Wednesday, March 18, 2015

මේකද යකූ යහපාලනය


කාලෙන් කාලෙට හිට් වෙන අමුතු අමුතු වචන තියෙනවනේ.ඉස්සර ආස්චර්ය...පස්සේ හිටං,ඔන්න දැං කස්ටියම යහපාලනය ගැන කතාකරන්න පටන් අරං..
කලින් හිටපු බයියන්ගේ ආණ්ඩුව එලවලා කාරිය දැං ඉන්න ටොයියන්ට රට දුන්නේ කාරණා කීපයක්ම මූලික කරගෙන(ඔන්න හා හා පුරා කියලා කාගේ කාගෙත් වටේ ඉන්න හෙංචයියො ටික ඇවිසසෙනවා එහෙම නෙමෙයි) යහපාලන ආණඩුවේ පරධාන පොරොන්දු උනේ විධායක ජනපති ක්රමය ඉවත් කිරීම,ව්‍යවස්ථා සංශෝධනය වගේ බර බර දේවල් ගොඩාක් එක්ක.එත් එක්කම වංචා,දූෂණ සම්බන්ද කතාත් ගොඩාක් කරලියට ආවා.දැං කස්ටියට තියෙන ලොකුම පුරස්නයක් තමයි ඇයි මෙච්චර පරක්කු කියලා.ඒකට යහපාලන රජයෙන් ලැබෙන උත්තරය තමයි සාක්කි ඇතිව හිරේ දාන්න ඕන නිසා තමයි කල්මරන්නේ කියන එක.

ම්ම්...බැලු බැල්මට උත්තරේත් පිලිගන්න පුලුවන්.ඒත් පොඩි මෙව්ව එකක් නැත්තෙත් නෑ.එයාලා කියන්නේ පරණ ක්රමෙට ඉස්සුවා දැම්මා සිද්ධාන්තය භාවිතා කරන්නේ නෑ කියලා.ඒත් මිනිස්සුන්ට තියෙන්නේ පුදුම අමාරැවක් මේ ගැන.මෙහෙමයි ඉතින් මේ කොයි ආණඩුවත් ධාර්මික ආණ්ඩු නෙමෙයිනේ,ඉතින් මේ හොරුන්ට නිසි දඩුවම් දෙන්න පොඩ්ඩක් බලය(විධායක බලතල) භාවිතාකලා කියලා මේ රටේ මිනිස්සු නම් මොකුත් කියන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නේ.

ඔන්න ඉතින් මෙහෙම කිව්වම මරාලා අහයි ඇද්ද? කියලා.ඒකට දෙන්න තියන උත්තරේ තමයි සාපේක්ෂව ඇති කියන එක.මේ රටේ දේශපාලනය දිහා මධ්‍යස්ථව බැලුවම කට්ට කලු හෝ පට්ට සුදු දේවල් නෑ.ඒක සාමාන්‍ය ජීවිතයටත් අදාලයිනේ.තියෙන්නේ සාපේක්ෂ කියල දෙයක්.ඒක එක අතකින් තරගකාරීත්වයටත් අදාලයනේ.අපි කඩෙන් බඩුවක් ගත්තත් බලනනේ සාපේක්ෂ මිලෙහි වෙනසනේ.(අපි කියල අදහස් කලේ සුපර් මාරකට් වලින් කාඩ් දීලා බඩුගන්න පොෂ් උදවිය නෙමේ හරිය!) ඉතින් අපි රටේ අනාගතය දේශපාලනයටත් යොදාගන්න ඕන සාපේක්ෂතාව.‍(සාපේක්ෂතාවාදය නෙමේ)

ම්ම්...මම දන්න අතීතයෙන් පටන් ගන්නම්කෝ.අපේ මහින්ද ලොක්කා ගැන බලමු.මේ රටේ තිබුන දරුණුම ව්‍යසනයක් උන කොටි සුන්නද්දූලි කරල දැම්මේ එතුමා තමයි.ඒක ඉතින් කවුරුත් දන්න කතාවනේ.(ඒ කාලේ මිනිහා මගේ වීරයෙක්.මං මගේ කාමරේ බිත්තිවල පවා උගේ පින්තූර ගහල තිබුනා) ඉතින් යුද්දේ....(මේ වචනේ ඇහෙනකොටත් මට දැං අප්පිරියා වෙලා තියෙන්නේ,මොකද මූං ඒක විකුණං කෑවනේ) අන්න පොයින්ට් එක, මිනිහා කරේ ඒක විකුණං කන එක.මේකට ලස්සන කතාවක් මංගල ගොයියා කියලා තිබුනා.කතාව කෙටියෙන් මෙහෙමයි....

