Wednesday, March 18, 2015

සිහින කුලියට දීම


ලියන්නේ මොකක්ද කියලා කල්පනා කරකර ඉන්නකොටයි මට මතක් උනේ ලස්සන කතාවක්.
සිහින ගැන..මේකයි ඇත්තටම මට පුද්ගලිකව මුහුණ දෙන්න උන අත්දැකීමක් නිසා තමයි මේක ලියැවෙන්නේ.
මම හිතන විදියට අපි හැමෝටම එක එක සිහින තියෙනවා.(නැති අයත් නැතුව නෙමෙයි) ඒවා පුද්ගයාට අනුව වෙනස්..ම්ම්..උදාහරණයක් විදියට ඩොකෙක්,ඉංජෙක්,ලෝයර් කෙනේක්...වගේ.අපිට ඉස්සෙලලම රස්සාවල් කිව්වම මතක් වෙන්නේ මේවා,මොකද පොඩි කාලේ ඉදංම සමාජය අපට හුරැ කරල තියෙන්නේ මේවා.ඉතින් අපට මේ පුරැද්දට පිටින් හිතන්න ගොඩාක් අමාරැ කරනවා.අපිට කවදාවත් හිතන්න පුලුවන්ද මං කවදහරි පරිසරවේදියෙකු වෙනවා,මාධ්‍යෙව්දියෙකු වෙනවා එාහමත් නැත්නම් කදු නගින්නෙකු වෙනවා කියලා...

මෙතනදි එන පායෝගික ගැටලුව තමයි සල්ලි..අපිට පුලුවන්ද ඒ වගේ රැකියාවක් කරලා අපේ අවශ්‍යතා සපුරාගන්න?(මෙතනදි අපේ කිව්වට ඇත්තටම අනිත් අයගේ කියලයි මට නම් හිතෙන්නේ) මේක සෑහෙන්න බොන්න ඕන පුරස්නයක් තමයි.ඒ පශනේ එතනම ඉතිරි කරලා මං පොඩ්ඩක් පාරෙන් එලියට පනිනවා...

අපේ ගෙදර කස්ටිය,නෑදෑයෝ අපි ගැන එකඑක පලාපොරෙපත්තු තියාගන්නවා තමියි.ඒත් ඒ හැම එකක්ම අපි ඉටුකරන්න ඕනද? එයාල කියන ජනපිය කතාවක් තමයි අපිට කරන්න බැරි උන දේවල් උඔලා කරන්න ඕන කියන එක.මෙන්න මේකට තමයි කියන්නේ සිහින කුලියට දෙනවා කියලා...
ඇයි දෙයියනේ අපි ඉපදුනේ කාගෙවත් බලාපොරොත්තු ඉෂ්ඨකරන්නද? ඇයි අපිට කියලා කැමැත්තක්,ආසාවක් නැද්ද? ඔන්න අපි එහෙම කරා කියමුකෝ,එතකොට අපේ හීන ඉෂ්ඨකරන්නේ අපේ පොඩිඋන්ට කියලද? මේක පරම්පරාවෙන් පරම්පරාවට පස්සට යන හීනයක්නේ.පධනම දේ තමයි මේ ජිවිතේ අපි ගතකරන්නේ සතුටින් නොවීම සහ ඊලග පරපුරේ සතුටටත් බාධාකිරීම.මේ තත්වය ලංකාවේ බහුලව තියෙන රෝගලක්ෂණයක්.

ඊලගට තවත් පැත්තකට අවධානය යොමු කරමුකෝ..අපි ඉපදෙනවා,ඉගෙනගන්නවා,රස්සාවක් කරනවා,බදිනවා,ළමයි හදනවා,උන්ට උගන්නනවා,උන්ව රස්සාවකට දානවා,උන්ව බන්දනවා,ඊට පස්සේ උන්ගේ ළමයි බලනවා.....ආයෙත් එකම වටේ.මේක බිදවැටෙන්නේ අපි මැරැණම.මේකද යකූ ජීවිතේ කියන්නේ.

මේක ඇත්තටම දුකක්..සංසාර චක්කරේ කියන්නේ මේකට නොවැ.මේකට නම් ඉතින් ස්ථිර විසදුම මීට අවුරැදු 2500 කට කලින් බුදුරජාණන්වහන්සේ දේශනා කරල තියෙනවා..( ඒ පාර මේකා මොකාටද එන්න හදන්නේ) මං ඒ ගැන පස්සේ දවසක වෙනම ලියන්නම්කෝ.

අපේ කතාවට ආයෙත් ආවොත් කාරිය, පුද්ගලිකව මම නම් කැමති නෑ මේ වගේ ජීවිතයකට.අපි ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනි.කාගෙවත් හීනයක් නිසා තමන්ගේ ජීවිතේ සතුට නැතිකරගන්න එක ගැන ගොඩාක් දුරට හිතන්න වෙනවා.මොකද මාත් මේ ගැටලුවට මුහුණ දුන්න කෙනෙක් නිසා.
ආයෙමත් සල්ලි ගැන කතා කරමුකෝ.අපිට ජීවත්වෙන්න සල්ලි අවශ්‍යයි තමයි,ඒත් සල්ලි කියන්නේ ජීවිතේ නෙමෙයි.සතුටක් නැති ජීවිතයක් මොකටද?
(සංවාදයට විවෘතයි)

2 comments:

  1. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිලිගන්නවා...
    දැන් මෙහෙමයි මලියො...
    සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි...
    එහෙනම් මොකක්ද ජීවිතේ කියන්නෙ...
    අපේ හීන හඹාගෙන යන එක තමයි ජීවිතේ...
    ඒක එහෙම නම් එකිනෙකාගෙ මට්ටමින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල
    හදාගත්තු හීන වලට යන්න මොනාද ඕනි??
    අධ්‍යාපනය , බලය , පෞර්ෂය.. ඕන් ඔය වගේ එව්වා...
    එතකොට... ඔය කිව්ව ඉට්ටවල් ගන්න නම් සල්ලි ඕනි...
    ඒ මේ සිස්ටම් එකේ හැටි...
    ඒම බැලුවම සල්ලි තමයි ජීවිතේ...
    හැබැයි ඉතින් සල්ලි තියෙන තැන හැම වෙලේම සතුට නෑ...

    මීට වඩා ලියන්න මේක මගේ බොග නෙමෙයිනේ...
    හි හි... ජය වේවා... දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි..එතනත් හිතන්න ඕන දෙයක් තියනවා තමයි.
      මං මෙතනදි මතුකරපු ප්‍රධාන කාරණාව තම්‍න් යන්න ඕන තමන්ගේ හීන පස්සෙන් කියන එක.එතනදි සල්ලි අවශයයි තමයි,ඒක උපයගන්න ඕන අපි කැමති විදියකින්.අකමැති වැඩක් කරනවා කියන්නේ එපා කරපු දෙයක් නෙමෙයිද?අපේ විනෝදාංශයම අපේ රැකියාව උනොත් ඒක වටින දෙයක් වෙයි නේද?

      Delete