Sunday, March 29, 2015

මේ සිංහල අපගෙ රටයි?




ලංකාව යනු බහුවාර්ගික සමාජකොට්ඨාශයක් ජීවත්වන රටකි.අපි සිංහල බව ඇත්ත‍.අපිට ජීවත්වීමට වෙනත් රටක් නැතිබවත් ඇත්ත.නමුත් මෙරට ජීවත්වන දෙමල,මුස්ලිම්,මැලේ ජනයාගේද මව්රට ලංකාවයි.ඔවුන්ටද ජීයත්වීමට ඇත්තේ මෙරට පමණයි.මුස්ලිම් ජනයා පකිස්ථානයේ ජීවත්වන බව සැබෑවකි.නමුත් මෙරට ජනයාගේ නෑදෑයන්,දන්නා අදුරන කිසිවෙක් අදවනවිට එම රටවල් වල නැත.මේ ඔවුන් ඉපදුන රටයි,ජීවත්වන රටයි,එමෙන්ම කවදාහරි මියයන රටයි.

ඔබෙන් ඇසීමට තවත් පැනයකු මා සතුව ඇත.ඔබ සිංහල බෞද්ධයෙක්.ඒ බව  ඔබ ඔප්පු කරන්නේ කෙසේද? උප්පැන්නෙන්? අපිට ජාතියක්,ආගමක් ලැබෙන්නේ පරම්පරාවෙනි.පෞද්ගලිකව මා නම් ඉපදෙනවිට පස්මහ බැලුම් බැලූ බවක් මතකයේ නැත‍.ඉදින්,ඔබ ඉප‍දෙන්නේ මෙරට වතුකරයේ දෙමල මවකගේ කුසෙන්නම්,මුස්ලිම් මවකගේ කුසේනම් මොකද කරන්නේ.අපි හිතලා නොකරපු දෙයක් බදාගෙන මරාගන්න එක හරිද?

තව පොඩි දෙයක් කියන්නම්.මෙරටට දෙමල ජනයා සංක්‍රමණය වෙන්නේ ප්‍රධාන වශයෙන් කාලිංග-මාඝ ආක්‍රමණ සමයේ හා පසුකාලීනව බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේයි.අපි හිතමු වැරැද්ද එතන කියලා.මට මෙතනදි තව ප්‍රශ්නයක් මතුවෙනවා,සිංහලයා ආවේ කොහෙන්ද කියලා..ඉතිහාසකතාවලට අනුව මෙරට මුල්කාලයේ වාසය කලේ ගෝත්‍රිකයන්.අපේ ශිෂ්ඨාචාර ආරම්භය සිදුවන්නේ ඉන්දියාවෙන් විජය කුමාරයා තම්බපන්නියට සැපත්වීමත් එක්කයි(මිනිහාත් කොටු පැනලා,තියෙන අසමජ්ජාති වැඩ හැම එකක්ම කරල එහෙට එපාවෙලා එලවපු පොරක්නේ.ඒක වෙනම කතාවක්)එහෙම බැලුවම ලංකාව අයිතිවෙන්නෙත් සිංහලයාට නෙමෙයි මෙරට ස්වදේශිකයන්ට...

ලංකාවේ සිටිය යුත්තේ සිංහලයන් පමණක් යැයි සිතනවානම් මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි.ඔබේ තර්කය අනුව දෙමලුන් සිටිය යුත්තේ ඉන්දියාවේය.මුසල්මානුවන් පාකිස්ථානයේය.මේ ආකාරයට මුලු ලොවම අන්තවාදී වුවහොත් මතක තබාගන්න,ලාංකිකයන් වැඩියෙන්ම වාසය කරන්නේ ඕස්ට්‍රෙලියාවේය.ඔවුන්ව එහෙන්ද පන්නනු ඇත.ඇමරිකාවේ,කැනඩාවේ,බ්‍රිතාන්‍යයේ ජීවත්වන මෙරට ජනයාටද උන්හිටි තැන් නැතිවනු ඇත.

මම තවමත් ඔබේ පැත්ත ගනිමි.මෙරට සිටිය යුත්තේ සිංහලයන් පමණි.එසේනම් මෙරට සිටින අන්‍ය ජාතීන්ට කල යුතතේ කුමක්ද?පිලිතුරු කීපයකි‍.
1‍.සියලු අන්‍ය ජාතිකයන් මෙරටින් පිටුවහල් කල යුතුය‍.
ගැටලුව-එම සියලු ජනයා බාරගැනීමට වෙනත් රටවල් කැමති වේද?
2. සියලු අන්‍ය ජාතිකයන් මරා දැමිය යුතුය.
ගැටලුව-එය කෙසේ හෝ සිදුකල හැක.නමුත් ඉන්පසුව ලංකාව ලෝකයෙන් තනිවූ රාජ්‍යයක් වනු ඇත‍.ආර්ථික සම්බාධක හමුවේ මෙරට තවත් ඉතියෝපියාවක් වනු ඇත.

මෙයට තවත් ක්‍රම තිබේනම් දක්වන්න.ඔබෙන් නිවැරදි පිලිතුර බලාපොරොත්තු වෙමි‍.
මිනිස්සු යනු සමාජීය සත්ව කොට්ඨාශයකි.ඔවුන් සමාජගතවීමට,කල්ලිගැසීමට ස්වාභාවයෙන්ම කැමැත්තෝය.එම පුරුද්ද සමාජයේ ප්‍රගමනයට යොදා නොගෙන එකිනෙකා අතර කුලල් කා ගැනීම උදෙසා භාවිතා කරන්නේ නම් මිනිසුන් හා තිරිසනුන් අතර වෙනසක් අපේක්ෂාකල නොහැක්කේය.

(සංවාදයට විවෘතයි)

4 comments:

  1. සරල විමසීමක් බවයි මට හිතෙන්නේ.
    සිංහල ජාතියේ සංයුතිය ඔයිට වඩා සංඛීර්ණයි

    ReplyDelete
    Replies
    1. ම්..මං සරලම විදියට තමයි මගේ අදහස ප්‍රකාශ කලේ..
      ඔයාගේ තර්කේ මට එච්චඑ තේරුණේ නෑනේ

      Delete
  2. රටක ආණ්ඩුවකට පාලනය පහසු වෙන්ඩ කරන වැඩක් තමා ඕක....බෙදුම්වාදය...මිනිස්සු බෙදෙන කොට පාලනය තියාගන්ඩ පුළුවන්.... මේවා තනිකර දේශපාලනය නිසා වෙන දේවල්.... දේශපාලන උණ තියෙන මිනිස්සුන්ට තමා ජාති ප්‍රශ්න තියෙන්නේ....අනික් මිනිස්සුන්ට ඕවා නෑ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..අපි හැමෝම එකාවගේ ජීවත්වෙන්න ඕනි..මේ ඉන්න ටික කාලෙට මරාගෙන වැඩක් තියෙනවද?

      Delete