ඔන්න දවසක් ලත්තන හුරැබුරුටි කෑල්ලක් නාන්න යනව ගගට.වතුර පාර පොඩ්ඩක් සැඩ වෙලා මේකිව ගහගෙන යනවා ගගේ.ඔන්න එතකොට එතන රස්තා පාරක් ගහගෙන ඩන්න බුවෙක් මේක දැකලා ගගට පැනලා කෑල්ල බේර ගන්නවා.දෙයියනේ පිං සිද්ද වෙච්චාවේ..ඔන්න කෙල්ල බුවාට තැන්කූ කියකිය ඉන්න වෙලාවේ මුට පහලවෙනවා ගණදෙවි නුවන.කෙල්ලව අරන් ගියා පැත්තකට...(!@##$%^&&*()) ඒකි ඉවරයි.(මැරැණෙ නැතෝ...)

ඔයා හිතනවද මේකයි වෙන්න ඕන කියලා.ඕන මිනිහෙක්ගේ හොදයි,නරකයි දෙකම තියෙනවා. හොද ගතිගුණ වැඩිපුර තියෙන කෙනාට අපි කියනවා සුදු චරිතයක් කියලා.නරක ගතිගුණ වැඩිපුර තියෙන කෙනාට අපි කියනවා කලු චරිතයක් කියලා.ඉතින් අපි කරන්න ඕන මිනිහෙක්ගේ හොද දේවල් විතරක් ගන්න එකනේ.(හොද නරක ගැන මගේ කතාව පස්සේ දවසක කියන්නම්)

ඉතින් ඒ වගේම තමයි දේශපාලනෙත්.මහින්ද රට බේරගත්තා කියලා එයාට රට දූෂණය කරන්න ඉඩ දෙන්න ඕනද? මං අහල තියෙනවා ලස්සන කතාවක් මේක අපේ සර් කෙනෙක් අපිට කිව්වේ හරිද වැරදිද කියන්න නම් දන්නේ නෑ.එක එක ජනාධිපතිවරු පමුඛ කාර්යය කරගත්තේ එකඑක දේවල්ලු.ඒ කියන්නේ පේමදාස ගෙවල් හැදුවා,සැටලයිට් යුද්ද කලා,මහින්ද පාරවල් හැදුවා වගේ කතාවක්..(ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඕං)

ඉතින් මහිනදගෙන් අපි යුද්දේ ඉවරකරගත්තා.දැං හොරු අල්ලන්නයි, ව්‍යවස්ථා සංශෝධන වැඩ වලටයි යහපාලනේ ගෙනාවා.වැරදිද හා..(මං හෙන ආත්මාර්තකාමියෙක් වගේ පේනවද) අපි දෑස් දල්වා බලාගෙන ඉදිමුකෝ..තව දින 100 ගෙව්ලා නෑනේ.හැබැයි පුතෝ මුං අපිට කොකා පෙන්නන්න හැදුවොත් නම් උන් හොම්බෙන් යන්න තමයි..

7 comments:

  1. දැන් කතා ලියන්නත් පටන් ගත්තද?

    ReplyDelete
    Replies
    1. හිකිස්...අපිත් දියුණුවෙන්න එපැයි,හිටං...
      කොහොමඋනත් මගේ පලමු කොමන්ට්කාරයා විදියට රෙස්පෙක්ට් කරනවා උඔට

      Delete
    2. මූ ඒ කාලෙ ඉඳන්ම කතා ලියනවනේ...

      Delete
    3. ආඩම්බරයි ආඩම්බරයි. නොටිෆිකේශන් ආවෙ නෑ බන්..

      Delete
    4. කොමෙන්ට් කරද්දි දකුණුපැත්තේ පහල තියෙන නොටිෆයි මී කියන එක සිලෙක්ට් කොරහන්

      Delete
  2. නියමයි මලියා.. අඩම්බරයි.. මමත් ලඟදිම එනව ඔය පැත්තට.. නිදහසක් නැ බ්න්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ...වරෙන් වරෙන්..බලාගෙන ඉන්නවා

      Delete