ක කතාකරන්න ඕනඋනා.විශේෂ හේතුවක් නිසාම නෙමෙයි.ඉතින් අපි දෙන්නා කතාකරකර ඉස්කෝලෙ 6වසර පැත්තට ගියා පාර දිගේ,හැප්පි හැප්පි..මතකද ඔයාට.එකපාරටම ඔයා මගේ අත බදාගත්තා..මාත් නොදැනුවත්වම වගේ ඔයාගේ අත තදකරා..ජීවිතයේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක්ගේ අතක් මාව අල්ලගෙන..මාව හිරිවැටුනා..ඇඟ දිගේ කරන්ට එක යනවා වගේ..ඒක සතුටද,නැත්නම් ආදරයද? මගෙ හිත පිරීලා....

ආයෙත් අපි ඒ පාර දිගේම එන්න හැරුනා..අයියෝ..එතකොටම ලොකූ..වැස්සක්...කොහෙන් ආවද මන්ද?අපි අත් අල්ලගෙන දූවලා ගියා..සියඹලා ගහ යටට..මහ වැස්සේ අපිට නොතෙමී ඉන්න හෙවන දුන්නා එයා..ලගපාත කවුරුවත්ම නෑ..මං ඔයාගේ චූටි,ලස්සන මූණ දිහා ආදරෙන් බලන් හිටියා..ඔයාගේ ලස්සන ඇස්..මට කතාකරා...එයා මට කිව්වා..මේ ලෝකේ මං තනිවෙලා නෑ කියලා‍..

වැස්ස නවතින පාටක්නම් නෑ..වෙලාවට එතනින් පොඩි මල්ලිලා දෙන්නෙක් යන්න ආවා.මං කතාකලා එකෙකුට..ටෝක් කරල උගෙන් කුඩයක් ඉල්ලගත්තා.දැන් අපි දෙන්නා චූටි කුඩේයට..මගේ අහිංසකීව තෙමන්නේ කොහොමද මම..පරිස්සමට ඔයාව මම ඔයාලගේ පන්තිය ලගට එක්කගෙන ආවා..ඉදලා හමාරයි..ඔයාගේ අර පිස්සු යාලුවා..කෑ ගහන්න පටන්ගත්තේ නැතැයි අපිව දැකලා..එකපාරටම අත්පොඩි හඩක් එක්ක විසිල් පාරක් ආවා..අයියෝ..අපේ ලොකු අයියලා ටිකත් අපි කු‍ඩේ යටින් එන නාටකේ දැකලානේ...විලි ලැජ්ජාවේ බෑ..ඔයාව දාලා මං හිමීට අපේ පන්තියට රිංගුවා...

ඔබේ අත ගෙන පෙර සැදෑවක
උයන්  තෙර හිද ආදරෙන්
ගැයූ කුලුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...

6 comments:

  1. මේ සින්දුවනම් මම එෆ්බි එකේ ශෙයා කරනව ඕං...

    ReplyDelete
    Replies
    1. ලස්සන සින්දුවක් තමයි..අපූරුවට ජීවිතයට ගැලපුන..

      Delete
  2. කෝ බන් මලියා කතාවේ ඉතුරු ටික??
    බාගයයි නේ බන් තියෙන්නේ? නැත්තම් කියන්ඩ වැදගත් ඔච්චරයිද?

    ReplyDelete
    Replies
    1. කතාවේ අවසානය දුක්ඛාන්තයක්නේ..ලස්සන කෑලි හිතුන වෙලාවට මේ වගේ දාන්නම්කෝ...

      Delete
  3. අඩේ කෝ බං ඉතිරි ටිකත් කියපන්කො...

    ReplyDelete
    Replies
    1. හොද හොද දේවල් එලිවෙන ජාමෙට...

      Delete