Thursday, March 19, 2015

උද්ඝෝෂණය


අද උදේ නිව්ස් බලද්දි මගේ හිතට වැදුනු රසවත් පුවතක් දැකකා මං. ඒක තමයි නිදහස් සංධානයේ මන්තීවරු පිරිසක් මහ බැංකුව ඉදිරිපිට කරපු මාරාන්තික උද්ඝෝෂණය.හැමදාම උද්ඝෝෂණ,පිකටින්,වැඩවර්ජන හුරු අපිට ‍මේපේ තියෙන විශේෂත්මය මොකක්ද?

ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ අපේ මතකයේ රැදුන විරෝධතා ව්‍යාපාර කීපයක්ම තියෙනවා‍.රතුපස්වල සිදුවීම රටම කම්පාවට ලකකල එවැනි සිදුවීමක්.අපේ රටේ විරොධතාවලට පාලක පක්ෂයෙන් ලැබෙන සත්කාර ගැන අමුතුමෙන් කියන්න දෙයක් තියෙනවැයි. විරොධතා හා කදුලුගෑස් හා ජලපහාර අතර තියෙන්නේ සමීප සබදතාවක්.ඒක නම් මේ රටට සීමා උන දෙයක් නෙමෙයි. ජලපහාර ගැන කතාකරද්දි අපූරැ කතාවක් මට කියවන්න ලැබුනේ පත්තරයක තිබිලා,විවධ රටවල විරෝධතාවලට ජලපහාර එල්ලකිරීමේදී එවාට විවිධ වර්ණයන් යොදාගන්නවාලු.එයට හේතුව පසුව අවශ්‍යතාවක් මතුවුවහොත් සැකකරුවන් හදුනාගෙන  අත්අඩංගුවට ගැනීම සදහාලු...

ආයෙමත් ලංකාවට ආවොත් කාරිය,ලංකාවේ තත්වය වෙනස්.මොකද මෙහේ ඊටත් වඩා අවම බලය භාවිත කරලනේ උද්ඝෝෂණය විසුරවන්නේ.ඉස්සෙල්ලම පටන්ගන්න‍නේ තුවක්කුවෙන්.රතුපස්වල වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට ලැබුනේ උණ්ඩ..කටුනායක ‍වෙළද කලාපේ සේවකයින්ට ලැබුනෙත් උණ්ඩ..ධීවර උද්ඝෝෂණයකටත් උණ්ඩවලින් නොවැ පුරතිචාර දැක්කුවේ.ඒ වගේමයි අපේ රටේ සරසවි උද්ඝෝෂකයන්ටත් බැටන් පොලු ප්රහාර වලින් එහෙම අඩුවක් නෑ.

ඔය කිව්ව සිවිල් උද්ඝෝෂණවලට අමතරව කාලෙන් කාලෙට දේශපාලනික ස්වරූපයේ විරෝධතාත් තියෙනවා.උපවාස කියන ඒවා වැටන්නෙත් විරෝධතා ඝනයටම නොවැ.අපි දන්න පරසිද්ධම උපවාසයත් තමයි පංචායුධ මහත්තයගේ කීම්කැකර් උපවාසය‍.ඉතින් මේවා අතර මං මුලින්ම කතා කරපු උද්ඝෝෂණය විශේෂීත වන්නේ ඇයි? පලමු ‍කරුණ තමයි මේ විරෝධයට එක්වී සිටියේ පාර්ලිමේන්තු මන්තීවරැන් පමණක් වීම(මන්තීවරුන්ගේ පොටෙස්ට් එකකට උන් නැතුව වෙන  මොක්කු එන්නද කියලා අහයි) ඊලග දේ තමයි මේ ඔක්කොම වාගේ හිටපු ඇමතිවරුන් වීම.මේක විශේෂ වන්නේත් මෑත කාලීනව ඇමතිවරු කවදාවත් පාරට බහිනවා අපි කවදාවත් දැකලා නැති නිසා.මෙන්න මෙතනදි නිමල් සිරිපාල මැතිතුමා ලස්සන කතාවක් කියනවා.අපිට කදුලුගෑස් ගහන්න,ඇයි ‍මේ කොලොම්පුරේ යාපනේත් නැති අධි ආරක්ෂීත කලාප කියලා.....

පලමු කාරණය තමයි එතන ඒ වනවිට අධි ආරක්ෂීත කලාපය ඉවත්කර තිබීම.විපක්ෂනායක තුමාට පොඩ්ඩක් වරදින්න ඇතිනේ..අනිත් ලොකුම විහිලුව තමයි පසුගිය රජය සමයේ වංචා,දූෂණ චෝදනාවට ලක්වූවන්ට එරෙහිව මතු වූ විරෝධතා මැද වුවද ඔවන්ට විරැද්ධව කිසිදු පියවරක් නොගත් උදවිය මෙසේ පැවසීම.නමුත් එය වත්මන් රජයේ නිදහසට කරැණ වියයුතු නැහැ.

මෙතනදි මට පෞද්ගලිකව ඇතිවෙන පශ්නයක් තමයි ඇයි යකෝ මුන්ට කදුලුගෑස් ගැහුවේ නැත්තේ කියන එක.එක අතකින් 10කට 15කට කදුලුගෑස් ගහන එකත් පාඩුයි තමයි.මිනිස්සු සාමාන්‍යෙයන් පාරට බහින්නේ ඇගේ අමාරුවකට නෙමෙයිනේ.තමන්ගේ පුරස්නවලට බලධාරීන් නිසි පිලිතුරු ලබා නොදීම නිසා.ඒ වගේ අන්ත අසරණ තත්වයකට පත්වුන ජනතාවට කිසිදු අනුකම්පාවක් නොදැක්වූ හිටපු දේශපාලුවන් පාරට බහින්නෙත් තමන්ගේ වාසියට මිස වෙන මොකටද?

6 comments:

  1. මුන්ට ගහන්න ඕන කඳුළු ගෑස් වලින් නෙමෙයි මඩ්ය් වලිග වලින්..

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන් ආයෙමත් දියවන්නාව පැත්ත පලාතේ නොයවන්න අපි වගබලාගන්න ඕන,නැද්ද හා...

      Delete
  2. පවුනේ බන්.ඔහොමවත් නොකර උන් තවම ඉන්නවා කියල මිනිස්සුන්ට පෙන්නන්නේ කොහොමද?අනික නාමල් ඔහොම බෝර්ඩ් එකක් අල්ලගන ඉන්න එකත් කොච්චර සතුටක්ද?

    ReplyDelete
    Replies
    1. හිකිස්..ලැම්බොගිනිවල ගියපු උන්ට ඔහොම පාරෙ ඉන්න එකත් හොද ජීවිත අත්දැකීමක්...

      Delete
  3. මෙව්ව මචන් ශෝ.... අඳිනවද නැද්ද කියන එක ජනතාව තීරණය කරන් ඕනි.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි අපිටත් තියන ප්‍රශ්නය මේවට ඇන්දෙන කස්ටිය තාමත් ඉන්නවා.අපි කරන්න ඕන ඒ දේ ජනතාවට පෙන්නලා දෙන එක නේද?

      Delete