Wednesday, March 25, 2015

හොරු සමග හෙලුවෙන්?



ඊයේ පෙරේදා දේශපාලනයේ සිදුවූ අමුතුම ආකාර‍යේ බල තුලනය මෙරට ජනතාව වික්ෂ්පිත තත්වයට පත්කරවන්නක් උනා.ඒකට ප්‍රධානම හේතුව ජනවරම මගින් පන්නා දැමූ පිලෙහි සිටි හිටපු ඇමතිවරු සියල්ලන්ටම පාහේ(රට හැරගිය හා රක්ෂිත බන්ධනාගාරගතවූ මන්ත්‍රීවරුන් හැර) නැවත ඇමතිකම් ලබාදීමට යහපාලන ආණ්ඩුව පියවර ගැනීම හා ජාතික ආණ්ඩුවක් බිහිවීම. මේ කෙරෙහි ජනතාවනම් දක්වන්නේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි.‍

ජනවාරි 8වන දින මෙරට අතිබහුතරයක් වූ ජනතාව සහය පලකලේ මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂක(එවකට) ඉදිරිපත් කල දින 100 වැඩසටහටනට වනඅතර මේවනවිට එම වැඩපිලිවලට බාහිරින් වැඩකටයුතු සිදුවන බවක් තමයි පේන්න තියෙන්නේ.එහි සදහන් වූ පොරොන්දුවක් ඉටුකරමින් පත්කල ඇමැතිධූර සංඛ්‍යාව මේවනවිට 79ක් දක්වා ඉහලයාම කිසිසේත්ම සුලුකොට සලකන්න පුලුවන් දෙයක් නෙමෙයි.

මේ වෙද්දි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි, මැතිවරණ වේදිකාවල ‍හොරු හොරු යැයි පට්ට ගැසූ හිටපු ඇමතිවරුන්ටද නැවත ඇමතිපට්ටම් ලබාදීම.එතකොට අපිට හිතෙන්නේ ඇත්තටම හොරු අපිද කියන ප්‍රශ්නය.නැතිනම් යහපාලනය සදහා සහය දීමට වාහන හා ඉන්ධන අල්ලස මදිවෙලා වෙන්නත් පුලුවන්.විහිලුවට කාරණය වන්නේ දින 100ක්වත් ඇමතිකම් නැතිව මුන්ට ඉන්න බැරිඑක.
වියයුතුව තිබුනේ බොහොදෙනා අදහස් දැක්වූපරිදි මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පත්කරගැනීමයි.එසේ නොමැතිව කල්ඉකුත් වූ ජනතා නියොජිතයන් නැවත භාවිතාකිරීම නෙමෙයි.මේවගේ ජනමතය ඉක්මවා කටයුතුකිරීමට යාම පොදුවේ රටට සුබවාදී දෙයක් වෙයි කියලා හිතන්න නම් අමාරුයි.ඒ වගේම පොරොන්දු වුන විදියට අප්‍රේල් මස පාර්ලිමේන්තුව විසුරුවා හරී කියලා හිතන්නත් අමාරුයි මේ තත්වය උඩ.අර කවුද මන්ද කිව්ව ‍වගේ අපි 8වෙනිද කරල තියෙන්නේ මහින්ද ගෙදර යවපු එකයි,බැසිල් රට යවපු එකයි විතරද? 

ඒ වගේම ලස්සන කතාවක් මට අහන්න ලැබුනේ රූපවාහිනී වැඩසටහනකින්.සාමාන්‍යයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ විශේෂ අවස්ථා කිහිපයක් මුල්කරගෙන.යුධමය අවස්ථාවක,හදිසි ආපදා අවස්ථාවක,රටක් ආර්ථිකවශයෙන් අරාජිකවීමට යන අවස්ථා යනඒවායි.නමුත් මේ හදිසි ජාතික ආණ්ඩුව පිහිටුවේ කිනම් කරුණක් නිසාද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැහැ.අප රටෙහි පැවති කුරිරු යුධමය අවස්ථාවේදී පවා පිහිටුවා නොගත් ජාතික ආණ්ඩුවක් මේ අවස්ථාවේ කුමටද යන්න බලධරයින් විසින් වහාම ප්‍රකාශයට පත්කල යුතුයි.ඒ වගේම මේ සිදුවීමම ආණ්ඩුවට රතු එලියක් බවට පත්කරන්නට හා ඒ පිලිබදව ජනතාව දැනුවත්කිරිම නම් අනිවාර්යයි.

4 comments:

  1. //අප රටෙහි පැවති කුරිරු යුධමය අවස්ථාවේදී පවා පිහිටුවා නොගත් ජාතික ආණ්ඩුවක් මේ අවස්ථාවේ කුමටද යන්න බලධරයින් විසින් වහාම ප්‍රකාශයට පත්කල යුතුයි.//

    මෙයා මගුලක් කතා කරනවා....

    මේ ජාතික ආන්ඩුව පිහිටෙව්වෙ වෙන කිසි හේතුවකට නෙවෙයි මහින්දාගමනයට බය වෙලා හිටං

    ReplyDelete
    Replies
    1. සන්ධානයේ නිමල් ගොයියලනම් මහින්දාගමනයට බය බව එලිපිටම පේන්න තියෙනවා.
      ඒත් හූඇන්පිය මොන %&*කට මේකට එකතුවෙනවද?

      Delete
  2. වැඩක් නෑ කතා කරලා.. දැන් ඉතින් කල හොද පස්සෙන් එලවනවා වගේ වැඩක් තමයි වෙන්න යන්නේ..

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...අපිත් මේ රටේනේ ඉන්නේ.ජනතා මතයට විරුද්දව වැඩකරන උන්ට වැඩි ආයුෂ නෑ

      Delete